ඒත් මගේ හිත තාමත් උත්තර නැති ප්‍රශ්න වැලකින් පැටලි පැටලි යනව...ඒ පැටලුම අවසානෙ මහ විසාල ගින්නක් වෙන්න කලින්ම නිවා දමන්නයි අවැසි මට....ඒත් මට තරමටම නුඹට ඒ ගින්න දැනෙනවද...නුඹට ඒක නිවන්නට අවැසිද යන්න මේ දැනුත් මම හිතනව මෙතන මෙහෙමම ඉදගෙනත්....අනේ මන්ද....නුඹත් මේ හැන්දෑවෙ අහස වගේ....නුඹේ හැඟීම් නුඹ හරි ඉක්මටනට වෙනස් කරනව...මේ දැන් තැඹිලි පාටයි නන් අහස තව මොහොතකින් දම් පාට වෙනනත් පුළුවන්...අළු පාට වෙන්නත් පුළුවන්....නුඹ හරියටම අන්න ඒ වගේ...මේ මොහොතකට කලින් දොඩමළුයි මට ඇසිපිය වත් හෙලන්න නොදි නුඹ ළග තියාගන්න තරමටම...ඒත් ඊළග මොහොත නිහඬයි මට නුඹෙන් ඈතටම දුවන්න හිතෙන තරමටම...ඇයි ඒ.....හ්ම්ම්....මම දන්නව නුඹ ගැන...නුඹ වුවමනාම දේ විතරක් කතාකරන,හැම හැඟීමක්ම නුඹේ හිත ඇතුළෙම තියාගෙන රසවිදින එහෙමත් නැත්නම් විදවන අමුතු ආදරවන්තයෙක්...මට ඕන වුනෙත් නුඹ වගේ පිරිමියෙක්....ආඩම්බරකාර ආදරවන්තයෙක්....ඒ දැන දැනත් මම මෙහෙම ඉන්න එක හරිද....සිමෙන්ති බංකුව උඩ තාමත් වඩේ උරය.... විසික් කරනවද....අරගෙන යනවද....
Wednesday, October 24, 2018
දැවෙනවද...නිවෙනවද....
ඒත් මගේ හිත තාමත් උත්තර නැති ප්‍රශ්න වැලකින් පැටලි පැටලි යනව...ඒ පැටලුම අවසානෙ මහ විසාල ගින්නක් වෙන්න කලින්ම නිවා දමන්නයි අවැසි මට....ඒත් මට තරමටම නුඹට ඒ ගින්න දැනෙනවද...නුඹට ඒක නිවන්නට අවැසිද යන්න මේ දැනුත් මම හිතනව මෙතන මෙහෙමම ඉදගෙනත්....අනේ මන්ද....නුඹත් මේ හැන්දෑවෙ අහස වගේ....නුඹේ හැඟීම් නුඹ හරි ඉක්මටනට වෙනස් කරනව...මේ දැන් තැඹිලි පාටයි නන් අහස තව මොහොතකින් දම් පාට වෙනනත් පුළුවන්...අළු පාට වෙන්නත් පුළුවන්....නුඹ හරියටම අන්න ඒ වගේ...මේ මොහොතකට කලින් දොඩමළුයි මට ඇසිපිය වත් හෙලන්න නොදි නුඹ ළග තියාගන්න තරමටම...ඒත් ඊළග මොහොත නිහඬයි මට නුඹෙන් ඈතටම දුවන්න හිතෙන තරමටම...ඇයි ඒ.....හ්ම්ම්....මම දන්නව නුඹ ගැන...නුඹ වුවමනාම දේ විතරක් කතාකරන,හැම හැඟීමක්ම නුඹේ හිත ඇතුළෙම තියාගෙන රසවිදින එහෙමත් නැත්නම් විදවන අමුතු ආදරවන්තයෙක්...මට ඕන වුනෙත් නුඹ වගේ පිරිමියෙක්....ආඩම්බරකාර ආදරවන්තයෙක්....ඒ දැන දැනත් මම මෙහෙම ඉන්න එක හරිද....සිමෙන්ති බංකුව උඩ තාමත් වඩේ උරය.... විසික් කරනවද....අරගෙන යනවද....
Wednesday, June 27, 2018
නුඹ කිනම් පැහැයක්ද......- 2
මේ තියෙන්නෙ නමක් ගමක් ලියාගන්න බැරි අයිතියක් නැති නිර්නාමික බැදීමක්...ඇයි අපි ඒකට ආදරය කියන්නෙ නැත්තෙ....නුඹ වගෙම මමත් භයයි අපි කැමතිම පැහැයෙන් මිදෙන්න...හිත සොරකම් කරන පැහැය ළග නවතින්න...භයයි...කාටද...අනේ මන්ද....
සිනමාව ගීතය ඇතුළින් එකතු වන බොළද ආදර කතාවක් ලෙසම අපේ කතාවත් මේ බැඳීමත් එකතු වෙනවනන්....නුඹට වඩා වයසින් මුහුකුරා ගිය මමත් දැන් නුඹ තරමටම බොළද හැඟීම් ළග මංමුලා වෙනවද මන්ද....කොයිතරම් නුඹ ළග කඩා නොවැටී ඉන්නට වෙර දැරුවත් අසාර්ථකයි මම...නුඹේ එක කෙටි පණිවුඩයකට වත් පිළිතුරු නොලියන මම වරින් වර දුරබණුව බලන්නෙත් නුඹේ කෙටි පණිවුඩයක්....නෝක්කාඩුවක් බලාපොරොත්තුවෙන්....ඒත්...නුඹට මගේ පිළිතුරක් නොලැබෙන තරම්....නුඹ පුරුද්දටද මන්ද නොක්කාඩුවක් හරි කෙටි පණිවුඩයකට අමුණල එවද්දි මගේ හිත කරනම් ගසන තරමක්...ඒ දැනෙන හැඟීම්....කුමක්ද කියල පහදන්න පුළුවන් නම් නුඹට මම බොහෝ දේ පවසා අවසන් වෙන්නත් තිබුනා .....
හන්තාන සිහිනේ....."
(ඔහුගෙන් ඇයට)
Tuesday, June 12, 2018
නුඹ කිනම් පැහැයක්ද....- 1
දවසකට එක පාරක්වත් නුඹේ හිනාව දකින්න මම ලෝබ වුනා....මම හරිද....වැරදිද....දන්නෙ නෑ තව....
(මිතුරියක් වෙනුවෙන් ලියා තැබීමි...)
Monday, December 11, 2017
උඹත්... මමත්...
ජීවිතය තුළ ලද ලැබීම් නොලැබීම් දහස් ගණනක් අතරෙහි මගේ රැකියාව මා ලද භාග්‍යයක් ලෙස අද මම මේ විදින මුස්පේන්තු මොහොත තෙක්ම තදින් විස්වාස කළෙමි.එහෙත් අද....වසර විස්සක් පුරාවට මා ජීවත් කරවූයේ මේ රැකියාවයි.මගේ අඹුදරුවන්ගේ,දෙමාපියන්ගේ නිහඬ ආඩම්බරය මා විය.අද මා මගේ හදවත සමග සටන් කරනුයේ පරාජය පිළිගෙනමයි.ඒත් අවසාන මොහොත හෝ වෙනස් විය හැකි...මගේ අරුත්සුන් බලාපොරොත්තුව.
මැදවච්චි නගරයෙනුත් කිලෝමීටර් ගණනක් ඇතුළට පිහිටා තිබුනු අපේ ගම.එ් ගමටම තිබුනු එකම සම්පත,ගමේ පාසල...එදාවේල අමාරුවෙන් හරිහම්බ කරගෙන ගොවිතැනින්,කුලී වැඩකින් ජීවිතේ ගැට ගසාගන්නා අපේ දෙමාපියන්...මතකද උඹට ඒ දුක පිරිච්ච ලස්සන දවස්.දවසකින් වේලක් වත් බඩට දැනෙන්න කෑමක් නොකෑව,ඒත් හැමදාම පාසල් ගියපු ඒ කාලෙ....අණ්ඩ දමපු නිල් කලිසම ඇදන් කහ ගැහුනු ෂර්ට් එක,පතුල් ගෙවනු බාටා දෙක දාගෙන,පොත් දෙක තුන අතට අරන් උඹයි මමයි ගුරු පාරෙ ගිනි අව්වෙ අපේ ජීවිතේ හදාගන්න දහතුන් අවුරුද්දක්ම එකට ඇවිද්දෙ පාසලට...ගණන් වලදි උඹ මට වඩා දුර්වල වෙද්දි මම උඹට වරු ගණන් ගණන් කියල දුන්නු හැටි.මට ස්වර හත වත් හරියට කියාගන්න බැරි වුනාට උඹ තමයි පාසලේ දක්ෂතම ගායකයා.සංගීත කාමරේ තිබුනු බටනළාව,වයලීනය උඹට ආදරේ කරපු තරම.
"සර්....වෙලාව හරි...ඔබතුමා එනවද..."
වෙලාව....විසි අවුරුදු රාජකාරි ජීවිතේ කවදාවත් තත්පරයක් වත් ප්‍රමාදයක් නොවුනු මට උඹ වෙලාව විතරක් නෙමෙයි මගේ මුළු ජීවිතේම එකම තැන නතර කරල.
"හ්ම්ම්...යමු මම එන්නම්..."
සහයකයා වුනත් බලනව ඇති ඇයි අද මම මේ තරම් තෝන්තුවාවෙන් කල්පනා කරන හේතුව.ඒත් උඹ...දන්නෑ තාම උඹේ ඉරණම අද මගේ පෑනෙන් ලියන බව.
උසස් පෙළින් පස්සෙ අපි ප්‍රතිඵල එනකන් වැලි ගොඩදැම්ම...අත්වල කරගැට පුපුරද්දිත් දවස් ගණන් වේදනාවන් හංගගෙන එකට වැඩ කරපු උඹ....දහම් පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායක වගේම ගමේ හැම වැඩකදිම මුල් තැන ගත්තෙ උඹ.නොහිතුව වෙලාවක අාපු අපේ ප්‍රතිඵල උඹව සෞන්දර්ය විශ්ව විද්‍යාලයටත්,මාව නීති විද්‍යාලයත් වෙන් කරල තිබුන.මතක ඇති කාලයක ගමෙන් සරසවි ගියපු කෙනෙක්ට හිටියෙ අපි දෙන්න විතරයි.
"උඹලට වරදින්නෑ කොල්ලනෙ...අම්ම තාත්තා ගොඩගනින් ඇවිත්..."
අපි කොළඹට එද්දි ගමේ හැමෝම කිව්වෙ එහෙම.ඒත් නොහිතපු විදියට අවුරුද්දක් යන්නත් කලින් උඹේ තාත්තා අම්මා ගියපු පරණ බයිසිකලය හප්පගෙන ගියපු ටිපර්කාරයා එදා ගියෙ උඹේ අම්ම තාත්තා උඩින්ට වැඩිය උඹේ ජීවිතය උඩින් කියලයි මම තාමත් හිතන්නෙ.එදා ඒ සිද්දිය නොවුනන් අද උඹ කොතනද....සෝමදාස මාමා එදා සදහටම ඇස් පියා ගනිද්දි, ලතා නැන්දා ජීවිත කාලයටම එකතැන් වෙද්දි උඹේ නංගි මල්ලි උඹව බදාගෙන අඩපු තරම...අසරණ උඹ සරසවියට සමුදුන්න ජීවිතය ගැට ගහගන්න....ලෙඩ ඇඳට වැටුනු අම්මා රැක ගන්න..නංගි මල්ලිට හොඳ අධ්‍යාපනයක් දෙන්න.
කාලය මාසෙන් මාසෙ ගෙවෙද්දි මටවත් උඹෙන් කිසිම තොරතුරක් නැතුව කාලය හරිම වේගෙන් පියඹගෙන ගියා.උඹ මොකද්ද කරන්නෙ,කෙහෙද ඉන්නෙ ඒ කිසිදෙයක් අපිට හොයාගන්න බැරිවුනා.මේ ගෙන්දගම් පොළවෙ උඹ ඔය දේවල් රස්සාවට තෝරගන්න උඹට හිත හදාගන්න පුළුවන් වුනාද....නෑ උඹේ හිත ඒ තරම් නපුරු නෑ...ඒත් උඹ අමතක නොකර කරපු එක දෙයක් තිබුන.හැම මාසෙකම උඹ නංගිට හදලා දුන්නු බැංකු පොතට මාසෙට සෑහෙන්න සල්ලි දැම්ම.මම ගමේ යන හැම වතාවකම උඹේ ගෙදරට යන්න අමතක කලේම නෑ.සල්ලි එව්වට උඹ ඉන්නෙ කොහෙද කියන්න අම්ම නංගි මල්ලි වත් දැනගෙන උන්නෙ කෑ.කාලය ගෙවෙද්දි උඹ වගෙම උඹේ නංගිත් සෞන්දර්යට තේරෙද්දි උඹේ මල්ලි වෛද්‍ය පීඨයට යද්දි ඒ දෙන්නම උඹ ගැන මතක් නොකරපු වෙලාවක් නැති තරම්.
"උසාවියෙ වැඩ කටයුතු ආරම්භ කරන්න"
අසිහියෙන් වුවද මගේ රාජකාරිය මා කළයුතුමයි.
උඹ කොහේ හරි ඉදන් ඒ එවපු සල්ලි වලින් ඉගෙන ගත්තු උඹේ නංගි...නැතිනම් මගේ ආදරණීය බිරිඳ,උඹේ ළග දැවටුනු පොඩි කොල්ලා,උඹේ මල්ලි දැන් ශල්‍ය වෛද්‍ය අදීප ගුණරත්න...මේ දෙන්නම අද උඹව බලන්න ඇවිත්..දරාගන්න පුළුවන් වෙයිද උඹට...
"විත්තිකරු රැගෙන එන්න"
සුදු කමිසයට කළු කලිසම ඇදලා එන උඹව දැක්කම කොහොම නම් දරාගන්නද මම..ගමේ හිටපු අහිංසක කොල්ලා අද වැරදිකාරයෙක්....පාතාල සාමාජිකයෙක්....මීනිමැරුම් දහයකට සෘජුව සම්බන්ධ වීම් හා මහා පරිමාණ මුදල් වංචා සිදුකිරීම යන වැරදි ගොනුකරමින් විත්තිකරුවෙක් වුනු උඹේ ඇස් වල සිහින් කඳුළු පටලයක්...කොහොමද උඹ මෙහෙම වුනේ...උඹ ළගට ඇවිත් මම එදා අහද්දිත් ඒ කියන්න තිබුනු අවස්ථාවත් උඹ බලෙන්ම මගහැර ගත්තා.අද උඹේ නංගි මල්ලි ඇවිත් උඹව බලන්න...මම උඹේ ඉස්සරහ ඉදගෙන...
"මතු නියම කරන දිනකදි වැලිකඩ බන්ධනාගාරය තුළ හුස්ම සිරවන තෙක් එල්ලා මැරීමට නියම කරමි"
මා මගේ අවසන් රාජකාරිය කළ යුතුයි.හදවත විලාප තියමින් හඬා වැටෙද්දි රාජකාරි බුද්ධිය තීන්දුව දී හමාරයි.එම තීන්දුව කෙසේ කොහොම මා දුන්නාදැයි සිතාගත නොහැකි මුත් මගේ හදවත මාවත් පෝරකයට නියම කර ඇත.ඉදින් මම අසුනින් නැගී සිටියෙමි.කවරය තුළ සුරැකිව ගෙන ආ මගේ ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී උඹේ මුහුණ බැලීමට මම පිටතට පැමිණියෙමි.ප්‍රමාදයි...මගේ හොඳම යාළුවා...මගේ මස්සිනා...ඔහුව රැගෙන ගොස් ඇත නිකන්ම නොව මාගේ හදවතේ පලුවක්ද රැගෙනය.
Monday, November 14, 2016
ඇය හා අපි
තැඹිලි පාට වෙච්ච අහසින් ඈතින් මළ හිරු බැසයනව...ඒත් ඒ ඉරෙත් මට නෝක්කාඩු කියන කලු ගැහුනු සේයාවක් තැවරිලා තිබුනා.ඇත්ත මේ ඉර හඳ ගහ කොළ වුනත් මට නෝක්කාඩු කියයි.මන් වචනයකින් වුනත් ඒ කලේ මහම මහ නැහැදිච්ච වැඩක්...ඇරත් මන් නොදැනුවත්ව හරි මට හුස්ම ගන්න ඉඩ හදපු කෙනා ඒ...ඒ නැතත් වෙද නළාව අතේ තියන් ඉන්න මට මනුස්සකම ගැන හිතන්න තිබුනා.පුහු උඬගුකම,මාන්නය වෙද නළාව එක්කම මගේ ඇගට ඇවිත් ඒ වෙලාවෙ මන් කරපු දේ..මගේ හදවතම මට ලැජ්ජ කරනවා,නින්දා කරනව...
රත් පැහැ ගිනිදැල් අහස දිහාවට ඇදිලා යද්දි නිසලව ඇය ඒ මැද සැතපිලා ඉන්නවා...මට වඩා දස වසරක් බාල වුනත්, ඇගේ රැකියාව මගේ වෙද නළාවට වඩා දස ගුණයක් පහළින් තිබුනත් ඇය මනුස්සකම අතින් මට වඩා දහස් ගුණයක් ඉහළින්...අැගේ නමට මගේ නෙත කඳුළු ආයෙත් අලුත් වෙනකොට මගේ හිත ආයෙත් මටම බනින්න ගත්තා...ඔව් මන් ඒ වෙලාවෙ වචනෙන් හරි මේ කෙල්ලට කලේ මොකද්ද...
**************************
"පහන් ඔයා මොකද්ද මේ කරන්න හදන්නෙ...."
"ඇයි නිසලි මොකද්ද??? "
"මොකද්ද අහන්නෙ මගෙන්ද?ඇයි මේ ගෑණිගෙ භාරකරත්වය ඔයා ගත්තෙ..."
"හ්ම්ම්...ඒකද?ඉතින් බබා කාත් කවුරුවත් නැති මේ ලෙඩාව අපි භාරගමු..."
"මොකක්...ඔයා දන්නවද පහන් මෙයා සල්ලි වලට තමන්ගෙ....."
"ඔව්....මන් දන්නවා...නිසලි දැන් ඇති..අපි මේ ලෙඩාව භාරගන්නව එච්චරයි..."
"පහන්...ඒ කියන්නෙ දැන් ඔයාට මට වඩා මේ නන්නත්තාරෙ ගිය එකී ලොකු වුනා..."
"මොනාද නිසලි මේ කියන්නෙ...ලැජ්ජාවක් නැද්ද...ඔයත් ඩොක්ට කෙනෙක් නේද?ඇරත් ඔයත් ගෑණියෙක් නෙ..."
"ලැජ්ජාව මට තමයි...හොස්පිට්ල් එකේ ඔක්කොම අහනව ඩොක්ට පහන් මොකද අර ගෑණිට ඔච්චර අනුකම්පා කරන්නෙ කියල...මන්නෙ ඕවට උත්තර දෙන්න....."
"නවත්තනවා නිසලි....මෙතන පිස්සුවෙන් වගේ දගලන්නෙ නැතුව...දැනගන්නවා පිස්සෙක් වගේ මන් පාරක් පාරක් ගානෙ ඇවිදල මගෙ ජීවිතෙ හොයද්දි මට ජීවිතේ දුන්නෙ මේ කෙල්ල..."
"මො...මොකද්ද ඔ... ඔයා...කියන්නෙ පහන්...."
"හ්ම්ම්....ඔව්...ඔයාගෙ තාත්තගෙ සල්ලි වලට...අපේ මේ රස්සාවට බැරි වුනා එදා ඔයා හුස්ම අදිද්දි ඔයාගෙ ජීවිතේ බේරගන්න...මන් අසරණ වුන තරම කොයිතරම්ද කියල දන්නවද නිසලි ඔයා..."
"ඒත්....පහන්...මේ..."
"එදා අහම්බෙන් වගේ මට මේ කෙල්ලව හම්බුනෙ...එයා කැමති වුනා ඔයාට වකුගඩුවක් දෙන්න...අපි කොච්චර හෙව්වත් ඔයාට ගැලපෙන වකුගඩුවක් හම්බුනෙ නෑ...ඒත් මේ කෙල්ලගෙ වකුගඩුව ඔයාට ගැලපුනා...මන් දන්නෙ නෑ මේ තත්වෙට දැන් මේ කෙල්ල කොහොම වැටුනද කියන්න...ඒත් මට ඕන ඔයාගෙ ජීවිතේ බේරපු මේ මනුස්සයට අන්තිම මොහොතෙ හරි උදව් කරන්න..."
"එතකොට...මේ...මම....ජීවත් වෙන්නෙ..."
"ඔව් ඒ කෙල්ල නිසා...එතකොට අද මේ කෙල්ල හුස්ම අදින්නෙ ඉතුරු වෙලා තිබුන වකුගඩුවත් නරක් වෙලා නිසා...මන් කොච්චර හෙව්වත් මේ කෙල්ලව මට හොයාගන්න බැරි වුනා..."
"ඔයාගෙ තාත්තලගෙ සල්ලි මේ කෙල්ලගෙ නම ගම රස්සාව හංගල ඒ පිනට මොණර කොළ හිලව් කලාට, එක රුපියලක දෙයක් වත් මේ මනුස්සය ගත්තෙ නෑ....දන්නවද එදා මේ මනුස්සය කියපු දේ..."
"මහත්තය මන් ඇග විකුණල තමයි ජීවත් වෙන්නෙ...ඒත් මේ මන් කලේ පණ අදින කෙනෙක්ට ජීවිතේ දීපු එක...ඒකටත් ගණන් හිලව් තියල මේ කරුමක්කාර ජීවිතේට තව පව් පුරවගන්න බෑ මහත්තය...මන් මේක කලේ මනුස්සකමට....ඔය සල්ලි වලිනුත් මේ නෝනට ඕන දේවල් ගන්න..."
එදා ඒ වෙලාවෙ මන් ඉන්න තැන කරන දේ අමතක වුනා.පිස්සියෙක් වගේ මන් නැවතුනේ හුස්ම අදින ඇගේ ඇඳ ළග...නිමාවක් නැති කඳුළු මගේ ඇස් වලින් කඩන් වැටෙද්දි ඒ දුකක්ද,පසුතැවීමක්ද නැත්තන් මන් ගැනම ඇති වෙච්ච ලැජ්ජාවක් ද කියන්න මට අදටත් තේරුමක් නෑ...ඒත් එකම වතුර පොදක් පොවනව ඇරෙන්න මට ඇගේ හුස්ම රැකගන්න අංශු මාත්‍රෙක දෙයක් කරගන්න බැරි වුනා.ඇගේ අන්තිම හුස්ම පොද මගේ දෑත උඩම ගිලිහිල යද්දි මන් මොකන්දෝ මන්ද නාම විරහිත හැඟීමක ඔත්පල වුනා....
*************************
"නිසලි අපි යමු....දැන් හුඟක් හවස් වෙලා..."
කතාවක් නැතුවම පහන්ගෙ උරහිසට බරවුණු මට ඇගේ දැල්වෙන සෙහොන අතරින් ඇය අන්තිමට කිව් වචන ආයෙ ආයෙත් දෝංකාර දුන්නා...හිසේ සිට යටිපතුල තෙක් ඇදි යන හිරියක් වේදනාවක් එක්ක මන් ආයෙත් ඒ වචන මතක් කලා....
"මන් නිසා මගේ මේ පව්කාර රස්සාව නිසා හුගක් පවුල් ජීවිත හැඩි වුනා නෝනා....ඒත් මන් නිසා අද සතුටින් ජීවත් වෙන එකම පවුල නෝනයි මහත්තයයි...මට ඒ දේ ඇති නෝනා ...සතුටින් ඉන්න හැමදාම..."
ඇය කිසිම කෙනෙක්ට ඇගේ අන්තිම හුස්ම පොද ගිලිහෙද්දි වත් දොසක් නැගුවෙ නෑ...ඇයද අපිද මේ ජීවිතේ පහත් කියල හිතද්දි පහන්ගෙ හඬ හීනෙන් වගේ ඇහුනා...
"හුඟක් සුදු පිරුවට පෙරවගෙන තමන් උපාසිකා කියල කියාගෙන ගඳ ගහන ජීවිත තියෙන හුඟක් ගෑණුන්ට වඩා අයාලේ ඇවිද්දත් මේ මනුස්සය ළඟ මනුස්සකම ඕනවට වඩා තියෙනව නිසලි...."
ඔව් ඇත්ත...
Sunday, March 20, 2016
බිදුණු වීදුරු
තැඹිලි පාට අහස යට ඉරේ රැස් ටිකෙන් ටික අඩු වෙනකොට මගේ පුංචි සුරංගනාවියෝ දෙන්න ඒ දෙන්නගේ තාත්ත එක්ක තියල තනියම ගොඩට ආවේ මේ ලස්සන වෙරළේ ලෑස්ති කරලා තිබුන තේ මෙසේ අඩු පාඩු බලන්න..මගේ ජීවිතේ මම වැඩිපුරම ඉඩ හදල දීල තියෙන්නේ ඒ තුන් දෙනාට..සමහර සමහර නපුරු ඇස් මගේ ජීවිතේට ඇවිත් අදුර උරුම කරලා ගියත් මගේ ජිවිතේ එලිය කරන්න ඒ ලස්සන ඇස් වලට පුළුවන් උනා...මගේ ලග ඉදන් හැමදේම කරලා දෙන්න,එක විනාඩියකටත් මාව තනි කරන්නේ නැතුව ඉන්න ඒ හිතට පුළුවන් උනා...ඇත්තටම මම මුලින් ඒ ඇස් වලට ආදරේ කළේ නෑ...ගෙවල් වල උවමනාවට මගේ ජිවිතේ පෝරුවක් උඩ තියන්න මට සිද්ද උනා..ඒත් එදා බිදුණු විදුරු මල් වාස් එකක් වගේ තිබුන මගේ ජිවිතේ බිදුණු තැන් පෙන්නේ නැති වෙන්න සායම් පින්තාරු කරලා ඒ මල් වාස් එක පිරෙන්න ලස්සන මල් දාන්න එයාට පුළුවන් උනා...
".පිනිදි...මගේ යාළුවා ලගටම ඇවිත් ඕක ලෑස්ති නේද?"
"ම්ම්...ඔව්..දුවල දෙන්න එක්ක එන්න දැන් ඔයත්..."
එයාගේ ජිවිතේ අවුරුදු ගානකට කලින් හිටපු කෙනෙක් අද ආයෙත් එනවලු...එයාට හිටියේ එකම එක මල්ලි කෙනෙක්...ඒත් එයා මුළු පවුලම අතැරලා දුරකට එයාගේ කිරිල්ලියත් එක්ක පියාබල ගිහින් තිබුන...අපේ මගුල් පෝරුව දකින්නවත් එය මෙහෙ හිටියේ නෑ..ඒ මල්ලි ගැන එයාගේ හිත වද වෙනවද නැත්තන් ගානක්වත් නැතුව ඉන්නවද කියන්න මන් දන්නේ නෑ..ඇත්තටම මම එක ඇහුවේ වත්,තේරුම් ගන්න උත්සහ කළේ වත් නෑ...එකයි ඇත්ත...
කොහේදෝ මන්ද ඉදන් මගේ ඉස්සරහින් අත දෙක අල්ලාගෙන ඇවිදගෙන යන ආදරණීය කුරුළු ජෝඩුවක් දැක්කම මගේ හිත අදුරු මතකෙකට එක්කන් යනවා වගේ දැනුන නිසාම මම එතනින් ආයෙමත් මගේ පුංචි සුරංගනාවියෝ ඉන්න පැත්තට යන්න මගේ දිග ඇගිලි එසවෙනකොටම....
"පිනිදි...."
මම ඒ අතීතය මතක් වෙනවට බයෙන්මයි මෙතනින් ඈත් වෙන්න හැදුවේ...ඒත් ඒ කතා කරන්නේ මගේ අතිතයමයි...ආයෙමත් කොහොමද ඒ අතීතය මට කතා කරන්නේ...ලස්සන විදුරු මල් වාස් එකක් උන මගේ ජිවිතේ බිදිච්ච කිසිම වටිනාකමක් නැති මල් වාස් එකක් කරපු ඒ මුස්පේන්තු අතීතය...මම බලන්න ඕනෙමද ඒ කතා කරන්නේ මගේ අතීතයද කියල...නෑ ඕනේ නෑ...ඒත් මට වැරදෙන්න විදියක් නෑ...ඒ එයාම තමයි....
"නිසල්...ඔයා..."
"හ්ම්ම්...අදුරගන්න බෑ නේද...ඔයා මෙහෙ..?"
මම වළලා දාපු ඒ අතීතයෙන් ආපු හෙවණැල්ල..මීට අවුරුදු පහලවකට කලින්...ඔව් හරියටම මීට අව්රුදු පහලවකට කලින් මාව අතැරලා දාල ගියපු මගේ හෙවණැල්ල...එය මගේ වීදුරු මල් බදුනෙ ලස්සනට වශී වෙලාම එයා මාව අරන් ගිහින් එයාගේ මේසේ උඩ තියාගත්තා...කාලයක් යනකන්ම එයා ඒ මල් වාස් එක ගොඩාක් පරිස්සම් කරා...ඇත්තටම ඒ පරිස්සම් කරාද?නැත්තන් පරිස්සන් කරනවා කියල පෙන්නුවද කියන්න අදටත් මන් දන්නේ නෑ...වීදුරු හරි ඉක්මනට බිදෙනවනේ...එහෙම උනොත් ආයෙත් පලුදු නැතුව ඒ වීඑදුරුව හදන්නත් බෑ...ඉතින් මල් වාස් එක ඒ හැමදේම දැනගෙන හිටියේ...ඒත්...අර අයිතිකාරයට මේ වීදුරුව ඇතුලේ තියන හැමදේම බලන්න තිබ්බ උවමනාවටම එය ඒ වීදුරුව බිදලා දැම්ම...
ඒත් ඒ වීදුරුව හිතුවෙම ඒ අයිතිකාරයා එයාව ආයෙත් පලුදු තැන් පෙන්නේ නැති වෙන්න ලස්සන කරලා එයාගේ මේසේ තියාගනි කියල.ඒත් ටික කාලයක් යනකොට ඒ අයිතිකාරයාගේ වීදුරු මල් බදුන තියෙන මේසේ කකුල් හෙලවෙන්න ගත්තේ වීදුරුවට එයාගේ මුළු ජිවිතේ ගැනම ලොකු බයක් ඉතුරු කරලා..ඔව්...ඒ බය හරිම සාදාරනයි...එය වීදුරු මල් වාස් එක එයාගේ මේසෙන් අයින් කරන්න යනවා...ඒ හෙලවී හෙලවී තිබුන මෙසේ දැන් ගැලවිලා වැටෙන්නම ලගයි...ඒ වීදුරුව කියාගන්න තියන හුගක් දේවල් අතරේ හිරවෙලා අඩද්දිම හිතක් පපුවක් නැති ඒ අයිතිකාරයා ඒ මල් වාස් එක තියල තිබුන මේසෙ ගලවලාම දාල..අලුත් මේසයක් ගෙනත් එයාගේ ලගින්ම තියාගත්තා..මේසයක් විතරක්මද...නෑ...සරුව පිත්තල මල් වාස් එකකුත් එක්කම...එදා ඒ අයිතිකාරයා කාලයක් එයාගේ මේසේ ලස්සන කරපු මල් වාස් එකට සදහටම එයාගේ ජිවිතේ ඉඩ නැති කරලා දැම්ම...නිකන්ම..මුකුත් නොකියම...නෑ..එක දෙයක් කිව්වා..
"බිදිච්ච වීදුරු වල කාට කට තියන්න බැරිද...කාට මල් ගෙනත් දාන්න බැරිද...ඕව මට වැඩක් නෑ..."
"ඒත් මේ වීදුරුව බින්දේ ඔයා...අනික කාගේවත් පිපාසෙට මන් වතුර දුන්නේ නෑ...කව්රුවත් මල් ගෙනත් දැම්මේ නෑ...ඇයි මාව එපා කියන්නේ...."
එදා අහපු එක ප්‍රශ්නෙකටවත් එය ලග උත්තර තිබුනේ නෑ..තිබුනේ මුණ පුරාම ඇදිච්ච සමච්චල් හිනාවක් විතරයි...දරාගන්න බැරි හීරීම්,තුවාල වීම් ගොඩක් එක්ක මම අසරණ වෙද්දී මගේ ලගට ලං වෙන්න උත්සහ කරපු කීප දෙනෙක් අතර මගේ ජීවිතේ හුගක්ම අදුරු සිදුවීම් දැනගෙනම ලං උන ඒ ලස්සන හදවතට අපේ අත්සන් ලොකු පොතේ තියද්දීවත් ආදරේ කළේ නෑ...ඇත්තටම මම පෝරුවට නැග්ගේ අම්මලාගේ හිත හදන්න,ඒ වගේම එය මගේ ගැන දැනන් හිටපු එක හිතට ලොකු සහනයක් උනු නිසා...කාලයක් යද්දී ඇත්ත ආදරේ මම හරි අපුරුවට ඒ ලස්සන හිතෙන ඉගෙන ගත්ත...හැමදාම වගේම මගේ කර වටේට ආදරෙන් දැවටෙන ඒ අත අදත් මගේ ලග ආදරෙන් දැවටෙද්දී මම ආයෙමත් අර අදුරු අතීතය වහල මගේ ලස්සන පියවි ලෝකෙට ආව...
"පිනිදි...මේ තමයි මන් එනවා කියපු අමුත්තා...මන් දන්නවා කෙනා කව්ද කිව්වනං ඔයා එන්නේ නෑ...ඒත් මල්ලිට උදව් ඕනේ නිසා මන් කිව්වේ නැත්තේ.."
එදා මට සමච්චල් කරපු ඒ මුණේ ලොකු පසුත්වීමක්,කලකිරීමක් වගේම ඊටත් වඩා පුදුමයක් රැදිලා තිබුන...ඇත්තටම මේ හමුවීම කවදාහෝ වෙයි කියල හිතේ කොනක ගැස්මක් තිබුනත් මෙහෙම නොහිතු වෙලාවක මේ හමුවීම මම බලාපොරොත්තු උනේ නෑ..එයා හරි..දැනන් හිටිය නං මම කවදාවත් මේ ගමන නොඑන්න තිබුන...
"අයියේ...ඔයා...මේ...පිනිදි..."
"ඔව්..මේ උබ බිදපු වීදුරු මල් වාස් එක තමයි...ඒත් මගේ ජිවිතේ සුවද හමන හැම මලක්ම දැන් තියෙන්නේ මගේ මේ වීදුරු මල් බදුනෙ.....මල්ලි උබ අරන් ගිහින් එහෙදි උබව ඇතරපු සර්ව පිත්තල මල් වාස් එකට වඩා මගේ ලග මේ තියන දේවල් උබට වටින්නේ නැති උනාට ඒ කාලේ.. අද මේ තමයි මගේ වාසනාව "
Thursday, March 10, 2016
අහිමි සද නුඹ
"ඔයා ඉන්නේ අපේ ගේට් ඒක ලග ද?"
"හ්ම්ම්...ඔව්.."
"ඉන්න මන් එන්නන්..."
ජිවිතේ මට අහන්න ලැබුන ආදරණීයම කටහඩ...ආදරේ කියන වතුර හොයාගෙන වැලිකතරක අතරමන් වෙලා ඉදපු මට ආදරේ ලස්සන හිරි පොද වැස්සක් වගේ වැට්ටුවේ ඔයා.ජිවිතේ ඒ හිරිමල් වැස්සට තෙමෙද්දී මන් උන්නේ කියාගන්න බැරි සන්තොසෙකින්...පුංචි පුංචි හුලන් පාරවල් ඇවිත් කදුළු බින්දු වැටුනත් ඒ හැම කදුළු බින්දුවකටම වඩා මන් ඔයාගේ ආදර වැස්සට තෙමෙන්න ආස උනා.මගේ ජිවිතේ වැඩිම වටිනාකම ඔය හිරි පොද වැස්සට දෙනකොට...ඔව්... ඔයත් ඒ වගේම ලොකු ඉඩක් ඔයාගේ අහසින් මට දුන්නා...ආදරේ පුරෝගත්තු ඔයාගේ තරු ඇස් වලින් මන් මගේ ජිවිතේ එලිය කරගත්තා...මෙච්චර ලස්සන ආදරයක් වෙන කාටවත් කොහෙදිවත් හම්බවෙන එකක් නෑ...ඒ තරම්ම ඒ හිරි පොද වැස්ස ආදරණීයයි...රෝස මල් පෙත්තක් වගේ සැහැල්ලුවෙන් ඒ ආදරේ ඇතුලේ ඔහේ පාවෙන්න පුළුවන්...කවදාවත් බාදාවක් තිබුනේ නෑ මට...තරවටු තිබුනෙත් නැති තරම්ම...ඇත්තටම තරවටුවක් නෙමෙයි ඒක.. මේ පුංචි රෝස මල් පෙත්තට විස කටු ඇනෙයි කියල ඒ හිතේ තිබුණු බය...නපුරු සත්තු ඒ රෝස මල් පෙත්ත පොඩි කරලා දායි කියල ඒ හිතේ තිබුණු බර...
"ඔයාගේ තීරණේ වෙනස් වෙන්නේ නැද්ද...?"
වෙනදට ඉවරයක් නැතුව කඩන් වැටෙන ඒ හිරි පොද වැස්ස,මට ඔච්චම් කරන පුංචි වැහි බින්දු අද කිසිම සද්දයක් නෑ...ලස්සනට දිලිසෙන තරු ඇස් අද මලානික වෙලා...ලොකුම ලොකු කදුළු බින්දු දෙකක් ඒ ඇස් වල ගේට්ටුවෙන් එලියට එන කොටම පිරිලා තිබුනා...දැන් ඒ කදුළු බින්දු ඇස් දෙක කෙළවරටම ඇවිත් තව තප්පර ගානකින් ඒ කදුළු දොරේ ගලනවා....ඒත් එයා අමාරුවෙන් එයාගේ දිග ඇගිලි වලින් ඒකට වැට බැන්දා...එයාට ඕනේ උනේ මට කදුළු පෙන්නන්නේ නැතුව ඉන්න...ඒත් මන් පලවෙනි වතාවට...හ්ම්ම්..ඔව්...පලවෙනි වතාවට ඒ කදුළු දැක්කේ ඒ ඇස් වල...මගෙන් අවසරයක් නැතුවම මගේ ඇස් වලින් එයා වැට බැදපු කදුළු බින්දු ඔහේ ගලාගෙන ගියා...එයා ආයෙමත් අහක බලාගත්තා...යාන්තන් ඔලුව වැනුවා...එයාගේ හිත එයාටම බනිනවා කෑගහනවා...ඒ ඇස් දෙකෙන් මට මගේ හිතට ඒවා ඇහෙනවා...ඒත් එයාගේ හැම වචනෙකම තියෙන්නේ කලකිරීමක්...එයා ගැනම කලකිරීමක්...ජිවිතේ උණු එකම එක පුංචි සිදුවීමක් නිසා එයා විදවනවා...එයා එහෙම තමයි...ඇත්තටම ඒක පුංචිම පුංචි අකුණක්..ඒත් එයා ඒ අකුනෙන් හොදටම පිච්චිලා...එයාටම එයා දිහා බලන්න බැරි තරමටම එයා එයාගේ ජිවිතේ ඒ අකුණට බිලි දීල...රෝස මල් පෙත්ත වත් එයා ලග තියාගන්න එයා තීරණය කරලා නෑ...
"මට සමාවෙන්න...ඇත්තටම ඔයා මට සමව දෙන්න එපා.මන් ඒකට සුදුසු නෑ..."
"ඔයා මොනාද මේ කියන විකාර?ඇයි ඒ වගේ දෙයක් නිසා ඔහොම දුක් විදින්නේ..පිස්සුද අයියේ ඔයාට...?"
"මන් ඔයාට ගොඩක් බලාපොරොත්තු දුන්න..ඒකයි ඔයා මෙතන ඉන්නෙත් අද..හ්ම්ම්...ඒත් මන් ඊට වඩා ලොකු දුකක් ඔයාට, අපේ ගෙදර අයට දුන්නේ...මන් තාත්තගේ සල්ලි නාස්ති කරනවා...මන් යන්න ඕනේ පාර මොකද්ද කියල මට තේරුම් ගන්න බැරි උනා...මන් වගේ හිස් කාලකන්නියෙක් නිසා ඔයාට තව දුක් විදින්න දෙන්න බෑ...මේ ඩිග්රියත් අම්මලට ඕන නිසා කරන්නේ...නැත්තන් මේකත් දමල ගහල කොහේ හරි යනවා මන්..."
"ඔයාට ඔහොම දෙයක් හිතන්න තරම් ලොකු දෙයක් නෙමෙයි මේක..ඒත්..."
"නෑ..ඔයාට මන් එක්ක ඉන්නවා කියන්නේ ලොකු දුකක්..මට ඔයා ගැන හොයන්න බලන්න කාලයක් නෑ..ඔයා අඩනවා තනියම මන් දන්නවනේ...ඔයාව තව මගේ ලග හිර කරගන්නවා කියන්නේ ඔයාගේ ජිවිතේ ලස්සනම කාලේ දුක් විදින්න වෙනවා.ඔයාට කැම්පස් ජිවිතේ ලස්සනත් නැති වෙයි..."
"මට වෙන ලස්සන ජිවිත ඕනේ නෑ..ඔයා ඉන්න ඒ ලස්සන ඇති...මන්...මන්..."
තව කියාගන්න බැරි වචන සිය ගානක් මගේ හිත ඇතුලෙන් ලොකු අරගලයක් කරද්දී තරගෙට මගේ ඇස් වලින් කදුළු බින්දු පොකුරු ගොඩක් ඇවිත් බිමට කඩන් වැටෙද්දී ඒ ඇස් වලට ආපු කදුළු වගේම එයාගේ හීන් ඉකියක් මගේ ඇස් ආයෙමත් ඒ මුණ දිහා බලන්න බල කළා ...ඇත්තටම කාලෙකට කලින් මට කියන්න ඕනේ උනා ඔයාට ඒ දේවල් වලට හිතේ ටිකක් අඩුවෙන් තැන දෙන්න කියල...ඒත් මන් කිව්වේ නෑ..ඒක ඔයාගේ ආසාව නිසා..ඔයා යාලුවෝ එක්ක සැර දේවල් කරන්න යනවනං,වෙන රෝස මල් පස්සේ යනවනං මට ඔයාට කියල,නැත්තන් සැර කරලා හරි හදාගන්න තිබුන...ඒත් ඔයා කලේ එහෙම නරක දේවල් නෙමෙයි...ඔයා කැමතිම දෙයක්..ඔයාගේ ආසම ස්පෝර්ට් එක...මන් ඔයා ගැන දන්න නිසාම ඔයාට නිදහස දුන්න..ඒ වගේම ඔයා කවදාවත් ඒ විස්වසේට පුංචි හීරීමක් වත් වෙන්න දුන්නේ නෑ...ඇත්තටම මන් ඔයාට ඒක නවත්තන්න කිව්වා නන් අද මේ දේවල් මෙහෙම නොවෙන්න තිබුන..තාමත් මේ රෝස මල් පෙත්තට ඔයා ලගම දැවටී දැවටී ඉන්න තිබුන,ඒත් එතන තිබුන ඔයාගේ සතුට දැක දැක එහෙම කියන්න මට හිත හදාගන්න බැරි උනා...
"ඉතින් මන් ඔයාට කරදර කරන්නේ නෑ නේ..ඔයාට හැමවෙලේම කතා කරන්න කියල කිව්වෙත් නෑ නේ මන්..අනික.."
"ඔව් ඔයා අනිත් අය වගේ නෙමෙයි...ඔයා හොද නිසාමයි එහෙම හිටියේ..වෙන කෙනෙක් නන් ඉන්නේ නෑ දාල ගිහින් එහෙනං...මට ඔයාට දුකක් දෙන්න බැරි ඒකයි..මන් වැඩක් කලොත් එකෙන් මොකක් හරි අව්ලක් වෙනවා...තව ටිකක් අව්ල් උනා නන් පොඩි එව්න් එක්ක කරන්න වෙන්නේ ආයෙමත්...සෙල්ලන් කරන්නත් බෑ අතේ දෙකේම ඉන්ජරිස් ඇවිත්...නිකන් බලන් ඉන්න වෙන්නේ ගියත්..මන් මේ හැමදෙයින්ම ඈත් වෙනවා..ආයෙත් තවත් ඔයාට බලාපොරොත්තු දීල ඔයාගේ ලෝකේ කඩන්න බෑ මට...යන්න ඔයා..ඔයාට පරක්කු වෙයි..."
"හරි ඔයා එනකන් මන් බලන් ඉන්නද කතා කරන්නේ නෑ..කරදර කරන්නේ නෑ..නිදහසේ වැඩ ටික කරගන්න..."
"හ්ම්..හා..නෑ එපා මන් ආයෙත් එන්නේ නෑ ඔයාගේ ජීවිතේට කදුළු දෙන්න...ඔයාට වෙන කෙනෙක් අම්මල හරි හොයල දෙයි..ඔයාගේ හොද නිසා ඔයාව රවට්ට ගනී ගොඩක් අය,ඒ නිසා පරෙස්සමින් ඉන්න...මට ටෙන්ෂන් එක දරාගන්න අමාරුයි..නිදහසේ ටිකක් හිතන්න ඕනේ..කාලේ ඕනේ..ඔයාව මේකේ හිර කරලා තියාගත්තම ඔයත් දුක් විදිනවා..."
ඔයාගේ ඇස් වල කදුළු නැති උනෙම නෑ..ඔයා සැරෙන් සැරේට ඔයාගේ දිග ඇගිලි වලින් කදුළු බින්දු වලට වැට බැන්දත් ඒවා ඇස් වලින් අයින් කරගන්න ඔයාට බැරි උනා...ඔයාගේ ඒ කදුළු මේ රෝස මල් පෙත්ත තවත් ඇඩෙවව...ඔයාට වගේම මටත් කියන්න ගොඩක් දේවල් හිත ඇතුලේ තිබුන ඒත් අපි කතා කලාට වඩා ඇඩුවා..ඔයා හිතන්නේ ඔයාගේ ගෙදර අය,මන් සතුටින් තියන්න,ඒත් ඔයාට ඒකට වැදුනේ පුංචි අකුණක්,එකෙන් ඔයා මේ තරම් දුර්වල වෙයි කියල මන් කවදාවත් හිතුවේ නෑ...ඔයයි මායි ඇඩුවා ගොඩක් වෙලා..ඔයාට මාව ඕනේ ඔයාගේ ඇස් වල ඒක තිබුන..ඒත් ඔයාට එට වඩා බයයි මන් තවත් දුක් විදි කියල..අතරින් පතර අමාරුවෙන් ගලපගන්න වචන දෙක තුනක් ඇරෙන්න අපි අපි දිහා බලාගෙනම ඇඩුවා...මන් තීරණය කළා එයාගේ තීරනෙට යට වෙන්න...ඒ එයාගේ හොදට..එයාට තිබුන ආදරේට...එයාට එයාගේ පිච්චුන හිත හොද කරගන්න...එයාගේ හැම වචනෙකම තිබුනේ මට යන්න කියල නෙමෙයි..මට ආදරෙයි කියල..ඒකයි මන් එයාගේ තීරණේට කැමති උනේ...ඒත්...මන් කොහොමද යන්නේ...අතරින් පතර කියවෙච්ච හැම වචනෙකම එයාගේ ආදරේ තිබුන..මගේ ප්‍රශ්න වලට,කදුළු වලට එයා පරාද වෙයි කියල එයාට තේරුණා..එයාගේ එක වචනයක් මගේ මුළු ජීවිතේම එයා වෙනුවෙන් බලන් ඉන්න මට බල කරයි කියල එයා බය උනා අන්තිමට..එයාට ඕනේ උනේ මාව සතුටින් තියන්න...එයා ඒකට මේ රෝස මල් පෙත්තෙන් ඈත් වෙන්න හදන්නේ...එයා පිළිගන්නේ නෑ මේ රෝස මල් පෙත්තේ ලස්සන වගේම ආදරෙත් තියෙන්නේ එයා ලග විතරයි කියල...නෑ නෑ එයා දන්නවා එක..ඒත් නොදන්නවා,නොතේරුන වගේ ඉන්නවා...
"දැන් යන්න මැණික..ඔයා හැමදාම සතුටින් ඉන්න,පරිස්සන් වෙන්න,බුදුසරණයි...!"
"මන් යන්නන්..හැබැයි මන් ඔයා එනකන් හැමදාම බලන් ඉන්නව...ආයෙත් මට කතා කරනවා නේද හිත නිදහස් උන ගමන්...කියන්නකෝ....මට ආදරෙයි නේද.."
"මගෙන් වචන ගන්න හදන්නෙපා ..ඒ හැම වචනෙකින්ම ඔයා බලාපොරොත්තු තියාගන්නවා...ඔයාට බලාපොරොත්තු දීල තවත් පව් පුරවගන්න බෑ මට..."
"ඔයා බොරු කියන්නේ...ඔයා කියන්නේ නැති දේවල් ඔක්කොම මට තේරෙනවා..."
මන් අඩද්දිම ඒ වචන පිට උන නිසාමද මන්ද ටිකක් හයියෙන් ඒක විසිරිලා යනකොට...එයාගේ ඇස් වල කදුළු ආයෙත් අලුත් වෙලා...මගේ නොනවතින ඉකිය මැද එයා එයාගේ පරාජය බාර අරගෙන...
එතනින් එහාට එයාගේ එකම වචනයක් වත් පිට උනේ නෑ...මට ඕනේ උනා එයාට තුරුල් වෙලා අඩන්න...ඒත් මේ පාරේ එහෙම කරන්න බෑ...ඉතින් මන් එයාගේ හිත තවත් තුවාල කරන්නේ නැතුව යන්න ලැස්ති උනා... මට යන්න බෑ...ඒත් එයා වෙනුවෙන්,එයාගේ හිත හදාගන්නකන් මන් අයින් වෙලා ඉන්නවා...ඒත් එයා එකපාරටම...
"ඔව් මන් බොරු කියන්නේ...ඔයා දන්නවනේ...මට වෙන කාවවත් ඕනේ නෑ ආයෙත් මගේ ජීවිතේට..ඒත් ඔයා සතුටින් ඉන්න ඕනේ..මන් ඔයාව.....පරිස්සමින් ඉන්න..."
මගෙන් අනිත් පැත්තට හරවගත්ත ඒ මුණ දිහා කොච්චර වෙලා බලන් හිටියද...එයාගේ කදුළු නවතෙන්නේ නෑ...කඩු කිනිසි සිය ගානක් මගේ හිත වගේම මගේ මුළු ඇගමත් කීතු කීතු කරගෙන යන තරම් වේදනාවක් දැනෙද්දී..මන් වචන ගලපගත්තේ අමාරුවෙන්..
"හ්ම්ම් මන් යන්නන් අයියේ..ඔයා පරිස්සමින් ඉන්න...බුදුසරණයි..!"
Thursday, March 3, 2016
රුවලක් අහිමි ඔරුව
එයාගේ ෂර්ට් එකේ බෝත්තන් කාසි සීරුවට බෝත්තන් ටික ගිල ගනිද්දී මගේ හිත පුරා ඇවිලිච්ච මහා ගිනි ගොඩක් එහා ඇදෙ සැප නින්දක ඉන්න මගේම පොඩි එකා දැකල පපුව පුරාම ඇවිලිලා ගියා. මහා බර හුස්මක් මගෙන් ගිලිහිලා මේ පොල් අතු පැලේ හිල් පොල් අතු වල වැදිලා මුළු ගේ පුරාම විසිරිලා යනකොට,හෙමි හෙමින් මාත් මේ පැදුරු කෑල්ලෙන් ඈත් උනේ තවත් හිටියොත් මේ මුස්පේත්තු නිහඩබව හිතේ මහා ලොකු ගින්නක් අව්ලලා ඇස් වලිනුත් ලෝදිය පොකුරැ දොරේ යන්න වැඩි වෙලාවක් නොයන නිසාමයි.මුහුදු රැල්ල එක්ක මේ රෑට හුළඟ තියාගන්නේ මොන කරුමක්කාර සම්බන්දයක්ද?ඒත් එක්කම සමහර දවසට කඩාගෙන වැටෙන වැස්ස...මේ වැල්ලේ සමහර එව්න්ගේ ජිවිතේ ඉරණම තීරණය වෙන්නෙත් මේ කරුමක්කාර දේවල් එක්ක..ඒ වගේම ඔය කරුමක්කාර හුළගට වැස්සට මුවා වෙලා තව ගෑනු කීදෙනෙක් තමන්ගේ මිනිහගේ පැදුර අනිත් එව්න්ට දීල සැනසෙනවද...ඒත් මුන් ඔක්කොටම පෙන්නේ මගේ කරුමක්කාර ජිවිතේ විතරයි...
"මොනවද බන් ඔය හැටි කල්පනා කොරන්නේ? තව මොන හරි අඩු පාඩුවක් තියනවනං කියපන්.."
මේ මුස්පේන්තු ජිවිතේ පුරවන්න කියල නං හිස් තැන අඩු පාඩු කොච්චරක්ද...මේ එකෙක් වත් ඇහුවට ඒවාට පිළියම් මුන් ලග තියනවද..ඒත් පොඩි එකාගේ කිරි පිටි,බත් වේල,ඉස්කෝලේ ගමන ගැන හිතන්න ඕනේ...අපේ පව්කාරකම් වලට මේ නොදරුව මක් කරන්නද?"
"හ්ම්ම්..ඔහෙට තේ කෝප්පයක් හදන්නද...?"
"එපා බන් මේ වැල්ලේ ගෑනු ටික නැගිටින්න කලින් මන් ගෙදරට යන්න ඕනේ..."
වැල්ලේ ගෑනු...මාත් මේ වැල්ලේම තමයි..නැතුව අහසින් කඩාපාත් උනෙයි මන්..ඒත් මන් ඒ හැම ගෑනියෙක්ටම වඩා වෙනස්...උබට මෙහෙම... කියන්න වචන සිය ගානක් මගේ හිත ඇතුලෙම තෙරපෙද්දී මුනිච්චාවට අමාරුවෙන් මුනට ගත්ත හිනාව පෙන්නලා දොර එහාට කරගෙන වැල්ල පැත්තට ගියේ කරන්න දෙයක් නැති කමටත් වඩා මේ හුළගට වත් මගේ කරුමක්කාර ජිවිතේ ගෙනියන්න පුලුවන්ද අහන්න.. මේ වැල්ල කලබල වෙන්න තව පැයක් දෙකක් තියන නිසා නිවිහැනහිල්ලේ මේ මුහුදෙන් එන රැලි දිහා බලන් ඉන්න පුළුවනි..මේ රැල්ල වගේ මගේ ජීවිතෙත් ගොඩ තියාගන්නම බෑ....ගොඩ ආවා වගේම හරි ඉක්මනට ආයෙමත් මුහුදු පතුලටම ඇදිල යනවා...
රුවලක් කැඩුණු ඔරුවක් වගේ ඔහේ පාවෙවී මුහුදු කරේ තිබුන මගේ ජිවිතේට හැමදාම දකින රුවල් කදන් මගේ කැඩුණු ජීවිතේට ලං වෙන්න ඉව අල්ලද්දී අමාරුවෙන් උනත් කැමැත්තෙන්ම ඈතට ගියේ මගේ ලග ඉතුරු වෙලා තිබුන එකම සම්පත රැකගන්න.හිල් වෙච්ච පොල් අතු අස්සෙන් මහා රෑට එන කරුමක්කාර හුලන් රැලි,ලොකු වැහි බින්දු මේ හැමදේම ඉවසගත්තේ මට ඉතුරු උන එකම සම්පත රැකගන්න.මාළු කුඩේ කුණු කොල්ලෙට විකිනෙද්දී ජිවිතේ ගැට ගහගන්න මේ වැල්ලේ ගෑනු කරන සුමේ ඇස් දෙකින්ම දකින වැල්ලේ ගෑනියෙක් වෙච්ච මටත් ඒ මාළු කුඩෙකටම මගේ ජීවිතෙත් බර හේත්තු කරන්න වෙයි කියල මන් කවදාවත් හීනෙකින්වත් හිතුවේ නෑ...ඒත් මේ වැල්ලේ හුගක් ගෑනුන්ට ලෝකෙට පෙන්න හරි නොපෙනෙන්න හරි තව හයිය අතක් උන් ලග තිබුන..මගේ ලග තිබුන ඒ හයිය මට නැති උන එක තමයි මේ ජිවිතේ තියන කාලකන්නිකම...
මාළු කුඩේ පුරවගන්න ගියත් එතන ඉන්න මාළු කාක්කන්ගේ ඇස් වලින් අත පයින් බේරෙන්න කොච්චර දහ දුකක් වින්දද...මාළු කාක්කෝ ඇත්තටම ඉල්ලුවේ මාළු ගන්න කියල නෙමෙයි...උන් මගේ වටේටම දාල තිබ්බ දැලකට හරි ඇමකට අහු වෙයන් කියලා..රුවල කැඩුනත් ඔරු කදට පාවෙන්න හරි ශක්තිය තාම තියනවා. උන්ට මාළු ගන්නවට සල්ලි වගේම තව පැදුරුත් ඉල්ලන්නේ මගේ රුවල මට නැති නිසාම කියල නොදන්නවා නෙමෙයි මන්...රුවලක් නැති මේ ඔරුව ඇත්තටම අසරණයි..පිහිටක් හොයනවා..ඒත් එහෙමයි කියල අනිත් උන්ගේ රුවල් අරන් මගේ ඔරුවේ මගේ වගේ ගැටගහගන්න කිසිම ඕන කමක් තිබුනේ නෑ මට...මාළු කාක්කන්න්ගෙන් බේරිලා අමාරුවෙන් පුරවගත්ත මාළු කුඩේ විකුණගන්න අව්කාස්ටකේ කොච්චර වෙලුනත් ගන්න එව්න් ඉල්ලන්නේ කුණු කොල්ලෙට..ඉතින් ඒ හම්බවෙන සොච්චමෙන් හෙට මාළු ගන්නයි පොඩි එකාට කන්න,ඉස්කෝලේ යන්නයි කොහොමද මේවා කරගන්නේ...
ඒත් මගේ හිතේ කවදාවත් මගේ මිනිහගේ පැදුර වෙන එකෙක්ට දෙන්න කිසිම අදහසක් තිබුනේ නෑ..දෙයියන්ගේ නාමෙන් හරි ආයෙත් මගේ මිනිහ ආපු දවසට ඒ මිනිහට ඇලවෙන්න ඒ පැදුර පිරිසිදුව තියෙන්න ඕනේ කියලයි මන් හිතුවේ...ඒත් මගේ කාලකන්නි ජීවිතේට ඒ වගේ පාරමිතාවක් වත් පුරන්න පින් කොයින්ද...?හිතා මතාම හරි,නොහිත හරි එක පාරට ඒ වැදිච්ච අකුණු පාර මගේ ජිවිතේ තුට්ටුවට දැම්ම...මුදලාලිගේ වාහනෙන් ආපු ඒ අකුණු සැරට මේ ඔරු කද මාසයක් ඔත්පල කරලා ඇදට දාන්න පුළුවන් උනා, මගේ අවාසනාවටද,පොඩි එකාගේ වෙලාවටද කියන්න මන් දන්නේ නෑ.ඒත් මේ වැල්ලේ ඒ අකුණ මහා විසාල ගෙරවීමකුත් එක්කයි පැතිරිලා ගියේ....අකුණට මේ ඔරුව බලෙන් මුණ දුන්න කියල මුළු වැල්ලේම ගොරවද්දී එකෙක් මගේ හිත කොච්චර පිච්චිලාද කියල හොයල බැලුවද?
.
මගේ මුස්පේන්තු පව්කාරකම උනත් එක අතකට මේ අකුණ පොඩි එකාගේ වාසනාව... ,දැන් ඌ කාල ඇදල ඉන්නවනේ,හැමදාම ඉස්කෝලේ යනවා,පොත පත අඩු පාඩුවක් නෑ...ඒත් ඌ ලොකු මහත් වෙච්චි දවසට..මේ ඔරු කද අනිත් උන්ට වගේම රොඩු ගැහිච්ච හැමෝම අයින් කරලා දාපු ඔරු කදක් වගේ පෙනෙයිද...???.
"ඈ...චිත්රෝ...මොකද්ද මේ අද වෙලා තියෙන්නේ..."
ඔත්පල වෙච්ච මාසෙට පස්සේ ඇවිදගන්න ඔරු කදට තිබ්බ වාරු නැතුව යද්දී වැඩි දුර පයින් යන්න බැරුව ඉන්නැද්දී අර පුපුරපු අකුණෙන් පුද සත්කාර ලැබෙනකොට කට වහන් හිටියේ මගේ පොඩි එකා නිසාමයි.ඒත් මේ හිතේ ඒ අකුණට එදත් අදත් කිසිම ඉඩක් නෑ... අනික ඉතින් අකුණකින් ලැබෙන්නේ තවත් පිච්චි පිච්චි ඉන්න පුද සත්කාර මිසක් පිච්චිච හිතක් සනීප කරන්න පුලුවන්ද...දැන් ඒ අකුනට මගේ හිත,ජිවිතේ විතරක් නෙමෙයි මගේ ආත්මෙත් පිච්චිලා ඉවරයි...
"මුකුත් නෑ..සෙනයියේ..දැන් ගියා නං නේද හොද?"
"හැමදාම මන් ආපු වෙලේ ඉදන් හදන්නේ මාව එලවගන්නමනේ...අනික මන් මේ එන්නේ පොඩි එකාට තියන ආදරේටනේ...."
පොඩි එකාට ආදරෙන් පැදුරේ ඉල්ලන්නේ මොන මගුලකටද...ඔය වචන ටික මගේ හිත ඇතුලෙන් පුපුරලා ලෝදිය වපුරද්දී ඒ ගින්න ඇස වලින් පිට කරලා නිකන් ඉන්න උනේ මගේ අසරණකම...නෑ මගේ කාලකන්නිකම නිසා මේ පොඩි එකා දුක් විදි කියන බයටමයි.මගේ රුවල තිබුනනං මේ කොහෙවත් යන සල්ලාල රුවල් මට ඕනි නෑ..මගේ හිතේ වගේම මගේ ජීවිතෙත් තියෙන්නේ මගේ පරණ රුවල ලගයි...මේ ඔරු කදට වෙන රුවල් ඕනේ නෑ..ඒත් වැඩි දුරක් බර වැඩක් කරගන්න බැරි ඔත්පල උණු නොව්නු ඔරු කදක් දැන් මන්...හිත ඇතුලේ පුපුරන ගිනි ඇතුලෙම තියාගෙන කොහෙන්ද මන්ද ඇහිදගත්ත වචන ටිකක් මගේ කටින් පිට උනේ මගේ හිතින් මටම සාප කරගනිමින්...
"හ්ම්ම්...පොඩි එකාට හැමෝම ආදරෙයිනෙ...ඒත් ඒ ආදරේ පොඩි එකාට කියල හැමෝම එන්නේ වෙන එව්වා හොයාගේනනේ.."
"උබ තරහින්ද..."
"අනේ නෑ මේ හරි සන්තෝසෙන් ඉන්නේ..."
"හ්ම්ම්...මන් අද කොලබ යනවා,ලබන සතියේ දිහාට මේ පැත්තේ එන්නං පොඩි එකාට මොන හරි අරගෙනම..."
"පොඩි එකාව බලන්න ඌ නිදාගත්තම වෙන්නැති එන්න ඕනේ වෙන්නේ..."
ඒත් ආයෙමත් මට පොඩි එකාගේ ඉස්කෝලේ ගමන් මතක් උනා..මන් මේ සල්ලාල ඔරු කදට දෙස් තියනකොට අඩුවෙන්නේ මගේ පොඩි එකාගේ බත් වේල නේද..?බෑ..බෑ..එහෙම වෙන්න දෙන්න බෑ.. හිතේ එක කොනකවත් නැති බොරු රෝස මල් පෙත්තක් අරගත්තා මන් ඒක පාට කළා..නැත්තන් මගේ පොඩි එකාගේ ජිවිතේ කළු සුදු වෙනවා...
"පරෙස්සමට ගිහින් එන්නකෝ එහෙනං.."
Monday, February 22, 2016
සමින්දි
හඳ..මම ආස උනේ හඳක් වෙන්න...හැබැයි එකම එක අහසකට...කවදාවත් ඒ අහසින් බහින්නේ නැතුව ඉන්න..ජිවිතේ පුංචි තරුකැට රෑනක් පිරිවරාගෙන ඉන්න අහිංසක හඳක් වෙන්න..මේ අද අහසේ පායලා තියන ලස්සන හඳ වගේම වෙන්න..පුංචි පුංචි වලාකුළු හෙමින් ඇවිත් මගේ ජීවිතේට හාදු තියන්න හදද්දී මම ඒ වලාකුළු වලට යට වෙන්නේ නැතුව කොච්චර සතුටින් එකම අහසකට විතරක් ආදරේ කරපු කාලයක් එක...
හිත පිරෙන්න ලොකු හුස්මක් ගනිද්දී කොහේදෝ මන්ද ඉදල ආපු සීතල හුලන් රැල්ලක් මගේ මුළු ඇගම...නෑ..හිතත් එක්කම හිරි වට්ටගෙන මාව අරන් ගියේ මන් වළලා දාපු ඒ පව්කාර අතීතය හොයාගෙන.රෝස මල් පෙත්තක් උඩ සැහැල්ලුවෙන් පාවෙවී තිබ්බ මගේ ජිවිතේ මගේ හෙවනැල්ල වගේ හිටපු අම්ම තාත්තා අතහැරලා මම ගියේ කොහෙද...ඔව්..මගේම අහසක හදක් වෙන්න...මෝඩ කමක්ද එක..නෑ එක පව්කාරකම...
මම අයිති කරගත්ත කියල හිතාගෙන හිටපු අහසේ පායපු හඳ වෙන්න මම ගියේ..මගේ ලග තිබුන මනුස්ස වගේම අජීවී සියලු දේවලුත් අතහැරලා...රෝස මල් පෙත්තක ජිවිතේ අකුරු ඇහිදපු මන් දිරාගෙන යන පුංචි කොළ කෑල්ලක අමාරුවෙන් අකුරු ගලපන්න ඉගෙන ගත්ත...ඒ ඔයාගෙන්ද...නෑ..මම හිතන්නේ මන් තනියම ඉගෙන ගත්තේ...
"අරවින්ද..හැමදාම මෙහෙම ඉන්න බෑ...අපි බදිමු...."
"ඇයි මේ හදිස්සියක්...ඔයාට 18 වෙන්න තව මාස ගානක් තියනවනේ..."
"හ්ම්ම්...ඉක්මනට බදිමු...අපේ අම්මලත් මන් ආවම මෙහෙ දෙවල් විකුණලා අයියල ලගට ගිහින්..."
"ඔයා හදිස්සි උනා සමින්දි ...නැත්තන් අම්මලාව කැමති කරගන්න තිබුන..."
"පාරේ ත්‍රීවිල් එකක් හයර් කරන කෙනෙක්ට ඒගොල්න්ගේ එකම දුව දෙන්න අපේ තාත්තලාගේ සල්ලි බලේ කැමති උනේත් නෑ නේ...කවදාවත් කැමති වෙන්නේත් නෑ..."
පුංචි අල්පෙනෙති වලින් පටන් ගත්ත අපේ සීතල යුද්ද අන්තිමට ඉවර වෙන්නේ මහා ලොකු බර කඩු කිනිසි විසි වෙලා...මහා රූස්ස ගහකට යටවූනු පුංචි තුත්තිරි ගහක් වගේ හැමදේම ඉවසගෙන ගෙවපු කාලකන්නි ජිවිතේට දවසක් අලුත් බලාපොරොත්තුවක් ඇවිත් තිබුන...කළු වෙච්ච අහස මේකෙන් තවත් කළු උනා මිසක් ඒ පුංචි තරු කැටේට එලිය දෙන්න ඒ අහසේ ඉඩක් වෙන කලේ නෑ..හ්ම්ම්...ඔව් දැන් මට තේරෙනව එතකොටත් ඔයාගේ අහසේ වෙන හඳක් පුංචි තරු කැට දෙකක් ඉදල...මම ඔයාගේ අහසට මගින් ගොඩ වෙච්ච නන්නත්තාර අමාවක හඳක්...ඉතින් කොහොමද මගේ තරු කැටේට ඔය ඉඩ දෙන්නේ...ඒ අයිතිය සින්නක්කරවම තව හඳක් උදුරාගෙන ඉවරයි....ඒක මහා මුසල දවසක්...මම මගේ ඇස් දෙකින් ඔයාගේ අහසේ පායපු හද තරු පැන්චියෝ දැකපු මගේ ජිවිතේ පාලු සොහොනක් උණු දවස....
"අරවින්ද කව්ද මේ ගෑනි..."
"මම දන්නේ නෑ..පිස්සුද කොහෙද මේ ගැනිට...නන්නත්තාරේ ගිහින් බඩ උනාම කාගේ හරි ඇගේ එල්ලෙන්න හදනවා...."
එදා ඔයා දුන්න උත්තරේ මගේ කන් වලට ලං වෙද්දීම කියාගන්න බැරි මොකද්දෝ මන්ද අසරණකමක් මගේ හිත ගිනි තියල ඉවරයි...ඔයාට විරුද්දව එදා මගේ හිතේ මහා හයියෙන් අකුණු ගැහුවත් මට ඒ අකුණු සැර ඔයාට එවෙලාවේ වදින්න නොදී මගේ හිත ඇතුලෙම තියාගත්තේ ඔයා ලග මේ කිසි දෙයක් තේරුම් ගන්න බැරුව අසරණ වෙලා හිටපු පුංචි තරු පැන්චියෝ දෙන්න නිසාමයි... ඔයාටවත් ඔයාගේ සින්නක්කර කිසිම දේකටවත් අදටත් එදා වගේම හිතේ කිසිම තරහක් නෑ..කොහොමත් දැන් මේ හිත හරි පිරිසිදුයි....ඔයාගේ නමවත් මතක් කරන එක මගේ හිත අප්පිරිය කරන දෙයක් දැන්...එත්...අන්තිම පාරට...
"අම්මට කොහොමද දැන්.."
"නර්ස් නෝනා....කෝ... මගේ දරුවා..."
"අම්මේ...කලබල වෙන්න එපා...ඔයාට අයෙමත් උත්සහ කරන්න පුළුවන්නේ..."
"ඒ කියන්නේ මගේ දරුවා....නෑ නෑ එහෙම වෙන්න බෑ...මගේ ජිවිතේ එකම බලාපොරොත්තුව...."
කාත් කව්රුවත් නැතුව තනියම අකුරු කරපු සින්නක්කර තියා උගසට ගත්ත අහසත්වත් නැතුව කාලකන්නි වෙලා හිටපු ජිවිතේ තිබුන එකම බලාපොරොත්තුව...ඇත්තටම උඹ වගේම උබේ ලේත් මාව රවට්ටලා...මහා ගොඩක් හීන එකතු කරලා එක තත්පර ගානකින් හැමදේම අලුවත් හොයාගන්න නැති වෙන තරමටම විනාස කරලා දාල...
ඉකියක් ඇවිත් මගේ මුළු ඇගම අප්‍රාණික කරගෙන එලියට එද්දී මම මගේ ජිවිතේ හෙලපු අන්තිම ආදරණීය කබුලු බින්දු මගේ නුපන් පුංචි තාරුකාව වෙනුවෙන් වැටෙද්දී මහා විසාල අකුණු ගෙරව්ම් මැදින් මට උගසට තියාගෙන හිටපු අහසත් නැති උනාම උඹව හදාගන්න මම ගාමන්ට් ජිවිතේ අතරමන් උණු හැටි මැවිලා පෙනුන..ඇත්තටම පුතේ උඹ නෙමෙයි මාව රැවට්ටුවේ...මම මයි උඹව නැති කරන තියෙන්නේ....කන්න ආස හිතෙන දෙයක් නැතුව පිරියක් නැති කෑම කාල අන්තිමට ආයෙමත් එලියට දැම්ම...ඇත්ත...කොහෙන්ද පුතේ උඹට ජිවත් වෙන්න හුස්ම ගන්න ඉඩක්..මම මගේ ජීවිතේම ඉඩ දුන්නට උඹට,කවදාවත් උඹට හැදෙන්න ඇස් වලින් ලෝකය විදින්න ඉඩ හදන්න බැරි උනා මට...උඹ ගැන හීන මැව්වට ඒ හීන වලට හුස්ම ගන්න ඉඩ දෙන්න බැරි උණු කාලකන්නි අම්ම කෙනෙක් උනා මම ...අතීතයෙන් හාරපු මගේ පව්කාර සොහොන් ජිවිතේ ලග වැලපිලා අඩන්න ඉතුරු උන එකම සිහිවටනය උඹයි...ඒත දැන්...උඹ වගේම මාත් මේ දේවල් වලින් ඈත් වෙනවා..ආයෙත් මේ පාලු මුසල අතීත සොහොන ලගට මගේ හිතට එන්න දෙන්නේ නෑ මම ..
"දරුවෝ...."
ගෙවුණු මගේ පව්කාර ජිවිතේ ගොඩට ගත්ත ඒ පින්කාර කටහඩ මගේ ලගම ඇහෙද්දී මන් හෙමින් ඔලුව ඉස්සුවත් මගේ ඇස් වල අතිම කදුළු බින්දු දෙක ඉතුරු වෙලා තිබුන...
"මෙහෙණින් වහන්සේ...."
"දරුවෝ දැන් පරණ හැමදේම අමතක කරන්න...හෙට මේ බෝධි මළුවේ ඇවිදින්නේ සමින්දි කියන තරුණ ගෑනු දැරිවිය නෙමෙයි...හිත සන්සුන් කරගත්ත සංඝමිත්තා මෙහෙණින් වහන්සේ...."
ඇත්ත..ඒ ජීවිතය ලබන්නට මම දැන් පෙවී අවසන්ය...තවත් අතීත සොහොන ලග රස්තියාදු ගසා පලක් නැත...අන්තිම පස් පිඩත් ගෙන අතීත් සොහින වසාදැමූ මම..මගේ ජිවිතේ තිබු සියලු පව්කාරකම්,කාලකන්නිකම් සියල්ල එකතු කොට නගා ගත ගැබුරු හුස්මක් ගෙන මේ පව්කාර අතීතය මට මතක් කල ඒ හිතුවක්කාර හුළගටම මුදා හැරියෙමි....
Monday, February 8, 2016
පව්කාරකම
අමාරුවෙන් හිත පිරෙන්න පුරවගත්ත හුස්මක් පිට කරද්දී අදුරු කාමරේ ඇතුලේ මහා ගෝසාවක් වගේ ඇහෙන සිලිං ෆෑන් එකේ කිරි කිරියට හිතින් සාප කලේ මේ හැමදේම වෙන්න උබත් ඉඩ දුන්න නේද කියල හිතද්දීමයි.හැමදේම වෙලා තත්පරෙන් තත්පරේ ගෙවිල යද්දී පටන් ගත්ත සිතුවිලි යුද්දේ ඉවර වෙන්නත් කලින් එහා පැත්තෙන් අකුණු සැර ආයෙත් වැඩි වේගෙන් එන්න පටන් අරන් ඉවරයි. ආයෙත් මහා වැස්සක් කඩන් වැටෙන්න කලින් දෙපයින් හිට ගත්තේ මිට වඩා මේ වැස්සේ තවත් තෙමෙන්න කිසිම ඕන කමක් නැති නිසාමයි.
"කොහෙද යන්නේ?"
"එලියට"
"දැන් ගොඩක් රෑ වෙලා"
"ඉතින් ඇයි?"
එතනින් එහාට දෙයක් අහන්න ඕන උනත් එයාගේ සද්දේ නැවතුනේ මන් විදුරු දොරත් ඇරගෙන එලියට ආපු නිසා වෙන්නැති.නැත්තන් ඒ තරම් ඉක්මනට දෙයක් තේරුම් ගන්න කෙනෙක් නෙමෙයි.මැලවිලා ගිය මල් ගහක් වගේ තිබුන ජීවිතයට අලුතෙන් වතුර පෝර දාල පන දුන්නට විතරක්ම ඒ ගහට මදි කියන දේ එයා තේරුම් ගත්තේ නෑ..තේරුම් කරන හැමවෙලාවෙම එයා එක සාදාරනීකරණය කරපු නිසාම කට වහගෙන ඉන්න උනේ එයාට ඕන උනේ මොකක්ද කියල දැන දැනම මෝඩකම් කරපු නිසා.
එයාට ඕන උනේ එයාගේ වත්තේ හිටවන්න ගහක් නෙමෙයි.වෙන කව්රුහරි හිටවපු මැරිච්ච ගහක්.නෑ...මැරෙන්න යන ගහක්.එයා ඒකට වතුර පෝර දාල බලාගත්තම එයා හිතුවේ එයා කරන්නේ හරි දේ කියල.හැබැයි ඒ ගහ එයාගේ කරගන්නවත් ඒ ගහේ මල් බලන්නවත් එයාට ඕන උනේ නෑ...ඕන උන එකම දේ එයාට ඕන වෙලාවට ඒ ගහ ලගින් තියාගන්න විතරයි.හුළගට හෙලවෙන කොට ඇහෙන කොළ වල සද්දේ අහන්න විතරයි.
අවුරුද්දකටත් වැඩි කාලයක් එකම විදුරු කාමරේක හිටියත් වැරදිලා හරි අතක් වැදුනොත් ඒ විදුරු කාමරේ බිදිලා කුඩු පට්ටම් වෙන්න මහා වෙලාවක් යන්නේ නෑ කියල දැනන් උන්නත් මොකද්ද මන්ද අවජාතක හැගීමක් එයා ගැන හිතේ ඉතුරු වෙලා තිබුන.ඒක ආදරේද නැත්තන් වෙන මොකක් හරි මුස්පේන්තු අවලන් හැගීමක් ද කියන්න තේරුමක් නෑ.එයා එයාගේ ඒ හැගීම් ලස්සනට සාදාරනීකරණය කලාට මේ සෝමාරි හිතට ඕව ගැන ගානක් නෑ...එත් එයාව දාල ගිහින් අලුත් විදුරු ගෙයක් සින්නක්කරව ලියාගන්න පුළුවන් කියල හිතුනත් එහෙම යන්න උවමනාවක් මේ හිතට නෑ...
"එන්නේ නැද්ද ඇතුලට..."
පුදුමයි මන් මේ විදුරු කාමරේ නෑ කියල මතක් වෙලා.
"එන්නන්...තව ටිකකින්"
"හෙට මට පාන්දර යන්න තියනවා.."
"ඔයා නිදාගන්න..."
ආයෙමත් නිදාගන්න තරම් උවමනාවක් මේ ඇස් වල නෑ...හෙටවත් පායන ඉරට පුළුවන් නං මෙයාගේ ඇවිලිච්ච හිත නිවල මගේ හිතේ තියන රෝස වතුර දාන්න.
හීන් උරපටි රැදිච්ච උරහිසට තද උණුසුම් හුස්මක් වැදුනම තේරුණා එයා ලගම ඉන්නවා කියල.කවදාවත් නැතුව මේ තරම් මගේ ගැන හොයන්නේ....ප්‍රශ්නාර්ථයක් ඒක...
"මොනාද කවදාවත් නැතුව කල්පනා කරන්නේ.."
"මුකුත් නෑ.."
"අර මිනිහ ගැනද හිතුවේ..."
"කව්ද....??"
"අර ඔයාව බදින්න පස්සෙන් එන එකා.."
මෙච්චර කාලෙකට නොව්ණු දෙයක්...මට කැමති කෙනෙක් ඉන්නව නං එයා ලගට යන්න කියපු කෙනා....අද ඇයි මෙහෙම අහන්නේ..ඉරිසියාව..
"ඇයි ඉතින්..."
"නෑ ඔයා ඌට කැමතිද..."
"මන් කැමති කාටද කියල දැන දැන බොරු ප්‍රශ්න අහන්නෙපා...."
ගස්සාගෙන යන්න හැදුවත් අඩුවක් වගේ තද කරලා අල්ලගත්ත එයාගේ ඇගිලි අතරින් අත ගන්න බැරි බව දැනගෙනම ඇස් දෙකෙන් ගින්දර පිට කලේ අවුරුද්දක් පුරා පුපුරු ගහන ගින්නක්...කවදාවත් නොදැක්ක කදුළු බින්දු ඒ ඇස් වල තිබුනත් මන් නෙමෙයි තම්බෙකට මායිම් කලේ.
"ඔව් මන් දන්නවා...."
"එහෙනං තව අහන්නේ..."
"එත් මට ආදරේ කරන්නෙපා කවදාවත්..."
"ඔයා බන ආයෙත් පටන් ගන්නෙපා..මාව අතාරිනවා..."
"අතරින්නන්...ඒත් මන් දන්නවා ඔයා යන්නේ නෑ කියල..."
"ඔව් මගේ පව්කාරකම..."
Friday, January 29, 2016
හේතුවක් නැතුවම
ලස්සනට හරිම පිළිවෙලට ඔයා ඇදල හිටියේ,කවදාවත් නොපීරපු කොන්ඩේ හරි ලස්සනට පීරලා.හැමදාම දාපු අර නිල් පාට බාටා කැලි දෙක වෙනුවට ඔයා සපත්තු දාල.ඔයා ලස්සනයි ඒ දවස් වල හිටියටත් වඩා.වෙනද වගේම මන් ඇවිත් ඔයාගේ අතේ එල්ලුනා.වෙනදට ඔයාගේ කොන්ඩේ වැටිලා තියන නළලට දෙන මගේ හාදුව මන් අද ඔයාගේ පීරපු ලස්සන කොණ්ඩෙට යටින් තියන නළලට දුන්න.හරියට...ඔව් එදා වගේම....අපි වෙන් වෙච්ච ඒ මුසල දවසේ.....ඔයා කිසිම හැලහොල්මනක් නැතුව ඉකි ගහන මන් දිහා බලන් හිටිය වගේම බලන් ඉන්නව,එදා ඔයාගේ ඇස් පිරෙන්න තිබුන කදුළු මේ ඇස් වල නෑ.මොකද්දෝ කියාගන්න බැරි දෙයක් ඒ ඇස් වල හිර වෙලා තිබුන.
ඔයා මාව දාල ගිය හේතුවක් මන් අවුරුදු පහක් පුරාම හෙවුවට, ඔයා ඒ අවුරුදු පහ ඇතුලේ දවස් දෙක තුනක් මගේ හීන වල රස්තියාදු ගැහුවට කවදාවත් ඔයා මගේ නෙමෙයි කියල හිතපු දවසක් මට තිබුනේ නෑ.එත් ඊයේ දැකපු මගේ මුස්පේන්තු හීනේ මට ඔයාව නැති උනා කියල හිතන්න බල කරද්දී මන් මගේ පොරෝනවට ගුලි උනේ කදුළු වල උණුසුමත් එක්කම මගේ හිතටම සාප කරගනිමින්.හේතුවක් නැතුව දාල ගිය ඔයාගේ ගැන හේතුවක් නැතුවම හිතන්න හැමදාම මට බල කරපු මගේ හිතට අද මොන කරුමයක් වෙලාද මට එහෙම කියන්නෙ.
"හෙලෝ සකුනි....මන් සරසි"
"සරසි...?කව්ද...?"
"නිසල්ගේ ඩොක්ට..."
ඔයාට මන් දැනන් උන්නු කාලේ තිබුන එකම අසනීපෙ ඔලුවේ කැක්කුමක් විතරයි.එ්කටවත් කොච්චර කිව්වත් ඩොක්ට කෙනෙක් ළඟට නොගිය ඔයාට මේ කාලේ ඇතුලේ උනේ මොකද්ද?මන් හැමදාම හෙව්වත් ඔයා මගේ ඇස් වලට පෙන්න හිටියෙත් නෑ.ඔයා ඩොක්ට කෙනෙක් ලගට යන්න තරම්...
"හලෝ...සකුණි...."
"නිසල්ගේ...??"
"ඔව්...ඔයා මාව දන්නේ නෑ,එත් මන් ඔයාව දන්නවා,නිසල් නිසා...ඔයාට කියන්න කියපු දෙයක් තියනවා එයා..."
"ඒ මොකද්ද...?"
"එයා ඔයාට විතරයි ආදරේ කලේ වෙන කාටවත්ම ආදරේ කලේ නෑ...එ්ක ඔයාට එයා කියන්න කිව්වා ඒවගේම ඔයාව තනි කලාට සමාව ඉල්ලුවා..."
"ඔයා මොනාද මේ කියන්නෙ....?ඇත්තටම නිසල්...."
"ඇත්ත සකුණි එයා ඔයාට විතරයි ආදරේ කලේ..."
මගේ ඇස් වල කදුළු බින්දු පිරෙද්දී, හිතේ තියන සතුටක්ද දුකක්ද කියාගන්න නොතේරෙන මොකද්දෝ මන්ද හැගීමක් මගේ හිත පහුරු ගාද්දී මන් ඔයාගේ කටහඩ අහන්න ඉක්මන් උනේ අවරුදු ගානක මගේ ආදර මතකයත් එක්ක...
"එයා කොහෙද ඉන්නේ...?"
"දැන් ටිකකට කලින් එයා මෙතන හිටිය,එත් දැන් නෑ..."
"ඇයි එයා කොහෙද ගියේ....?"
"අපි හැමොන්වම දාල ඔයාගේ ආදරේ විතරක් අරන් නොපෙනෙන ඈතකට එයා ගියා ...."
මගේ හිසෙන් පටන් ගත්ත අමුතු හිරියක් මගේ කකුලේ ඇඟිලි වල අන්තිමටම යනකන් ඇදිල ගියේ නිසල් ගැන රූප දාහක් මගේ හිතේ මවාගෙන.යන්තමින් හරි නොහිතපු දෙයක් ගැන මගේ ගෑණු ඉවට දැනෙද්දී මට එ්ක වචනෙට පෙරලන්න පුළුවන් උනේ නෑ...හීන් ඉකියක් මගේ උගුරේ හිර වෙද්දී එහා පැත්තෙන් සරසි අයෙමත් කතා කළා...
"මන් එන්නන් ඔයා ලෑස්ති වෙලා ඉන්න සකුණි....ඇවිත් හැමදේම කියන්නන්..."
*****************************************************
මගේ අර මුස්පේන්තු හීනේ ඇතුලේ ඔයාව දැක්ක වගේම ලස්සනට ඔයා ඉන්නව...එත්...මගේ හිත ඒ මුස්පේන්තු හීනෙට සාප කරනවා මිසක්...මේ ඔයා කියල පිළිගන්න ලැස්ති නෑ....මගේ කදුළු ඔයාගේ නළලට වැටෙද්දී ඒ සීතල නළලටම හාදුවක් දීල මන් එහාට උනේ කඩු කිනිසි සිය දහස් ගානක් මගේ හිත ඇතුලට කිදා බහිනවා තරම් වේදනාවක් මගේ හිත වෙලා ගනිද්දි....ඔව්...හැමදාම ඔයා මගේ....
Wednesday, January 20, 2016
SMS
ළමයි 2000ක් විතර ඉන්න පන්තියේ සර් කියනකොට මගේ ඇස් දෙක සර් දිහා බලන්න බැරුව අසරණ උනා.මන් දන්නවා ඒ ඇයි කියල ඒත්....
"සියපත් පන්ති ඉවර වෙලා ඇවිත් මාව හම්බ වෙන්න...මට දැනගන්න ඕනේ තිබුන හැම ටෙස්ට් එකකම හිටපු පළවෙනිය කොහොමද පනස් වෙනියා වෙනකන් ගියේ කියල.."
සර් මගේ ළඟට ඇවිත් කතා කලත් මගේ ඇස සර් දිහා බලන්න බැරි තරම් බොඳ වෙලා තිබුනේ.
සියපත්....සියපත් සූරියබණ්ඩාර.තාත්ත නැති උන දවසේ ඉදන් මගේ, අක්කගේ හැම දේම හොයල බලල කලේ මගේ අම්මා.තාත්ත නිසා ලැබෙන පෙන්‍ෂන් එක, කලින් ගත්ත ණයත් ගෙවන ගමන් අපි කන්න බොන්න උගන්නන්න හැම දේටම වියදම මදි.අපේ අම්මා මහා පාන්දර ඇහැරගෙන කෑම හදල කඩ වලට දාල තමයි යන්තන් ජිවිතේ ගෙනිච්චේ.අක්ක කැම්පස් ගිය දවසේ අම්මගේ සතුට දැකපු මට හිතුනේ මාත් අනිවාර්‍යෙන්ම කැම්පස් යනවා කියල.හැබැයි කාලයක් යනකොට මගේ වගේම මගේ අම්මගේ අක්කගේ ගුරුවරුන්ගේ යාලුවන්ගේ හැමෝගෙම අාසව උනේ මන් රෑන්ක් එකක් ගන්න.අපේ සර් මාස තුනෙන් තුනට accounts වලට ටෙස්ට් තිබ්බා.වැඩිම ලකුණු ගන්න කෙනාට සර් ආයිමත් මාස තුනකින් ටෙස්ට් තියනකන් පන්ති ගාස්තු ගත්තේ නෑ.මේ තරම් කාලයක්ම මන් පන්ති ආවේ වැඩිම ලකුණු නිසා පන්ති ගාස්තු නොගත්ත එකට සර්ට පින් සිද්ද වෙන්න.ටෙස්ට් එකක් තියන සතියෙම මන් බැහැල වැඩ කරනවා,යාලුවෝ එක්ක කලින් කොච්චර වල බැස්සත් ඒ සතිය මන් උපරිමයෙන් වැඩ කරනවා.ඔය කාලෙට අපේ එවුන්ට ඉන්න එකම ගැලවුම්කාර දෙවියා මන්.එත් නොහිතපු කෙනෙක්..නොහිතපු විදියට මගේ පාර හරස් කරලා කියල මට හිතෙනවා.මන් මේ සතියම හිටියේ ගිණුම් එක්ක නෙමෙයි,නෙතුගේ සමස් අතරේ....ඔව් නෙතු...මන් ආදරේ කරන්න පටන් අරන් ද මේ තරම් ඉක්මනට...එතකොට මගේ ටාර්ගට් එක....හ්ම්ම්ම්...මතකයි සතියක් පරණ උන ඒ අතීතය.
"ටීක් ටීක් "
කවුද මේ මහා රෑ..විශේෂයෙන් කියල කෙනෙක් නැති එකේ ඕකත් නිකන් අපේ එකෙක් අාතල් එකට එවපු එකක් වෙන්නැති කීයල වැඩේ කරන්න ගත්තත් මොකක් හරි අවුලක් ද දන්නෑ නේ බලමුකෝ...
"හායි සියපත් ඔයා වැඩ ද"
කවුද මේ... මන් දන්නෙ නෑනේ මේ නම්බෙර් එක...වැඩක් නෑ..අපේ එකෙක් වෙන්නැති...
"ඔයාට රිප්ලයි කරන්න බැරි තරම් වැඩ ද?"
"පුදුම අහංකාර කමක්නේ"
එක පිට එක මස් එනවා මේ වැඩේ හරියන්න නෑ..
"ඔව් අහන්කාරයි තමයි,මොකද්ද දැන් වෙන්න ඕනේ"
"ඇති යන්තන්..."
"ඇයි මොකද?"
"ඔයා මව දන්නවද"
"මන් කොහොමද දන්නේ?"
"කියනව බලන්න"
"මම නෙතු ආකර්‍ෂා"
"ඉත්තින් මට මොකද"
මේ විදියට දිගටම ඇදිල ගිය SMS කෙරිල්ල නැවතුනේ පාන්දර 3ත් පහු වෙලා.ගිණුම් අතර අතරමන් වෙලා හිටපු මගේ ඇස දෙකට බර වැඩි වෙලා තිබුන නිදිමත අහලකවත් නෑ දැන් නන්..මොන උනත් කටකාර කෙල්ලෙක්,පාලු නෑ..
ඔව්ව්..හැමදාම...ඉතුරු දවස් තුන හතරම.... මේ නොදන්නා නෙතුගේ SMS අතර අතරමන් වෙලා ඔහේ ගලාගෙන ගියා.උදේ පටන් ගන්න SMS නවතින්නේ මහා පාන්දර.මොන කරන්නද අතාරින්නත් බෑ,බනින්නත් ලෝබයි....
"අඩෝ තෝ කොහෙද ඉන්නේ?මන් මසග්ගේ කියක් එව්වද "
"සිරා... මන් දැක්කේ නෑ බන්.මොකද්ද හදිස්සිය තොට "
ඇත්තටම මන් SMS දැක්කා... ඒත් නෙතුගේ සමස් බැලුව මිසක් මට අනිත් එකෙක්ගෙවත් SMS බලන්න උවමනාවක් තිබුනේ නෑ.
"හදිස්සිය දැන් ද අහන්නේ?හෙට ටෙස්ට් එක යකෝ...අර මගුල් කල් බද්ද මට තේරෙන්නෑ බන්..උදේ අපේ ගෙදර ඇවිත් යමන්කෝ පන්තියට "
දෙයියනේ හෙට නේද ටෙස්ට් එක මට මතක් උනේම නෑ නේ,නෙතු මව කොයි තරම් නන් පිස්සු වට්ටලද...ඇත්තටම මන් දැන් මේ කෙල්ලට ආදරේ කරනවද කොහෙද....
"මොකද ගස් ගෙම්බෝ සද්දයක් නැත්තේ? තෝ එනවද මන් එන්නද නැත්තන්?"
"අාහ් හරි බන් මන් එන්නන්."
මොනා උනත් මගේ ටර්ගේට් එක අමතක කරන්න බෑ.අද නං ගානක් හදන්න ඕනේ...මේ දවස් ටිකම අර පිස්සු කෙල්ල එක්ක කියෙව්ව මිසක් වැඩ මතක් උනාද?
"ටීක් ටීක්"
මේ පිස්සු කෙල්ල නං වැඩක් කරන්න දෙන්නෙම නෑ නේ.
"මේ ඔයා හැමදාම පන්තියේ 1ස්ට් ප්ලේස් නේද?"
"අහ්හ් ඔයා කොහොමද එක දන්නේ?"
"උවමනාව තියනවනං මොනාද හොයාගන්න බැරි?"
"පණ්ඩිත කෙල්ල"
ඔයා විදියට පටන් ගත්ත SMS නැවතුනේ පාන්දර 4ට විතර.
උදේම එනවා කිව්වට ආශානයගේ ගෙදර යනකොට 11ටත් ළඟයි.හොද සුද්ද සිංහල වචන ටිකක් අහගෙන ගියත් මන් හිටියේ නෙතුගේ ලෝකේ.
එදා හවස පන්තියේදී පේපෙර් එක ලිව්වේ කාලයක් ලියපු මතකෙට මිසක් අසාවෙන් වත් උවමනාවෙන් වත් නෙමෙයි.එත් එදා මන් හිතා ගත්ත කෙල්ලෙක් නිසා මගේ ටාර්ගට් එක අමතක කරන්න බෑ කියල.එත් නෙතුත් මට අදරේ කරනවා ඇති...මන් එයාට තේරුම් කරලා දෙනවා....
"මොකද යකෝ මේ පාර තොට උනේ?"
"බලහන් ඔච්චර පහළට ගියේ කොහොමද "
"අපි වල බැස්සේ එකට,අපි හැමෝටම වඩා මීටරේ උඹ,මොකද්ද මේ පාර උනේ?"
"අපේ සෙට් එකම පළවෙනි 20 ඇතුලේ ඉන්නව,උඹ කොහොමද 50 උනේ?"
අපේ එවුන් වට කරගෙන අහන ප්‍රශ්න වලින් මාව හෙම්බත් වෙලා හිටියත් මන් නෙතු ගැන කිසිදෙයක් කිව්වේ නෑ.
"මගේ ඔලුව රිදෙනවා බන්,මන් ගෙදර යනවා,සර්ට කියපන් මචන්"
"අඩෝ...මේ අහපන්...."
තවත් මොනාද මන්ද අපේ එවුන් කිව්වත් මන් ෆෝන් එකත් ඔෆ් කරන් ගෙදර ඇවිත් ඇඳට වැටුනා.
"පුතේ..නැගිටින්න දැන්...ඇඟ හෝදගෙන කන්න එන්න"
අම්මගේ ආදරේට මගේ ඇස වලට ආයිමත් කදුළු ආව..අයිමත් කවදාවත් මෙහෙම වෙන්න දෙන්නෑ අම්මේ මන්.....
ෆෝන් එක තාමත් ඔෆ් කරපු ගමන්...මන් ෆෝන් එක ඔන් කරලා අද උඩට විසික් කළේ තාම මගේ හිතේ නිදහසක් නැති නිසාමයි.
"ටීක් ටීක්"
හ්ම්ම් ආයිමත්..නෙතුද... නැත්තන් අපේ එකෙක්ද දන්නේ නෑ....
"නෙතු..."
"සියපත් මට සමාවෙන්න මන් නෙතු නෙමෙයි...ඔයාගේ පන්තියේ ගැණු ළමයෙක්.ඔයා හැමදාම පළවෙනිය ඉතින් අපේ යාලුවෝ සෙට් එක මට චැලේඤ් කලා ඔයාගේ ලකුණුයි ප්ලේස් එකයි වට්ටන්න කියල.එකයි මන් ඔයා එක්ක ගිය සතියෙම SMS කලේ,කෝල් කළේ...මන් දන්නවා ඔයා මට ආදරෙත් කරනවා ඇති සමහරවිට..එත් එපා...මන් නෙතු නෙමෙයි,අනික ළමයි 2000ක් විතර ඉන්න පන්තියේ මාව හොයන්නත් එපා.මන් ඔයාගේ මාස තුනක ෆීස් ගෙවුව.ඊලග ටෙස්ට් එකේ හිටපු ප්ලේස් එකට අයිමත් එන්න.Good Luck."
"මේ නෙතූ......???"








