Thursday, March 10, 2016

අහිමි සද නුඹ







"ඔයා ඉන්නේ අපේ ගේට් ඒක ලග ද?"

"හ්ම්ම්...ඔව්.."

"ඉන්න මන් එන්නන්..."

ජිවිතේ මට අහන්න ලැබුන ආදරණීයම කටහඩ...ආදරේ කියන වතුර හොයාගෙන වැලිකතරක අතරමන් වෙලා ඉදපු මට ආදරේ ලස්සන හිරි පොද වැස්සක් වගේ වැට්ටුවේ ඔයා.ජිවිතේ ඒ හිරිමල් වැස්සට තෙමෙද්දී මන් උන්නේ කියාගන්න බැරි සන්තොසෙකින්...පුංචි පුංචි හුලන් පාරවල් ඇවිත් කදුළු බින්දු වැටුනත් ඒ හැම කදුළු බින්දුවකටම වඩා මන් ඔයාගේ ආදර වැස්සට තෙමෙන්න ආස උනා.මගේ ජිවිතේ වැඩිම වටිනාකම ඔය හිරි පොද වැස්සට දෙනකොට...ඔව්... ඔයත් ඒ වගේම ලොකු ඉඩක් ඔයාගේ අහසින් මට දුන්නා...ආදරේ පුරෝගත්තු ඔයාගේ තරු ඇස් වලින් මන් මගේ ජිවිතේ එලිය කරගත්තා...මෙච්චර ලස්සන ආදරයක් වෙන කාටවත් කොහෙදිවත් හම්බවෙන එකක් නෑ...ඒ තරම්ම ඒ හිරි පොද වැස්ස ආදරණීයයි...රෝස මල් පෙත්තක් වගේ සැහැල්ලුවෙන් ඒ ආදරේ ඇතුලේ ඔහේ පාවෙන්න පුළුවන්...කවදාවත් බාදාවක් තිබුනේ නෑ මට...තරවටු තිබුනෙත් නැති තරම්ම...ඇත්තටම තරවටුවක් නෙමෙයි ඒක.. මේ පුංචි රෝස මල් පෙත්තට විස කටු ඇනෙයි කියල ඒ හිතේ තිබුණු බය...නපුරු සත්තු ඒ රෝස මල් පෙත්ත පොඩි කරලා දායි කියල ඒ හිතේ තිබුණු බර...

"ඔයාගේ තීරණේ වෙනස් වෙන්නේ නැද්ද...?"

වෙනදට ඉවරයක් නැතුව කඩන් වැටෙන ඒ හිරි පොද වැස්ස,මට ඔච්චම් කරන පුංචි වැහි බින්දු අද කිසිම සද්දයක් නෑ...ලස්සනට දිලිසෙන තරු ඇස් අද මලානික වෙලා...ලොකුම ලොකු කදුළු බින්දු දෙකක් ඒ ඇස් වල ගේට්ටුවෙන් එලියට එන කොටම පිරිලා තිබුනා...දැන් ඒ කදුළු බින්දු ඇස් දෙක කෙළවරටම ඇවිත් තව තප්පර ගානකින් ඒ කදුළු දොරේ ගලනවා....ඒත් එයා අමාරුවෙන් එයාගේ දිග ඇගිලි වලින් ඒකට වැට බැන්දා...එයාට ඕනේ උනේ මට කදුළු පෙන්නන්නේ නැතුව ඉන්න...ඒත් මන් පලවෙනි වතාවට...හ්ම්ම්..ඔව්...පලවෙනි වතාවට ඒ කදුළු දැක්කේ ඒ ඇස් වල...මගෙන් අවසරයක් නැතුවම මගේ ඇස් වලින් එයා වැට බැදපු  කදුළු බින්දු ඔහේ ගලාගෙන ගියා...එයා ආයෙමත් අහක බලාගත්තා...යාන්තන් ඔලුව වැනුවා...එයාගේ හිත එයාටම බනිනවා කෑගහනවා...ඒ ඇස් දෙකෙන් මට මගේ හිතට ඒවා ඇහෙනවා...ඒත් එයාගේ හැම වචනෙකම තියෙන්නේ කලකිරීමක්...එයා ගැනම  කලකිරීමක්...ජිවිතේ උණු එකම එක පුංචි සිදුවීමක් නිසා එයා විදවනවා...එයා එහෙම තමයි...ඇත්තටම ඒක පුංචිම පුංචි අකුණක්..ඒත් එයා ඒ අකුනෙන් හොදටම පිච්චිලා...එයාටම එයා දිහා බලන්න බැරි තරමටම එයා එයාගේ ජිවිතේ ඒ අකුණට බිලි දීල...රෝස මල් පෙත්ත වත් එයා ලග තියාගන්න එයා තීරණය කරලා නෑ...

"මට සමාවෙන්න...ඇත්තටම ඔයා මට සමව දෙන්න එපා.මන් ඒකට සුදුසු නෑ..."

"ඔයා මොනාද මේ කියන විකාර?ඇයි  ඒ වගේ දෙයක් නිසා ඔහොම දුක් විදින්නේ..පිස්සුද අයියේ ඔයාට...?"

"මන් ඔයාට ගොඩක් බලාපොරොත්තු දුන්න..ඒකයි ඔයා මෙතන ඉන්නෙත් අද..හ්ම්ම්...ඒත් මන් ඊට වඩා ලොකු දුකක් ඔයාට, අපේ ගෙදර අයට දුන්නේ...මන් තාත්තගේ සල්ලි නාස්ති කරනවා...මන් යන්න ඕනේ පාර මොකද්ද කියල මට තේරුම් ගන්න බැරි උනා...මන් වගේ හිස් කාලකන්නියෙක් නිසා ඔයාට තව දුක් විදින්න දෙන්න බෑ...මේ ඩිග්රියත් අම්මලට ඕන නිසා කරන්නේ...නැත්තන් මේකත් දමල ගහල කොහේ හරි යනවා මන්..."

"ඔයාට ඔහොම දෙයක් හිතන්න තරම් ලොකු දෙයක් නෙමෙයි මේක..ඒත්..."

"නෑ..ඔයාට මන් එක්ක ඉන්නවා කියන්නේ ලොකු දුකක්..මට ඔයා ගැන හොයන්න බලන්න කාලයක් නෑ..ඔයා අඩනවා තනියම මන් දන්නවනේ...ඔයාව තව මගේ ලග හිර කරගන්නවා කියන්නේ ඔයාගේ ජිවිතේ ලස්සනම කාලේ දුක් විදින්න වෙනවා.ඔයාට කැම්පස් ජිවිතේ ලස්සනත් නැති වෙයි..."

"මට වෙන ලස්සන ජිවිත ඕනේ නෑ..ඔයා ඉන්න ඒ ලස්සන ඇති...මන්...මන්..."

තව කියාගන්න බැරි වචන සිය ගානක් මගේ හිත ඇතුලෙන් ලොකු අරගලයක් කරද්දී තරගෙට මගේ ඇස් වලින් කදුළු බින්දු පොකුරු ගොඩක් ඇවිත් බිමට කඩන් වැටෙද්දී ඒ ඇස් වලට ආපු කදුළු වගේම එයාගේ හීන් ඉකියක් මගේ ඇස් ආයෙමත් ඒ මුණ දිහා බලන්න බල කළා ...ඇත්තටම කාලෙකට කලින් මට කියන්න ඕනේ උනා ඔයාට ඒ දේවල් වලට හිතේ ටිකක් අඩුවෙන් තැන දෙන්න කියල...ඒත් මන් කිව්වේ නෑ..ඒක ඔයාගේ ආසාව නිසා..ඔයා යාලුවෝ එක්ක සැර දේවල් කරන්න යනවනං,වෙන රෝස මල් පස්සේ යනවනං මට ඔයාට කියල,නැත්තන් සැර කරලා හරි හදාගන්න තිබුන...ඒත් ඔයා කලේ එහෙම නරක දේවල් නෙමෙයි...ඔයා කැමතිම දෙයක්..ඔයාගේ ආසම ස්පෝර්ට් එක...මන් ඔයා ගැන දන්න නිසාම ඔයාට නිදහස දුන්න..ඒ වගේම ඔයා කවදාවත් ඒ විස්වසේට පුංචි හීරීමක් වත් වෙන්න දුන්නේ නෑ...ඇත්තටම මන් ඔයාට ඒක නවත්තන්න කිව්වා නන් අද මේ දේවල් මෙහෙම නොවෙන්න තිබුන..තාමත් මේ රෝස මල් පෙත්තට ඔයා ලගම දැවටී දැවටී ඉන්න තිබුන,ඒත් එතන තිබුන ඔයාගේ සතුට දැක දැක එහෙම කියන්න මට හිත හදාගන්න බැරි උනා...

"ඉතින් මන් ඔයාට කරදර කරන්නේ නෑ නේ..ඔයාට හැමවෙලේම කතා කරන්න කියල කිව්වෙත් නෑ නේ මන්..අනික.."

"ඔව් ඔයා අනිත් අය වගේ නෙමෙයි...ඔයා හොද නිසාමයි එහෙම හිටියේ..වෙන කෙනෙක් නන් ඉන්නේ නෑ දාල ගිහින් එහෙනං...මට ඔයාට දුකක් දෙන්න බැරි ඒකයි..මන් වැඩක් කලොත් එකෙන් මොකක් හරි අව්ලක් වෙනවා...තව ටිකක් අව්ල් උනා නන් පොඩි එව්න් එක්ක කරන්න වෙන්නේ ආයෙමත්...සෙල්ලන් කරන්නත් බෑ අතේ දෙකේම ඉන්ජරිස් ඇවිත්...නිකන් බලන් ඉන්න වෙන්නේ ගියත්..මන් මේ හැමදෙයින්ම ඈත් වෙනවා..ආයෙත් තවත් ඔයාට බලාපොරොත්තු දීල ඔයාගේ ලෝකේ කඩන්න බෑ මට...යන්න ඔයා..ඔයාට පරක්කු වෙයි..."

"හරි ඔයා එනකන් මන් බලන් ඉන්නද කතා කරන්නේ නෑ..කරදර කරන්නේ නෑ..නිදහසේ වැඩ ටික කරගන්න..."

"හ්ම්..හා..නෑ එපා මන් ආයෙත් එන්නේ නෑ ඔයාගේ ජීවිතේට කදුළු දෙන්න...ඔයාට වෙන කෙනෙක් අම්මල හරි හොයල දෙයි..ඔයාගේ හොද නිසා ඔයාව රවට්ට ගනී ගොඩක් අය,ඒ නිසා පරෙස්සමින් ඉන්න...මට ටෙන්ෂන් එක දරාගන්න අමාරුයි..නිදහසේ ටිකක් හිතන්න ඕනේ..කාලේ ඕනේ..ඔයාව මේකේ හිර කරලා තියාගත්තම ඔයත් දුක් විදිනවා..."

ඔයාගේ ඇස් වල කදුළු නැති උනෙම නෑ..ඔයා සැරෙන් සැරේට ඔයාගේ දිග ඇගිලි වලින් කදුළු බින්දු වලට වැට බැන්දත් ඒවා ඇස් වලින් අයින් කරගන්න ඔයාට බැරි උනා...ඔයාගේ ඒ කදුළු මේ රෝස මල් පෙත්ත තවත් ඇඩෙවව...ඔයාට වගේම මටත් කියන්න ගොඩක් දේවල් හිත ඇතුලේ තිබුන ඒත් අපි කතා කලාට වඩා ඇඩුවා..ඔයා හිතන්නේ ඔයාගේ ගෙදර අය,මන් සතුටින් තියන්න,ඒත් ඔයාට ඒකට වැදුනේ පුංචි අකුණක්,එකෙන් ඔයා මේ තරම් දුර්වල වෙයි කියල මන් කවදාවත් හිතුවේ නෑ...ඔයයි මායි ඇඩුවා ගොඩක් වෙලා..ඔයාට මාව ඕනේ ඔයාගේ ඇස් වල ඒක තිබුන..ඒත් ඔයාට එට වඩා බයයි මන් තවත් දුක් විදි කියල..අතරින් පතර අමාරුවෙන් ගලපගන්න වචන දෙක තුනක් ඇරෙන්න අපි අපි දිහා බලාගෙනම ඇඩුවා...මන් තීරණය කළා එයාගේ තීරනෙට යට වෙන්න...ඒ එයාගේ හොදට..එයාට තිබුන ආදරේට...එයාට එයාගේ පිච්චුන හිත හොද කරගන්න...එයාගේ හැම වචනෙකම තිබුනේ මට යන්න කියල නෙමෙයි..මට ආදරෙයි කියල..ඒකයි මන් එයාගේ තීරණේට කැමති උනේ...ඒත්...මන් කොහොමද යන්නේ...අතරින් පතර කියවෙච්ච හැම වචනෙකම එයාගේ ආදරේ තිබුන..මගේ ප්‍රශ්න වලට,කදුළු වලට එයා පරාද වෙයි කියල එයාට තේරුණා..එයාගේ එක වචනයක් මගේ මුළු ජීවිතේම එයා වෙනුවෙන් බලන් ඉන්න මට බල කරයි කියල එයා බය උනා අන්තිමට..එයාට ඕනේ උනේ මාව සතුටින් තියන්න...එයා ඒකට මේ රෝස මල් පෙත්තෙන් ඈත් වෙන්න හදන්නේ...එයා පිළිගන්නේ නෑ මේ රෝස මල් පෙත්තේ ලස්සන වගේම ආදරෙත් තියෙන්නේ එයා ලග විතරයි කියල...නෑ නෑ එයා දන්නවා එක..ඒත් නොදන්නවා,නොතේරුන වගේ ඉන්නවා...

"දැන් යන්න මැණික..ඔයා හැමදාම සතුටින් ඉන්න,පරිස්සන් වෙන්න,බුදුසරණයි...!"

"මන් යන්නන්..හැබැයි මන් ඔයා එනකන් හැමදාම බලන් ඉන්නව...ආයෙත් මට කතා කරනවා නේද හිත නිදහස් උන ගමන්...කියන්නකෝ....මට ආදරෙයි නේද.."

"මගෙන් වචන ගන්න හදන්නෙපා ..ඒ හැම වචනෙකින්ම ඔයා බලාපොරොත්තු තියාගන්නවා...ඔයාට බලාපොරොත්තු දීල තවත් පව් පුරවගන්න බෑ මට..."

"ඔයා බොරු කියන්නේ...ඔයා කියන්නේ නැති දේවල් ඔක්කොම මට තේරෙනවා..."

මන් අඩද්දිම ඒ වචන පිට උන නිසාමද මන්ද ටිකක් හයියෙන් ඒක විසිරිලා යනකොට...එයාගේ ඇස් වල කදුළු ආයෙත් අලුත් වෙලා...මගේ නොනවතින ඉකිය මැද එයා එයාගේ පරාජය බාර අරගෙන...
එතනින් එහාට එයාගේ එකම වචනයක් වත් පිට උනේ නෑ...මට ඕනේ උනා එයාට තුරුල් වෙලා අඩන්න...ඒත් මේ පාරේ එහෙම කරන්න බෑ...ඉතින් මන් එයාගේ හිත තවත් තුවාල කරන්නේ නැතුව යන්න ලැස්ති උනා... මට යන්න බෑ...ඒත් එයා වෙනුවෙන්,එයාගේ හිත හදාගන්නකන් මන් අයින් වෙලා ඉන්නවා...ඒත් එයා එකපාරටම...

"ඔව් මන් බොරු කියන්නේ...ඔයා දන්නවනේ...මට වෙන කාවවත් ඕනේ නෑ ආයෙත් මගේ ජීවිතේට..ඒත් ඔයා සතුටින් ඉන්න ඕනේ..මන් ඔයාව.....පරිස්සමින් ඉන්න..."

මගෙන් අනිත් පැත්තට හරවගත්ත ඒ මුණ දිහා කොච්චර වෙලා බලන් හිටියද...එයාගේ කදුළු නවතෙන්නේ නෑ...කඩු කිනිසි සිය ගානක් මගේ හිත වගේම මගේ මුළු ඇගමත් කීතු කීතු කරගෙන යන තරම් වේදනාවක් දැනෙද්දී..මන් වචන ගලපගත්තේ අමාරුවෙන්..

"හ්ම්ම් මන් යන්නන් අයියේ..ඔයා පරිස්සමින් ඉන්න...බුදුසරණයි..!"

40 comments:

  1. Replies
    1. කියා ගන්න දෙයක් නැතුව ගියා.ඉ

      Delete
    2. එහෙම ඔට්ටු නෑ...මොන හරි කියන්න ඕනේ...:) :)

      Delete
  2. මේ ලියවීම රටාව හරිම සංවේදියි ගිම්මි . ජය

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති ඉවාන්..:) ජයවේවා!!!

      Delete
  3. දවසක් මන් කියුවා නේද කටුස්සාගේ නංගි වගේ කියලා.. ඒක ඉල්ලා අස්කරගන්නවා.. අද දාන නම 'සුජීවා' ප්‍රසන්න ආරච්චි.. :)

    මෙන්න මේ වෙලාවට තමයි නගේ හිතෙන්නේ අපි වයසට ගියා ඉක්මන් වැඩිද කියලා.. හඳුන්පොත් කී ගාන්න ලියල තියෙනවා..

    ReplyDelete
    Replies
    1. අනේ අප්පොච්චියේ....ඒ පාර "සුජීවා" උනාද මන්..මන් ලියනකොටම මගේ ටිකිරි මොලේ ටීන් ටීන් ගෑවා කව්රුහරි මේක කියයිද කියල...ඔය කිව්වේ ඉතින්...:D :D
      ඔය වයසත් වයසක්ද අනේ...තාම 65යිද කොහෙද නේද...අපෝ තව වයස තියනවා..හැක හැක
      බොහොම ස්තුති කමියයියේ ..

      Delete
    2. මරු ගිම්මියෝ...ගිම්මියගෙ පෙම්වතානන් වාසනාවන්....

      Delete
    3. ඒ මොකැයි අනේ ඒ...
      බොහොම ස්තුති රසික.. :)

      Delete
    4. ඇයි බොලේ ඔය වගේ ලස්සන අදහස් තියන හිතකින්...ලව් එක දෙද්දි..ආව් අව්.....:P:D

      ප.ලි-මලයා වැරැද්දක් නොකීවායැයි සිතමි..:-)<3

      Delete
    5. හිකි හිකි අනේ මේ ඔය වාසනාවන්ත පෙම්වතානෝ හම්බුනොත් එහෙම කියනවද මට කෝල් එකක් දෙන්න කියල...මට තාම කතා කලේ නෑ නේ..හැබැයි මෙච්චර තමන්ගේ ආදරේ ගැන හිතන පෙම්වතෙක් ලබන්නත් වාසනාව තියෙන්න ඕනේ...

      ප.ලි.- වැරද්දක්...හිටුකෝ මන් දානවා නඩු මගේ පෙම්වතානෝ මතක් කරලා මගේ හිත කීතු කීතු කල කියල :D

      Delete
  4. ඇත්තට ම ලොකු හැකියාවක් තියෙනවා ගිම්මියෝ.............. සුභ ගමන් කියලා තමා කියන්න තියෙන්නේ ඉතින්... ජය

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති කුරුටු...:)

      Delete
  5. උඩ ඉඳල පහලටත් කියෙව්ව පහල ඉඳල උඩටත් කියෙව්ව
    වෙනේකක් තියා ඔලුවෙනුත් හිටං කියෙව්ව.
    මොකද්ද බං වැදුණ අකුණු පාර.
    මට හිතෙන්න කලිං මුට වැදුනෙ ඇත්තම අකුණක් කියල
    මොකද්ද මේ අකුණු කතාව කියල දියං නගේ...

    එකක් කියන්ට ඕන. පොඩි පුනරාවර්තන ටිකක් අතරිං පතරිං දාල ගත්ත නං රොමේෂ් ගෙ විෂුවල් එක්ක කතාවකට ගන්න ටොප් ඉස්ටෝරිය.

    ගාණට මිම්මට අකුරු කරල තියෙයි.
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. අඩේ හැබැටම අකුණ තේරෙන්නේ නැද්ද...අයිෂු....

      අකුණ මේකයි එයා ස්පෝර්ට්ස් කරන ළමෙක්,එයාට ඒ නිසාම වෙලාව මදි එයාගේ ගෑනු ළමයට දෙන්න වගේම,පාඩන් කරන්නත්..එයා හරිම සංවේදී කෙනෙක්,එයා සෙමෙස්ටර් එකක ලකුණු හොදටම අඩු වෙන්ව,රිපීට් දාන්නත් වෙනවා,ඉතින් එයා එකෙන් එයා ගැනම කලකිරෙනවා....එයා හිතනවා එයා නිසා එයා ලග ඉන්න කෙනා දුක් විදිනවා කියල.එයා ඉන්නේ මේ නිසා ලොකු ප්‍රෙෂර් එකක...මේ ප්‍රෙෂර් එක නිසාම එයා හිතනවා,එයා තනියම ඉන්න ඕනේ කියල.ගෑනු ළමය එයා එක්ක ඉන්නකොට දුක් විදි කියල හිතනවා,ඒ ගෑනු ළමය එයා ගැන ගොඩක් තේරුම් අරගෙන එයා එක්ක ඉන්නේ..එකත් එයාට දරාගන්න බැරි වෙනවා.ඒ වගේ හොද කෙනෙක් තමන් ලග ඉදන් දුක් විදි කියල හිතනවා,ඒ නිසා එයාගේ ගෑනු ළමයාගේ සතුට වෙනුවෙන් එයාව අතාරින්න හිතනවා....
      තේරුනයි?

      අඩේ ඕව ඇත්තටමත් වෙනවා බොල අයියන්ඩියේ...ඇත්තටම ආදරේ කරන අයත් තාම ලංකාවේ ඉන්නවා...:)
      බොහොම ඉත්තුති මහී...:)

      Delete
  6. Replies
    1. බොහොම ස්තුති ලලි..:)
      හිකි හිකි නමත් අලුත් කලා හොදෙයි..

      Delete
  7. මේ ලිවිමේ රටාව නියමයි ගිම්මියෝ ජය!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති කිඹුලීයේ ..:)

      Delete
  8. පට්ට කතාව ගිම්මි සුජිවගේ නගා වගේ තමා ඉතිං,
    ජයෙන් ජය

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති රස්ති..:)
      සුජීව මගේ හැටි දැනගත්තොත් සිය දිවි නසාගන්නවා අයිෂු...හිකිස්

      Delete
  9. ආඩම්බරයි නංගා උඹ ගැන ....


    ඕනම ස්ටයිල් එකක් උඹට ගැලපෙනවා. ඇත්තටම අර අවන්හලේ පෙරේත හාදයා කිව්වා වගෙ උඹ නම් මේ බ්ලොග් ලෝකයට වැටුණු මහා වටිනා උල්කාවක්!!!

    ReplyDelete
    Replies
    1. හි හි හි බොහොම ස්තුති මේතු අක්කේ...
      ඔව් අනේ පොඩ්ඩක් අර මගේ ආත බූත කතා වලින් අයින් වෙලා ආදර කතාවක් ලිව්ව...හිකිස්

      Delete
  10. පට්ටයි විශිට්ටයි සුපිරියි මාරම මාරයි (තිත් පෙලියයි)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති රංගන සහෝ...:)
      මොකෝ අනේ ගිය දවස් වල CLOSED බෝර්ඩ් කෑල්ලක් දාගෙන හිටියේ...

      Delete
  11. අලුත් විදියකට ලියලා.සුජීව විරෝධයක් නැහැ මට නම්.. සම්මානලාභී බොහෝ ප්‍රවීණ ලේඛකයන්ගෙ නැති මනුස්සකමක් සුජීවගේ ලේඛනවල තියෙනව.නමුත් ගිම්මි අක්කා තමන්ගෙ ශෛලියක් ගොඩ නගා ගන්නවා නම් වැඩිය හොඳයි නේද..

    ReplyDelete
    Replies
    1. නගේ මන් සුජීවගේ කතාවල වගේම සරල චරිතයක්..හැබැයි ඕනවට වඩා බොළද ලුනුයි බතුයි කන සංකල්පයේ කෙනෙක් නෙමෙයි.ඒ නිසාමද මන්ද මට සුජීවගේ කතා කියවන්න ආසාවක් නෑ..කතාවල මනුස්සකම තියන එක ඇත්ත.එත් ඒ තරම් සුදු චරිත හොයන්න අමාරුයි මේ සමාජේ.හැබැයි එහෙම චරිත ඉන්නවා..සුජීවගේ කතා කියවන්න අකමැති මන් ඒ ශයිලියෙන් ලියන්න උත්සහ කරන්නේ නෑ...අනික මට කාගේවත් ශයිලියක් කොපි කරලා ලියන්න උවමනාවක් නෑ...අනික මන් දන්නා විදියට නං ලේකන ශයිලියක් කොපි කරන්න බෑ....එක එහෙම කොපි කරන්න පුළුවන්නන් යව්වන සමීන්ද්‍ර ටත් සුජීවව කොපි කල කියන්න පුළුවන් නේද?

      මන් කලින් ලිව්ව හැම කතාවකම මගේ ආත බූත ගතියනේ වැඩිපුර පෙන්නේ..හැබැයි මේක ආදර කතාවක්..ඉතින් ඒක ආත බූත විදියට ලිව්වම අගයක් නෑ නේ...එකයි මන් ටිකක් වෙනස් විදියට ලිව්වේ..මෙහෙම ආදර කතා තියෙන්න පුළුවන්නේ...ඉතින් නගේ මේ මගේ එක ශයිලියක්,ආත බූත ශයිලිය තව එකක්..ඉතින් මන් කාවවත් අනුකරණය කරලා ලිව්වා නෙමෙයි...

      බොහොම ස්තුති නගාගෙ අදහසට...ජය වේවා!!!

      Delete
    2. සුජීව ප්‍රසන්න ආරච්චි....නොසලකාහරින්න බැරි චරිතයක් ලේඛනකලාවේ කවුරු මොනවිදිහට කිවුවත්.විශාල පාඨක ප්‍රසාදයක් දිනාගත්තු ඒ හා සමානම විවේචන ගොඩකුත් කරපින්නගත්තු චරිතයක්.මම වුනත් එයාගේ පොත් 2-3ට වඩා බලලා නෑ.ඒත් එහෙමයි කියලා ඔහුව පහතට ඇදලා දාන්නත් මට බෑ.ඒ ශෛලයට ආදරයකරන පිරිසක් මේ රටේ ඉන්නවා.අනිත් එක මේ ජීවනරටාවත් එක්ක හෙම්බත්වුන මිනිස්සු "ඊවා ලූනා" කියවනවට වඩා "වර්ෂා" කියවලා හිත සැහැල්ලුකරගන්න කැමතියි.ඒ අතින් බලනකොට සුජීව කියන්නේ කතෘ කෙනෙක්ටත් වඩා හොඳ මාර්කටර් කෙනෙක් මටනම්.

      ආදරේ කොහොමත් බොලඳයි.බොලඳ කමක් නැති පණ්ඩිත ආදරේ මෙලෝ රහක්නැති දෙයක් මටනම්.ආදරේ ඇතුලේ ඒ බොලඳකම ඉස්මතු නොවෙනවානම් ඊටවඩා හොඳයි බඩ කපාගන්නවා.ඒ බොලඳකම ඉස්මතු කිරීම සුජීවට විතරක් අයිතිවුන දෙයක් නෙමෙයි.අනිත් එක සුජීවව බොලඳයි කියන කැටගරියට දානවටත් මම විරුද්දයි.2000 වගේ කාලෙදී ඔහු ගීත එකතුවක් එලිදක්වනවා වික්ටර් රත්නායකයන් සමග.ඒකේ තිබුන "පාළු රැයක දෑස පලා" , "ඔබ නොදැක ඉන්න බැරි තරමට" වගේ ගීත පට්ට.හැබයි මේ ලඟදී අහම්බෙන් "භාවනා" සඟරාවක් කියෙවුවා.එතනදිනම් මම දැක්කේ නවකතාකරුවෙක්ව නෙමෙයි.චෙෆ් කෙනෙක්ව.

      Delete
    3. ඔබ නොදැක ඉන්න බැරි තරමට සහ ඔබ වගේ කෙනෙක් තව ඇත්නම්.. මේ දෙකම ප්‍රේමකීර්ති විසින් ලිව්වා යැයි කියා මං රැවටිච්ච නිර්මාණ.ඒවායෙ තියෙන ප්‍රේමයේ ගැඹුර එතරම්.. අනෙක් අතට සුජීව අතින් ලියැවුණ මහමෙව්නා සහ සින්දූර් වගේ නිර්මාණවල යහපත් පණිවිඩයක් තිබෙනවා.හැබැයි ලෝක සාහිත්යයේ නිර්මාණ ඉදිරියේ ඒවායෙ හැදෙන්න ඕන තැන් ගොඩක් තිබෙනවා...

      ගිම්මි අක්කාට තමන්ගෙම ශෛලියක් තියෙනවා.. රුවලක් නැති ඔරුවක් කතාවෙන් ඒක හොඳටම ඉස්මතු වුණා.සුබ පතනවා දිගු ගමනකට..!!

      Delete
  12. කටුස්සාට නෑකමක් තිබේද???

    ආදරේ කියන්නේ ඒ කෙනාව අල්ලාගනීමද අතහැරීමද ??? වර්තමානය ආදරය කියල දකින්නේ ආත්මාර්ථය කියලයි මම හිතන්නේ.. ආදරේ කියන්නේ වෙන දෙයක්.. ආදරේ වැඩිකමට අතහරින ආදරය තමයි නියම ආදරය.. ආදරය වැඩිකමට අල්ලාගන්නා ආදරය ආත්මාර්ථය.. ඕක තෝරල බේරල තේරුම්ගන්න පුළුවන් වයස වෙද්දී කමී කියන්න වගේ අපි වයසට ගිහින්..

    කමී එහෙම කියන්නේ ලංකාවේ මානසික මට්ටමෙන් උනාට සුද්දො ආදරේ කරන්න පටන් ගන්නේ හතලිහ පහුවෙලා.. අනේ මන්ද..

    ReplyDelete
    Replies
    1. අඩේ...ඒ කියන්නේ සුද්දගේ විදිහට ලවු කරන්න උඹටත් දැන් කාලේ හරි කියන එක නේද...

      Delete
    2. හපොයි ඕන නෑ බන්.. අපිට හතලිහ නෙවෙයි අසූව උනත් ගෑනු කියන්නේ ගෑනුම තමා.. සුද්දො ඕකට තවත් කතාවක් කියනව බන්.. කඩේ අච්චර කිරි තියෙද්දී මොන මගුලකට වැස්සියෝ ගෙනත් ගෙදර ගැටගහගන්නවද කියල.. හැක්..

      Delete
    3. @අම්බලන්ගොඩ..
      වර්තමානයේ ආදරය ආත්මාර්ථකාමී තමයි.ඒත් අනිත් කෙනාගේ සතුට වෙනුවෙන් ආදරය පරිත්‍යාග කරන අයත් නැතුවම නෙමෙයි..ඇත්තටම ආදරය වැඩිකමට අතාරින්න පුළුවන්..හැබැයි අනිත් කෙනත් තේරුම්ගන්න ඕනේ ඒ දේවල්...

      හැක්...කටුස්සට නෑකමක්...කමි අයියගෙන් තමා අහන්න ඕනේ...හිකි හිකි

      @කටුසු
      කටුස්සයියේ...ඒ කියන්නේ ඔයාගෙත් කාලේ හරි දැන් ලව් කරන්න...40ත් පැනල දැන් සෑහෙන්න කල් නේද?හිකිස්...

      @අම්බලන්ගොඩ..
      අඩේ මන් අහන්නේ ඔය නංගිලා මල්ලිලට දෙන අවවාදද හැබෑට..??? හිකි හිකි හිකි

      Delete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. හිතේ ගොඩාක්දේවල් තියාගන ලියන්න පටන් අරගන හිතුවේ නැති විදිහට (මමනම් ඕකට කියන්නේ නවත්තගන්න බැරි විදිහට කියලයි ) ලියවිච්ච කතාවක්.ඔය තමයි උඹේ ඉට්ටැයිල් එක.ඒකට බයවෙන්න එපා.හැබැයි අර දිග වාක්‍ය ලියනකොට පරිස්සම්වියන්. වාක්‍ය දිග වෙන්න වෙන්න උඹ කියන්න හදන දේට වඩා වෙනස් දෙයක් කියවෙන්න තියන ඉඩකඩ වැඩියි.

    කතාවේ චරිත ගැන මම මුකුත් කියන්නේ නෑ.ඒ චරිත ගොඩක් පුරුදුයි පුරුදුයි වගේ මටනම්.කතාවත් එළ.හැමදාම කියනවා වගේ "ජයවේවා...."

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්...ලියන්න ගොඩක් දේවල් තිබුනත් අර කිව්වා වගේ ඉවර කරපු කතාවක් තමයි..ඔය වාක්‍ය ලියන ප්‍රශ්නේ මට තියනවා අප්පා..ඕක හදාගන්න ඕනේ ඉක්මනටම..බොහොම ස්තුති කටුස්සෝ..:)

      අහ්...චරිත පුරුදුයි වගේ...මලා...කොහෙන් හරි මීටර් වෙලා තියනවද...

      Delete
  15. ගිම්මි අක්කගෙ ලියන රටාව හරි ලස්සනයි. අර අක්කම කිව්වා වගේ අපි හැමෝටම තියෙන්නෙ එකිනෙකාට අනන්‍ය වෙච්ච ලිවීමේ රටාවක්.
    ඒ අතරින් මේ ගිම්මි අක්කා වචන ගලපන හැටි හරි ලස්සනයි. කියවන්න කම්මැලි නෑ.

    ඉස්කෝලෙදි වැඩිය ලිව්වෙ කරේ නෑ නේද.කොහෙද යකූ හැංගිලා හිටියෙ >_<
    ඔය කිව්වට මං කරෙත් යාලුවන්ගෙ ලව් ලෙටර්වලට කවි හදල දුන්න එක විතරයි ;)
    තව කතා ගොඩාක් කියවන්න බලා ඉන්නො මම ගිම්මි අක්කගෙන්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති හන්චියේ..

      හිකිස්...ඉස්කෝලේ ලිව්වේ නෑ බොල...12 වසරේ උන පොඩි මෙව්වා සීන් එකක් වෙනකන් මන් ලියපු කිසි දෙයක් වෙන කව්රුවත් දන්නේ නෑ..හැක හැක ඔයාට කියන්න අප්පා මගේ අර ගජ සුමිත්තරියෝ ටිකත් අහනවා මේවා ලියන්නේ මන්මද කියල...ඉස්කෝලේ හිටපු විදියට ඉතින්...හන්චිය දන්නවනේ...පුදුම නැටිල්ලක්නේ...හැක හැක :D :D

      එකනේ කියපිය බලන්න..ඉස්කෝලේ යන කාලේ මොකද දැන් බුලටියා ලිව්වේ නැත්තේ කියල...අපි දන්නෙත් නෑ නේ මේකිට මෙහෙම ලියන්න පුළුවන් කියල..<3

      Delete
    2. බොහොම ස්තුති හන්චියේ..

      හිකිස්...ඉස්කෝලේ ලිව්වේ නෑ බොල...12 වසරේ උන පොඩි මෙව්වා සීන් එකක් වෙනකන් මන් ලියපු කිසි දෙයක් වෙන කව්රුවත් දන්නේ නෑ..හැක හැක ඔයාට කියන්න අප්පා මගේ අර ගජ සුමිත්තරියෝ ටිකත් අහනවා මේවා ලියන්නේ මන්මද කියල...ඉස්කෝලේ හිටපු විදියට ඉතින්...හන්චිය දන්නවනේ...පුදුම නැටිල්ලක්නේ...හැක හැක :D :D

      එකනේ කියපිය බලන්න..ඉස්කෝලේ යන කාලේ මොකද දැන් බුලටියා ලිව්වේ නැත්තේ කියල...අපි දන්නෙත් නෑ නේ මේකිට මෙහෙම ලියන්න පුළුවන් කියල..<3

      Delete