Monday, November 14, 2016

ඇය හා අපි

තැඹිලි පාට වෙච්ච අහසින් ඈතින් මළ හිරු බැසයනව...ඒත් ඒ ඉරෙත් මට නෝක්කාඩු කියන කලු ගැහුනු සේයාවක් තැවරිලා තිබුනා.ඇත්ත මේ ඉර හඳ ගහ කොළ වුනත් මට නෝක්කාඩු කියයි.මන් වචනයකින් වුනත් ඒ කලේ මහම මහ නැහැදිච්ච වැඩක්...ඇරත් මන් නොදැනුවත්ව හරි මට හුස්ම ගන්න ඉඩ හදපු කෙනා ඒ...ඒ නැතත් වෙද නළාව අතේ තියන් ඉන්න මට මනුස්සකම ගැන හිතන්න තිබුනා.පුහු උඬගුකම,මාන්නය වෙද නළාව එක්කම මගේ ඇගට ඇවිත් ඒ වෙලාවෙ මන් කරපු දේ..මගේ හදවතම මට ලැජ්ජ කරනවා,නින්දා කරනව...

රත් පැහැ ගිනිදැල් අහස දිහාවට ඇදිලා යද්දි නිසලව ඇය ඒ මැද සැතපිලා ඉන්නවා...මට වඩා දස වසරක් බාල වුනත්, ඇගේ රැකියාව මගේ වෙද නළාවට වඩා දස ගුණයක් පහළින් තිබුනත් ඇය මනුස්සකම අතින් මට වඩා දහස් ගුණයක් ඉහළින්...අැගේ නමට මගේ නෙත කඳුළු ආයෙත් අලුත් වෙනකොට මගේ හිත ආයෙත් මටම බනින්න ගත්තා...ඔව් මන් ඒ වෙලාවෙ වචනෙන් හරි මේ කෙල්ලට කලේ මොකද්ද...
**************************

"පහන් ඔයා මොකද්ද මේ කරන්න හදන්නෙ...."

"ඇයි නිසලි මොකද්ද??? "

"මොකද්ද අහන්නෙ මගෙන්ද?ඇයි මේ ගෑණිගෙ භාරකරත්වය ඔය‍ා ගත්තෙ..."

"හ්ම්ම්...ඒකද?ඉතින් බබා කාත් කවුරුවත් නැති මේ ලෙඩාව අපි භාරගමු..."

"මොකක්...ඔයා දන්නවද පහන් මෙයා සල්ලි වලට තමන්ගෙ....."

"ඔව්....මන් දන්නවා...නිසලි දැන් ඇති..අපි මේ ලෙඩාව භාරගන්නව එච්චරයි..."

"පහන්...ඒ කියන්නෙ දැන් ඔයාට මට වඩා මේ නන්නත්තාරෙ ගිය එකී ලොකු වුනා..."

"මොනාද නිසලි මේ කියන්නෙ...ලැජ්ජාවක් නැද්ද...ඔයත් ඩොක්ට කෙනෙක් නේද?ඇරත් ඔයත් ගෑණියෙක් නෙ..."

"ලැජ්ජාව මට තමයි...හොස්පිට්ල් එකේ ඔක්කොම අහනව ඩොක්ට පහන් මොකද අර ගෑණිට ඔච්චර අනුකම්පා කරන්නෙ කියල...මන්නෙ ඕවට උත්තර දෙන්න....."

"නවත්තනවා නිසලි....මෙතන පිස්සුවෙන් වගේ දගලන්නෙ නැතුව...දැනගන්නවා පිස්සෙක් වගේ මන් පාරක් පාරක් ගානෙ ඇවිදල මගෙ ජීවිතෙ හොයද්දි මට ජීවිතේ දුන්නෙ මේ කෙල්ල..."

"මො...මොකද්ද ඔ... ඔයා...කියන්නෙ පහන්...."

"හ්ම්ම්....ඔව්...ඔයාගෙ තාත්තගෙ සල්ලි වලට...අපේ මේ රස්සාවට බැරි වුනා එදා ඔයා හුස්ම අදිද්දි ඔයාගෙ ජීවිතේ බේරගන්න...මන් අසරණ වුන තරම කොයිතරම්ද කියල දන්නවද නිසලි ඔයා..."

"ඒත්....පහන්...මේ..."

"එදා අහම්බෙන් වගේ මට මේ කෙල්ලව හම්බුනෙ...එයා කැමති වුනා ඔයාට වකුගඩුවක් දෙන්න...අපි ක‍ොච්චර හෙව්වත් ඔයාට ගැලපෙන වකුගඩුවක් හම්බුනෙ නෑ...ඒත් මේ කෙල්ලගෙ වකුගඩුව ඔයාට ගැලපුනා...මන් දන්නෙ නෑ මේ තත්වෙට දැන් මේ කෙල්ල කොහොම වැටුනද කියන්න...ඒත් මට ඕන ඔයාගෙ ජීවිතේ බේරපු මේ මනුස්සයට අන්තිම මොහොතෙ හරි උදව් කරන්න..."

"එතකොට...මේ...මම....ජීවත් වෙන්නෙ..."

"ඔව් ඒ කෙල්ල නිසා...එතකොට අද මේ කෙල්ල හුස්ම අදින්නෙ ඉතුරු වෙලා තිබුන වකුගඩුවත් නරක් වෙලා නිසා...මන් කොච්චර හෙව්වත් මේ කෙල්ලව මට හොයාගන්න බැරි වුනා..."

"ඔයාගෙ තාත්තලගෙ සල්ලි මේ කෙල්ලගෙ නම ගම රස්සාව හංගල ඒ පිනට මොණර කොළ හිලව් කලාට, එක රුපියලක දෙයක් වත් මේ මනුස්සය ගත්තෙ නෑ....දන්නවද එදා මේ මනුස්සය කියපු දේ..."

"මහත්තය මන් ඇග විකුණල තමයි ජීවත් වෙන්නෙ...ඒත් මේ මන් කලේ පණ අදින කෙනෙක්ට ජීවිතේ දීපු එක...ඒකටත් ගණන් හිලව් තියල මේ කරුමක්කාර ජීවිතේට තව පව් පුරවගන්න බෑ මහත්තය...මන් මේක කලේ මනුස්සකමට....ඔය සල්ලි වලිනුත් මේ නෝනට ඕන දේවල් ගන්න..."

එදා ඒ වෙලාවෙ මන් ඉන්න තැන කරන දේ අමතක වුනා.පිස්සියෙක් වගේ මන් නැවතුනේ හුස්ම අදින ඇගේ ඇඳ ළග...නිමාවක් නැති කඳුළු මගේ ඇස් වලින් කඩන් වැටෙද්දි ඒ දුකක්ද,පසුතැවීමක්ද නැත්තන් මන් ගැනම ඇති වෙච්ච ලැජ්ජාවක් ද කියන්න මට අදටත් තේරුමක් නෑ...ඒත් එකම වතුර පොදක් පොවනව ඇරෙන්න මට ඇගේ හුස්ම රැකගන්න අංශු මාත්‍රෙක දෙයක් කරගන්න බැරි වුනා.ඇගේ අන්තිම හුස්ම පොද මගේ දෑත උඩම ගිලිහිල යද්දි මන් මොකන්දෝ මන්ද නාම විරහිත හැඟීමක ඔත්පල වුනා....
*************************

"නිසලි අපි යමු....දැන් හුඟක් හවස් වෙලා..."

කතාවක් නැතුවම පහන්ගෙ උරහිසට බරවුණු මට ඇගේ දැල්වෙන සෙහොන අතරින් ඇය අන්තිමට කිව් වචන ආයෙ ආයෙත් දෝංකාර දුන්නා...හිසේ සිට යටිපතුල තෙක් ඇදි යන හිරියක් වේදනාවක් එක්ක මන් ආයෙත් ඒ වචන මතක් කලා....

"මන් නිසා මගේ මේ පව්කාර රස්සාව නිසා හුගක් පවුල් ජීවිත හැඩි වුනා නෝනා....ඒත් මන් නිසා අද සතුටින් ජීවත් වෙන එකම පවුල නෝනයි මහත්තයයි...මට ඒ දේ ඇති න‍ෝනා ...සතුටින් ඉන්න හැමදාම..."

ඇය කිසිම කෙනෙක්ට ඇගේ අන්තිම හුස්ම පොද ගිලිහෙද්දි වත් දොසක් නැගුවෙ නෑ...ඇයද අපිද මේ ජීවිතේ පහත් කියල හිතද්දි පහන්ගෙ හඬ හීනෙන් වගේ ඇහුනා...

"හුඟක් සුදු පිරුවට පෙරවගෙන තමන් උපාසිකා කියල කියාගෙන ගඳ ගහන ජීවිත තියෙන හුඟක් ගෑණුන්ට වඩා අයාලේ ඇවිද්දත් මේ මනුස්සය ළඟ මනුස්සකම ඕනවට වඩා තියෙනව නිසලි...."

ඔව් ඇත්ත...

20 comments:

  1. මිනිස්සු හරිම අවතවාදියි. තමන්ගේ අවශ්‍යතාවය සපිරෙනකම් විතරයි හැම දෙයක්ම. තමන්ගේ අවශ්‍යතාවය ඉටු වෙනකම් නරකයි කියලා පිළිගැනෙන දේත් හොදයි.

    අපිට හැමදාම අමතක වෙන දේ තමයි හොද aya ඇතුලෙත් නරක තියනවා නරක අය ඇතුලෙත් හොද තියනවා කියන එක

    ReplyDelete
    Replies
    1. ඔය දේ තේරුම් ගන්නෙ බොහොම අතලොස්සයි..

      Delete
  2. මාර ලස්සනයි නගා තව ලියන්න
    බුදු සරණයි ........

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති අයියන්ඩි..
      බුදුසරණයි..

      Delete
  3. වෙනස් ආරක කතාවක් ගිම්මි........... ලස්සනයි

    ReplyDelete
  4. ඉඳලා ඉඳලනේ. ඒ නිසා මේ ඇති. රත්වෙනකොට ඉස්සර හිටපු ගෙම්බි එයි. ඒ වුනාට මට පෙන්නන්න බැරිම වැඩේ තමයි ෆෝන් එකෙන් කොටන නිසා කතාව කොටවෙන එක.

    ReplyDelete
    Replies
    1. පෝන් කට්ටෙන් කොටන ටෙ එපා වෙනව අයිෂො..කලින් තරම් ලියන්න බැරිද මන්ද කසුට්ටො මට..

      Delete
  5. මාව ශොක් වුනා!!! මරු ගිම්මි!!

    ReplyDelete
  6. ආ... ගිම්මි අක්කෙ.. කොහොමෙයි ඉතිං..? ඇත්තටම කෙනෙක්ගෙ වටිනාකම තිරණයවෙන්නෙ කරපු උදව් මත විතරද?

    ReplyDelete
    Replies
    1. මලයො හොදයි හොදයි වරදක් නෑ...අද කාලේ හුගක් අය එහෙමනෙ

      Delete
  7. Replies
    1. බොහොම ස්තූති මිත්‍ර ...

      Delete
  8. ඔව් ඒක ඇත්ත ගිම්මි.සහතිකෙන්ම......

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්...මටත් හිතෙන්නෙ එහෙමයි...

      Delete
  9. මුලින් කියවන්න ගත්තම කම්මැලි හිතුනා...ආයෙත් කියෙව්වම... just wow

    ReplyDelete
  10. හරිම රසට ලියල තියනවා ගිම්මි...

    ReplyDelete
  11. මෙලොව උපන් මිනිසුන් අතර කළු සහ සුදු වර්ණයන් අඩුය ... ඇත්තේ නේක ආකාරයෙන් කළු සුදු මිශ්‍රනයන් වන අළු පැහැයන්මය !

    ReplyDelete