Saturday, October 23, 2021

දුවෙක් වැදුවොත් දෙන්න වෙනවා...කවදා කොහදිද ලියවී තිබුනා.....


 

රෝස රෙද්දක ඔතා ගෙනවිත්
මැණික අනේ මගෙ අතේ තැබුවා
නෝනෙ නුඹ රුව වගේමයිනෙ
ආදරේටම කඳුළු ඉනුවා....

දිනෙන් දින සති  ගතව යද්දි
සොඳුරු නාරි රුවක් මැවුනා
වතුර කළයට මල් පිරී යද්දි
පොඩි කෙල්ල තරුණියක් වූවා....

ඉගෙනුමට කතාවට දස්කම්
කවදාත් නුඹ හපනි වූවා
නොපෙනුවත් අම්මා තරම්
මමත් හරි ආඩම්බරෙන් වුන්නා.....

සංසාරෙ පතා ගෙන ඇවිත්
පෙර ලෙසම නුඹේ පෙම්බරා
හමුවුනා කීවා ඇඹරෙමින්
මට රහසින්ම අම්මට එදා....

මහත්තයා අපෙ කෙල්ල දැන්
ලොකුයි කටයුතු ගැළපෙනා
නෝනෙ හෙමි හෙමින් කියමින්
මගේ හිත හැදුවා එදා.....

දුවේ නුඹ දන්නෙ නෑ ඉතින්
ලෝභ සිත නුඹ ගැන සිතා
මාත් අම්මත් ඇඩුවා රහසින්
නුඹ අපෙන් ඉගිලී යයි කියා....

දවස් ගෙවිලා ඒ දවස ඇවිදින්
නුඹ ලස්සනට මනමාලිය වෙලා
මම දරාගන්නේ කොහොමද කියන්
පුතේ නුඹ මගෙ හුස්ම ගත්තෙ ඉල්ලා...

පුතේ මගේ මැණික රැකගනින් හෙට
නෝනෙ දැන් ඇති ඉතින් ඇඩුවා
දුවෙක් වැදුවොත් දෙන්න වෙනවලු
කවද කොහෙදිද ලියවී තිබුනා....







3 comments:

  1. හම්මෝ දැක්ක කල්.. බුකියෙත් දැක්කෙ නෑ. 😃😃
    එතෝට ඔහේ බැන්ඳය.. හුම්ම්

    ReplyDelete
  2. හප්පට සිරි,
    ගෙම්බිට සුභ මංගලම්...!
    කේක් කෑල්ලක පොටෝ එකක්වත් එවන්ඩ ඈ...

    ReplyDelete
  3. දුවෙක් වැදුව ද සිතට රහසින් මට ම කකියන බයක් තිබුණා
    නිතර අම්මගේ තුරුලේ හිටියට උබගෙ හොර දෙක පතුරු යැව්වා
    රැක්ක යුතු ඒ කුමරි බඹසර ,රැක්ක බව ඔබ අපට කිවුවා
    ඉතින් බෑනෝ වැරැද්දක් වෙද් සමාවෙන්න ට මෙන්න වැන්දා

    ReplyDelete