Thursday, March 3, 2016

රුවලක් අහිමි ඔරුව








එයාගේ ෂර්ට් එකේ බෝත්තන් කාසි සීරුවට බෝත්තන් ටික ගිල ගනිද්දී මගේ හිත පුරා ඇවිලිච්ච මහා ගිනි ගොඩක් එහා ඇදෙ සැප නින්දක ඉන්න මගේම පොඩි එකා දැකල පපුව පුරාම ඇවිලිලා ගියා. මහා බර හුස්මක් මගෙන් ගිලිහිලා මේ පොල් අතු පැලේ හිල් පොල් අතු වල වැදිලා මුළු ගේ පුරාම විසිරිලා යනකොට,හෙමි හෙමින් මාත් මේ පැදුරු කෑල්ලෙන් ඈත් උනේ තවත් හිටියොත් මේ මුස්පේත්තු නිහඩබව හිතේ මහා ලොකු ගින්නක් අව්ලලා ඇස් වලිනුත් ලෝදිය පොකුරැ දොරේ යන්න වැඩි වෙලාවක් නොයන නිසාමයි.මුහුදු රැල්ල එක්ක මේ රෑට හුළඟ තියාගන්නේ මොන කරුමක්කාර සම්බන්දයක්ද?ඒත් එක්කම සමහර දවසට කඩාගෙන වැටෙන වැස්ස...මේ වැල්ලේ සමහර එව්න්ගේ ජිවිතේ ඉරණම තීරණය වෙන්නෙත් මේ කරුමක්කාර දේවල් එක්ක..ඒ වගේම ඔය කරුමක්කාර හුළගට වැස්සට මුවා වෙලා තව ගෑනු කීදෙනෙක්  තමන්ගේ මිනිහගේ පැදුර අනිත් එව්න්ට දීල සැනසෙනවද...ඒත් මුන් ඔක්කොටම පෙන්නේ මගේ කරුමක්කාර ජිවිතේ විතරයි...

"මොනවද බන් ඔය හැටි කල්පනා කොරන්නේ? තව මොන හරි අඩු පාඩුවක් තියනවනං කියපන්.."

මේ මුස්පේන්තු ජිවිතේ පුරවන්න කියල නං හිස් තැන අඩු පාඩු කොච්චරක්ද...මේ එකෙක් වත් ඇහුවට ඒවාට පිළියම් මුන් ලග තියනවද..ඒත් පොඩි එකාගේ කිරි පිටි,බත් වේල,ඉස්කෝලේ ගමන ගැන හිතන්න ඕනේ...අපේ පව්කාරකම් වලට මේ නොදරුව මක් කරන්නද?"

"හ්ම්ම්..ඔහෙට තේ කෝප්පයක් හදන්නද...?"

"එපා බන් මේ වැල්ලේ ගෑනු ටික නැගිටින්න කලින් මන් ගෙදරට යන්න ඕනේ..."

වැල්ලේ ගෑනු...මාත් මේ වැල්ලේම තමයි..නැතුව අහසින් කඩාපාත් උනෙයි මන්..ඒත් මන් ඒ හැම ගෑනියෙක්ටම වඩා වෙනස්...උබට මෙහෙම...  කියන්න වචන සිය ගානක් මගේ හිත ඇතුලෙම තෙරපෙද්දී මුනිච්චාවට අමාරුවෙන් මුනට ගත්ත හිනාව පෙන්නලා දොර එහාට කරගෙන වැල්ල පැත්තට ගියේ කරන්න දෙයක් නැති කමටත් වඩා මේ හුළගට වත් මගේ කරුමක්කාර ජිවිතේ ගෙනියන්න පුලුවන්ද අහන්න.. මේ වැල්ල කලබල වෙන්න තව පැයක් දෙකක් තියන නිසා නිවිහැනහිල්ලේ මේ මුහුදෙන් එන රැලි දිහා බලන් ඉන්න පුළුවනි..මේ රැල්ල වගේ මගේ ජීවිතෙත් ගොඩ තියාගන්නම බෑ....ගොඩ ආවා වගේම හරි ඉක්මනට ආයෙමත් මුහුදු පතුලටම ඇදිල යනවා...

රුවලක් කැඩුණු ඔරුවක් වගේ  ඔහේ පාවෙවී මුහුදු කරේ තිබුන  මගේ ජිවිතේට  හැමදාම දකින රුවල් කදන් මගේ කැඩුණු ජීවිතේට ලං වෙන්න ඉව අල්ලද්දී අමාරුවෙන් උනත් කැමැත්තෙන්ම ඈතට ගියේ මගේ ලග ඉතුරු වෙලා තිබුන එකම සම්පත රැකගන්න.හිල් වෙච්ච පොල් අතු අස්සෙන් මහා රෑට එන කරුමක්කාර හුලන් රැලි,ලොකු වැහි බින්දු  මේ හැමදේම ඉවසගත්තේ මට ඉතුරු උන එකම සම්පත රැකගන්න.මාළු කුඩේ කුණු කොල්ලෙට විකිනෙද්දී ජිවිතේ ගැට ගහගන්න මේ වැල්ලේ ගෑනු කරන සුමේ ඇස් දෙකින්ම දකින වැල්ලේ ගෑනියෙක් වෙච්ච මටත් ඒ මාළු කුඩෙකටම මගේ ජීවිතෙත් බර හේත්තු කරන්න වෙයි කියල මන් කවදාවත් හීනෙකින්වත් හිතුවේ නෑ...ඒත් මේ වැල්ලේ හුගක් ගෑනුන්ට ලෝකෙට පෙන්න හරි නොපෙනෙන්න හරි තව හයිය අතක් උන් ලග තිබුන..මගේ ලග තිබුන ඒ හයිය මට නැති උන එක තමයි මේ ජිවිතේ තියන කාලකන්නිකම...

මාළු කුඩේ පුරවගන්න ගියත් එතන ඉන්න මාළු කාක්කන්ගේ ඇස් වලින් අත පයින් බේරෙන්න කොච්චර දහ දුකක් වින්දද...මාළු කාක්කෝ  ඇත්තටම ඉල්ලුවේ මාළු ගන්න කියල නෙමෙයි...උන් මගේ වටේටම දාල තිබ්බ දැලකට හරි ඇමකට අහු වෙයන්  කියලා..රුවල කැඩුනත් ඔරු කදට පාවෙන්න හරි ශක්තිය තාම තියනවා. උන්ට මාළු ගන්නවට සල්ලි වගේම තව පැදුරුත් ඉල්ලන්නේ මගේ රුවල මට නැති නිසාම කියල නොදන්නවා නෙමෙයි මන්...රුවලක් නැති මේ ඔරුව ඇත්තටම අසරණයි..පිහිටක් හොයනවා..ඒත් එහෙමයි කියල අනිත් උන්ගේ රුවල් අරන් මගේ ඔරුවේ මගේ වගේ ගැටගහගන්න කිසිම ඕන කමක් තිබුනේ නෑ මට...මාළු කාක්කන්න්ගෙන් බේරිලා අමාරුවෙන් පුරවගත්ත මාළු කුඩේ විකුණගන්න අව්කාස්ටකේ කොච්චර වෙලුනත් ගන්න එව්න් ඉල්ලන්නේ කුණු කොල්ලෙට..ඉතින් ඒ හම්බවෙන සොච්චමෙන් හෙට මාළු ගන්නයි පොඩි එකාට කන්න,ඉස්කෝලේ යන්නයි කොහොමද මේවා කරගන්නේ...

ඒත් මගේ හිතේ කවදාවත් මගේ මිනිහගේ පැදුර වෙන එකෙක්ට දෙන්න කිසිම අදහසක් තිබුනේ නෑ..දෙයියන්ගේ නාමෙන් හරි ආයෙත් මගේ මිනිහ ආපු දවසට ඒ මිනිහට ඇලවෙන්න ඒ පැදුර පිරිසිදුව තියෙන්න ඕනේ කියලයි මන් හිතුවේ...ඒත් මගේ කාලකන්නි ජීවිතේට ඒ වගේ පාරමිතාවක් වත් පුරන්න පින් කොයින්ද...?හිතා මතාම හරි,නොහිත හරි එක පාරට ඒ වැදිච්ච අකුණු පාර මගේ ජිවිතේ තුට්ටුවට දැම්ම...මුදලාලිගේ වාහනෙන් ආපු ඒ අකුණු සැරට මේ ඔරු කද මාසයක් ඔත්පල කරලා ඇදට දාන්න පුළුවන් උනා, මගේ අවාසනාවටද,පොඩි එකාගේ වෙලාවටද කියන්න මන් දන්නේ නෑ.ඒත් මේ වැල්ලේ ඒ අකුණ මහා විසාල ගෙරවීමකුත් එක්කයි පැතිරිලා ගියේ....අකුණට මේ ඔරුව බලෙන් මුණ දුන්න කියල මුළු වැල්ලේම ගොරවද්දී එකෙක් මගේ හිත කොච්චර පිච්චිලාද කියල හොයල බැලුවද?
.
මගේ මුස්පේන්තු පව්කාරකම උනත් එක අතකට මේ අකුණ පොඩි එකාගේ වාසනාව... ,දැන් ඌ කාල ඇදල ඉන්නවනේ,හැමදාම ඉස්කෝලේ යනවා,පොත පත අඩු පාඩුවක් නෑ...ඒත් ඌ ලොකු මහත් වෙච්චි දවසට..මේ ඔරු කද අනිත් උන්ට වගේම රොඩු ගැහිච්ච හැමෝම අයින් කරලා දාපු ඔරු කදක් වගේ පෙනෙයිද...???.

"ඈ...චිත්රෝ...මොකද්ද මේ අද වෙලා තියෙන්නේ..."

 ඔත්පල වෙච්ච මාසෙට පස්සේ ඇවිදගන්න ඔරු කදට තිබ්බ වාරු නැතුව යද්දී වැඩි දුර පයින් යන්න බැරුව ඉන්නැද්දී අර පුපුරපු අකුණෙන් පුද සත්කාර ලැබෙනකොට කට වහන් හිටියේ මගේ පොඩි එකා නිසාමයි.ඒත් මේ හිතේ ඒ අකුණට එදත් අදත් කිසිම ඉඩක් නෑ... අනික ඉතින් අකුණකින් ලැබෙන්නේ තවත් පිච්චි පිච්චි ඉන්න පුද සත්කාර මිසක් පිච්චිච හිතක් සනීප කරන්න පුලුවන්ද...දැන් ඒ අකුනට මගේ හිත,ජිවිතේ විතරක් නෙමෙයි මගේ ආත්මෙත් පිච්චිලා ඉවරයි...

"මුකුත් නෑ..සෙනයියේ..දැන් ගියා නං නේද හොද?"

"හැමදාම මන් ආපු වෙලේ ඉදන් හදන්නේ මාව එලවගන්නමනේ...අනික මන් මේ එන්නේ පොඩි එකාට තියන ආදරේටනේ...."

පොඩි එකාට ආදරෙන් පැදුරේ ඉල්ලන්නේ මොන මගුලකටද...ඔය වචන ටික මගේ හිත ඇතුලෙන් පුපුරලා ලෝදිය වපුරද්දී ඒ ගින්න ඇස වලින් පිට කරලා නිකන් ඉන්න උනේ මගේ අසරණකම...නෑ මගේ කාලකන්නිකම නිසා මේ පොඩි එකා දුක් විදි කියන බයටමයි.මගේ රුවල තිබුනනං මේ කොහෙවත් යන සල්ලාල රුවල් මට ඕනි නෑ..මගේ හිතේ වගේම මගේ ජීවිතෙත් තියෙන්නේ මගේ පරණ රුවල ලගයි...මේ ඔරු කදට වෙන රුවල් ඕනේ නෑ..ඒත් වැඩි දුරක් බර වැඩක් කරගන්න බැරි ඔත්පල උණු නොව්නු ඔරු කදක් දැන් මන්...හිත ඇතුලේ පුපුරන ගිනි ඇතුලෙම තියාගෙන කොහෙන්ද මන්ද ඇහිදගත්ත වචන ටිකක් මගේ කටින් පිට උනේ මගේ හිතින් මටම සාප කරගනිමින්...

"හ්ම්ම්...පොඩි එකාට හැමෝම ආදරෙයිනෙ...ඒත් ඒ ආදරේ පොඩි එකාට කියල හැමෝම  එන්නේ වෙන එව්වා හොයාගේනනේ.."

"උබ තරහින්ද..."

"අනේ නෑ මේ හරි සන්තෝසෙන් ඉන්නේ..."

"හ්ම්ම්...මන් අද කොලබ  යනවා,ලබන සතියේ දිහාට මේ පැත්තේ එන්නං පොඩි එකාට මොන හරි අරගෙනම..."

"පොඩි එකාව බලන්න ඌ නිදාගත්තම වෙන්නැති එන්න ඕනේ වෙන්නේ..." 

ඒත් ආයෙමත් මට පොඩි එකාගේ ඉස්කෝලේ ගමන් මතක් උනා..මන් මේ සල්ලාල ඔරු කදට දෙස් තියනකොට අඩුවෙන්නේ මගේ පොඩි එකාගේ බත් වේල නේද..?බෑ..බෑ..එහෙම වෙන්න දෙන්න බෑ.. හිතේ එක කොනකවත් නැති බොරු රෝස මල් පෙත්තක් අරගත්තා මන් ඒක පාට කළා..නැත්තන් මගේ පොඩි එකාගේ ජිවිතේ කළු සුදු වෙනවා...

"පරෙස්සමට ගිහින් එන්නකෝ එහෙනං.."


39 comments:

  1. අමුතුයි සුපිරියි............

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති කුරුටු...:)

      Delete
  2. නියමයි , අසරණ වුනාම අකමැති ලෝකවල හිරවෙන්න වෙනවා . සුපිරි ලිවීමක්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති ඉවාන්...:)

      Delete
  3. අකුණක් පිපිරුණා වගේ.. මාත් මේ වැල්ලේ ගෑනියෙක්ම තමයි.. එත් ඇයි මං විතරක් වෙනස්..

    පට්ට..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති කමි...:)
      හුග කාලෙකින් ගොඩ බැහැල තියෙන්නේ මේ පැත්තට හි හි හි

      Delete
    2. ෆුල් බිසී අෆ්ෆා මේ දවස්වල.. බ්ලොග් කියවිල්ල සැහෙන්න මිස් උනා.. :(

      Delete
    3. කමක්නෑ අනේ වෙලාව තියනකොට මේ පැත්තේ ඇවිත් යන්නකෝ :)

      Delete
  4. මමත් මුහුද ළග ජොබ් එකක් කරා, ඒ මිනිස්සු මතක් උනා.

    ReplyDelete
    Replies
    1. මුහුද ළග ඉන්න නම් මාත් හරි ආසයි.ඒ මිනිස්සුන්ගේ කොච්චර ප්‍රශ්න තිබුනත් හරි එකමුතුයි නේද?

      Delete
  5. ගිම්මි අක්කට ලස්සනට කෙටිකතා ලියන්න පුළුවන් නෙව.. දිගටම ලියමු..))

    ReplyDelete
  6. ගිම්මි අලුත්ම විදියකට ලියලා
    ලස්සනයි....

    ReplyDelete

  7. නරකයි කියන ගොඩ දෙනෙකුගේ ජීවිතවල ඇතුල්පැත්ත උඹ ලස්සනට එළියට දාලා.ඔක්කොටම වඩා ගෑණු කෙනෙක්ගේ, අම්මා කෙනෙක්ගේ සිතුවිළි.

    ගිණිකන්ද පුපුරලා ලස්සනට.එල.

    ReplyDelete
    Replies
    1. අපි වැරදි කියල කොන් කරන හුගක් මිනිස්සුන්ගේ ජිවිත වල ඇතුල් පැත්ත හරි සංවේදී.අම්මා කෙනෙක් ජිවිතේ කියන්නේ තමන්ගේ දරුවෝ මොන දේ හරි කරලා ඉස්සරහට ගෙනියන එක.

      ස්තුති කටුස්සයියේ :)

      Delete
  8. හරි අගෙයි.
    දිගටම මේ වගේ කතා ලියන්න. පුලුවන් වෙලාවට ගොඩ වැදිලා යන්ට එන්නම්.

    ReplyDelete
    Replies
    1. ස්තුති මචෝ...
      වෙලාවක් තියන වෙලාවට මේ පැත්තේ ඇවිත් යන්න එන්න.

      Delete
  9. හරි අපුරැ නිර්මාණයක්... ජය

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා කිබුලි ඔයාව....
      බොහොම ස්තුති...ජය වේවා!!!

      Delete
  10. ගොඩාරියක් ලස්සනයි නංගා ..... හදවත පත්ලටම දැනුණා .....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති මේතු අක්කේ...

      Delete
  11. බහුතරයක් සිල් ඇත්තන් දෙපාරක් නොහිතාම වැරදිකාරයො කරන එක්තරා මිනිස්සු කොට්ටාශයක් ගැන සංවේදී සටහනක් ලිව්වට ස්තුතියි.. ඒත් අපේ සමාජ ක්‍රමය මිනිහෙක් වරදක් කරේ ඇයි කියනදේට හේතු හොයන්නේ නැතුව ඒ මිනිස්සුන්ට ලේබල් අලවන එක ඊයෙත් අදත් වගේම හෙට දවසෙත් ඒ විදිහටම තියේවි..

    ReplyDelete
    Replies
    1. මිනිස්සුන්ට තමන්ගේ ජිවිත වල තියන වල ගොඩැලි පෙන්නේ නෑ..එත් අනුන්ගේ ජිවිත වල තියන පුංචි පිපිරුමක් හොයනවා...එක මිනිස්සුන්ට තියන කරුමක්කාර ගතියක්....
      බොහොම ස්තුති....:)

      Delete
  12. Replies
    1. බොහොම ස්තුති හන්චියේ....

      Delete
  13. ලත්තනයි, දිගටම ලියන්ඩෝ.

    ReplyDelete
  14. සුපිරියි දිගටම ලියන්න අපි එනවා බලන්න :)

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා මේ පැත්තට...
      බොහොම ස්තුතියි...ආයෙත් එන්නකෝ එහෙනං... :)

      Delete
  15. පට්ට ගිම්මියෝ...මරු...අම්මා කෙනෙක් දරුවන් වෙනුවෙන් නොවිදින නොලබන දුකක් නෑ...සුබ පතමි නුඹට..

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට...
      බොහොම ස්තුති..:) ජයවේවා!!!

      Delete
  16. නියමයි.. සුපිරියි..
    ලිවීම ඉස්තරම්.. ;)

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට...
      බොහොම ස්තුති ලයියා:)

      Delete
  17. මාරයි ආාාාාාාාාාා

    ReplyDelete