Monday, February 8, 2016

පව්කාරකම






අමාරුවෙන් හිත පිරෙන්න පුරවගත්ත හුස්මක් පිට කරද්දී අදුරු කාමරේ ඇතුලේ මහා ගෝසාවක් වගේ ඇහෙන සිලිං ෆෑන් එකේ කිරි කිරියට හිතින් සාප කලේ මේ හැමදේම වෙන්න උබත් ඉඩ දුන්න නේද කියල හිතද්දීමයි.හැමදේම වෙලා තත්පරෙන් තත්පරේ ගෙවිල  යද්දී පටන් ගත්ත සිතුවිලි යුද්දේ ඉවර වෙන්නත් කලින් එහා පැත්තෙන් අකුණු සැර ආයෙත් වැඩි වේගෙන් එන්න පටන් අරන් ඉවරයි. ආයෙත් මහා වැස්සක් කඩන් වැටෙන්න කලින් දෙපයින් හිට ගත්තේ මිට වඩා මේ වැස්සේ තවත් තෙමෙන්න කිසිම ඕන කමක් නැති නිසාමයි.

"කොහෙද යන්නේ?"

"එලියට"

"දැන් ගොඩක් රෑ වෙලා"

"ඉතින් ඇයි?"

එතනින් එහාට දෙයක් අහන්න ඕන උනත් එයාගේ සද්දේ නැවතුනේ මන් විදුරු දොරත් ඇරගෙන එලියට ආපු නිසා වෙන්නැති.නැත්තන් ඒ තරම් ඉක්මනට දෙයක් තේරුම් ගන්න කෙනෙක් නෙමෙයි.මැලවිලා ගිය මල් ගහක් වගේ තිබුන ජීවිතයට අලුතෙන් වතුර පෝර දාල පන දුන්නට විතරක්ම ඒ ගහට මදි කියන දේ එයා තේරුම් ගත්තේ නෑ..තේරුම් කරන හැමවෙලාවෙම එයා එක සාදාරනීකරණය කරපු නිසාම කට වහගෙන ඉන්න උනේ එයාට ඕන උනේ මොකක්ද කියල දැන දැනම මෝඩකම් කරපු නිසා.

එයාට ඕන උනේ එයාගේ වත්තේ හිටවන්න ගහක් නෙමෙයි.වෙන කව්රුහරි හිටවපු මැරිච්ච ගහක්.නෑ...මැරෙන්න යන ගහක්.එයා ඒකට වතුර පෝර දාල බලාගත්තම එයා හිතුවේ එයා කරන්නේ හරි දේ කියල.හැබැයි ඒ ගහ එයාගේ කරගන්නවත් ඒ ගහේ මල් බලන්නවත් එයාට ඕන උනේ නෑ...ඕන උන එකම දේ එයාට ඕන වෙලාවට ඒ ගහ ලගින් තියාගන්න විතරයි.හුළගට හෙලවෙන කොට ඇහෙන කොළ වල සද්දේ අහන්න විතරයි.

අවුරුද්දකටත් වැඩි කාලයක් එකම විදුරු කාමරේක හිටියත් වැරදිලා හරි අතක් වැදුනොත් ඒ විදුරු කාමරේ බිදිලා කුඩු පට්ටම් වෙන්න මහා වෙලාවක් යන්නේ නෑ කියල දැනන් උන්නත් මොකද්ද මන්ද අවජාතක හැගීමක් එයා ගැන හිතේ ඉතුරු වෙලා තිබුන.ඒක ආදරේද නැත්තන් වෙන මොකක් හරි මුස්පේන්තු අවලන් හැගීමක් ද කියන්න තේරුමක් නෑ.එයා එයාගේ ඒ හැගීම් ලස්සනට සාදාරනීකරණය කලාට මේ සෝමාරි හිතට ඕව ගැන ගානක් නෑ...එත් එයාව දාල ගිහින් අලුත් විදුරු ගෙයක් සින්නක්කරව ලියාගන්න පුළුවන් කියල හිතුනත් එහෙම යන්න උවමනාවක් මේ හිතට නෑ...

"එන්නේ නැද්ද ඇතුලට..."

පුදුමයි මන් මේ විදුරු කාමරේ නෑ කියල මතක් වෙලා.

"එන්නන්...තව ටිකකින්"

"හෙට මට පාන්දර යන්න තියනවා.."

"ඔයා නිදාගන්න..."

ආයෙමත් නිදාගන්න තරම් උවමනාවක් මේ ඇස් වල නෑ...හෙටවත් පායන ඉරට පුළුවන් නං මෙයාගේ ඇවිලිච්ච  හිත නිවල මගේ හිතේ තියන රෝස වතුර දාන්න.

හීන් උරපටි රැදිච්ච උරහිසට තද උණුසුම් හුස්මක් වැදුනම තේරුණා එයා ලගම ඉන්නවා කියල.කවදාවත් නැතුව මේ තරම් මගේ ගැන හොයන්නේ....ප්‍රශ්නාර්ථයක් ඒක...

"මොනාද කවදාවත් නැතුව කල්පනා කරන්නේ.."

"මුකුත් නෑ.."

"අර මිනිහ ගැනද හිතුවේ..."

"කව්ද....??"

"අර ඔයාව බදින්න පස්සෙන් එන එකා.."

මෙච්චර කාලෙකට නොව්ණු දෙයක්...මට කැමති කෙනෙක් ඉන්නව නං එයා ලගට යන්න කියපු කෙනා....අද ඇයි මෙහෙම අහන්නේ..ඉරිසියාව..

"ඇයි ඉතින්..."

"නෑ ඔයා ඌට කැමතිද..."

"මන් කැමති කාටද කියල දැන දැන බොරු ප්‍රශ්න අහන්නෙපා...."

ගස්සාගෙන යන්න හැදුවත් අඩුවක් වගේ තද කරලා අල්ලගත්ත එයාගේ ඇගිලි අතරින් අත ගන්න බැරි බව දැනගෙනම ඇස් දෙකෙන් ගින්දර පිට කලේ අවුරුද්දක් පුරා පුපුරු ගහන ගින්නක්...කවදාවත් නොදැක්ක කදුළු බින්දු ඒ ඇස් වල තිබුනත් මන් නෙමෙයි තම්බෙකට මායිම් කලේ.

"ඔව් මන් දන්නවා...."

"එහෙනං තව අහන්නේ..."

"එත් මට ආදරේ කරන්නෙපා කවදාවත්..."

"ඔයා බන ආයෙත් පටන් ගන්නෙපා..මාව අතාරිනවා..."

"අතරින්නන්...ඒත් මන් දන්නවා ඔයා යන්නේ නෑ කියල..."

"ඔව් මගේ පව්කාරකම..."




38 comments:

  1. ගොඩක් මිනිස්සු කැමතියි තමන්ටවඩා වටිනාකමින් අඩු ගෑනියෙක්ව ගන්න.ඔවුන් හිතන්නේ එහෙමවුනහම ඒ ගෑනිව තමන්ට ඕනේ විදිහට පාලනය කරගන්න ලේසියි කියලා.අනිකාගේ හැඟීම් තුට්ටුවකටවත් වටින්නේ නෑ. තමන්ටවඩා වැටුපක් ලබන ,තමන්ටවඩා අද්‍යාපනයක් තියන , තමන්ටවඩා මුදල්තියන කෙල්ලෙක්ව බඳින්න අකමැති මිනිස්සු තමන්ටවඩා ලසන කෙල්ලෙක්ව හොයනවා.ඒ උඹලගේ ගෑනිටවඩා මගේ ගෑනි ලස්සනයි කියලා අනිත් එවුන්ට පෙන්නන්න.

    ලියවිල්ල පට්ට.ජයවේවා.....

    ReplyDelete
    Replies
    1. #තමන්ට වඩා ලස්සන කෙල්ලෙක්ව හොයනවා#
      මේකට හැර අනිත් ඔක්කොම සුදුසුකම් තියන කෙනෙක් තමයි මාත් හොයන්නේ..දැනටම තේරිලා තියෙනවා ඒ වගේ කෙනෙක් හොයාගන්න බැරි බව...

      මිනිස්සු අතරේ කටුසුත් ඔය ටිකට තමා කැමති..

      Delete
    2. අන්න ඒ කතාව නං ඇත්ත..හැබැයි දෑවැද්දට ලැබෙන ගානේ අන්තිම බින්දු වැඩිනන් ලස්සන නැතත් ඉතින් බදිනවා සමහරක්.

      ස්තුති කටුසු..:) ජය!!!

      Delete
    3. හිකිස්...මොකෝ මචෝ ලස්සන කෙල්ලෝ පරිස්සන් කරන්න අමාරු නිසාද...???

      Delete
  2. but hithana tharam pitatha sundhara nowenna puluwan,
    karaganna danne nathi aadarayak athule thiyenne wenna puluwan.
    yathaarthayak wiyahaki kathawak, lassanai....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්...ලෝකෙට පෙන්නේ නැති යතාර්ථයක්....
      ස්තුති සෙනේ...:)

      Delete
  3. හිතාගන්නවත් බැරි හැකියාවක්. ඔබ කවදාහරි ප්‍රසිද්ධ නවකථා /කෙටි කථා කාරියක් වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඉයන් කිව්වොත් ඉතින් ගලේ කෙටුව වගේ..
      බලමු අපි ළගදි පොතක් එහෙම බලන්න..

      Delete
    2. බොහොම ස්තුති ඉයන්... :) ජය!!!

      Delete
    3. පොතක් ලියන්න ආසාවක් නැතුවමත් නෙමෙයි මචෝ... :D

      Delete
  4. බූට් මාසෙට ඔය වගේ කතා අහන්න තමයි අපිත් එන්නේ.. හැක්.
    මාත් හීනෙන් බූට් කනවා.. මේවා ලියනකොට මටත් හොද බූට් එකක් කන්න හිතෙනවා ඕයි. මම කොල්ලා උනානම් අරන් පනිනවා කෙල්ලව(කොහේ ගිනියන්නද බන්)
    අපේ අම්මා මට කැමති කෙනෙක් හොයාගන්න අවසර දීලා තියෙන්නේ.. හැබැයි මටම කියලා ගෙයක් හදාගෙන. දැන් ගෙයක් අටව ගන්න ගේම ගහනවා.

    ලිවිල්ලනම් පට්ටයි ගිම්මියෝ.......

    ReplyDelete
    Replies
    1. අනේ ඇත්තට මොකටද බුට් කන්න ආස වෙන්නේ මචන්...ඕක කෑවම තේරෙයි රගේ...හිකිස්...
      ඉක්කමට පැලක් අටවගෙන කාවහරි කැන්දන් යන එකයි තියෙන්නේ...පහු වෙනකොට අම්මා ගේ අදහස වෙනස් උනොත් එම...ඕව පහු කරන්න හොද වැඩ නෙමෙයි මචෝ...හි හි හි

      බොහොම ස්තුති මචෝ..:) ජය!!

      Delete
    2. මම මේ කල්පනා කරේ කෙල්ලෙක් හොයාගෙන පැලක් අටවගන්නවද නැත්නම් පැලක් අටවගෙන කෙල්ලක් හොයා ගන්නවද කියලා....හැක්.

      Delete
    3. කෙල්ලෙක් හොයාගෙන පැලක් අටවගන්නවට වඩා ඉක්මනට දැන් පැලක් අටවගන්න පුළුවන් වෙයි...නැත්තන් වියදම් ඩබල් නේ හැක හැක හැක

      Delete
  5. ගිම්මියෝ ලියැවිල්ල ලස්සනයි............. ජයවේවා... අැත්තට ම සතුටුයි...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති කුරුටු..:) ජයවේවා !!!

      Delete
  6. ගෙම්බි නියම කතා කාරයෙක් වෙලානෙ. මේවත් හිතුවක්කාර කමට ලියවෙන ඒව ද?

    ReplyDelete
    Replies
    1. ඔව්නේ හිතුවක්කාරකම මේකිගේ...හැක..
      ස්තුති කසුන්...:) ජය!!!

      Delete
  7. හෙහ් පිස්සු හැදෙයි සද බැබලෙයි කීවලු..
    හුගක් කොල්ලන්ට කියන්න පුලුවං කතාවක් හෙහ්
    ඒත් ලේසියෙන් යන්න දෙන උං අඩුයි
    ලස්සනයි මචෝ කතාව
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ඔව්නේ ඔය කොල්ලෝ කියන එවුවො ඔහොම්මමයි...හිකිස්...

      ස්තුති මහේ...:) ජය වේවා!!!

      Delete
  8. එල එල!
    මේක ඒකාංගික ටෙලියක් වගේ එකක්ද? දිගට ලියන කතාවක කොටසක්ද?

    ReplyDelete
    Replies
    1. ස්තුති බස්සියේ..:)
      ඒකාංගික ටෙලියක් වගේ එකක්ද කොහෙද අලේ..

      Delete
  9. ඉස්සෙල්ල උගේ කතාව අහල හිටහන්..

    පට්ට.. ඕක තමයි ජීවිතය..

    ReplyDelete
    Replies
    1. කොහෙද ඒකා කතාව කියන්නත් කලින් අරකි ගස්සල රවල පුප්පල ඉවරයිනේ...හිකිස්..

      ස්තුති කමි අයියේ..!!!

      Delete
  10. ඉරිෂියාවේ බෑ.අපිට බෑනේ ඔය වගේ ලියන්න.

    ReplyDelete
    Replies
    1. හිකිස්...රුසියාවටත් වඩා ලොකුයි වගේද...

      Delete
  11. අහම්බෙන් කියවන්න හම්බ වෙන ලස්සන ලියවිල්ලක් ගිම්මි,
    අපේ ගිම්මියා හොද කතා කාරයෙක් වෙලා නොවැ,ඇත්තටම පට්ට කතාවක් ගිම්මියෝ,
    ජයෙන් ජය,

    ReplyDelete
  12. අහම්බෙන් කියවන්න හම්බ වෙන ලස්සන ලියවිල්ලක් ගිම්මි,
    අපේ ගිම්මියා හොද කතා කාරයෙක් වෙලා නොවැ,ඇත්තටම පට්ට කතාවක් ගිම්මියෝ,
    ජයෙන් ජය,

    ReplyDelete
    Replies
    1. ස්තුති රස්ති...
      හිකි හිකි අහම්බෙන් ඉතින් මගේ මොලේට ඕවගේ අදහස් පහල වෙනවා...
      ජය වේවා රස්ති!!!!

      Delete
  13. Replies
    1. සාදරයෙන් පිලිගන්නවා අපේ ගෙදරට...
      ස්තුති කුකුළු...ජය!!!

      Delete
  14. අද නේ මේ බ්ලොග් ක පැත්තෙ ආවෙ.. මම කැමති ජාතියේ ලියවිල්ලක්! ඔහොම යං! ජය!

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා සිතු ඔයාව...
      බොහොම ස්ත්තුති..ජය!!!

      Delete
  15. ඊයෙ මං දාපු කමෙන්ට් එකට මොනව වෙලාද දන්නෑ. මං දැනං උන්නෑ ගෙම්බි මැජිකල් රියැලිස්ම් ලියන කෙල්ලක් කියල. නියමයි ඈ...

    ReplyDelete
    Replies
    1. හිටපු ගමන් මේ අන්තර්ජන්ජලේ පික්සු කෙලිනවනේ අනේ ගණන් ගන්නෙපා....

      බොහොම ස්තුති වේවා ඩ්රකි...

      Delete
  16. ලියනව කිව්වට මම හිතුවෙ නෑ මේතරම් ලස්සනට ලියනව කියලා.සිංහල කෙටිකතාවේ අනාගතය ගැන බයක් නෑ කියල හිතුන මේක කියෙව්වට පස්සේ.අපි අතරින්ම මෙ වගේ දක්ශයො බිහිවෙන එක ගැන ගොඩක් ආඩම්බරයි.සුබ අනාගතයක්... ඔබට ජය...!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති තරු මේ පැත්තේ ආවට.
      මන් ලිව්වට ඇත්තටම බ්ලොග් එකේ ලියනකන් ප්‍රසිද්දියේ ඕව ප්‍රකාශ කරලා නෑ නේ හිකිස්.

      Delete