tag:blogger.com,1999:blog-59683793624053414322024-03-12T21:21:59.972-05:00ගිම්මිගේ කොලමහිතෙන දේ, හිතෙන වෙලාවට, හිතෙන තාලයට ලියවෙන මගේ කොලම ගිම්මිගේ කොලමhttp://www.blogger.com/profile/08765936651933780605noreply@blogger.comBlogger58125tag:blogger.com,1999:blog-5968379362405341432.post-56414374624791256352021-10-23T11:44:00.001-05:002021-10-23T11:44:44.795-05:00දුවෙක් වැදුවොත් දෙන්න වෙනවා...කවදා කොහදිද ලියවී තිබුනා.....

රෝස රෙද්දක ඔතා ගෙනවිත්

මැණික අනේ මගෙ අතේ තැබුවා

නෝනෙ නුඹ රුව වගේමයිනෙ

ආදරේටම කඳුළු ඉනුවා....

දිනෙන් දින සති ගතව යද්දි

සොඳුරු නාරි රුවක් මැවුනා

වතුර කළයට මල් පිරී යද්දි

පොඩි කෙල්ල තරුණියක් වූවා....

ඉගෙනුමට කතාවට දස්කම්

කවදාත් නුඹ හපනි වූවා

නොපෙනුවත් අම්මා තරම්

මමත් හරි ආඩම්බරෙන් වුන්නා.....

සංසාරෙ පතා ගෙන ඇවිත්

පෙර ලෙසම නුඹේ පෙම්බරා

හමුවුනා කීවා ඇඹරෙමින්

මට රහසින්ම අම්මට එදා....

මහත්තයා අපෙ කෙල්ල දැන්

ලොකුයි කටයුතු ගැළපෙනා

නෝනෙ හෙමි හෙමින් කියමින්

මගේ හිත හැදුවා එදා.....

දුවේ නුඹ දන්නෙ නෑ ඉතින්

ලෝභ සිත නුඹ ගැන සිතා

මාත් අම්මත් ඇඩුවා රහසින්

නුඹ අපෙන් ඉගිලී යයි කියා....

දවස් ගෙවිලා ඒ දවස ඇවිදින්

නුඹ ලස්සනට මනමාලිය වෙලා

මම දරාගන්නේ කොහොමද කියන්

පුතේ නුඹ මගෙ හුස්ම ගත්තෙ ඉල්ලා...

පුතේ මගේ මැණික රැකගනින් හෙට

නෝනෙ දැන් ඇති ඉතින් ඇඩුවා

දුවෙක් වැදුවොත් දෙන්න වෙනවලු

කවද කොහෙදිද ලියවී තිබුනා....

ගිම්මිගේ කොලමhttp://www.blogger.com/profile/08765936651933780605noreply@blogger.com3tag:blogger.com,1999:blog-5968379362405341432.post-50103522153234001822020-03-30T11:33:00.001-05:002020-03-30T11:33:26.488-05:00පතනියක නොවූ අෑ..
අළුපාට අහසින් සීතලම වැහි බිංදු පොළව සිපගද්දි, විදුලි සැර ගිගුම් හඬ සමගින් පොරබදින විට කවුළුවෙ පියන්පත අතරින් මම දකින්නෙ ඡායාවක්.ඉතින් එය තිර ලෙසම මම දන්නව ඒ නුඹේ රුව.මගේ මනස තුළ නිරන්තර වද දෙන,නිරන්තර සුව සදන නුඹේ රුව.

සිව් වසක් ගතව ගොසින් මා නුඹව නොදැක.නුඹ සමග කතා නොකර.නුඹ හොඳින් ද,නුඹ කරදරයකද....අඩුම තරමින් නුඹ ජීවත් වනවාද කියාවත් දැනගන්න මා උනන්දුවක් නැතිව කෙසේ නම් සිටියාද????නුඹ අනිවාර්යයෙන්ම එසේ සිතනව ඇති.ඒත්.නුඹ වැරදි... මා වරින් වර නුඹේ වතගොත එහෙන් මෙහෙන් සොයා බලමින් නුඹ සතුටින්....නෑ යහතින් ජීවත් වන බව මා දැන සිටියා.නමුත් අද මට නුඹට කතා කරන්නම මගේ හිත බලකරනව.ඒත්...දරදඬු මුරණ්ඩු මගේ මොළය එය නවත්වනව.

අතීතය...ගෙවුනු ජීවිතයේ සුන්දරම වසර කීපය අයිති අතීතයට.එමෙන්ම විදවමින් තනිව ජීවත් වන මේ වර්තමානය තැනුවේද ඒ අතීතයමයි.

"මම වෙන ගෑණියෙක්ට අහු වුනා නන් මම කොතන ඉදීද කියන්න මම වත් දන්නෙ නෑ...අද මට ජීවිතෙ දෙයක් ලැබිල තියනව නන් ඒ ඔයා නිසා..."

නුඹේ ආදරේ නිරන්තර මට පවසන්න නුඹට උවමනාවක් නැති වුනත් එකම එක දවසක අපිට හුරුපුරුදු ලී බංකුවක ⁣ගලාගෙන යන ගඟ දිහා බලාගෙන ඒ කියපු වදන් මගේ සවන් තුළ තවමත් දෝංකාර දෙනව.නුඹ එදා වෙද්දිත් දැන සිටියා අපට තව දුරටත් එකම මාවතක යන්න දෛවය ඉඩ නොදෙන බව.ඒත් ඒ වෙන්වෙන අන්තිම දවස වෙනකන්ම අපි දෛවයට එරෙහිව උඩුගං බලා පිහිනන්න නොසෑහෙන ඵල රහිත උත්සහයක නිරත ⁣වුනා.ඒත් ඒ දවස්....හරි සුන්දරයි...රණ්ඩු,කඳුළු,සිනහ එක්ක පිරුණු මම දැකපු ලස්සනම ආදර කතාව තිබ්බෙ අපිට.අපි දිහා බලපු අපිට හදවතින්ම දිරිදුන්නු හැමෝම කිව්වෙත් එහෙම....⁣අපි ඇවිද්ද තරම්..කතා කරපු තරම්...

"මේ මම ඔයා එක්ක කතා කරන්නෙ නෑ කිව්වම මොකද ඔයා ආයි මට ගත්තෙ නැත්තෙ"

"ඔහොම කිව්වට උඹට ඉන්න බෑ කියල මන් දන්නවනෙ..."

හැමදාම අපේ රණ්ඩු ඉවරවෙන්නෙ එහෙම.නුඹ මහ පුදුම මනුස්සයෙක් මම දැකපු. මම කොයිතරම් දුරක හිටියත් නුඹට මාව දැනෙන විදිය මහ අරුමයක්.මට එ්ක අදටත් හිතාගන්න බෑ.ඒ වගෙම නුඹේ එක බැල්මක් ඇති මාව හුන් තැනම හිටවන්නත්....

"මේ මිනිහට කිසිම ගාණනක් නෑ...තමන්ගෙ කෙල්ල පස්සෙ අර කොහෙද යන එකෙක් එනව ඒ ගැන හොයල බලන්නවත් නෑනෙ...."

"ආ එහෙමද...මන් දැක්කෙ නෑනෙ..."

"මන් ගැන ඉතින් බලන්නෙ නෑනෙ....මම හෙට යනව ඌ එක්කම...මොකද හිනාවෙන්නෙ...."

"පුළුවන් දෙයක් කියපන් බන්...මන් නෙදන්නවද උඹේ හැටි ඕකා කොයි වෙලේ හරි අහගන්නව ආයි කෙ⁣ල්ලො දිහා නොබලන්න..."

"ඔයාට වැරදිලා....මම ඊයෙත් කතා කළා ඌ එක්ක..."

"ඌ ඊයෙ ආවේ නෑ ගෙදර ගිහින්ද කතාකලේ..."

"අහ් ඉරිසියාකාරයා ඔය හොයල තියෙන්නෙ..."

ඒ ආදරය හරි බොළඳයි වගේ හිතෙන්නත් පුළුවන්.ඒත් මම හිතන්නෙ ඕනම දාර්ශනිකයෙක් ජීවිතේ එකම පාරක් හරි මේවගේ බොළඳ ආදර කතාවකට හිමිකම් කියනව.එහෙම ආදරයක් විදිනව.ඒත් ඒක සඟවනව සමාජයට බයෙන්ද, තමන්ට ලැජ්ජ වෙයිද අනේ මන්ද....මොකක් හරි හේතුවක්...ඒත් නුඹයි මමයි එකට සිටියානන් අදටත් ඒ ආදරේ ඒ ලෙසම විදගන්නට තිබුණා නොවෙද....

"කණ පලාගන්නෙ නැතුව තියනව ඕක.."

නුඹ ළග ආදර ඇමතුම් ති⁣බ්බෙම අඩුවෙන්...වැඩිම කතා කලේ මේ විලාසයට...ඒත් නුඹ දන්නව මම ඒ විද්යට කොයිතරම් නන් ආස කරාද...පොඩි එකියක් වගේ හුරතල් වුනාද කියල...ඒ දවස් වල මම ආසවටත් නුඹව අවුස්සමින්,නුඹ ඔහොම කියනව අැහෙද්දිම මම හිනාවෙනව....ඒ ඇරත් ළඟ හිටිය නම් හාදුවක්...නුඹේ තරහව අමතක කරන්න මගේ ඒ එක හිනාවකට පුළුවන්....නුඹේ සිනහව ගේන්න ⁣ඒ ⁣මොහොතට මගේ එකම හාදුවත් ඇති....

ටික්...ටික්...

අතීත ස්මරණයෙන් මගේ දැහැන ගලවාගන්නෙ දුරබණුවට එන කෙටි පණිවිඩය.ඒ කවුද ....මේ වෙලාවෙ....

"ඔබ මා හම්වුනු මේ ඉර හඳ යට

කොතැනක සිට්යත් මා මළ දවසට

මගෙ ළඟ තනියට ඉනු මැනවි...."

පණිවුඩය එපමණකි.ඒත් දුරකථන අංකය....ඔව් ඒ ඔබ...වසරක් පාසා එන මගේ ජන්ම දින සුභ පැතුම හැරෙන්නට මේ සිවි වසරටම අමතරව ආ  එකම කෙටි පණිවුඩය.එය කියවු මෙහොතේ සිටම මට මේ දැනෙන්නේ කුමක්ද?සිහින් පිහි තුඩු හිස මෙන්ම ළයත් පසාරු කරගෙන යන්නාවු ඒ හැඟීම...එසේනම් නුඹ ඇත්තටම අතීතයෙ කිවු කතා සැබෑවක් කරමින්ද...

"ඔයා නැතුව මට ජීවත් වෙන්නත් බෑ...ඒත් අපිට දැන් කරන්න දේකුත් නෑ...මට ඔයාව මගෙ ළඟට ගන්න විදියකුත් නෑ...මම නිසා මිනිස්සු ඔයාට කතන්දර කියනව බලන්නත් බෑ...මට තියන විසඳුම මේ ජීවිතෙන් යන එක...එදාට ඇවිත් බලන්න අඬන්න මන් එපා කියන්නෙ නෑ...ඒත්  මට සමාව දෙන්න ඔයාව දාලා ගියාට..."

සංවේදි බවක් වචනයකින් කවමදාවත් නොපෙන්වන නුඹ එදා දෑසින් කඳුළු ඉහිරුවමින් ඒ කියපු වදන් නැවත නැවත ඇසෙද්දි...ජීවිතයෙ පළමුවෙනි වතාවට මම මේ තරම් කාලයක් නුඹෙන් සැඟවී සිටියාට පසුතැවීමක් ඉතිරිකර මට මා ගැනම තරහක් ⁣දැනෙමින් දෑසින් කඳුළු ගලා යන්නෙ මටත් නොදැනිමයි.නුඹේ කෙටි පණිවුඩය රතු එළියක්ද...නෑ මම නුඹට කතා කරනව අදම...නෑ මේ මොහොතෙම...

"ඔබ ඇමතු අංකය ප්‍රතිචාර නොදක්වයි.කරුණාකර පසුව අමතන්න..."

නුඹ නිහඬයි.මම මේ තරම් කාලයක් රිද්දුවද නුඹට...මගේ ළය තුළ පිහිතුඩු සිය ගණන් ඇනෙන්නා සේ දැනෙන මේ වේදනාව...එදා ඒ දවස නොතිබුණා නම් අද මෙලෙස නුඹත් මමත් මේ තරම් විදවන්න නොතිබුණා.

"දෝණි අද හරිම ලස්සනයි...හිනාවෙලා ඉන්නව...උඹව මම කැමැත්තෙන් දෙනව නෙමෙයි මට වෙන කරන්න දෙයක් නෑ...මන් මලක් වගේ උඹව පරිස්සම් කරේ...ඌට උඹේ කියන්න කිසිම අඩුවක් නෑ....."

නුඹ එසේ කියද්දිත් මා සියල්ල සැළසුම් කර හමාරයි.අපේ ගෙදරින් ගෙන ආ යෝජනාවට නුඹත් කැමති වෙමින් මට සූදානම් කළ මංගල්‍යය.මා වෙනත් කෙනෙකුගේ පතිනියක්ව කෙසේ නම් දෑඟිලි බඳින්නද...මගේ සිත නුඹට විතරක්ම බැඳී තිබෙන විට.පොරුවක තැලි පිළි පළදන්න නොහැකි ලෙස නුඹ මගේ වටිනාකම කෙළෙසා නැත.එහෙත් මගේ සිත මෙන්ම ගතත් නුඹව හැර වෙන කෙනෙකු පතන්නේ නැත....මට සිතුනු හොඳම විසඳුම පලා යෑමයි.මගේ සිතැඟි හඳුනන නුඹත් මා හට වෙන කෙනෙකු හා  යන්නම කියයි නම් මා යන්නම්....හැබැයි මේ සියලලන්ගෙන්ම ඈතට.මා එදා සිතූ ලෙසම නුඹ ඇතුළු සියල්ලන්ටම රිදවමින් මනාලිය පෝරුව වෙත යාමටත් මත්තෙන් හෝටලයෙන් අතුරුදන් විය.නමුත් මට නුඹ ඇවැසි නිසාවෙන්ම දෝ මගේ පැරණි  දුරකථන අංකය තවමත් ⁣එලෙසම මා ළඟයි.මුල් කාලයේ වරින් වර දුරකථනයෙන් මා අමතන්න නුඹ උත්සහ කරද්දිත් මා ඒ සියල්ල මගහරිම්න් නුඹට රිදවුයේ ඇයි....සමහර විටෙක ඒ මට නුඹට මා කළ වැරැද්දේ තරමට මුහුණ දීමට තිබුනා වු ලැජ්ජාව බය කළකිරීම වන්නට ඇති.එහෙත් නුඹ වසරක් පාසා ඒ සුභ පැතුම එවමින් මගේ මතකය පාරවමින් සිටි බව නුඹ වත් නොදන්නව ඇති.

"ඉන්න තැනකින් මේ දැන්ම නුවර හොස්පිටල් එකට එනව..."

අයියා....එක කුස නූපනත් එ් මගේම අයියා.අපිට හදවතින්ම ආශිර්වාද කළ කිහිපදෙනාගෙන් ඉදිරියෙන්ම සිටියෙ ඔහුයි.

නුවර....ඔවුන් මේ නුවර කෙසේද...ඇරත්.මා නුවර සිටින වග ඔවුන් කෙසේ දැනගත්තාද....

ඒත් රෝහලකට....මා තවත් ප්‍රමාද විය යුතු නැත.මා මේ තරම් කාලයක් සැමටම රිදවමින් මා ද තනිව විදවමින් සිටි කාලය නිමා කළ යුතුය.

"අයියෙ මම හොස්පිට්ල් එකේ.."

"ICU එකට එන්න...මම කියල තියෙන්නෙ...."

"ඒත්..."

දුරකථනය විසන්ධි කර හමාරය.මේ සිව් වසරටම යන්තම් හෝ මගේ කියා කෙනෙක් සමග සම්බන්ධතාවක් තිබුනා නම් ඒ මගේ අයියා පමණි.එහෙත් ඔහුටත් මා ඉන්නා පෙදෙස රහසක්ම විය.ඔහු සැමදා උපේක්ෂාවෙන් මා විද ගත්තද අද ඔහුගේ මේ සසල බව...ඇයි..

"අයියෙ....ඇයි...."

ඔහු මා දෙස බලා එහා වීදුරු කවුළුව වෙත නෙත් යොමද්දි  මා ද යාන්ත්‍රිකව ඒ දෙසටම මගේ බැල්ම ගෙනයන්නට විය.

"ආ...හ්......නෑ..."

මගේ දෑස් මටම බොරු කරනව...ඒ නුඹ.....යන්ත්‍ර කිහිපයක් මැද හුස්ම අල්ලන්න දඟලන නුඹ...නෑ....ඒත් මේ නුවර.....

"අයියෙ.....මේ එයා නෙමෙයි නේද....?"

"නෑ චූටි ඌ තමයි.....ඔයාව හොයාගෙන නුවර අාවෙ...."

"නෑ..බොරු...එයා දන්නෙ නෑ...."

"ම්හ්ම්...අපේ එකෙක් බැංකුව ළගදි ඔයාව දැකල....ඌ ෆලෝ කරන ගමන් මූට කතා කරල....මට අරන් මෙයා මම මීටින්...ඒ ඉවර වෙලා එද්දි මූ මෙහෙ එන්නත් ඇවිත්...."

"ඒත්...නෑ...නෑ...අයියෙ එයා....මට මේක එව්ව...."

"කෝ...මේ අපේ සිතුම කතා කරන්න කලින් එවපු එකක් ඔයාට..."

"ඒත් මන් ගත්තා...වැඩ කලේ නෑ...මෙහෙම වෙන්න බෑ...."

"ඌත් උඹ වගෙම අවුරුදු හතරම විදෙව්ව....උඹ හිතුවට නංගි ඌ වෙන කෙනෙක් ළඟට ගියෙ නෑ.එදා සිද්දියෙන් පස්සෙ මොන දේ වුනත් උඹව ඕනෙ කියල හැමතැනම හෙව්වා....මටවත් උඹ කිව්වෙ නෑ.....මම මේ අතුරු පාරෙ එද්දි මේක දැන ගත්තෙ...."

එවිටම නුඹ හුස්ම රඳවමින් සිටි කාමරයේ දොර හැරුණි.

"අයැම් සොරි මිස්ට...ඇක්සිඩන්ට් එක බරපතලයි ගොඩක්....අපිට එයාව බේරගන්න බැරි වුනා...."

මා රෝහල දෙවනත් වෙන්නට කෑ ගැසුවා පමණක් මතකය.

"පව් ඒ ගෑණු ළමයට හදිසි හාට් ඇටෑක් එකක්..."

ඉදින් කම්නැත එලොව නැතත් මා මෙලොව ඔහුගෙ තුරුලෙය.

ගිම්මිගේ කොලමhttp://www.blogger.com/profile/08765936651933780605noreply@blogger.com0tag:blogger.com,1999:blog-5968379362405341432.post-11661217926986961912020-03-20T10:03:00.001-05:002020-03-20T10:03:27.885-05:00ඉතින්, මම අහන්නෙ නුඹෙන්....
ලුමිනස් රතු පාට විතරක්මද

ආදරයෙ පාට කියන්නෙ

දිලිසෙන අළු පාටටත් පුළුවනි

ආදරයෙ පාට වෙන්න...

තදම තද රතු රෝස විතරමද

ආදරයට තෑගි කරන්නෙ

සුදුම සුදු දෑසමන් මලටත්

පුළුවනි ආදරේ තිළිණය වෙන්න...

නටුවක පිපී නැළවෙද්දි  විතරමද

පින්න මලකට ආදරේ වෙන්⁣නෙ

පුංචි පින්න කැකුළටත් පුළුවනි

නිමාවක් නැතිවම ආදරේ දෙන්න...

ඉතින්, මම අහන්නෙ නුඹෙන්...

බලෙන්ම තවරන වත්සුනු විතරමද

ආදරයෙ සුසුම් බැඳතියන්නෙ

ඈතින්ම එන සේපාලිකා සුවඳටත්

පුළුවනි නේද ආදරයෙ සුසුම් බැඳතියන්න?

ගිම්මිගේ කොලමhttp://www.blogger.com/profile/08765936651933780605noreply@blogger.com2tag:blogger.com,1999:blog-5968379362405341432.post-87910849161531659362020-03-04T01:53:00.000-06:002020-03-04T01:53:55.884-06:00අළුපාට සඳවතිය

අළුපාට නැති ස්වේත හුරු

සෙනෙහසේ හැඩ දැනෙන

නිම්හිම් නොදුටු මායිමක

කෝල දඟකම් විදින

අයිතියක් කාටවත්

නොපෙනෙන්න රහසේම

ගිගුම් දී විදුලි සැර

නොදි නිහඬවම වැසි

සීතලක සැඟවයන

අළුපාට අහසකට

සැනසිල්ලෙ පෙම් බඳින

සැබෑ අයිතිය හිමි (අහිමි)

අළුපාට සඳවතිය මම....

ගිම්මිගේ කොලමhttp://www.blogger.com/profile/08765936651933780605noreply@blogger.com4tag:blogger.com,1999:blog-5968379362405341432.post-28686833264890841092020-02-18T02:44:00.000-06:002020-04-23T05:42:47.837-05:00ඉකිබිඳිමි කවුළුව වසා....

දෙනෙත් නිදි සුව නොවිදිනා

යාමයේ මා තනිවෙලා....

සීරුවෙන් ඒ මතකය පුරා

සැරිසරමි මා තනිවෙලා....

ලියූ නොලියූ දහස් පෙම් කවි

ඇතේ හදවත සිරවෙලා...

නුඹ ලියූ ඒ විරහ කවියට

තවම මට තනුවක් නැතා...

වෙන්ව යන බව දැන දැනන්

හද කවුළු විවරව තබා...

නුඹ ගියානම් වසන්තය වෙත

ඉකිබිඳිමි කවුළුව වසා....

ගිම්මිගේ කොලමhttp://www.blogger.com/profile/08765936651933780605noreply@blogger.com1tag:blogger.com,1999:blog-5968379362405341432.post-21014401805057374002019-10-23T13:41:00.001-05:002019-10-23T14:04:06.090-05:00සඳ නුඹ
නොදන්නා මං මාවත්

සියක් පසු කරමින්ම

ඈත සඳ ⁣දිහා බලමින්

ඒ සඳ දෑතින්ම ගෙන

තුරුලු කර සැනසෙන්න

සිහින දකිනා ළඳරුවෙකු මෙන්

ඉමක් නොපෙනෙන

අහස් ගැබ උස

වෙන්ව හිදිනා නුඹ දිහා

බලමින්ම මම සුසුම්ලමි

හය හතර නොදත්

ළදරුවෙකු සේම.....

ගිම්මිගේ කොලමhttp://www.blogger.com/profile/08765936651933780605noreply@blogger.com6tag:blogger.com,1999:blog-5968379362405341432.post-62419945301794384892019-01-10T13:18:00.001-06:002019-01-10T13:23:57.051-06:00නෑවිත්ම ඉන්න....

නින්ද එන්නෙම නැති

දිගු රාත්‍රියකදි

තනිකමට හාදව

ඇස් කෙවෙනි අග

කඳුළු විතරක්ම

පරිස්සම් කරගෙන

ලවන් තෙත් කරන

කෝපි බඳුනට  වඩා

උණුසුම් වු හදවත

අද රැයෙන් පසුවවත්

මගහැර යන්න

පුළුවන් ද නුඹට....

ගිම්මිගේ කොලමhttp://www.blogger.com/profile/08765936651933780605noreply@blogger.com3tag:blogger.com,1999:blog-5968379362405341432.post-42079374558467171632018-12-11T23:44:00.002-06:002018-12-11T23:44:19.518-06:00බලාපොරොත්තුව

හිමි නොවන හුරුපුරුදු බැඳීමක

හිමිකමක් නොසොයාම

අයිතියක් නොකියාම

නුඹේ සුරතෙ එල්ලෙමින්

අපේ ඇස් කිවු කතාවක

හිස්තැනක් ගළපාන

ආදරය හැමදාම

මගබලනව සොඳුර

හෙටත් මේ බංකුව මතම....

12/12/2018

~ගිම්මි~

ගිම්මිගේ කොලමhttp://www.blogger.com/profile/08765936651933780605noreply@blogger.com1tag:blogger.com,1999:blog-5968379362405341432.post-9615298582802346742018-11-28T02:08:00.001-06:002018-12-11T23:43:05.054-06:00ප්රේමය හමුවීම

ගෙවුණු විසිතුන් වසක් පුරා

මම ප්රේමය සොයා ගියෙමි

දුටු තැනක ප්රේමය ඇත්දැයි

අකුරු කියවා බැලූයෙමි

හමුවුණු ඇතැමුන් ළග

ප්රේමය ඇතිදැයි විමසුවෙමි

නමුදු ඒ කොතැනවත් නැති

ප්රේමය දැනුනි වින්දෙමි

අයිතියක් නැති නුඹට පෙම්කර....

2108/11/27

~ගිම්මි~

ගිම්මිගේ කොලමhttp://www.blogger.com/profile/08765936651933780605noreply@blogger.com6tag:blogger.com,1999:blog-5968379362405341432.post-76132873491761426882018-10-24T09:24:00.000-05:002018-10-24T09:32:53.244-05:00දැවෙනවද...නිවෙනවද....

කොළඹ අහස හිරුගේ අයිතිය සඳුට පවරන්නට සූදානම්...ඒ අයිති හුවමාරුව හැමදාම පුරුද්දට වුනත් මට පුළුවන් ද නුඹට හැර මගේ අයිතිය වෙන කෙනෙකුට පවරන්න..තාමත් මම අර සිමෙන්ති බංකුව උඩ...අපි කන්න ගත්තු වඩේ උරය භාගයයි හිස්වුනේ...මට තිබුනෙ ඒක ඉවර වෙනකන්වත් ඒ ගැන නුඹෙන් අහන්නෙ නැතුව ඉන්න...මොකද නුඹ අද ආවෙත් වෙනදා විදියටම ආදරෙන් ඉන්න...ඒත් මම ආවෙම ගින්නකින් ඇවිලෙමින් ඒ ගින්නෙන් නුඹ ද පිච්චෙන්නෙ මම ද පිච්චෙන්නෙ කියලවත් හිතාගන්න බැරිව....ඉතින් වෙනදට නුඹටත් වඩා ආදරෙන් මේ හමුව බලාපොරොත්තු වෙන මට අද මේ හමුව තවත් කල් ගියා නන් හොදෙයි කියල හිතුනු වාර ගණන අනන්තයි....මොකද නුඹ නොදන්නවට මම දැනගෙන හිටිය මේ අවසානය මොකක් වුනත් අද මට විදගන්න වෙන බව....ඒ මොනව වුනත් පුරුද්දට නුඹට ගේන රෑ බත් පාර්සලය මගේ අත් බෑගයෙ බලා ඉන්නව නුඹේ අත් අතරට මැදිවෙලා යන්න....

"මේ...අර කෙල්ල මොකද එච්චර ඔයාගෙ ඇගේ එල්ලෙන්නෙ..."

"කව්ද...?"

"අර හැමදාම ඔයා ළගින්ම ඉදගන්නෙ....."

"අපෝ....එයා මහ වදයක්...."

නුඹ එදා ඉදන්ම කිව්වෙ ඒක...අදත් කිව්වෙ ඒකමයි...."ඒකි මහ වදයක්..."

ඒත් මගේ හිත තාමත් උත්තර නැති ප්රශ්න වැලකින් පැටලි පැටලි යනව...ඒ පැටලුම අවසානෙ මහ විසාල ගින්නක් වෙන්න කලින්ම නිවා දමන්නයි අවැසි මට....ඒත් මට තරමටම නුඹට ඒ ගින්න දැනෙනවද...නුඹට ඒක නිවන්නට අවැසිද යන්න මේ දැනුත් මම හිතනව මෙතන මෙහෙමම ඉදගෙනත්....අනේ මන්ද....නුඹත් මේ හැන්දෑවෙ අහස වගේ....නුඹේ හැඟීම් නුඹ හරි ඉක්මටනට වෙනස් කරනව...මේ දැන් තැඹිලි පාටයි නන් අහස තව මොහොතකින් දම් පාට වෙනනත් පුළුවන්...අළු පාට වෙන්නත් පුළුවන්....නුඹ හරියටම අන්න ඒ වගේ...මේ මොහොතකට කලින් දොඩමළුයි මට ඇසිපිය වත් හෙලන්න නොදි නුඹ ළග තියාගන්න තරමටම...ඒත් ඊළග මොහොත නිහඬයි මට නුඹෙන් ඈතටම දුවන්න හිතෙන තරමටම...ඇයි ඒ.....හ්ම්ම්....මම දන්නව නුඹ ගැන...නුඹ වුවමනාම දේ විතරක් කතාකරන,හැම හැඟීමක්ම නුඹේ හිත ඇතුළෙම තියාගෙන රසවිදින එහෙමත් නැත්නම් විදවන අමුතු ආදරවන්තයෙක්...මට ඕන වුනෙත් නුඹ වගේ පිරිමියෙක්....ආඩම්බරකාර ආදරවන්තයෙක්....ඒ දැන දැනත් මම මෙහෙම ඉන්න එක හරිද....සිමෙන්ති බංකුව උඩ තාමත් වඩේ උරය.... විසික් කරනවද....අරගෙන යනවද....

"ඇයි ඔයාට කියන්න බැරි...."

"මොකද්ද...."

"ඔයාගෙ ඇගේ එල්ලෙන්න එපා කියල..."

"මේ අහන්න....ඔයාම කියන්නකො ඔයා ඉස්සරහම මම දවස් කීයක් බැනල ඇතිද...."

"හ්ම්ම්....."

ඇත්ත....නුඹ මගේ ඉදිරියෙම ඇයට තියා මටවත් දරාගන්නට අසීරු වදන් වැල් ඇයට දමා ගැසුව වාර අනන්තයි...ඒ කවදත් මම නුඹව සන්සුන් කරගත්තෙ මගේ එක බැල්මකින් විතරයි....

මේ එකම දේ මම අහන්නෙ අදට හරියටම තුන් මාසයයි දින එකොළහක් පුරාවටම.....ඒ මූසල හැන්දෑවක විසකුරු හැපින්නක් මගේ හිතේ අවුළුවා ලු ගින්න....එහෙත් මේ මගේ ගින්නටත් වඩා වේගෙන් බුර බුරා නැගෙන නුඹේ තරහව...ඒ ගිණි කන්දක්....හැමදාම මම එතනදි පරාදයි කියල නුඹට අගවනව....නුඹ හරි වුනත් වැරදි වුනත්....ඇයි ඒ...මට වත් හිතා ගන්න බෑ තාමත් ඒ මොන හේතුවක්ද...ඇත්තටම මේ ආදරය රැකෙන්නෙම අපේ නිහඬබවින්....මම ගිනිගනිද්දි නුඹ මටත් වඩා ගිනි පුපුරු විසුරුවා හරිනව....ඉතින් මම නිවිය යුතුමයි....හේතුව....මගේ හිත කොයිවෙලෙත් කොනිත්ත කොනිත්ත මතක් කරනව....මොකද්ද...

"උඹට එයා නැතුව බෑ....උඹ කවදාවත් එයා ඉස්සර කරන්න කැමති නෑ...උඹ පරාදයි...."

ඔව් එහෙම වෙන්නැති....එහෙනන් අද මොකද්ද මේ වුනේ....ඉස්සර කරන්න අකමැතිම රේඛාව මතයි මම අද හිටගෙන ඉන්නෙ...ඔහුත් එතැනමයි....එහෙනම් කවුරු මේ රේඛාව ඉක්මවා යා යුතුද...."මම"....තීරණය බර වැඩිම ඒ පැත්තට...මේ ගින්නෙන් ඒ තරමටම මම හෙම්බත් වෙලා....ඒත් නුඹ පඬුපැහැ හිස් කඩදාසික් වගේ...කිසිම හැඟීමක් ලියවිලා නැති නුඹේ වත මාව බලාපොරොත්තු වෙනවද....නැතිනම් මම රේඛාව ඉක්මවන තුරු බලා ඉන්නවද....අව්ව නැති එකත් හොදයි...නැත්තනම් මෙහෙම කල්පනා කරන්නත් අමාරුයිනෙ....ඒ අහුමුළුවලින් මට ඒවත් හිතෙනව...මේ හැමදේම තුන් මස් එකොළොස් දිනක් මම අහපු වගෙම නුඹ මට කියු දේ.....ඒත් මේ අද මම අවුළුවා ගත්තු ගින්න....මරණීය විස දළ වලින් පිරුණු ගින්නක්....

"මේ බලන්න...මේ බලන්න....එයා කියනව ඔයා එයාට ආදරෙයි කිව්වලු....ඔයා එයාව හම්බවෙලත් තියනවලු....."

අද මේ ගින්නට ඇවිලෙන්න දුන්නු ඉන්ධන...විසකුරු හැපින්න අතිශෝක්තියෙන් කියපු හැමදේම මගේ දුරබණුවෙ සටහන් වෙලා....ඉවසිය නොහැකි තවත් මට....ඉතින් තවත් මගේ රේඛාව රැකගන්න අවැසිද...නැතිනම් අදත් පරදිනවද...

"පිස්සුද අනේ....හරි නල්ලමලේ බඩ්ඩනෙ ආදරේ කියල ගිහින් හම්බවෙන්න....ඔයත් කාගෙ හරි කුණු ටිකක් ඔළුවෙ දාගෙන මාත් එක්කම කියවගෙන එනව....ඒකිට තියෙන්නෙ ඉරිසියාව...ඔයාට තේරුම් ගන්න මොළයක් නැද්ද....කට වහගන්නව දැන් ඇති හොදටම....අනික ඔයත් හාර හාර අවුස්සන හින්ද තමයි ඕකි කියවගෙන එන්නෙ ඔයා එක්ක....."

"ඔයා කියන්නෙ තමන්ගෙ මනුස්සයා ගැන වෙන එකියක් ඇවිල්ල කියද්දි බකන්නිලන් ඉන්න කියලද.....මට ඕන ඇත්ත දැනගන්න...."

අද මමත් පරදින්න සූදානමින් නෙමෙයි ආවේ....ඉතින් කොහොම හරිම නුඹෙන් මෙය දැනගත යුතුමයි මම....නුඹට වෙනව මේ හැමදේම අකුරක් නෑරම මට කියන්න.....නැතිනම් මම ගෙදරින් එළි බහිද්දිම ගත්තු තීරණය,දැකපු අවසානය මා භාරගත යුතුමයි....නුඹේ ඔය නිහඬ පිළිවෙත තමයි මගේ හිතුවක්කාරකම අවදි කරවන්නෙ.... ඒත් කවදත් නුඹව තරහ ගස්සන මගේ හිතුවක්කාරකම නුඹ එක සතයකටවත් මායිම් කළේ නෑ අදත්....ඉතින් මගේ ගැහැණු හිත අසරණයි...හිතන්නත් කලියෙන් මගේ කඳුළු ඇහි පිය වැට පනිද්දි නුඹේ දඩබ්බර පිරිමි හිත සසල වුනා නොහිතපු ලෙසකට....

"හරි මම කියන්නන්....."

නුඹ ලෑස්ති පරදින්න....මම හිතින් හිතුව මීට මිනිත්තු කීපයකට පෙරම...ඒත් කව්ද දැන් පරදින්නෙ අදත්...මගේ හිතේ සිහින් ඉදිකටු තුඩු දහස් ගාණක් ඇනෙමින් හිරිවට්ටවනවද මන්ද....මොනව කියයිද නුඹ....

"එයාව අදුරන්නෙ මම ටික කාලෙකට කලින් ඉදන්......."

එතනින් පටන් ගත්තු නුඹ, ඇය නුඹෙන් ඉල්ලුව සුළු සුළු උදව් උපකාර නුඹ ඇයත් සමග කළ අතමාරු පහුවෙන්න ඇය නුඹෙන් ආදරය බලාපොරොත්තු වුනු විදිය මේ හැමදේම එකින් එක කියද්දි මගේ ගින්න නිවෙන බව දැනීම වැඩි වෙනව වගෙයි....ඒත් මට ඕනම පිළිතුර මම ම ගත යුතුයි....

"එතකොට ඔයා ආදරෙයි කිව්වෙම නෑ කියලද කියන්නෙ...."

"ඔව් ඔව් සිංහල තේරෙනවනෙ...."

"හොදටම විස්වාසයිනෙ...."

"මේ ඔයත් මගෙන් බැණුම් අහන්න හදන්නෙ....එක එක #%&*@* අහල....ඔයාට ඕන දෙයක් හිතාගන්නව මාව විස්වාස නැත්තන් මන් යනවා...."

ඔව් නුඹ ගියා රේඛාව මතට....නුඹෙත් ඉවසීම් කඩඉම මම තුන් මසක් එකොළොස් දිනක් තිස්සෙම පිරික්සනව.....එකම ගින්න වෙනස් විදි කීපයකටම දල්වල බැලුව.....ම්හ්ම්....නුඹ එකම තැන එක ඉස්පිල්ලක් පාපිල්ලක් වෙනස් නොවී එකම විදියයි....එහෙත් අර හැපින්න ඒ හැම දවසක්ම මට දුන්නු විස විවිධාකාරයි.....ඉතින් දැන් තීරණය ගත යුතුමයි...නුඹේ අර ගිනි කන්ද පුපුරන්න තව තත්පර ගාණයි....එහෙත් යනව කියල ගිය නුඹ මාව නොදකින්න මුහුද දෙසම බලාගෙන නැවතිල්ලෙ...දැන් තමයි වෙලාව....මම අත ගෑව සිමෙන්ති බංකුව..සීතලයි....එතකොට මේ වඩේ උරය.....ඒක අරන්ම යනව....

"මාත් එනව....මට විස්වාසයි ඔයාව....ඔයා නැතුව බෑ...."

අදත් රේඛාව මතින් මම පසුබැස්සා....වඩේ උරයත් අරන් මම එල්ලුනා ඒ සිහින් දිග අතක...රෑ බත් පාර්සලයත් හරි ඉක්මනට පැන්නා ඒ දෑත් අතරට.....

"මම ආදරෙයි....."

ඒ නුඹෙන් මම අහන්න කැමතිම...නුඹ නිරන්තර නොකියනම වචනය......

ගිම්මිගේ කොලමhttp://www.blogger.com/profile/08765936651933780605noreply@blogger.com2tag:blogger.com,1999:blog-5968379362405341432.post-40234448533159517022018-09-22T01:35:00.001-05:002018-12-12T00:01:10.020-06:00ඒ තරුවක්...

"හරි රස්නෙයි...."

මේ ඉරෙන් හරි කරදරයි....

අයින් කරන්න එහෙනන්

මුළු අහසින්ම.....

"බැරි දේවල් කියන්නෙපා"

කොහොමත් ඉන්නම වෙනව...

දරාගන්න එහෙනන්

අකමැත්තෙන්ම හරි....

"තරුවක් වෙනවද..."

ඉරක් තරමට කරදර නැති...

ඊටත් වඩා එළියක් දෙන...

"පුළුවන්..."

තරුවට පුළුවන්ද හෙට

නවතින්න මහ දවල්ටත්....

"නතර කරගන්නම්...."

ඒත් ඉරක් මැ'යි පිළිගනිවිද....

මොන දේ කළත්....

ඒ තරුවක්....

ගිම්මිගේ කොලමhttp://www.blogger.com/profile/08765936651933780605noreply@blogger.com2tag:blogger.com,1999:blog-5968379362405341432.post-56843919962860762292018-06-27T20:02:00.000-05:002018-06-28T11:16:37.182-05:00නුඹ කිනම් පැහැයක්ද......- 2

නුඹ කිනම් පැහැයක්ද...- 1

"අයියෙ මේක ඔයාට..."

"මොකද්ද..."

"මගෙ වෙඩින් එක..."

ඔව්...නුඹ නිවැරදි...එදා මගේ හදවත අඳුරුම අඳුරු අළු පැහැයක්...නිකන්ම නෙමෙයි මහා සද්දෙන් අකුණු වදින මූසලම වුනු සැන්දෑවක්....ජීවිතය යථාර්ථයත් සිහිනයත් අතර කටුකබව විදගත් වේදනාන්මක හෝරාවක්...නුඹ මාව ලා රක්තයෙන් සායම් කරද්දි මට නොහැකි නුඹ ලා රත් පැහැයක් නොවේ යැයි කියන්න...ඒත් මම කියන්නෙම ඒ මළ සැදෑව ලා තැඹිලි පාටයි....ඒ මම කියන්න ආසම පාට කාලයකදි...ඒත් දැනුත් දෛවයේ මොකක්දෝ සරදමකට කැමැත්තක් ඇතුවත් නැතුවත් මට කියන්න වෙන්නෙත් මේ මළ සැදෑව ලා තැඹිලි පාටයි.....

ලා රත් පැහැය මගේ සිත සොරකම් කරලම නැද්ද....මම මේ තරම් කාලයකට දැනුනත් නොදැනුනා මෙන් සිටිය නුඹ ගැන විදගත් හැඟීම් රෑන...ඉතින්...මම වැරදි...මට කවමදාවත් කියන්නට නොහැකි ලා රත් පැහැය මගේ නෙත සිත සොරකම් නොකල බව....මේ මගේ යැයි කියන්නට අයිතියක් ලබා දිය නොහැකි නුඹ දුටුව පළමු දවස...මගේ ආඩම්බර විදගත් නුඹත් නුඹේ ආඩම්බර විදගත් මමත් හැගීම් විරහිත මුහුණෙන් ,කතා කරන දෑසින්, දොඩමළු හදවතින් මුළු ලොවකට රහසින් අපි අපිට ලංවෙලා....හැඟීම් විරහිත මුහුණින්....ඔව්...ඒ මම ම විතරයි....නුඹේ මුහුණ හැඟීම් සාගරයක්....ඇසිල්ලෙන් වෙනස්වන නුඹේ වුවනත හැඟීම් මගේ හදවතේ රළු බව සෝදා දමන අපූරුව....නිරන්තර සිනහවෙන නුඹේ දෑස්...දොඩමළු නුඹේ මුව අමතක කරනව මට මගේම අයිතිය....නුඹට කාලයක්ම හිතාමතාම වසන් නොකෙරුව එහෙත් වසන් වී තිබුනු සත්යයි එය....

"ඔයා මම එව්ව වීඩියෝ එක බැලුවද..."

"හ්ම්ම්...ඔව්...."

"ඉතින්....තේරුනේ නැද්ද...."

"හිතාගන්න බෑ..."

"එයා ඔයා වගේ...."

නුඹ තවම පුංචි සමනළියක්....අහස පුරාම ලා රක්තය තවරගෙන තටු ගැහුවත්...මේ අහසට බලා හිදිනව හැරෙන්නට තටු ගහන්න අවසර ලියා දිය නොහැකි...ඉතින් නුඹේ බොහෝ ඉඟි ළග මගේ මුව මුනිවත රකිනව....ඒත් මගේ හිත...තව තවත්...තව තවත් ඉල්ලන්නෙම නුඹේ බොළද කටකාරකම්....සතුටින් කරනම් ගසන මගේ හිතේ එක පැත්තකට අනෙක් පැත්තෙන් ලැබෙන්නෙම රැවුම් ගෙරවුම් විතරමයි...නුඹට වගෙම මටත් විකල්ප නැති එකම මගක් පමණක්ම ඇති මාවතක අපි අපි දිහාම බලාගෙන විදිනවද...විදවනවද...නුඹට වගෙම මටත් තේරුමක් නෑ...නුඹ ආසම මගේ ආඩම්බරකමට...ඒත් මම ආසම නුඹේ....ඇත්තටම....හැමදේටම....එකම එක දෙයක් කියල කියන්න පුළුවන්නන්....එහෙනම් නුඹ ගැන දැනෙන මේ හැඟීම් රෑනටත් නමක් දෙන්න තිබුන හරි ඉක්මනටම....නුඹට වගෙම මටත්....මට වගෙම නුඹටත්....

මේ තියෙන්නෙ නමක් ගමක් ලියාගන්න බැරි අයිතියක් නැති නිර්නාමික බැදීමක්...ඇයි අපි ඒකට ආදරය කියන්නෙ නැත්තෙ....නුඹ වගෙම මමත් භයයි අපි කැමතිම පැහැයෙන් මිදෙන්න...හිත සොරකම් කරන පැහැය ළග නවතින්න...භයයි...කාටද...අනේ මන්ද....

"ඒ කවිය ඔයාට නෙමෙයි...."

"මේ ඇහුනද....ඒක වැරදුනා මට...ඔයාට නෙමෙයි එවන්න ඕනෙ..."

"හ්ම්ම්...."

"ඔයාට කවි ලියන්නෙ මොකටද මම....."

මම දන්නව නුඹේ කවි වල මම ඉන්න බව....ඒත් නුඹේ කවි අයිති මට නෙමෙයි...ඒ බව නිරන්තර නුඹේ මුවින් ගිලිහෙද්දි...ඒ කවි වල සින්නක්කරම අයිතිය වෙන කෙනෙකුගෙ කියද්දිත් මට දැනුනා නුඹේ කවි වල මමත් ඉන්න බව....ඒත් නුඹ නොපෙන්නා ඉන්න හැදුව කවියත්....මම නොදැනුනා ලෙස විදින කවියත් නුඹත් මමත් වසන් කරන එකම පැහැයක්...ආයෙමත් නුඹේ ඉඟි ළග මම අසරණයි....මට දැනෙනව...නුඹත් නුඹේ හිත ළග අසරණයි....නුඹ වගෙම මගේ අයිතියත් මම සින්නක්කරම ලියා අවසන්.....එහෙනම් මොන කරුමක්කාර බැඳීමක්ද මේ....මට මමත් නුඹත් මේ ලෝකයත් මේ දෛවයත් වෙනස් කරන්න පුළුවන් වුනානම් එක මොහොකට...

"එකාතකින් මට නුඹව මුණනොගැසී මගහරින්නත්....එහෙමත් නොවුනිනම් සදාකාලික අයිතිවාසිකම ලියාදෙන්න හෝ තිබුනා මට..."

ඇරඹුම කවාදාදැයි නොදන්නා මේ බැඳීමක පෙන්නූ හැඟීම් වලටත් වඩා නොපෙන්නූ හැඟීම් නුඹ දෙසට දරුණු ලෙසම බලපෑම් කරද්දිත් මට මාවම සඟවන්න ඕනි වුනා...වෙන කිසිවමක්ම නොවෙයි ඒ නුඹත් ලෝකයට තවත් අසම්මතයක් වේ යැයි බියෙන්..නුඹේ ගැන මගේ හිත පුරවගත්තු බරැති හැඟීම් රෑන වගෙම මට නිරන්තර වදදෙන හැඟීම...මම නිසාම නුඹ වරදකාරියක් වෙයිද....ඉතින්...නුඹේ දෑස් ඒ සිනහව කිසිම විශේෂයක් නොමැති බව මගේ මුවින් පවසද්දිත්...නුඹ නෙදෙැක ගෙවුනු හෝරාවට මගේ සිත නුඹ සොයන තරමත්....මගේ සිහිනවල නුඹ නොමැති බව පවසදදිත්....සිහිනයත් නුඹවම පතන බවත් නුඹ දන්නවනම්....කරන්නම දෙයක් තියනවද...ඒ දැනගත්තත්...

සිනමාව ගීතය ඇතුළින් එකතු වන බොළද ආදර කතාවක් ලෙසම අපේ කතාවත් මේ බැඳීමත් එකතු වෙනවනන්....නුඹට වඩා වයසින් මුහුකුරා ගිය මමත් දැන් නුඹ තරමටම බොළද හැඟීම් ළග මංමුලා වෙනවද මන්ද....කොයිතරම් නුඹ ළග කඩා නොවැටී ඉන්නට වෙර දැරුවත් අසාර්ථකයි මම...නුඹේ එක කෙටි පණිවුඩයකට වත් පිළිතුරු නොලියන මම වරින් වර දුරබණුව බලන්නෙත් නුඹේ කෙටි පණිවුඩයක්....නෝක්කාඩුවක් බලාපොරොත්තුවෙන්....ඒත්...නුඹට මගේ පිළිතුරක් නොලැබෙන තරම්....නුඹ පුරුද්දටද මන්ද නොක්කාඩුවක් හරි කෙටි පණිවුඩයකට අමුණල එවද්දි මගේ හිත කරනම් ගසන තරමක්...ඒ දැනෙන හැඟීම්....කුමක්ද කියල පහදන්න පුළුවන් නම් නුඹට මම බොහෝ දේ පවසා අවසන් වෙන්නත් තිබුනා .....

"ඇයි ඒක ඇන්දෙ නැත්තෙ...."

"හරි මම හෙට අදින්නන්...."

"ඕනි නෑ මම තරහයි...."

මට මගේ හිතත් එක්කම දරාගන්න නොහැකි තරමට දැනෙන විරසකයන් මැද ඇයි මම නුඹට අවනත....නෑ මම නුඹෙන් ඈතට යනව....පුළුවන්ද....මම නුඹට දනවනව එහෙමත්....ඒත් මගේ හිත කඩාවැටෙනව නුඹ ළගදි.....මටත් අවැසි මම කැමති දේ නුඹ ලෙසම පවසන්න....නුඹ මම කැමතිම විදියට දකින්න....ඒත් මම මාවම සඟවනව...නුඹ නුඹව සගවනවටත් වඩා හරි ඉක්මනට.....අපි අපිවම සගවල සොයා යන්නෙ මොනවාද...වෙලාවකදි මම හිතනව...ඒත්.. නුඹටත් වඩා බැමි වලින් බැදුණු මම නුඹව අතරමං කරනවනන්....ඒ පවක් මම මටම කරගන්න....

"තාත්ති අපි ලෑස්ති...."

අද මේ මොහොත...නුඹ එදා දුන් ඇරයුමට සාධාරණය තුරුලු කරන් මගේ හැඟීම් සුපුරුදු ලෙසම වළ දමා සූදානම් වෙමි....නුඹ අද වෙනදටත් වඩා සුන්දර බව මෙනෙහි වන වාරයක් පාසාම හිතට දැනෙන බර හැඟීම...එ් මොකද්ද....පිරිමි පපුවක් හැඟීම් කියන්නෙත් කලාතුරකින්....ඉතින් අදත් මම නිහඬයි....අහස ලා රත් පැහැයක්...නිවුනා සේ පෙනෙන මළගම් නොයන සැදෑවක්....ඒත් මේ ලා තැඹිලි පැහැ අහසක්....ඒ අහසෙ රැකවරණයෙන් සාරය ලැබු පුංචි වළාකැටි දෙකක්....ඉතින් මම එනව හැඟීම් වළදමා බලා හිදින්නට සුපුරුදු ලෙසම නුඹ දෙස....වළාකැටිත් දෑතට රැගෙන.....

"බලා සැනසෙමි නෙළාගනු බැරි

හන්තාන සිහිනේ....."

කොහේ හෝ ඈතක මගේ හද ගීය මටම ඇසෙන්නට වැයෙන අපූරුව....

(ඔහුගෙන් ඇයට)

ගිම්මිගේ කොලමhttp://www.blogger.com/profile/08765936651933780605noreply@blogger.com9tag:blogger.com,1999:blog-5968379362405341432.post-4026307471816997132018-06-21T19:25:00.001-05:002018-06-21T22:48:18.681-05:00නිමිත්ත

කවියක් ලියවෙන්නෙම

වේදනාවක් තදින්ම

හිත අස්සට රිංගන දවසට...

පණ ගැහෙන සියුම් නහරකම

ලේපාටටත් වේදනාවන්

උඩුදුවන ගොම්මනක.....

කඳුළු පොකුරු දෑසින්ම

පොරෝනාව තෙත් කරන

කළුවරම රෑකට....

ඉතින්.....

කවියක් ලියවෙන්නෙම

කවියක් කියන්නෙම

වේදානාවක අංශුවට....

ගිම්මිගේ කොලමhttp://www.blogger.com/profile/08765936651933780605noreply@blogger.com5tag:blogger.com,1999:blog-5968379362405341432.post-78327686016280029952018-06-12T12:04:00.001-05:002018-06-27T19:39:48.428-05:00නුඹ කිනම් පැහැයක්ද....- 1

මළ හිරු බැස යන ලා දම් අහස දෙස කවුළුවෙන් එබී බලමි.ලා දම්...ලා දම් විතරමද අහසෙ තියන පාට දැන්...නෑ..ලා තැඹිලි වගෙම රක්ත ලා පැහැයකුත් අහස අරක්ගෙන ඉවරයි...ඉතින් මම ලා දම් කියන එකම විතරක් හරිද....ඒත් හැමෝම මේ මළ සැදෑවට දෙන්නෙ එකම පැහැයක්...ඒ තමන් වැඩිපුරම ඒ අහස පාට වෙලා තියනව දකින්න කැමතිම පාට...ඉතින් මම කියන්නෙත් ලා දම් අහස...ඒත් රක්ත ලා පැහැයත් මගේ නෙත සිත සොරකම්කරල ...එහෙනම් සාධාරණ ද මම ලා දම් අහස කියන එක....ඔව් ඉතින් මම ආසම පාට ඒ...ඒත් හිත හොරකම් කරපු ලා රක්තය....හ්ම්ම්....හරියටම නුඹ වගේමයි ලා රත් පැහැය...හිත හොරකම් කරගෙනම ඉවරයි...ඒත් බැල්මකින් වත් අයිතිවාසිකමක් මට දෙන්න බැරි වුනු මගේ හිතම වැට කඩුලු සීමා දමමින් ලොවට නොකියූ නොපෙන්නූ ලා රත් පැහැය නුඹ...

කාලයක් පුරාවටම මගේ හිත නමක් නැති හැඟීමෙන් නුඹව දකිද්දි සතුටින් කරනම් ගසද්දි,මගේ මොළය ඒ හැමවෙලේම මතක් කලේ මට අයිතිය කියන මගේ අයිතිය....එහෙමනම් මේ වැරද්දක්ද...අනේ මන්ද...වසරක් හමාරක්ම ඉදහිට දකින නුඹ දිහා බලාගෙන විතරක්ම මම කල්පනා කලේම නුඹේ රුව තුළ සැගවුනු හුරුපුරුදුබව...අසීමාන්තිකව නිදහසේ දුවන සිතුවිලි අතර මම නුඹට දෙන්න නමක් හෙව්ව... අදටත් හොයනව...හෙටත් හොයයි...නුඹ මගේ මනසෙන් අයින් වෙලා යන දවස වෙනකන්ම....

"මට පේන්නෙ නෑ මෙහෙට වෙන්න"

නුඹ මුවින් නොකියා දෑසින් දොඩමළු වු පළමු වදන් පෙළ...හුරුපුරුදු ආඩම්බරකම මුහුණෙ රදවගෙන බලන බැල්ම...කලාතුරකින් දකින නුඹේ සිනහව සිරකරගත්තු තදින් පියවුනු මුව....ඒ මුහුණ පුරා ඇදි ගණ රැවුල ...පළමුවෙනි වතාවට හිතේ තදින් ඇදි යද්දි...මගේ මොළය මතක් කරන අයිතියට වඩා මගේ හිත හොයන හුරුපුරුදු බව මාව පාලනයට නතු කරගෙන හමාරයි....එදා ඉදන්ම හැමදවසකම දකින නුඹේ රුව නිසාම මගේ හිත එක්ක මගේ මොළය රණ්ඩු සරුවල් වෙද්දි මගේ දෑස හිතේ හැටියට නුඹේ රුව වින්ද....ඇත්තටම ඇයි මට නුඹට දෙන්න නමක් නැත්තෙ....

පෙර ඉදහිට දුටු නුඹව දැන් දැන් උදේ සවස දකිද්දි මගේ දෑස වගෙම හිතත් ගැස්සෙන්නෙ නෑ කිව්වොත් ඒ බොරුවක්...ඒත් ඒ හැමදාම මොළය මගේ හිතට රවමින් ඔරවමින් රිද්දන වාර ගණන වැඩි මිස අඩු නම් නැතුව ඇති....කාලයත් එකක්ම මගේ රුව නුඹේ දෑසෙහි නිරන්තරයෙන් ගැටෙද්දි ඔය මුවේ ඇදුනු හීන් හසරැල්ල ...හසරැල්ල...ඒකට එහෙම කියන්න පුළුවන්ද...?අනේ මන්ද...ඒක මන් ආසම විදිය...නුඹට ආවේණිකම වුනු විදිය...

"අද කොහෙද ගියෙ..වැඩ නැද්ද..."

"ගියා..ඔෆිස් එකේ වැඩකට ආවා..."

හැමදාම දකින හීන් හිනාවට වැඩියෙන් එහෙත් සීමාන්තිකව සිනහවක් නුඹ එදා දෙද්දි,මට නුඹෙන් මගේ දෑස ගලවගන්න ඒ තරම්ම අමාරු වෙයි කියන්න මම දැනන් නොහිටින්න ඇති...කොයිතරම් වෙලාවක්ද....මට මතක නෑ...නුඹේ රුව සෙනග අතුරින් වැසී යනකන්ම මම නුඹ දිහාම බලන් හිටිය....

දවසකට එක පාරක්වත් නුඹේ හිනාව දකින්න මම ලෝබ වුනා....මම හරිද....වැරදිද....දන්නෙ නෑ තව....

"උඹ ඔය මනුස්සයා දිහා ඔහොම බලන් හිටිය කියල මොනව කරන්නද...ඕක එච්චර හොද ලෙඩක් නෙමේ..."

"මුකුත් නෑ..."

මගේම යෙහෙළියක් මගෙන් අහපු දරුණු ප්රශ්නය...ඇයට ගැඹුරක් නොවුනු උත්තරය මගේ හිත ගැඹුරින්ම ඇයට විස්තර කර දෙන්න මට ඕන වුනා....ඒත් ඒ ඇස් ළග මම නිහඬයි...

ඇත්තටම මොනව කරන්නද නුඹ දිහා බැලුවට...අයිතිකරගන්න....නෑ මගේ අයිතිය මම දීල ඉවරයි සින්නක්කරම...බාගදා නුඹත් කාගේම හෝ සින්නක්කරම අයිතිකරුවෙක් වෙන්න ඇති....මම කරන්නෙම නුඹේ ඇස් දිහා බලාගෙන ඔහේ ඉන්න එක...පැහැදිලිම කඩදාසියක් වගේ තියන නුඹේ ඇස් වල මම දකින හුරුපුරුදු බැඳීම ගැන කල්පනා කරන එක....ආදරයක්ද ඒක....මම හිතන්නෙ ආදරයකටත් එහා ගිය බැඳීමක් වෙන්න ඇති....ආයෙමත් මට හිතෙන්නෙම මේ දැනුත් නුඹේ රුව දකින්න තිබුනනන්....

තවත් කාලයක් යද්දි මට දැනෙනව ලා රක්තයට තව හුගක් අය ආසයි....හැබැයි ඒ හැමෝටම ඕනෙ අහසට ලා රත් පැහැ කියල කියන්නම විතරයි.....නුඹට අයිතිය කියන්න විතරමයි....මට ඕන නෑ එහෙම...ඒත් නුඹව ඈත් කරගන්න හිත එකග නැති පාටයි...ඒත් ඉවසීමෙන් නුඹේ රුව විදපු මගේ සිතට නෙතට ඒ ඉවසීම නැති කරපු දවස....ඇසිල්ලෙන් උඩු දුවන නුඹේ තරහවට මම කවදත් බය වෙනව....ඒත් මට එදා නුඹව සිනහ ගස්සන්නම ඕන වුනා....

"මොකද අනේ ඔහොම රවන්නෙ...."

ඒ ක්ෂනයෙන් නැතත් මම යනව කියද්දි නුඹේ මුවේ පැතිරුණු පුළුල් සිනහව......නුඹට පුළුවන් සිනහවෙන්නත්....මම මටම කියාගත්තා....නුඹට මම හුරුවෙන්න හුරුවෙන්න නුඹේ නුහුරු ගති ඈතට යද්දි මට හැමදාම හීන් හිනාවක් හරි දෙන්න නුඹේ හිත නැමුනු හැටි නම් පුදුමයක්....ඒත් මේ සමහර දවසට නුඹ අදුරුම අඳුරු අළු පැහැයක්...හීන් හිනාවවත් නැති අඳුරුම දවස්....ඒ කිසිම දවසක මට හොයාගන්න බැරිවුනු එකම දේ....නුඹේ රුව මට මතක් කරන බැඳීම....නුඹේ ඇස් වලින් මට කියන දේ....පැහැදිලි....ඒ අයිතිවාසිකම් කියන්නවත් සාමාන්ය සුහදතාවක් වත් නම් නෙමෙයි ....ඒක....තවම මම හිතනව....

ආයෙමත් මගේ දෑස අහස දෙසටම ඇදෙද්දි ලා රක්තය සෑම අහුමුල්ලකම පැතිරිලා ඉවරයි...ඒත් මම දැනුත් කියන්නෙ මේ මළ සැදෑව ලා දම් පාටයි....ඒත් මට කියන්න ඕනම....මට තේරමක් නෑ...මේ අහසට අයිති ලා දම් පැහැයම විතරයි.....ඉතින් මම ඉදිරියට යා යුතුමයි....

"අයියෙ මේක ඔයාට..."

"මොකද්ද..."

"මගෙ වෙඩින් එක..."

පළවෙනි වතාවට නුඹේ ඇස් ඇතුලෙන් මගේ ඇස් වලට විදුලි සැර වැදුනා....දැන් අඳුරුම අළු පාටයි අහස....

(මිතුරියක් වෙනුවෙන් ලියා තැබීමි...)

ගිම්මිගේ කොලමhttp://www.blogger.com/profile/08765936651933780605noreply@blogger.com12tag:blogger.com,1999:blog-5968379362405341432.post-21783200176217441712018-06-05T02:23:00.001-05:002018-06-05T02:23:30.581-05:00තනිකම

පණ ගැහෙන දහස්

හදවත් අතරෙහිද

මගේ හදවත විතරක්ම

පණ ගැහෙන හුදකලාවකද....

නුඹ,

අවසරයක් නැතුවම

මට ඕනම වෙලාවටත්

මට එපාම වෙලාවටත්...

මම,

සොයන්නෙත් නුඹ

වරෙක වේදනාවක්...

ආයෙමත් වරෙක

හැඟීම් පිරි රසකැවිල්ලක්....

ඒත්,

බොහෝ නිහඬයි

තනිකම නුඹ....

ගිම්මිගේ කොලමhttp://www.blogger.com/profile/08765936651933780605noreply@blogger.com1tag:blogger.com,1999:blog-5968379362405341432.post-91890894240940053552018-05-20T12:45:00.001-05:002018-05-20T22:35:53.485-05:00වැස්ස

වැස්ස කියන්නෙම

කල්පනා කරන්නම

හිත හීන දකින දවසක්....

පුංචි වැහි බිංදු අතරම

මට ඔහේ දඟලන්නම

අවසර හොයන දවසක්.....

කෝපි උගුරක රස්නෙම

දෙතොලේ ගල්වන්නම

ඉඩ හදන දවසක්....

ගිම්මිගේ කොලමhttp://www.blogger.com/profile/08765936651933780605noreply@blogger.com12tag:blogger.com,1999:blog-5968379362405341432.post-45683665542466820222018-05-17T00:10:00.000-05:002018-05-17T00:10:25.020-05:00ඉතින් මේ මොකද්ද?

මෙහෙම වැස්ස වැටෙන හැම රෑකම මගේ හිත කාටවත් කියාගන්න බැරි, නමක් නැති අමුතුම හැඟීම් රෑනකින් වැහිල යනව.ඒ හැඟීම් අතර හැමදාමත් නුඹේ නමත් හරි හරියට අනිත් හැඟීම් යටපත් කරගෙන උඩුදුවනව....ඉතින් මම කල්පනා කරනව..වෙලාවකට නුඹව හිත යටම හිර කරන් අනිත් හැම හැඟීමක් ගැනම....ඒත් තව වෙලාවකට නුඹ යටපත් කරනව ඒ හැඟීම් රෑනම...ඉතින් මම නුඹ ගැනම හිතනවද...නැතිනම් නුඹ මගේ හිතට බලෙන්ම එනවද...හිතාගන්න අමාරුයි...කොහොම වෙතත් අන්තිම ජය ගන්නෙ නුඹ...වෙන කරන්නම දෙයක් නෑ...අවසානෙදි මම නුඹ ගැනම හිතනව....

නුඹ ගැනම හිතනව...මොනවද මම හිතන්නම ඕන...මොනවද මට තව අලුතින්ම හිතන්න තියෙන්නෙ...හැම මොහොතකම හැම හැඟීමකම නුඹ ඉන්නව....ඉතින් මේ වැස්ස දිහා බලාගෙන කළුවරෙත් හරි හරියට නුඹ මගෙ හිතට ඔච්චම් කරනව...කරදරයක්...ඇත්තටම...මහා කරදරයක්...විදගන්නව ඒත් මම ඒ කරදරකාර හැඟීම විදවීමක් නැතුවම....

නුඹත් මේ විදියටම මම ගැන හිතනවද...මම වෙලාවකට කල්පනා කරනව....

"අනේ මන්දා"

මගේ හිත මටම දෙන උත්තරය...මමත් භාරගන්නවා ඒ උත්තරයම....ඒත් මගේ හිත කැමතිත්,හොයන්නෙත්,

"මටත් වඩා නුඹ මම ගැන හිතනව" කියන උත්තරය...

ඒත් ඇත්තටම නුඹ මගේ ගැන හිතනවද...නුඹට මාව නැතුවම බැරිවෙයිද...එකින් එක එකින් එක හැඟීම් රෑනක් මගේ හිත වෙලාගන්නවා...ඒ හැඟීම් දිගේම ඈතටම අෑතටම ඔහේ පාවෙවි මගේ හිත නිදහසේ පියාඹනව...තව නුඹ ගැනම පුංචි පුංචි බලාපොරොත්තු...ඔව් අර හැඟීම් වලම එල්ලිලා හිතට ඇතළුවෙන බලාපොරොත්තු....

"කවද්ද ආයෙමත් ඔය රෑපෙ හිතේ හැටියට මගේ ඇස් ළගම තියාගෙන විදින්නෙ..."

පුංචි බලාපොරොත්තුවක්...

"අනේ මන්ද..."

මගේ හිත මට කියන එපාම කරපු උත්තරය...ඒත් එක්කම කලින් මට හිතුනු දේට අලුත් උත්තරයක් මගේ හිතම මට දෙනව...

"ඔයා තරමටම එයා ඔයා ගැන හිතන්නෙ නැද්ද කොහෙද..."

ඒකත් කොයිම දෙයක් වත් හිතාගන්න බැරි මහ විකාර හැඟීමක්...

" ඉතින් ඔයා දන්නවනෙ එයාට ඉක්මනටම එන්න බැරි හේතුව..."

"හ්ම්ම්..."

මගේ හිතම දෙපැත්තට බෙදිල නුඹ ගැන අරගල කරනව...නුඹව සාධාරණය කරනව...මට...ඔව් මට කරන්න දෙයක් ඇත්තෙම නෑ...මම අහන් ඉන්නව...හුග වෙලාවට මේක තමයි මම කරන්නෙ...අහගෙන ඉන්නව...මගේ හිතම නුඹ ගැන හිතන හැම දෙයක්ම අකුරක් නෑරම....ඒකත් ඇත්තටම මම ආසම කරන දේවල් අතරට දැන් එකතු වෙලා...

"දෝණී....මේ සීතලේ මොකෙද කරන්නෙ...ජනේලෙ වහල නිදගන්න..."

බෙල්ල විතරක් හරවල දොර දිහා බලපු මම ආයෙත් බැලුවේ...වැස්ස...අහස අඬලත් ඉවරයි...ඒත් නුඹ එහෙමමයි.....ජනේලය වහනවද....නෑ...සීතල නුඹ ඇතුලෙම මගේ හිත අතරමං කරයි...ඉතින් මේ මොකද්ද....ඔව්...ඇත්ත ඒක...

❤මම නුඹට ඇබ්බැහි වෙලා...❤

ගිම්මිගේ කොලමhttp://www.blogger.com/profile/08765936651933780605noreply@blogger.com10tag:blogger.com,1999:blog-5968379362405341432.post-72663313229082739362018-05-13T23:17:00.000-05:002018-05-13T23:17:32.255-05:00අමාවක වු සඳ

"මනූ උඹ වැරදි බන්"

"ඔව් මන් දන්නවා බන්...ඒත්..."

"ඒත් නෙමෙයි...අහසක තියෙන්නෙ එක හඳයි...උඹ හඳක් වෙන්න හදන්නෙ අනුන්ගෙ අහසක..."

"මම...ඒත් මට කලින් එහෙම කිසිම වුවමනාවක් තිබුනෙ නෑනෙ බන්...එයාමයි...."

"උඹ කියන දේ මට තේරෙනවා...ඒත් උඹ දිහා ඈතින් ඉදන් බලන එවුන්ට ඒක තේරෙන්නෙ නෑ..."

"හරි උඹම කියපන්...අහස ඉඩ දෙන්නෙ නැතුව මට හඳක් වෙන්න පුලුවන් ද...එයා එයාගෙ අහසෙ ඉඩ දුන්න නිසයි මන් හදක් වෙන්න හිතුවෙ..."

"ඒත් උඹ හිතන්න තිබුනා...ඒ තවත් හඳක්...ඇරත් අපි හොදටම දන්න කෙනෙක්...කොහොමද ඔය පව්කාරකම කරන්නෙ...."

"හිතට එන හැඟීමකට කොහොමද මන් සීමා මායිම් දාන්නෙ...."

"හිතට ආවයි කියලා හැම හැඟීමක්ම එළියට දාන්න බෑනෙ...අනික උඹෙ හිත පාලනය කරන්න ඕන උඹම මිසක් අපි නෙමෙයි..."

"මට නොතේරෙනවා නෙමෙයි බන්...ඒත් මට දැන් මේ ජීවිතේ එළියක් හොයාගන්න බෑ...."

"මොකද්ද...ඇයි දැන් එළියක් නැති වෙන්න තරම් උඹට මොනා වෙලාද..."

"හ්ම්ම්...කවුරුවත් කතා කරන්නෙ නෑ...මූණ බලන්නෙ නෑ...මන් දිහා බලන්නෙ හරියට ජරා සතෙක් දිහා බලනව වගේ...."

"මේ මමත් උඹ දිහා බලන්නෙ එහෙමද මනූ..."

"අනේ නෑ කෙල්ලෙ උඹ නොහිටින්න මන් කැම්පස් ගමනත් නවත්තලා...මන් වැරදි තමයි බන්...මන් ඒක පිළිගන්නවා...මන් ආයි ඒ අහසට හදක් වෙන්නෙ නෑ...ඒත් කවුරුවත් මාව පිළිගන්නෙ නෑ...."

"වෙනස් වෙයි හැමදේම...කාලයට ඉඩදෙන්න....යමන් දැන් ලෙක්චර් ඇවිත් ඇති"

"හ්ම්ම්..."

ගිම්මිගේ කොලමhttp://www.blogger.com/profile/08765936651933780605noreply@blogger.com2tag:blogger.com,1999:blog-5968379362405341432.post-46134928662903413532017-12-11T06:30:00.001-06:002017-12-11T09:55:37.945-06:00උඹත්... මමත්...
ජීවිතය තුළ ලද ලැබීම් නොලැබීම් දහස් ගණනක් අතරෙහි මගේ රැකියාව මා ලද භාග්‍යයක් ලෙස අද මම මේ විදින මුස්පේන්තු මොහොත තෙක්ම තදින් විස්වාස කළෙමි.එහෙත් අද....වසර විස්සක් පුරාව‍ට මා ජීවත් කරවූයේ මේ රැකියාවයි.මගේ අඹුදරුවන්ගේ,දෙමාපියන්ගේ නිහඬ ආඩම්බරය මා විය.අද මා මගේ හදවත සමග සටන් කරනුයේ පරාජය පිළිගෙනමයි.ඒත් අවසාන මොහොත හෝ වෙනස් විය හැකි...මගේ අරුත්සුන් බලාපොරොත්තුව.

මැදවච්චි නගරයෙනුත් කිලෝමීටර් ගණනක් ඇතුළට පිහිටා තිබුනු අපේ ගම.එ් ගමටම තිබුනු එකම සම්පත,ගමේ පාසල...එදාවේල අමාරුවෙන් හරිහම්බ කරගෙන ගොවිතැනින්,කුලී වැඩකින් ජීවිතේ ගැට ගසාගන්නා අපේ දෙමාපියන්...මතකද උඹට ඒ දුක පිරිච්ච ලස්සන දවස්.දවසකින් වේලක් වත් බඩට දැනෙන්න කෑමක් නොකෑව,ඒත් හැමදාම පාසල් ගියපු ඒ කාලෙ....අණ්ඩ දමපු නිල් කලිසම ඇදන් කහ ගැහුනු ෂර්ට් එක,පතුල් ගෙවනු බාටා දෙක දාගෙන,පොත් දෙක තුන අතට අරන් උඹයි මමයි ගුරු පාරෙ ගිනි අව්වෙ අපේ ජීවිතේ හදාගන්න දහතුන් අවුරුද්දක්ම එකට ඇවිද්දෙ පාසලට...ගණන් වලදි උඹ මට වඩා දුර්වල වෙද්දි මම උඹට වරු ගණන් ගණන් කියල දුන්නු හැටි.මට ස්වර හත වත් හරියට කියාගන්න බැරි වුනාට උඹ තමයි පාසලේ දක්ෂතම ගායකයා.සංගීත කාමරේ තිබුනු බටනළාව,වයලීනය උඹට ආදරේ කරපු තරම.

"සර්....වෙලාව හරි...ඔබතුමා එනවද..."

වෙලාව....විසි අවුරුදු රාජකාරි ජීවිතේ කවදාවත් තත්පරයක් වත් ප්‍රමාදයක් නොවුනු මට උඹ වෙලාව විතරක් නෙමෙයි මගේ මුළු ජීවිතේම එකම තැන නතර කරල.

"හ්ම්ම්...යමු මම එන්නම්..."

සහයකයා වුනත් බලනව ඇති ඇයි අද මම මේ තරම් තෝන්තුවාවෙන් කල්පනා කරන හේතුව.ඒත් උඹ...දන්නෑ තාම උඹේ ඉරණම අද මගේ පෑනෙන් ලියන බව.

උසස් පෙළින් පස්සෙ අපි ප්‍රතිඵල එනකන් වැලි ගොඩදැම්ම...අත්වල කරගැට පුපුරද්දිත් දවස් ගණන් වේදනාවන් හංගගෙන එකට වැඩ කරපු උඹ....දහම් පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායක වගේම ගමේ හැම වැඩකදිම මුල් තැන ගත්තෙ උඹ.නොහිතුව වෙලාවක අාපු අපේ ප්‍රතිඵල උඹව සෞන්දර්ය විශ්ව විද්‍යාලයටත්,මාව නීති විද්‍යාලයත් වෙන් කරල තිබුන.මතක ඇති කාලයක ගමෙන් සරසවි ගියපු කෙනෙක්ට හිටියෙ අපි දෙන්න විතරයි.

"උඹලට වරදින්නෑ කොල්ලනෙ...අම්ම තාත්තා ගොඩගනින් ඇවිත්..."

අපි කොළඹට එද්දි ගමේ හැමෝම කිව්වෙ එහෙම.ඒත් නොහිතපු විදියට අවුරුද්දක් යන්නත් කලින් උඹේ තාත්තා අම්මා ගියපු පරණ බයිසිකලය හප්පගෙන ගියපු ටිපර්කාරයා එදා ගියෙ උඹේ අම්ම තාත්තා උඩින්ට වැඩිය උඹේ ජීවිතය උඩින් කියලයි මම තාමත් හිතන්නෙ.එදා ඒ සිද්දිය නොවුනන් අද උඹ කොතනද....සෝමදාස මාමා එදා සදහටම ඇස් පියා ගනිද්දි, ලතා නැන්දා ජීවිත කාලයටම  එකතැන් වෙද්දි උඹේ නංගි මල්ලි උඹව බදාගෙන අඩපු තරම...අසරණ උඹ සරසවියට සමුදුන්න ජීවිතය ගැට ගහගන්න....ලෙඩ ඇඳට වැටුනු අම්මා රැක ගන්න..නංගි මල්ලිට හොඳ අධ්‍යාපනයක් දෙන්න.

කාලය  මාසෙන් මාසෙ ගෙවෙද්දි මටවත් උඹෙන් කිසිම තොරතුරක් නැතුව කාලය හරිම වේගෙන් පියඹගෙන ගියා.උඹ මොකද්ද කරන්නෙ,කෙහෙද ඉන්නෙ ඒ කිසිදෙයක් අපිට හොයාගන්න බැරිවුනා.මේ ගෙන්දගම් පොළවෙ උඹ ඔය දේවල් රස්සාවට තෝරගන්න උඹට හිත හදාගන්න පුළුවන් වුනාද....නෑ උඹේ හිත ඒ තරම් නපුරු නෑ...ඒත් උඹ අමතක නොකර කරපු එක දෙයක් තිබුන.හැම මාසෙකම උඹ නංගිට හදලා දුන්නු බැංකු පොතට මාසෙට සෑහෙන්න සල්ලි දැම්ම.මම ගමේ යන හැම වතාවකම උඹේ ගෙදරට යන්න අමතක කලේම නෑ.සල්ලි එව්වට උඹ ඉන්නෙ කොහෙද කියන්න අම්ම නංගි මල්ලි වත් දැනගෙන උන්නෙ කෑ.කාලය ගෙවෙද්දි උඹ වගෙම උඹේ නංගිත් සෞන්දර්යට තේරෙද්දි උඹේ මල්ලි වෛද්‍ය  පීඨයට යද්දි ඒ දෙන්නම උඹ ගැන මතක් නොකරපු වෙලාවක් නැති තරම්.

"උසාවියෙ වැඩ කටයුතු ආරම්භ කරන්න"

අසිහියෙන් වුවද මගේ රාජකාරිය මා කළයුතුමයි.

උඹ කොහේ හරි ඉදන් ඒ එවපු සල්ලි වලින් ඉගෙන ගත්තු උඹේ නංගි...නැතිනම් මගේ ආදරණීය බිරිඳ,උඹේ ළග දැවටුනු පොඩි කොල්ලා,උඹේ මල්ලි දැන් ශල්‍ය වෛද්‍ය අදීප ගුණරත්න...මේ දෙන්නම අද උඹව බලන්න ඇවිත්..දරාගන්න පුළුවන් වෙයිද උඹට...

"විත්තිකරු රැගෙන එන්න"

සුදු කමිසයට කළු කලිසම ඇදලා එන උඹව දැක්කම කොහොම නම් දරාගන්නද මම..ගමේ හිටපු අහිංසක කොල්ලා අද වැරදිකාරයෙක්....පාතාල සාමාජිකයෙක්....මීනිමැරුම් දහයකට සෘජුව සම්බන්ධ වීම් හා මහා පරිමාණ මුදල් වංචා සිදුකිරීම යන වැරදි ගොනුකරමින් විත්තිකරුවෙක් වුනු උඹේ ඇස් වල සිහින් කඳුළු පටලයක්...කොහොමද උඹ මෙහෙම වුනේ...උඹ ළගට ඇවිත් මම එදා අහද්දිත් ඒ කියන්න තිබුනු අවස්ථාවත් උඹ බලෙන්ම මගහැර ගත්තා.අද උඹේ නංගි මල්ලි ඇවිත් උඹව බලන්න...මම උඹේ ඉස්සරහ ඉදගෙන...

"මතු නියම කරන දිනකදි වැලිකඩ බන්ධනාගාරය තුළ හුස්ම සිරවන තෙක් එල්ලා මැරීමට නියම කරමි"

මා මගේ අවසන් රාජකාරිය කළ යුතුයි.හදවත විලාප තියමින් හඬා වැටෙද්දි රාජකාරි බුද්ධිය තීන්දුව දී හමාරයි.එම තීන්දුව කෙසේ කොහොම මා දුන්නාදැයි සිතාගත නොහැකි මුත් මගේ හදවත මාවත් පෝරකයට නියම කර ඇත.ඉදින් මම අසුනින් නැගී සිටියෙමි.කවරය තුළ සුරැකිව ගෙන ආ මගේ ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී උඹේ මුහුණ බැලීමට මම පිටතට පැමිණියෙමි.ප්‍රමාදයි...මගේ හොඳම යාළුවා...මගේ මස්සිනා...ඔහුව රැගෙන ගොස් ඇත නිකන්ම නොව මාගේ හදවතේ පලුවක්ද රැගෙනය.

ගිම්මිගේ කොලමhttp://www.blogger.com/profile/08765936651933780605noreply@blogger.com9tag:blogger.com,1999:blog-5968379362405341432.post-986509226217115022017-10-06T06:54:00.001-05:002017-10-06T06:54:24.012-05:00~ගුරු අම්මා~

මිදී මව් තුරුල්ලෙන් නුඹ වෙත ආ දා

හිස සිඹ තුරුලු කර මා සැනසුවේ සදා

පැන්සල පෑන හුරු කර මගෙ අතට එදා

දුන් සවි අගෙයි රන් මුතු මිණි පරදා

කරනට යුතු නොකළ යුතු දේ මග පෙන්නා

පසු පස පියමනින සෙවණැලි අතර වෙලා

නිසිමග යවන්නට කල තරවටුව එදා

ආදරයෙන් සිහි කරමි මා දිනුව මෙදා

වැයෙන බෙර පදට පා පොඩි තබාලා

අත් පා ලෙලවන්න නළු රූ කියාලා

වේදිකාව මත මා අද ඇත දිනාලා

නුඹ සෙනෙහසින් ලොවක් අැතේ තැනීලා

අ යනු ආ යනු කියා නිසි ලෙස උගන්වා

වසරින් වසර ඉදිරියෙන්ම නුඹ මා තැබූදා

හර බැර අතර සැගවෙන ම‍ා නෙත් බලාලා

අදත් හිස අතගාන නුඹ මගෙ දෙටු අම්මා

නොවැදුවත් කුසින් දස මස දරාලා

නුඹ ඇතෙයි දරුවන් දහසක් හදාලා

නුඹෙන් නොදුන්නත් ඇග ලේ කිරි කරලා

පෙව් සිප් කිරි බලෙන් බුදුන් දකින් ගුරු අම්මා

~ගිම්මි~

06/10/2017

ගිම්මිගේ කොලමhttp://www.blogger.com/profile/08765936651933780605noreply@blogger.com2tag:blogger.com,1999:blog-5968379362405341432.post-57299536603805050122017-08-25T09:27:00.001-05:002017-08-25T09:27:55.928-05:00දයාබර මායාව....
දයාබර මායාව....

ඒ ඇයත් එක්ක...නෑ..ඇත්තටම ඇගේ ආත්මයත් එක්කම මන් කතා කරපු මොහොතක්.ඇය කියනව වගේම මම දකිනව...ඇය මුරණ්ඩුයි...හිතුවක්කාරයි...ටිකක් නෙමෙයි හුඟක්ම..ඒ තරමටම ඇගේ හිතත් මුරණ්ඩුයි...ඇය වැඩිපුරම බලන්නෙ අහස දිහා... ඒත් අඳුරු අහස නෙමෙයි තරු පිරුණු අහස දිහා.ඇය ඉවරයක් නැතුවම කියවනවා.මේ අහස පුරාවටව තරු විසිරුවෙ ඔබලු.දන්නවද...ඇය ඒ නිසාම තරු පිරි අහසට ආදරේ කරනව....

"මේ තරු එකින් එක ගනන් කරන්න පුළුවන් ද ඔයාට...??බෑනෙ නේද...ඒ වගේ තමයි හේතු කොයිතරම් නන් කියන්නද????"

ඒ දවසක මම,

"ඇයි ඇය ඔබට මේ තරම් ආදරේ කරන්නෙ..."

යනුවෙන් නගපු ප්‍රශ්නයට දුන්නු ආදරණීය පිළිතුර...ඉතින් මට ඇගෙන් තවත් අහන්නට දෙයක් සොයාගන්න පුලුවන්ද???

සිනහහව....කාලයක් ඇයට සිනහවෙන්න අමතකව සිටියා.ඇගේ සිනහව ගෙනෙන්න අපි ගත්ත හැම උත්සහයකම අවසානයේ ඇගෙන් ආත්මානුකම්පිත සිනහවක් හැරෙන්නට වෙනයම් හදවතේ හැඟීමක් අපි දුටුවේ නෑ....ඒත් ඔබ කැමතිද දැනගන්න...ඇය දැන් නිරායාසයෙන්ම සිනහ වෙනව...ඒත් ඒ හැම සිනහවක් පසුපසම ඇගේ නොවන ඇගේ ප්‍ර‍ේමය වුනු ඔබ සැගවිලා ඉන්නව.ඇය ඔබ සිහිවද්දි හරි ලස්සනට හිනාවෙනව.ඒ ආදරණීය සිනහවක්....ප්‍ර‍ේමණීය සිනහවක්...

ඇය තැනක හිත නවතන්න ඉක්මන් නොවෙන කෙනෙක්...ඒත් ඔබේ තරු ඇස් ළඟ ඇගේ හිත නැවතිල.ඔබට කිවයුතුමයි මම...ඇය වසර ගනනාවකින් පසු නතරවුනු එකම නවාතැන ඒ ඔබේ දෑසයි.මම දන්නව,මම දකිනව ඇය ඇගේ මුළු ආත්මයෙන්ම ඔබට බැඳී හමාරයි...ඇය හිතනව අර නුඹ අහසෙ විසිරවපු තරු වලින් දිලෙිසෙන තරුවක් වෙලා ඇගේ හිතට පායපු වග...

ඔබ ඇගේ ආදරණීය මායාව...ඇගේ ලොවට පෑයු තාරාකාව...අවසන ඇගේ හදවතින් ඔබට කරන ආදරණීය ආයාචනය...

එය මා ඔබෙන් ඉල්ලන්නද....

ඇයට නුඹේ හදවතේ අයිතිය දෙන්න තවත් කල්පනා කලයුතුම නම් ඇගේ නිරායාසයෙන් ඔබ සිහිකර නගන ප්‍ර‍ේමණීය හසරැල්ලෙ අයිතියවත් ලබාදෙන්න....

මේ,

හඩනගපු ඇගේ

ආදරණීය ආත්මය...

(බ්ලොගයේ මකුළු දැල් දුවිලි පිස දැමීමට පැමිණි අවස්තාවේ ලියා තබන ලදි.😂😂😂😂)

~ගිම්මි~

Dear Fantastic

She is stubborn

and her heart too

That's what made her to talk about you like you are the person who put the stars in the sky...

Just ask her what are the reasons to fall on you

She'll point to the stars and say start counting ???

She doesn't fall easily

when she falls

she falls from the deapth of her soul

When she automatically smiles

Remember you are in her mind

at least let her keep that smile

Because onece she had totally forgotten it

But suddenly you brought it

That's why I called you

"Fantastic"

Her soul...

Poem :- Written by Hashani Kaushalya

ගිම්මිගේ කොලමhttp://www.blogger.com/profile/08765936651933780605noreply@blogger.com7tag:blogger.com,1999:blog-5968379362405341432.post-61607945852324914592017-06-22T06:58:00.001-05:002017-06-22T23:19:32.331-05:00නුඹ මගේ ප්රේමයයි
සංසුන්ව ඈත සඳ දෙස බලාගෙන හිතන්න තියන හුඟක් දේවල් අතරින් මට නුඹ ගැනම හිතන්න මගේ හිත බලකරනවා.ජීවිතේ විඳපු සොඳුරුතම හැඟීම නුඹ වෙද්දි වරෙක මගෙ ජීවිතය එපාම කරපු හැඟීම වෙන්නෙත් නුඹම විතරයි.දවසකට මගේ ජීවිතය ඉහළින්ම තියන්න උදව් කරපු නුඹ දවසක මට දරාගන්න බැරි තරමටම වේදානාවන්,රිදවීම් ගෙනත් දුන්නා.ඒ හැමදේම අැතුලතින් නුඹ ලොකුම ලොකු කතාවක් මට කියල දුන්නා වැටුනත් නැගිටින්න මගේ හිත ශක්තිමත් කියල.

දවසක මට නුඹව සුන්දර පින්තාරුවක් දිහා බලද්දි දැනෙන හැඟීම් රෑනක් එක්ක විදින විට, තවත් දවසක කන් අඩි පුපුරන තරම් සද්දෙන් එන අකුණක් තරම්ම මගේ හිත බය කරන්න නුඹට පුලුවන් වුනා.මම හැමදාම හිතුවෙ මගෙ හැඟීම් සියල්ලම එකින් එක කියන්න පුලුවන් කෙනෙකු ඉන්නව නන්,ඒව දන්න හඳුනන කෙනෙකු ඉන්නවනන් ඒ නුඹම විතරක්ම බව.ඇත්තටම මම නුඹට ආදරය කරනව,ඒ ආදරේදි මම නුඹව උදේම හීනියට ඇවිත් අපේ වටේ එතෙන සිසිලස වගෙ විදිනව.මල් පෙති උඩ තියෙන පුංචි පිණි බිංදුවක් වගෙ ආදර දෑසින් විදගන්නව.

මට හිතෙනව නුඹ සත්තකින්ම වැස්සක් වගෙයි.වැස්සෙ තියන ඇගම හිරිවට්ටන සීතලත් එක්ක තියන සොඳුරු හැඟීම වගෙම අකුණු ගහද්දි ඇහෙන කන් පුපුරන සද්දෙත් එක්ක දැනෙන භයංකර බවත් මම නුඹෙන් දකිනව.ඒ හැමදේම මම නුඹ ළඟදි විදිනව.

ඒත් තවත් වෙලාවකට නුඹ සිහින් ස්වර තියන ගීතයක් තරමටම මගේ හිත භාවනාවකට ගෙනියනවා.ඒ හැමදේටම වඩා මම හරි මෙහෙම කිව්වොත් නුඹ ගැන....."නුඹ නේක පැහැ මල් පිරුණු මල් කළඹක් තරමටම පාට පාට හැඟීම් රෑනක් එකතු වුනු කළඹක්".

ඉතින් මම අද ඉදන් නුඹේ නම වෙනස් කරනව.හැමෝම කියන නම කියන්න මගේ හිත කැමති නෑ.ඒ ඇයි දන්නවද මගේ ජීවිතය ජීවත් කරන්න ඇත්තටම වැඩිම සුව පහසුවක් ළං කරන්නෙ ආදරණීය නුඹ නිසා.

"නිහඬබව"ඉදින් සත්තකින්ම නිහඬ නොවු නුඹට ප්‍රේම කරන්නියක්ව සිටිමි දැන් මගේ සිත.

ඇගේ දිනපොත.

22/07/2017

ගිම්මිගේ කොලමhttp://www.blogger.com/profile/08765936651933780605noreply@blogger.com3tag:blogger.com,1999:blog-5968379362405341432.post-51004095941184846382017-04-05T06:13:00.001-05:002017-04-05T11:29:41.632-05:00නුඹ මගේ නම්...
මගේ මිතුරියක් වෙනුවෙන්ම මා ඇගේ සිතැඟි අමුණා තබමි.

මගේ සිත දරාගත නොහැකි තරමටම රිදුම් දී හමාරය.ඉදිරියටත් එසේ රිදුම් දේවි.අතීතය තරම්ම වර්තාමානයත් මගේ සිත ඉඳිකටු තුඩු දහස් ගනනකින් සූරනවාය.ඒ මගේ මතකයයි.වෙන කිසිවක්වම නොව මගේ ආදර මතකයයි.

අතීතය තුළ රැදුණු මතකය ඒ ආදරය තවමත් මගේ හිත හොයනව.ඉල්ලනවා.ඒත් ඒ හදවතට මට දැනුදු එක අංශු වක තරම් අයිතියක් නොමැත.ඒ අයිතිය සුළඟේ ගසා ගෙන ගොස් අදට හරියටම අවුරුදු තුනාහමාරකි.මේ හදවත තවත් එකම වතාවකට හෝ නුඹ එතැයි මග බලනවාය.දන්නවද නුඹ එක් වරක් මගේ ජීවිතයට ආවොතින් මන් කොයිතරම් දේවල් කියයි කරයිද කියල....නෑ නුඹට හිතාගන්නවත් බැරිවේවි මගේ මේ පිස්සුවක් වුන ආදරයේ තරම.

දැනිල තියනවද නුඹට ජීවිතේ එක් වරක් හරි තමන්ගෙ ආදරේ නැතුව දහස් ගානක් මිනිස්සු අතරම අතරමන් වුනු හැඟීමක්.මන් ඒ හැඟීම ජීවිතය තුළ අඩුවක් නැතුවම විදිනව.නුඹට කියන්න නුඹෙන් අහන්න සීයක් දේ මගේ හිත තුළම තියාගෙන නුඹ නැතුවම මන් තනියම ලෝකෙත් එක්ක හිනාවෙනව.ආදරේ කියන්නෙ මොකද්ද මන් අදටත් හොයනව.ඒත් හිමිවීම ආදරේ කියන්න මන් උත්සහ කරන්නෙ නෑ කවදාවත්ම.මොකද මන් ආදරේ කරන්නෙ තාමත් අහිමි හදවතකට.

හුඟක් අය තමන්ගෙ ආදරේ පේන දුරින් ඉන්නවට,ඒ හුස්ම වල දැවටෙමින් ඉන්නයි ආස කරන්නෙ.එදා නිතරම අපි කියෙව්වට පැය ගණන් එත් අද මන් එක ඇමතුමක් අරන් නුඹේ හුස්ම අහන් ඉදල හිත හදාගත්ත වාර අනන්තයි.නුඹයි මමයි අත් දෙක අල්ලගෙන ගිය පාරවල් දිහා බලාගෙන අපේ ආදරේ මතක් කර කර අඬපු වාර නුඹට නම් හිතා ගන්නවත් බැරිවේවි.සුදු ගවුමට එදා හැඩ වුනු මගේ රුව නුඹට අද ඒ තරම්ම හැඩ නොවුනට නුඹව තාමත් එදා තරමටම මට විදින්න පුලුවන්.හැමදාම ඔය ඇස් එක්ක ගෙවුන අතීතයේ සුවඳ එක දැන් දවසක් මට නුඹව ඈතින් දැකලා විදගන්න පුලුවන් තරමටම මගේ හිත මට කීකරු වෙලා.ඒත් මගේ ඇස් ඉවරයක් නැතුවම තාමත් අඩවන්න ඉස්සරම වගෙ තාමත් ඔයාට පුලුවන්.

නුඹේ ආදරේ අස්සෙ මන් අතරමන් වෙලාද බලෙන්ම අතරමන් වුනාද කියන්න මට වත් නොතේරෙන දෙයක්.දැනෙනව විටෙක මටත් ආදරයක් ඕනෙමයි නුඹ එන්නෙ නෑ කියල.ඒත් මගේ ඇස් හොයන්නෙ නුඹ වගේ රුවක්,හිත හොයන්නෙ නුඹේ ආදරේ.මන් හුගක්ම උත්සාහ කලා නුඹ වගෙම තවත් හිතක් ලංකරගෙන ආදරේ විදින්න ඒත් මට බැරි වුනේ තාමත් ඔයා මගෙ හිත ඇතුලෙන් තාමන් හෙමිහිට අඩි තියන් ඇවිදින නිසාමයි.මට ආදරේ ලැබෙද්දිත් ඒ හැමදේම මගහැරගෙන මන් ඔයාව අවුරුදු තුනාහමාරක් තිස්සෙ හොයනව.නුඹට හිතාගන්නවත් බැරව ඇති මන් ඒ තරම්ම නුඹට ආදරේ ඇයි කියන්න.ඒක මටත් තවමත් උත්තර නොමැති ප්රශ්නයක්.මේ තරම්ම මන් ආදරේ ඒ අහිමි නුඹේ හදවතට.

මට ජීවිතේ සහයක් ලබාගන්නම ඇවැසි වුනත් මන් එවැනි බැඳීමකට යටත් වේවි.නුඹ එදාට සමහරවිට සිනාසෙයි.සමහරවිට නුඹ හඬාවි මන් තරමටම කඳුළු නාවත් හිතින් විතරක්ම හරි.ඒත් එදාටත් නුඹ තේරුම් නොගනීවි මගේ සිතේ නුඹ සිටින තැනට කිසිවෙකුට ළං විය නොහැකි බව.ජීවිතය දිගු නිසාම නුඹට අයිතිවාසිකමක් තිබු බව පමණක්ම සිතට තරවටු කොට සිහිකරවමි.නමුදු නුඹ මගේ හද තුළ ජීවිතය පවතින තුරාවට සක්මන් කරන වග,නුඹේ ආදරය යදින වග කවදාම හෝ තේරුම් යාවි යැයි සිතමි.

ගිම්මිගේ කොලමhttp://www.blogger.com/profile/08765936651933780605noreply@blogger.com17tag:blogger.com,1999:blog-5968379362405341432.post-1427137815694335302017-02-14T09:47:00.001-06:002017-02-14T09:48:37.473-06:00වැලන්ටයින්...
ලුමිනස් රතු පාට

දිලිසෙන්න තරු කුඩු ඉහපු

සියදහස් හදවත්

තදම තද රතුපාට

කොළම කොළ නටු දිගැටි

පොකුරු මල් රෝස

ඉල්ලා ගත් දිනක් අපි

අනුන්ගෙන් අයිතිය කියන්

රතුම රතු හදවත් මතට

වෙන්දේසි දමනා වෙළෙන්දන්

අයිතිය කියන්නට හැකි

පණ ගැහෙන රතු හදවතක්

ඇති අය හෙමින්

සමරන සුපැතුමකින්වත්

තවම හමු නොවුනවුන්

අයිති රතු හදවතක්

දෙස් තියන දවසම

බොරු වැඩක් පිස්සුවක්

කොණකටවී මදහසක්

මේ දෙසට නංවන්

රතුම රතු මල් පෙත්තක

බලාහිදි නිහඬව

වැලන්ටයින්.

ගිම්මිගේ කොලමhttp://www.blogger.com/profile/08765936651933780605noreply@blogger.com1tag:blogger.com,1999:blog-5968379362405341432.post-16058958472887753972017-02-09T10:01:00.001-06:002017-02-09T10:01:55.342-06:00හිසේ ඇම්ම

පෙම්වත් පිරිමි උරතලය මත

හිස ඇලව තියාගෙන

සිහින් දිගු ඇඟිලි තුඩු

ඇවිද යන සද ලතාවට

මුදාහැරි වරලස මතින්....

සීතලම සීතලට ගැහෙන

මල් පෙති ලවන් යුග

උණුසුම්වු අඬසඳ මතට

නිමේෂයකදි වඩින

ගමන මේ හෙමි හෙමින්....

තාලයට හීනියට හෙමිහිට

ඇසෙන නෑසෙන තරම්

සවන් පත ළඟ ළඟම

ඇහිදිනා ඇලපිලි අකුරු

මුමුණනා බරවූ ආදර වදන්...

හරියටම මොහොතකට පෙර

හීනියට ඇස් බරවු

අඬන නාඬන හඬින් කිවු

ආසාද්‍යම තත්වයෙන් වුන්

ඇගේ හොර හිසේ ඇම්ම

නිට්ටාවටම සුවයි දැන්....

#ගිම්මි#

ගිම්මිගේ කොලමhttp://www.blogger.com/profile/08765936651933780605noreply@blogger.com7