ලස්සනට හරිම පිළිවෙලට ඔයා ඇදල හිටියේ,කවදාවත් නොපීරපු කොන්ඩේ හරි ලස්සනට පීරලා.හැමදාම දාපු අර නිල් පාට බාටා කැලි දෙක වෙනුවට ඔයා සපත්තු දාල.ඔයා ලස්සනයි ඒ දවස් වල හිටියටත් වඩා.වෙනද වගේම මන් ඇවිත් ඔයාගේ අතේ එල්ලුනා.වෙනදට ඔයාගේ කොන්ඩේ වැටිලා තියන නළලට දෙන මගේ හාදුව මන් අද ඔයාගේ පීරපු ලස්සන කොණ්ඩෙට යටින් තියන නළලට දුන්න.හරියට...ඔව් එදා වගේම....අපි වෙන් වෙච්ච ඒ මුසල දවසේ.....ඔයා කිසිම හැලහොල්මනක් නැතුව ඉකි ගහන මන් දිහා බලන් හිටිය වගේම බලන් ඉන්නව,එදා ඔයාගේ ඇස් පිරෙන්න තිබුන කදුළු මේ ඇස් වල නෑ.මොකද්දෝ කියාගන්න බැරි දෙයක් ඒ ඇස් වල හිර වෙලා තිබුන.
ඔයා මාව දාල ගිය හේතුවක් මන් අවුරුදු පහක් පුරාම හෙවුවට, ඔයා ඒ අවුරුදු පහ ඇතුලේ දවස් දෙක තුනක් මගේ හීන වල රස්තියාදු ගැහුවට කවදාවත් ඔයා මගේ නෙමෙයි කියල හිතපු දවසක් මට තිබුනේ නෑ.එත් ඊයේ දැකපු මගේ මුස්පේන්තු හීනේ මට ඔයාව නැති උනා කියල හිතන්න බල කරද්දී මන් මගේ පොරෝනවට ගුලි උනේ කදුළු වල උණුසුමත් එක්කම මගේ හිතටම සාප කරගනිමින්.හේතුවක් නැතුව දාල ගිය ඔයාගේ ගැන හේතුවක් නැතුවම හිතන්න හැමදාම මට බල කරපු මගේ හිතට අද මොන කරුමයක් වෙලාද මට එහෙම කියන්නෙ.
"හෙලෝ සකුනි....මන් සරසි"
"සරසි...?කව්ද...?"
"නිසල්ගේ ඩොක්ට..."
ඔයාට මන් දැනන් උන්නු කාලේ තිබුන එකම අසනීපෙ ඔලුවේ කැක්කුමක් විතරයි.එ්කටවත් කොච්චර කිව්වත් ඩොක්ට කෙනෙක් ළඟට නොගිය ඔයාට මේ කාලේ ඇතුලේ උනේ මොකද්ද?මන් හැමදාම හෙව්වත් ඔයා මගේ ඇස් වලට පෙන්න හිටියෙත් නෑ.ඔයා ඩොක්ට කෙනෙක් ලගට යන්න තරම්...
"හලෝ...සකුණි...."
"නිසල්ගේ...??"
"ඔව්...ඔයා මාව දන්නේ නෑ,එත් මන් ඔයාව දන්නවා,නිසල් නිසා...ඔයාට කියන්න කියපු දෙයක් තියනවා එයා..."
"ඒ මොකද්ද...?"
"එයා ඔයාට විතරයි ආදරේ කලේ වෙන කාටවත්ම ආදරේ කලේ නෑ...එ්ක ඔයාට එයා කියන්න කිව්වා ඒවගේම ඔයාව තනි කලාට සමාව ඉල්ලුවා..."
"ඔයා මොනාද මේ කියන්නෙ....?ඇත්තටම නිසල්...."
"ඇත්ත සකුණි එයා ඔයාට විතරයි ආදරේ කලේ..."
මගේ ඇස් වල කදුළු බින්දු පිරෙද්දී, හිතේ තියන සතුටක්ද දුකක්ද කියාගන්න නොතේරෙන මොකද්දෝ මන්ද හැගීමක් මගේ හිත පහුරු ගාද්දී මන් ඔයාගේ කටහඩ අහන්න ඉක්මන් උනේ අවරුදු ගානක මගේ ආදර මතකයත් එක්ක...
"එයා කොහෙද ඉන්නේ...?"
"දැන් ටිකකට කලින් එයා මෙතන හිටිය,එත් දැන් නෑ..."
"ඇයි එයා කොහෙද ගියේ....?"
"අපි හැමොන්වම දාල ඔයාගේ ආදරේ විතරක් අරන් නොපෙනෙන ඈතකට එයා ගියා ...."
මගේ හිසෙන් පටන් ගත්ත අමුතු හිරියක් මගේ කකුලේ ඇඟිලි වල අන්තිමටම යනකන් ඇදිල ගියේ නිසල් ගැන රූප දාහක් මගේ හිතේ මවාගෙන.යන්තමින් හරි නොහිතපු දෙයක් ගැන මගේ ගෑණු ඉවට දැනෙද්දී මට එ්ක වචනෙට පෙරලන්න පුළුවන් උනේ නෑ...හීන් ඉකියක් මගේ උගුරේ හිර වෙද්දී එහා පැත්තෙන් සරසි අයෙමත් කතා කළා...
"මන් එන්නන් ඔයා ලෑස්ති වෙලා ඉන්න සකුණි....ඇවිත් හැමදේම කියන්නන්..."
*****************************************************
මගේ අර මුස්පේන්තු හීනේ ඇතුලේ ඔයාව දැක්ක වගේම ලස්සනට ඔයා ඉන්නව...එත්...මගේ හිත ඒ මුස්පේන්තු හීනෙට සාප කරනවා මිසක්...මේ ඔයා කියල පිළිගන්න ලැස්ති නෑ....මගේ කදුළු ඔයාගේ නළලට වැටෙද්දී ඒ සීතල නළලටම හාදුවක් දීල මන් එහාට උනේ කඩු කිනිසි සිය දහස් ගානක් මගේ හිත ඇතුලට කිදා බහිනවා තරම් වේදනාවක් මගේ හිත වෙලා ගනිද්දි....ඔව්...හැමදාම ඔයා මගේ....

සුරංගනා කතාවක් වගේ..මේ වගේ කතා අහන්න මං ගොඩක් කැමතියි.
ReplyDeleteදුක්බර කතාවක්. ගිම්ම්ට වෙච්චි දෙයක්ද?
මට වෙච්චි දෙයක් නන් නෙමෙයි...
Deleteඅවුරුදු පහකට කලින් ගිම්මි ඉස්කෝලෙ යන හොටු කෙල්ලෙක් අනේ හැක්.....
ඔය ආයෙත් පාරක් නම වෙනස් කලාවද්ද????
Deleteගිම්මි=ගීත්මාද, නැත්නම් එකවුන්ට් 2ක් තියෙනවද?
ඔය එක එක වෙලාවට නම් වෙනස් කරනකොට ඔයා අමාරුවේ වැටේවි...
නම වෙනස් කලේ නෑ...මගෙ ෆෝන් කට්ටෙ තියෙන්නෙ ඔපිසි මේල් එක නොවැ...ඒකෙන් තමා බ්ලොගය පැත්තෙ ආවේ.....
Deleteහැක්...ගීත්මා කියන්නෙ මගෙ සත්‍ය නාමය වන අතර ගිම්මි කියන්නෙ මගේ මිත්තරියො දාපු නම අලේ....හැක්...
ගිම්මි........... අර බ්ලොගය අතඅැරලා දැම්මාද???????? හරි මේක වෙනම අැඩ් කරගන්නම්........
ReplyDeleteනෑ නෑ ඒකම තමයි..url වෙනස් කලා විතරයි කුරුටු....
Deleteනිසල් ට ඇත්ත කියන්න තිබුණා.. අපරාදේ දුක්වේවි හිටිය අවුරුදු පහ.. සමහර විට ආදරය සමහර ලෙඩ සුව කරනවා.. හැබැයි ගොඩක් වෙලාවට වෙන්නේ ඔයා ලියපු විදියට තමයි.. ඒ කියන්නේ හේතුව කියන්නේ නැතුව වෙන්වෙනවා..
ReplyDelete//මගේ ඇස් වල කදුළු බින්දු පිරෙද්දී, හිතේ තියන සතුටක්ද දුකක්ද කියාගන්න නොතේරෙන මොකද්දෝ මන්ද හැගීමක් මගේ හිත පහුරු ගාද්දී//කතාව කියෙව්වම මටත් ඔය වගේ..
ගොඩක් අය ඔහොම දැනගත්ත ගමන් අනිත් කෙනාට හේතු නොකිය අයින් වෙනවා ඒකෙන් වැඩිපුර වෙන්නෙ ලෙඩෙ තියන කෙනාම තනි වෙන එක...අනිත් කෙනා ඒක දැනගන්නෙ පරක්කු වෙලා....ආදරේ එතනම නවතිනවා....එකතු වෙලා විසඳුම් හොයන්නෙ හරිම අඩුවෙන්...
Deleteහ්ම්ම් .....කතාව තේරිලා වගේ එහෙනන් හොදටම....
පිළිගන්න අමතක උනානේ අනේ..සමව භාජනෙක්ට දල දෙන්ට හොදෙයි.ඔන්න සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට...
Deleteඅදමද කොහේද මේ පැත්තට මුලින්ම ආවේ.
ReplyDeleteලස්සන ලියවිල්ලක්
සාදරයෙන් පිළිගන්නවා මේ පැත්තට...ස්තුති මනෝ....
Deleteමං කිව බොගේ යූ ආර් එල් එක වෙනස් කලොත් වෙන දේ ගැන හැත්
ReplyDeleteආයෙ අන්පලෝ කරල පලෝ කරල හෙන කට්ටකු කන්න වුණා ඊටත් එන්න කාපු කට්ට හැක්
අනේ ඉතින් සමාව භාජනයකට දාල මෙමාට දීලා යන්ට අනේ....හොයාගෙන මේ පැත්තට ආවට ඉස්තූති ඈ....
Deleteසමාව විකුණා ඇත
Deleteතොග මිලට ලබාගත හැක
තොග මිලට හරි කමක්නෑ අනේ සමාව දෙනවනන්...හැක...
Deleteතොග මිලට හරි කමක්නෑ අනේ සමාව දෙනවනන්...හැක...
Deleteහිතට වදින කතාවක් පහුගිය මතකයන් ගොඩාක් අළුත් වුනා,ස්තුති ස්තුති ගිම්මි,ජය වේවා
ReplyDeleteරස්තිට පරණ මතක අලුත් කරලා වැරද්දක් කොලාද මන්ද මන්...
Deleteඔන්න මං අද ආවෙ. ආයෙ දිගටම එන්නම්‍කො. හිතට දැනුනු කතාවක්.
ReplyDeleteසාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට..එන්නකෝ ආයෙමත්...
Deleteස්තුති කසුන් :)