Sunday, March 20, 2016

බිදුණු වීදුරු





තැඹිලි පාට අහස යට ඉරේ රැස් ටිකෙන් ටික අඩු වෙනකොට මගේ පුංචි සුරංගනාවියෝ දෙන්න ඒ දෙන්නගේ තාත්ත එක්ක තියල තනියම ගොඩට ආවේ මේ ලස්සන වෙරළේ ලෑස්ති කරලා තිබුන තේ මෙසේ අඩු පාඩු බලන්න..මගේ ජීවිතේ මම වැඩිපුරම ඉඩ හදල දීල තියෙන්නේ ඒ තුන් දෙනාට..සමහර සමහර නපුරු ඇස් මගේ ජීවිතේට ඇවිත් අදුර උරුම කරලා ගියත් මගේ ජිවිතේ එලිය කරන්න ඒ ලස්සන ඇස් වලට පුළුවන් උනා...මගේ ලග ඉදන් හැමදේම කරලා දෙන්න,එක විනාඩියකටත් මාව තනි කරන්නේ නැතුව ඉන්න ඒ හිතට පුළුවන් උනා...ඇත්තටම මම මුලින් ඒ ඇස් වලට ආදරේ කළේ නෑ...ගෙවල් වල උවමනාවට මගේ ජිවිතේ පෝරුවක් උඩ තියන්න මට සිද්ද උනා..ඒත් එදා බිදුණු විදුරු මල් වාස් එකක් වගේ තිබුන මගේ ජිවිතේ බිදුණු තැන් පෙන්නේ නැති වෙන්න සායම් පින්තාරු කරලා ඒ මල් වාස් එක පිරෙන්න ලස්සන මල් දාන්න එයාට පුළුවන් උනා...

".පිනිදි...මගේ යාළුවා ලගටම ඇවිත් ඕක ලෑස්ති නේද?"

"ම්ම්...ඔව්..දුවල දෙන්න එක්ක එන්න දැන් ඔයත්..."

එයාගේ ජිවිතේ අවුරුදු ගානකට කලින් හිටපු කෙනෙක් අද ආයෙත් එනවලු...එයාට හිටියේ එකම එක මල්ලි කෙනෙක්...ඒත් එයා මුළු පවුලම අතැරලා දුරකට එයාගේ කිරිල්ලියත් එක්ක පියාබල ගිහින් තිබුන...අපේ මගුල් පෝරුව දකින්නවත් එය මෙහෙ හිටියේ නෑ..ඒ මල්ලි ගැන එයාගේ හිත වද වෙනවද නැත්තන් ගානක්වත් නැතුව ඉන්නවද කියන්න මන් දන්නේ නෑ..ඇත්තටම මම එක ඇහුවේ වත්,තේරුම් ගන්න උත්සහ කළේ වත් නෑ...එකයි ඇත්ත...

කොහේදෝ මන්ද ඉදන් මගේ ඉස්සරහින් අත දෙක අල්ලාගෙන ඇවිදගෙන යන ආදරණීය කුරුළු ජෝඩුවක් දැක්කම මගේ හිත අදුරු මතකෙකට එක්කන් යනවා වගේ දැනුන නිසාම මම එතනින් ආයෙමත් මගේ පුංචි සුරංගනාවියෝ ඉන්න පැත්තට යන්න මගේ දිග ඇගිලි එසවෙනකොටම....

"පිනිදි...."

මම ඒ අතීතය මතක් වෙනවට බයෙන්මයි මෙතනින් ඈත් වෙන්න හැදුවේ...ඒත් ඒ කතා කරන්නේ මගේ අතිතයමයි...ආයෙමත් කොහොමද ඒ අතීතය මට කතා කරන්නේ...ලස්සන විදුරු මල් වාස් එකක් උන මගේ ජිවිතේ බිදිච්ච කිසිම වටිනාකමක් නැති මල් වාස් එකක් කරපු ඒ මුස්පේන්තු අතීතය...මම බලන්න ඕනෙමද ඒ කතා කරන්නේ මගේ අතීතයද කියල...නෑ ඕනේ නෑ...ඒත් මට වැරදෙන්න විදියක් නෑ...ඒ එයාම තමයි....

"නිසල්...ඔයා..."

"හ්ම්ම්...අදුරගන්න බෑ නේද...ඔයා මෙහෙ..?"

මම වළලා දාපු ඒ අතීතයෙන් ආපු හෙවණැල්ල..මීට අවුරුදු පහලවකට කලින්...ඔව් හරියටම මීට අව්රුදු පහලවකට කලින් මාව අතැරලා දාල ගියපු මගේ හෙවණැල්ල...එය මගේ වීදුරු මල් බදුනෙ ලස්සනට වශී වෙලාම එයා මාව අරන් ගිහින් එයාගේ මේසේ උඩ තියාගත්තා...කාලයක් යනකන්ම එයා ඒ මල් වාස් එක ගොඩාක් පරිස්සම් කරා...ඇත්තටම ඒ පරිස්සම් කරාද?නැත්තන් පරිස්සන් කරනවා කියල පෙන්නුවද කියන්න අදටත් මන් දන්නේ නෑ...වීදුරු හරි ඉක්මනට බිදෙනවනේ...එහෙම උනොත් ආයෙත් පලුදු නැතුව ඒ වීඑදුරුව හදන්නත් බෑ...ඉතින් මල් වාස් එක ඒ හැමදේම දැනගෙන හිටියේ...ඒත්...අර අයිතිකාරයට මේ වීදුරුව ඇතුලේ තියන හැමදේම බලන්න තිබ්බ උවමනාවටම එය ඒ වීදුරුව බිදලා දැම්ම...

ඒත් ඒ වීදුරුව හිතුවෙම ඒ අයිතිකාරයා එයාව ආයෙත් පලුදු තැන් පෙන්නේ නැති වෙන්න ලස්සන කරලා එයාගේ මේසේ තියාගනි කියල.ඒත් ටික කාලයක් යනකොට ඒ අයිතිකාරයාගේ වීදුරු මල් බදුන තියෙන මේසේ කකුල් හෙලවෙන්න ගත්තේ වීදුරුවට එයාගේ මුළු ජිවිතේ ගැනම ලොකු බයක් ඉතුරු කරලා..ඔව්...ඒ බය හරිම සාදාරනයි...එය වීදුරු මල් වාස් එක එයාගේ මේසෙන් අයින් කරන්න යනවා...ඒ හෙලවී හෙලවී තිබුන මෙසේ දැන් ගැලවිලා වැටෙන්නම ලගයි...ඒ වීදුරුව කියාගන්න තියන හුගක් දේවල් අතරේ හිරවෙලා අඩද්දිම හිතක් පපුවක් නැති ඒ අයිතිකාරයා ඒ මල් වාස් එක තියල තිබුන මේසෙ ගලවලාම දාල..අලුත් මේසයක් ගෙනත් එයාගේ ලගින්ම තියාගත්තා..මේසයක් විතරක්මද...නෑ...සරුව පිත්තල මල් වාස් එකකුත් එක්කම...එදා ඒ අයිතිකාරයා කාලයක් එයාගේ මේසේ ලස්සන කරපු මල් වාස් එකට සදහටම එයාගේ ජිවිතේ ඉඩ නැති කරලා දැම්ම...නිකන්ම..මුකුත් නොකියම...නෑ..එක දෙයක් කිව්වා..

"බිදිච්ච වීදුරු වල කාට කට තියන්න බැරිද...කාට මල් ගෙනත් දාන්න බැරිද...ඕව මට වැඩක් නෑ..."

"ඒත් මේ වීදුරුව බින්දේ ඔයා...අනික කාගේවත් පිපාසෙට මන් වතුර දුන්නේ නෑ...කව්රුවත් මල් ගෙනත් දැම්මේ නෑ...ඇයි මාව එපා කියන්නේ...."

එදා අහපු එක ප්‍රශ්නෙකටවත් එය ලග උත්තර තිබුනේ නෑ..තිබුනේ මුණ පුරාම ඇදිච්ච සමච්චල් හිනාවක් විතරයි...දරාගන්න බැරි හීරීම්,තුවාල වීම් ගොඩක් එක්ක මම අසරණ වෙද්දී මගේ ලගට ලං වෙන්න උත්සහ කරපු කීප දෙනෙක් අතර මගේ ජීවිතේ හුගක්ම අදුරු සිදුවීම් දැනගෙනම ලං උන ඒ ලස්සන හදවතට අපේ අත්සන් ලොකු පොතේ තියද්දීවත් ආදරේ කළේ නෑ...ඇත්තටම මම පෝරුවට නැග්ගේ අම්මලාගේ හිත හදන්න,ඒ වගේම එය මගේ ගැන දැනන් හිටපු එක හිතට ලොකු සහනයක් උනු නිසා...කාලයක් යද්දී ඇත්ත ආදරේ මම හරි අපුරුවට ඒ ලස්සන හිතෙන ඉගෙන ගත්ත...හැමදාම වගේම මගේ කර වටේට ආදරෙන් දැවටෙන ඒ අත අදත් මගේ ලග ආදරෙන් දැවටෙද්දී මම ආයෙමත් අර අදුරු අතීතය වහල මගේ ලස්සන පියවි ලෝකෙට ආව...

"පිනිදි...මේ තමයි මන් එනවා කියපු අමුත්තා...මන් දන්නවා කෙනා කව්ද කිව්වනං ඔයා එන්නේ නෑ...ඒත් මල්ලිට උදව් ඕනේ නිසා මන් කිව්වේ නැත්තේ.."

එදා  මට සමච්චල් කරපු ඒ මුණේ ලොකු පසුත්වීමක්,කලකිරීමක් වගේම ඊටත් වඩා පුදුමයක් රැදිලා තිබුන...ඇත්තටම මේ හමුවීම කවදාහෝ වෙයි කියල හිතේ කොනක ගැස්මක් තිබුනත් මෙහෙම නොහිතු වෙලාවක  මේ හමුවීම මම බලාපොරොත්තු උනේ නෑ..එයා හරි..දැනන් හිටිය නං මම කවදාවත් මේ ගමන නොඑන්න තිබුන...

"අයියේ...ඔයා...මේ...පිනිදි..."

"ඔව්..මේ උබ බිදපු වීදුරු මල් වාස් එක තමයි...ඒත් මගේ ජිවිතේ සුවද හමන හැම මලක්ම දැන් තියෙන්නේ මගේ මේ වීදුරු මල් බදුනෙ.....මල්ලි උබ අරන් ගිහින් එහෙදි උබව ඇතරපු සර්ව පිත්තල මල් වාස් එකට වඩා මගේ ලග මේ තියන දේවල් උබට වටින්නේ නැති උනාට ඒ කාලේ.. අද මේ තමයි මගේ වාසනාව "






46 comments:

  1. ඔන්න ඉස්සල්ලම ආව....

    ReplyDelete
  2. හිත හිරි වට්ටන අතීත සිදුවීම් ප්‍රේමය එක්ක මුසු උනහම පසුතැවීම් මතුවෙනව.......චරිත හැසිර වීම ගැන කීවොත් මට හිතෙනව පිනිඳි ගෙ හබාගෙ චරිතෙට මීට වඩා සාදාරනයක් කරන්ඩ තිබ්බ කියල....පිනිඳි නම් සුපර්......මල්ලි තුලින් ආත්මාර්ත කාමී බහුතර පිරිමින් නියෝජනය කරනව.....

    සෙල්ලක්කාරකම......බැදීම...විරහවය.....පසුතැවීම අපූරුවට නිරූපනය වෙනව......


    පෞද්ගලිකව මම නම් වීදුරු බඳුනකට ජීවිතයක් ආදේශ කිරීමට එකඟ නෑ...මොකද ජීවිතයක් කාටවත් බිඳල දාන්ඩ බෑ....තමන් අයිති තමන්ට....ගැහැණියකට උනත් හැකියාවක් තියෙන්ඩ ඕනෙ...ස්වාදීනව පිරිමියාට අභියෝග කරන්ඩ....එහෙම නැතුව මල් බඳුන බිඳුන කියල අඬන එක නෙවේ වෙන්ඩ ඕනෙ

    ReplyDelete
    Replies
    1. ඉන්නකෝ මන් ඔයාට බුල්ටෝ එකක් එවන්න්...

      බොහොම ස්තුති රසික..:)
      පිනිදිගෙයි නිසල්ගෙයි කතාව හිතේ තියාගෙන ලියපු නිසාමද කොහෙද හබාව ඉස්මතු වෙලා නෑ..එක නං අඩුපාඩුවක් තමයි..මටත් කියවගෙන යද්දී පස්සේ තේරුණා...

      වීදුරු බදුනක් කියන දෙයින් මන් අදහස් කරපු දේ කෙල්ලෙක්ගෙ ජිවිතේ එක දෙයක්..මොකද ඒ පලුදු මකන්න බෑ ආයෙමත්...(දැන් නං ඒකත් හදාගන්න පුළුවන් මන් දන්නා විදියට :) ) කෙල්ලෙක් උනත් ශක්තිමත් වෙන්න ඕනේ,හැබැයි කෙල්ලෙක් ආදරේදී සමහර වෙලාවට දුර්වල වෙනවා..අන්න ඒ දුර්වලකම ජීවිතේ විදවීමක් වෙන අවස්ථා ඕන තරම්...හැබැයි එහෙම උනත් ජිවිතේ හදාගෙන ඉස්සරහට ගෙනියන්න පුළුවන් ශක්තිය තියන කෙල්ලොත් ඉන්නවා.. :)

      Delete
    2. වීදුරු බඳුනෙන් අදහස් කරපු දේ තේරුන.....ඉතින් එක වීදුරු බඳුනක් කරගන්නෙ ඇයි.....ඒ දේ නැති උන එහෙම නැත්තන් වීදුරු බඳුන බිඳුන කියල එක පලුද්දක් වෙන්නෙ කොහොමද???කුහක ලිංගික ඊරිසියා කාරයන්ටනන් එහෙම ඇති....(ඔව් බං මාත් දන්න තැනක් තියනව...කුරුණෑගල...නීත්‍යාකූල එකක්..........තව සමහර අය එකට ගෙම්බියොත් ගන්නව.....හක....හක)

      Delete
    3. තවමත් මේක සිරි ලංකාව නිසාම ඔය කියන කුහකකම සම හරක් එව්වොන් තුල තියනවනේ...
      (අඩේ මේ ගෙම්බියෝ ගන්නවා කිව්වේ මක්කටෙයි....:O)

      Delete
    4. ගෙම්බියො ගන්නෙ බං පටලයක් හදන්ඩලු....ගෙම්බින් ගෙ මොකක්ද පටලයක්...අරගෙන තියල මහනව ලු...ඉතකොට එක ඩැමේජ් වෙලා ලේ එනවලු......ඕක හරිම ප්‍රාතමික ක්‍රමයක් ලු බං...මටත් කීවේ ඔයවගේ සීන් වලට සම්භන්ද එකෙක්..

      Delete
    5. වීදුරු බදුනක් කියලා අදස් කරපු කාරනාවෙනම් මොකක්දෝ එකග වෙන්න බැරි ගතියක් තියෙනවා. සම්බන්ඳයක් , හිතක් නම් වීදුරු බදුනක් වගේ කැඩුනට පස්සෙ ආයෙත් පලුද්දක් නැතිවෙන්න හදන්න බෑ. ඒත් ඔය කියනදේ කැඩුනට පස්සෙ පලුද්දක් නැතිවෙන්න ආයෙත් හදාගන්න උවමනා දෙයක් නෙවෙයි නේද​? මට හිතුන විදියට කැඩුනට පස්සෙ වටිනකම අඩුවෙලා යන වෙන මොකක්හරි උපමාවක් ගත්තනම් කතාව මීට වඩා ලස්සන වෙන්න තිබුනා ​

      Delete
    6. @රසික..
      හිකිස්...සිද්දිය සුද්ද සිංහලෙන්ම පැහැදිලි කිරීම පිළිබද මාගේ හදපිරි මෙව්වා එක :ද


      @Ima
      විදුරු බදුන කියල මන් දැම්මේ බිදිච්ච වීදුරුවක වටිනාකම අඩු වෙන නිසා.ඒක හදාගන්න උවමනාවක් නොවෙන්න පුළුවන්...එත් මේක සිරි ලංකාව නිසා තාමත් ඕක සංකීර්ණ දෙයක් වගේ මිනිස්සු හිතනවා...

      Delete
  3. සංකල්ප රූපත් එක්ක ඇදපු චිතය මාරම ලස්සනයි.. එච්චරයි කියන්න තියෙන්නෙ ඕං...
    මොකද කතාව මට නං ඒ තරංම හිතට වැදුණ ... හෙහ්...
    මල් හැත්තෑ හතයි ගිම්මියෝ....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති මයියෝ...:)
      මල් හැත්තෑ හතෙන් එකක් ඔයාටත් දෙන්නකෝ...

      Delete
  4. ඔබේ කතා ලිවීමේ හැකියාව අගෙයි...........

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති කුරුටු... :)

      Delete
  5. කතාව කියෙව්වේ නෑ පස්සේ කියවන්නම්

    ReplyDelete
    Replies
    1. හැක්..ඕක නං මේ කපේට කරන වැඩක් නෙමෙයි..

      Delete
  6. ලස්සනම කතාවක් ගිම්මියෝ...

    මුලදී කතාව පටන් අරන් තියන විදියට මම හරි කැමතියි.ඒ කිව්වේ නොකියා කියන වචන වලට. අන්තිම ටිකත් ඒ විදියටම ලිව්වා නම් තව ලස්සන වේවි හිතුනා. වැරද්දක් කිව්වා එහෙම නෙමෙයි අක්කේ හොඳේ. :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති හන්චියේ...

      වැරද්දක් එහෙම තියනවනං කියන්නට හොදෙයි ඇලේ..

      Delete
  7. සුපිරි කතාව ගිම්මියෝ උඹේ කතාකාරිත්වය ගොඩාක් මුවහත් වෙලා තියෙනවා,ලස්සනයි,
    ජයෙන් ජය

    ReplyDelete
    Replies
    1. හි හි හි බොහොම ස්තුති රස්ති...

      Delete
  8. ලස්සනයි නංගා .... තවත් ටිකක් තිබුණා නම් කියලා හිතුණා ....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති මේතු අක්කේ...:)
      දන්නේ නැද්ද අනේ...කම්මලිකමනේ...හි හි හි

      Delete
  9. ලස්සනයි, දිගටම ලියන්න,

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති ලලිත්...:)

      Delete
  10. හරිම ලස්සන කථාවක්.
    සුභ පැතුම්

    ReplyDelete
  11. තුහ්ක් නොදකින්.....මේවත් කතාද.....මීට වඩා හොඳයි වෙස්සන්තර ජාතකේ රීමේක් කලානම්...

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete






    2. වීදුරු බඳුන.....හිනාවෙන්නද අඬන්නද කියලා හිතාගන්න බැරි මාතෘකාවක්. මෙලෝ වැදගම්මකට නැති දෙයක්වුනත් ගෑනු ළමයින්ගේ ජීවිත කොච්චර අදුරුවෙනවද මේ කැඩිච්ච වීදුරු නිසා.ඒත් ඕක තව පරම්පරාවක් දෙකක් යනකොට වියකිලාම යන සම්ප්‍රධායක් වෙයි.

      හැමදාම මේ විදිහට හොඳයි කියන්න පුළුවන්ද....කට ඇරලා හොඳවැයින් දෙකක් කියන්න පුළුවන් විදිහට කතාව ලියපියකෝ.

      ඉස්සරහටම පලයන්....ජයවේවා....

      Delete
    3. චක්..මුණ බලාගෙන ඔහොමත් කියනවද බන් කටුස්සෝ...හැක..වෙස්සන්තර ජාතකේ මෙහෙමත් සීන් තියනවද මන් කියවපු එකේ එහෙම තිබුනේ නෑ නේ...


      ගෑනු ළමයින්ගේ ජීවිතේ සමහර වෙලාවට අපායක් වෙන්නෙත් ඔය වීදුරු කෑල්ල නිසා.ඕක උපතින්ම නැති ළමයිනුත් ඉන්නවා.දෙයියනේ කියල ඕක ඉස්සරහ පරම්පරා වල අයවත් අතැරලා දැම්මොත් හොදයි..

      හිටුකෝ මන් ඊලග එක ලියන්න ඒ විදියට ලියන්න..හිකිස්..
      බොහොම ස්තුති කටුස්සයියේ...:)

      Delete
  12. ලස්සනයි ගිම්මි...ලියන්න ඕන දේ ලියාගන්න තේරෙන්නේ නැහැ මට.. ඒ හින්ද ඒ බව විතරක් ලිව්ව..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති අම්බලන්ගොඩ...:)

      Delete
  13. දිගටම ලියන්න ලස්සනයි.

    ReplyDelete
  14. කතාව නම් ගොඩාක් ලස්සනයි.

    ReplyDelete
  15. ம,ய,ரய'''

    අගෙයි...

    ජ ය වේව ා !!!

    ReplyDelete
  16. සාදරයෙන් පිළිගන්නවා මේ පැත්තට..
    දෙමළ අකුරු ටික නං යාන්තන් කියවගත්ත.. :)

    බොහොම ස්තුති විදානේ..:)

    ReplyDelete
  17. ඔහොම කොල්ලොත් ඉන්නවා ඉතින්. මම මෑතකාලීනව දැකපු ශ්‍රේෂ්ටම කොල්ල තමයි "පානදුරේ නංගි" කතන්දරේ, මුළු ලෝකයක්ම ඒකිගේ නිරුවත දැකල "බඩුවක්" කරපු වෙලාවේ අවුරුදු ගානක් විශ්වාස කරලා කතා හදපු උන්ගේ කටවල් වැහෙන්න ප්‍රසිද්දියේම කසාද බැඳපු කොල්ලා..

    ReplyDelete
    Replies
    1. ළගදි ඇහුන පානදුර කතාව නං ඇත්තටම සමාජෙට ලොකු අදාර්ශයක්...හැබැයි එකෙන් ඒ ගැණු ළමයාගේ චරිතෙට වෙච්ච හානිය නං එතරම හොද දෙයක් නෙමෙයි...
      සාදරයෙන් පිලිගන්නවා යසිත්...බොහොම ස්තුති මේ පැත්තේ ආවට...:)

      Delete
  18. ගිම්මි අක්කා දැන් පරිණත වෙලා.. වීදුරු මල් වාස් එකේ උපමාව විශිෂ්ටයි.. දිගින් දිගටම ඔයාට මේ වගෙ කතා ලියන්න සුබ ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
  19. Replies
    1. සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට...:)
      තැන්කු ප්‍රා ජේ...:)

      Delete
  20. අනේ අනේ නෙළුං යායෙදි මං පැත්තකින් ඉඳන් හිටිය පුංචි එකීද අප්පා මේ ලොකු කතා ලියන්නේ
    සුපිරියි නංලා සුපිරියි

    ReplyDelete
    Replies
    1. හි හි හි ඒ පොඩි එකී තමයි අලෙ...
      බොහොම ස්තුති අක්කේ...:) සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට...

      Delete