Monday, February 22, 2016

සමින්දි






හඳ..මම  ආස උනේ හඳක් වෙන්න...හැබැයි එකම එක අහසකට...කවදාවත් ඒ අහසින් බහින්නේ නැතුව ඉන්න..ජිවිතේ පුංචි තරුකැට රෑනක් පිරිවරාගෙන ඉන්න අහිංසක හඳක් වෙන්න..මේ අද අහසේ පායලා තියන ලස්සන හඳ  වගේම වෙන්න..පුංචි පුංචි වලාකුළු හෙමින් ඇවිත් මගේ ජීවිතේට හාදු තියන්න හදද්දී මම  ඒ වලාකුළු වලට යට වෙන්නේ නැතුව කොච්චර සතුටින් එකම අහසකට විතරක් ආදරේ කරපු කාලයක් එක...

හිත පිරෙන්න ලොකු හුස්මක් ගනිද්දී කොහේදෝ මන්ද ඉදල ආපු සීතල හුලන් රැල්ලක් මගේ මුළු ඇගම...නෑ..හිතත් එක්කම හිරි වට්ටගෙන මාව අරන් ගියේ මන් වළලා දාපු ඒ පව්කාර අතීතය හොයාගෙන.රෝස මල් පෙත්තක් උඩ සැහැල්ලුවෙන් පාවෙවී තිබ්බ මගේ ජිවිතේ මගේ හෙවනැල්ල වගේ හිටපු අම්ම තාත්තා අතහැරලා මම  ගියේ කොහෙද...ඔව්..මගේම අහසක හදක් වෙන්න...මෝඩ කමක්ද එක..නෑ එක පව්කාරකම...

මම  අයිති කරගත්ත කියල හිතාගෙන හිටපු අහසේ පායපු හඳ  වෙන්න මම  ගියේ..මගේ ලග තිබුන මනුස්ස වගේම අජීවී සියලු දේවලුත් අතහැරලා...රෝස මල් පෙත්තක ජිවිතේ අකුරු ඇහිදපු මන් දිරාගෙන යන පුංචි කොළ කෑල්ලක අමාරුවෙන් අකුරු ගලපන්න ඉගෙන ගත්ත...ඒ ඔයාගෙන්ද...නෑ..මම  හිතන්නේ මන් තනියම ඉගෙන ගත්තේ...

"අරවින්ද..හැමදාම මෙහෙම ඉන්න බෑ...අපි බදිමු...."

"ඇයි මේ හදිස්සියක්...ඔයාට 18 වෙන්න තව මාස ගානක් තියනවනේ..."

"හ්ම්ම්...ඉක්මනට බදිමු...අපේ අම්මලත් මන් ආවම මෙහෙ දෙවල් විකුණලා අයියල ලගට ගිහින්..."

"ඔයා හදිස්සි උනා සමින්දි ...නැත්තන් අම්මලාව කැමති කරගන්න තිබුන..."

"පාරේ ත්‍රීවිල් එකක් හයර් කරන කෙනෙක්ට ඒගොල්න්ගේ එකම දුව දෙන්න අපේ තාත්තලාගේ සල්ලි බලේ කැමති උනේත් නෑ නේ...කවදාවත් කැමති වෙන්නේත්  නෑ..."

පුංචි අල්පෙනෙති වලින් පටන් ගත්ත අපේ සීතල යුද්ද අන්තිමට ඉවර වෙන්නේ මහා ලොකු බර කඩු කිනිසි විසි වෙලා...මහා රූස්ස ගහකට යටවූනු  පුංචි තුත්තිරි ගහක් වගේ හැමදේම ඉවසගෙන ගෙවපු කාලකන්නි ජිවිතේට දවසක් අලුත් බලාපොරොත්තුවක් ඇවිත් තිබුන...කළු වෙච්ච අහස මේකෙන් තවත් කළු උනා මිසක් ඒ පුංචි තරු කැටේට එලිය දෙන්න ඒ අහසේ ඉඩක් වෙන කලේ නෑ..හ්ම්ම්...ඔව් දැන් මට තේරෙනව එතකොටත් ඔයාගේ අහසේ වෙන හඳක් පුංචි තරු කැට දෙකක් ඉදල...මම  ඔයාගේ අහසට මගින් ගොඩ වෙච්ච නන්නත්තාර අමාවක හඳක්...ඉතින් කොහොමද මගේ තරු කැටේට ඔය ඉඩ දෙන්නේ...ඒ අයිතිය සින්නක්කරවම තව හඳක් උදුරාගෙන ඉවරයි....ඒක මහා මුසල දවසක්...මම  මගේ ඇස් දෙකින් ඔයාගේ අහසේ පායපු හද තරු පැන්චියෝ දැකපු මගේ ජිවිතේ පාලු සොහොනක් උණු දවස....

"අරවින්ද කව්ද මේ ගෑනි..."

"මම  දන්නේ නෑ..පිස්සුද කොහෙද මේ ගැනිට...නන්නත්තාරේ ගිහින් බඩ උනාම කාගේ හරි ඇගේ එල්ලෙන්න හදනවා...."

එදා ඔයා දුන්න උත්තරේ මගේ කන් වලට ලං වෙද්දීම  කියාගන්න බැරි මොකද්දෝ මන්ද අසරණකමක්  මගේ හිත ගිනි තියල ඉවරයි...ඔයාට විරුද්දව එදා මගේ හිතේ මහා හයියෙන් අකුණු ගැහුවත් මට ඒ අකුණු සැර ඔයාට එවෙලාවේ වදින්න නොදී මගේ හිත ඇතුලෙම තියාගත්තේ ඔයා ලග මේ කිසි දෙයක් තේරුම් ගන්න බැරුව අසරණ වෙලා හිටපු පුංචි තරු පැන්චියෝ දෙන්න නිසාමයි... ඔයාටවත් ඔයාගේ සින්නක්කර කිසිම දේකටවත් අදටත් එදා වගේම හිතේ කිසිම තරහක් නෑ..කොහොමත් දැන් මේ හිත හරි පිරිසිදුයි....ඔයාගේ නමවත් මතක් කරන එක මගේ හිත අප්පිරිය කරන දෙයක් දැන්...එත්...අන්තිම පාරට...

"අම්මට කොහොමද දැන්.."

"නර්ස් නෝනා....කෝ... මගේ දරුවා..."

"අම්මේ...කලබල වෙන්න එපා...ඔයාට අයෙමත් උත්සහ කරන්න පුළුවන්නේ..."

"ඒ කියන්නේ මගේ දරුවා....නෑ නෑ එහෙම වෙන්න බෑ...මගේ ජිවිතේ එකම බලාපොරොත්තුව...."

කාත් කව්රුවත් නැතුව තනියම අකුරු කරපු සින්නක්කර තියා උගසට ගත්ත අහසත්වත් නැතුව කාලකන්නි වෙලා හිටපු ජිවිතේ තිබුන එකම බලාපොරොත්තුව...ඇත්තටම උඹ  වගේම උබේ ලේත් මාව රවට්ටලා...මහා ගොඩක් හීන එකතු කරලා එක තත්පර ගානකින් හැමදේම අලුවත් හොයාගන්න නැති වෙන තරමටම විනාස කරලා දාල...

ඉකියක් ඇවිත් මගේ මුළු ඇගම අප්‍රාණික කරගෙන එලියට එද්දී මම  මගේ ජිවිතේ හෙලපු අන්තිම ආදරණීය කබුලු බින්දු මගේ නුපන් පුංචි තාරුකාව වෙනුවෙන් වැටෙද්දී මහා විසාල අකුණු ගෙරව්ම් මැදින් මට උගසට තියාගෙන හිටපු අහසත් නැති උනාම උඹව හදාගන්න මම  ගාමන්ට් ජිවිතේ අතරමන් උණු හැටි මැවිලා පෙනුන..ඇත්තටම පුතේ උඹ  නෙමෙයි මාව රැවට්ටුවේ...මම මයි උඹව නැති කරන තියෙන්නේ....කන්න ආස හිතෙන දෙයක් නැතුව පිරියක් නැති කෑම කාල අන්තිමට ආයෙමත් එලියට දැම්ම...ඇත්ත...කොහෙන්ද පුතේ උඹට ජිවත් වෙන්න හුස්ම ගන්න ඉඩක්..මම  මගේ ජීවිතේම ඉඩ දුන්නට උඹට,කවදාවත් උඹට හැදෙන්න ඇස් වලින් ලෝකය විදින්න ඉඩ හදන්න බැරි උනා මට...උඹ  ගැන හීන මැව්වට ඒ හීන වලට හුස්ම ගන්න ඉඩ දෙන්න බැරි උණු කාලකන්නි අම්ම කෙනෙක් උනා මම ...අතීතයෙන් හාරපු මගේ පව්කාර සොහොන් ජිවිතේ ලග වැලපිලා අඩන්න ඉතුරු උන එකම සිහිවටනය උඹයි...ඒත දැන්...උඹ  වගේම මාත් මේ දේවල් වලින් ඈත් වෙනවා..ආයෙත් මේ පාලු මුසල අතීත සොහොන ලගට මගේ හිතට එන්න දෙන්නේ නෑ මම ..

"දරුවෝ...."

ගෙවුණු මගේ පව්කාර ජිවිතේ ගොඩට ගත්ත ඒ පින්කාර කටහඩ මගේ ලගම ඇහෙද්දී මන් හෙමින් ඔලුව ඉස්සුවත් මගේ ඇස් වල අතිම කදුළු බින්දු දෙක ඉතුරු වෙලා තිබුන...

"මෙහෙණින් වහන්සේ...."

"දරුවෝ දැන් පරණ හැමදේම අමතක කරන්න...හෙට  මේ බෝධි මළුවේ ඇවිදින්නේ සමින්දි  කියන තරුණ ගෑනු දැරිවිය නෙමෙයි...හිත සන්සුන් කරගත්ත සංඝමිත්තා මෙහෙණින් වහන්සේ...."

ඇත්ත..ඒ ජීවිතය ලබන්නට මම  දැන් පෙවී අවසන්ය...තවත් අතීත සොහොන ලග රස්තියාදු ගසා පලක් නැත...අන්තිම පස් පිඩත් ගෙන අතීත් සොහින වසාදැමූ මම..මගේ ජිවිතේ තිබු සියලු පව්කාරකම්,කාලකන්නිකම් සියල්ල එකතු කොට නගා ගත ගැබුරු හුස්මක් ගෙන මේ පව්කාර අතීතය මට මතක් කල ඒ හිතුවක්කාර හුළගටම මුදා හැරියෙමි....

19 comments:

  1. බැඳීම් වලින් රැගෙන එන්නේ දුකම පමණයි..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්...දුකක් නැති බැදීමක් නෑ...

      Delete
  2. දුකයි, ලස්සනයි.

    ReplyDelete
  3. ගොඩක් හැගීම්බර කතාවක් ගිම්මියෝ... සිරාවටම ලස්සනයි. අද උදේ කියවලා දැන් කොමෙන්ට් එක දැම්මේ.........

    ReplyDelete
    Replies
    1. ස්තුති මචෝ :)
      එකට මක් වෙනවද අලෙ කොයි වෙලාවත් එකනෙ.. :D

      Delete
  4. සුපිරි ගිම්මි,ලස්සනට ලියලා තියෙනවා,
    ජයෙන් ජය

    ReplyDelete
    Replies
    1. ස්තුති රස්ති :)
      ජය වේවා!!!

      Delete
  5. හොදට ලියලා තියෙනවා ගිම්මි............ ජය

    ReplyDelete
    Replies
    1. ස්තුති කුරුටු :)
      ජය වේවා!!!

      Delete
  6. සංවේදිව ලියලා තියනවා.
    ථෙරා ථෙරි ගාථා වල තියනවා මෙහෙණින් වහන්සේලාගේ ඔය වගේ කතා

    ReplyDelete
    Replies
    1. අන්න ගෙම්බියේ...පුළුවන්නම් හොයගන කියවපන්.ථේර ථේරී ගාතා මාර ලස්සනයි.මහමෙවුනා අසපුවෙන් ප්‍රින්ට් කරපු පොතක් තියනවා පාලියෙන් නැතුව සිංහළින් පලකරපු.

      Delete
    2. ස්තුති මනෝ :)

      මන් ඒ පොත තාම හොයනවා,හම්බුනේ නෑ නේ.. :(

      Delete
  7. ජීවිතේ කියන්නේ හැම තිස්සෙම විඳින තැනක් නෙමෙයි.විඳවිලිත් අඩු නෑ.ඒවා නිසාම සසර කලකිරිලා සිවුරට ජීවිතේ දෙනවා කියන එකගැනනම් මට පොඩි අවුලක් තියනවා.

    කතාව ලස්සනයි.ක්‍රිකට් ක්‍රීඩකයෙක් තමන්ගේ පළමු තරඟයෙන්ම 100ක් ගහනවා කියන්නේ බලන් ඉන්න අයට ආතල් එකක්.ඒත් ඒ ක්‍රීඩකයාට කරුමයක්.මොකද බලන් ඉන්න අය ඊට පස්සේ හැම තරගයකදීම අර ක්‍රීඩකයාගෙන් ඒ වගේ ඉණිමක් බලාපොරොත්තු වෙනනිසා.කියන දේ පැහැදිලි ඇතිනේ.උඹට මීටවඩා හොඳට ලියන්න පුළුවන්.හදිස්සිය ,කලබලය අඩුකරගනින්.

    ජයවේවා....

    ReplyDelete
    Replies
    1. තේරුණා කටුස්සයියේ...මටත් දැම්මට පස්සේ තේරුණා කතාව දුවනවා වගේ කියල...
      ජයවේවා....!!!

      Delete
  8. කතාව පට්ටයි එත් ඉක්මන් වැඩි වගෙ කලබල නැතුව හෙමින් ලියන්ට (තිතක්)

    ජයෙන් ජය

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට..
      ස්තුති :)
      මටත් තේරුණා කතාව ඉක්මන් වැඩි කියල...ඔපිසියේ දිනේ ලිව්වේ..

      Delete