Showing posts with label මට හිතෙන දේ. Show all posts
Showing posts with label මට හිතෙන දේ. Show all posts

Friday, August 25, 2017

දයාබර මායාව....

දයාබර මායාව....

ඒ ඇයත් එක්ක...නෑ..ඇත්තටම ඇගේ ආත්මයත් එක්කම මන් කතා කරපු මොහොතක්.ඇය කියනව වගේම මම දකිනව...ඇය මුරණ්ඩුයි...හිතුවක්කාරයි...ටිකක් නෙමෙයි හුඟක්ම..ඒ තරමටම ඇගේ හිතත් මුරණ්ඩුයි...ඇය වැඩිපුරම බලන්නෙ අහස දිහා... ඒත් අඳුරු අහස නෙමෙයි තරු පිරුණු අහස දිහා.ඇය ඉවරයක් නැතුවම කියවනවා.මේ අහස පුරාවටව තරු විසිරුවෙ ඔබලු.දන්නවද...ඇය ඒ නිසාම තරු පිරි අහසට ආදරේ කරනව....

"මේ තරු එකින් එක ගනන් කරන්න පුළුවන් ද ඔයාට...??බෑනෙ නේද...ඒ වගේ තමයි හේතු කොයිතරම් නන් කියන්නද????"

ඒ දවසක මම,
"ඇයි ඇය ඔබට මේ තරම් ආදරේ කරන්නෙ..."
යනුවෙන් නගපු ප්‍රශ්නයට දුන්නු ආදරණීය පිළිතුර...ඉතින් මට ඇගෙන් තවත් අහන්නට දෙයක් සොයාගන්න පුලුවන්ද???

සිනහහව....කාලයක් ඇයට සිනහවෙන්න අමතකව සිටියා.ඇගේ සිනහව ගෙනෙන්න අපි ගත්ත හැම උත්සහයකම අවසානයේ ඇගෙන් ආත්මානුකම්පිත සිනහවක් හැරෙන්නට වෙනයම් හදවතේ හැඟීමක් අපි දුටුවේ නෑ....ඒත් ඔබ කැමතිද දැනගන්න...ඇය දැන් නිරායාසයෙන්ම සිනහ වෙනව...ඒත් ඒ හැම සිනහවක් පසුපසම ඇගේ නොවන ඇගේ ප්‍ර‍ේමය වුනු ඔබ සැගවිලා ඉන්නව.ඇය ඔබ සිහිවද්දි හරි ලස්සනට හිනාවෙනව.ඒ ආදරණීය සිනහවක්....ප්‍ර‍ේමණීය සිනහවක්...

ඇය තැනක හිත නවතන්න ඉක්මන් නොවෙන කෙනෙක්...ඒත් ඔබේ තරු ඇස් ළඟ ඇගේ හිත නැවතිල.ඔබට කිවයුතුමයි මම...ඇය වසර ගනනාවකින් පසු නතරවුනු එකම නවාතැන ඒ ඔබේ දෑසයි.මම දන්නව,මම දකිනව ඇය ඇගේ මුළු ආත්මයෙන්ම ඔබට බැඳී හමාරයි...ඇය හිතනව අර නුඹ අහසෙ විසිරවපු තරු වලින් දිලෙිසෙන තරුවක් වෙලා ඇගේ හිතට පායපු වග...

ඔබ ඇගේ ආදරණීය මායාව...ඇගේ ලොවට පෑයු තාරාකාව...අවසන ඇගේ හදවතින් ඔබට කරන ආදරණීය ආයාචනය...
එය මා ඔබෙන් ඉල්ලන්නද....
ඇයට නුඹේ හදවතේ අයිතිය දෙන්න තවත් කල්පනා කලයුතුම නම් ඇගේ නිරායාසයෙන් ඔබ සිහිකර නගන ප්‍ර‍ේමණීය හසරැල්ලෙ අයිතියවත් ලබාදෙන්න....

මේ,
හඩනගපු ඇගේ
ආදරණීය ආත්මය...

(බ්ලොගයේ මකුළු දැල් දුවිලි පිස දැමීමට පැමිණි අවස්තාවේ ලියා තබන ලදි.😂😂😂😂)
~ගිම්මි~

Dear Fantastic

She is stubborn 
  and her heart too
That's what made her to talk about you like you are the person who put the stars in the sky...

Just ask her what are the reasons to fall on you
She'll point to the stars and say start counting ???

She doesn't fall easily
  when she falls
       she falls from the deapth of her soul

When she automatically smiles
  Remember you are in her mind
at least let her keep that smile
Because onece she had totally forgotten it
But suddenly you brought it
That's why I called you
           "Fantastic"

Her soul...

Poem :- Written by Hashani Kaushalya

Saturday, August 13, 2016

ලිහිණි ඇස් ළඟ අතරමන් වීමි...


සීතල හුළං ඇගේ දැවටිලා යන රෑක කවුලුවක් ළඟ ඉදන් ඈත පායන හඳ දිහා බලාගෙන ඉන්න නින්ද නොයන පුංචි කිරිල්ලියක්...ඈ ඉල්ලන්නෙ ඈ හිතන්නෙ මොනවද...ඉල්ලන්න ඕනෙ මොනාද...ඈවත් ඒ රැළි ගහන හැඟීම් පාට කරන්න දන්නෙ නෑ.....ඈට පියාඹන්න රත්තරන් පාට තටු ඕන නෑ...පාට පාට වුනු තටු සරසන්න සරුවපිත්තල කැරළි ඕන නෑ...ඈට ඕන එකම එක උණුසුම් හදවතක්..ඇගේ නමින් හුස්ම ගන්න...ඇගේ විතරක්ම වුනු ඔව්...ඇගේම වුනු හැමදාම ළඟ ඉන්න හිමි හිමින් උණුසුම් රැළි නගන ආදරණීය හදවතක්....දෙතොලට කලින් නළලත මතින් දොතොල් වල උණුසුම දැනෙන ආදරණීය චුම්භනයක්....

ඒත් ඇය....සිතිවිලි රෑනක් අතර අතරමන් වෙලා...මේ වෙනකන්ම එකම එක කුරුලු හිතක් ළඟ හිර වෙලා...නෑ හිර කරගෙන ඉදපු ඇගේ පුංචි හිත...කඳුළු පුරවගෙන හිටපු ඇගේ පුංචි ඇස්...ඒ නපුරු කුරුලු හිතින් ටිකෙන් ටික ඈතට තටු ගහන්න පටන් අරන්...ඇත්තටම තමන්ව අතැරලා දාලා ගියපු කුරුලු හිත ළඟ ඇයයි බලෙන් නැවතිලා හිටියෙ...ඇය ඈත් වෙනවා ඒත් තව පුංචි කුරුලු ඇස් දෙකක්....මොහොතකට ඒ ඇස් ඇයට ඇය අමතක කරවනවා..ලේසියෙන් නොසෙල්වෙන ඇගේ ආඩම්බර කුරුලු හිත සන්සුන් කරවපු අමුතු දිස්නයක් දෙන හිතුවක්කාර ලිහිණි ඇස් දෙකක්....

කලින් දැනගෙන නොහිටියත් එකම කැලෑවක හුස්ම ගන්න ඈටත් ලිහිණි ඇස් වලටත් මොකද්දෝ මන්දා කියාගන්න බැරි බැදීමක නටබුන් තියෙන වග අැග‍ේ ගැහැණු ඉව රහසින් මුමුණද්දි ඇය ලිහිණි  ඇස් ඉස්සරහා දඟකාර පුංචි කිරිල්ලියක්...ඇය අහින්සකයි...ඒත් දඟකාර යන්තමින් ආඩම්බර කම ගෑවුනු හිතුවක්කාර පුංචි කිරිල්ලයක්...

ඒ ළිහිණි ඇස්....හිතුවක්කාරයි...ඔව් තරමටත් වඩා හිතුවක්කාර ළිහිණි ඇස් වල ගෑවුනු අහිංසකකමක් ඇගේ පුංචි කුරුලු හිත හරි ආදරෙන් හදුනගන්නවා...එකමත් එක නපුරු හිතකින් හිත රිදවගත්ත ඇගේ පුංචි හිත ඒ ලිහිණි ඇස් ළඟ මොනවදෝ හොයනවා...ලිහිණි ඇස් තරමටම ලිහිණි හිත ඇය ළග දොඩමලුයි...ඇත්ත ඇගේ කිචි කිචියට ගොලු හදවතක් වුනත් හරි ඉක්මනට දොඩමලු වෙනවා....

හෙමි හෙමින් කාලය ඇයටත් හොරෙන් ඒ ලිහිණි ඇස් වල මායම්කාරි දිස්නය ඇගේ හිතේ එක කොනක හරිම සියුම්ව...ඔව් ඒ් එයාටත් නොදැනෙන්නම තැම්පත් කරලා...ඒ ලිහිණි ඇස් ඇයට හරිම සුහද ආරාධනාවක් කරනවා...ඒ ආරාධනාවට නමක්....අනේ මන්දා ඇය ඒ කලු සුදු ආරාධනාවට නමක් දිලා පින්තාරු කරන්න එකම පුංචි උත්සහයක් වත් ගන්නෙ නෑ....ඇගේ පුංචි කුරුලු හිත ඒ ලිහිණි ඇස් වලට හරි ලෝභයි...ඒ ලෝභකම නිසාම ඒ ආරාධනාවට ඇගේ හිතින් නම් ගම් වාසගම් උප්පැන්න හැදුවත් ඇගේ ඇස් ඒ ලිහිණි ඇස් ඉස්සරහා හරිම සන්වරයි...හැබැයි හිත හරිම කලබලයි....ඇගේ ඇස් වලත් අමුතු ආරාධනාවක් නැතුවාම නෙමෙයි....ඒ ආරාධනා පින්තාරු කරන්න ලිහිණි ඇස් උත්සාහ නොගන්නෙත් කුරුලු ඇස් වලට නොකියන ලෝභ කමක් ලිහිණි හිතේ  තියානග‍ෙනමද මන්දා...

ඇය තනිවම විඳිනවා ඒ ඇස් වල මායම්කාරි දිස්නය...ලිහිණි ඇස් වරදක් කියල හිතන දෙදෙනාම පින්තාරු නොකරපු ඒ ආරාධනා ගැන තනියෙන්ම හිතනවා....හීන මවනවා...ලිහිණි ඇස් ‍නා‍ෙදකින තත්පරයක් ඇයට දැනෙන්නෙ කල්පයක්...ලිහිණි කිචි බිචිය නෑසෙන මොහොතක් ඇගේ හිත සිය දහස් වාරයක් රැළි නගනවා...ඇය පුංචි පුංචි සිහිවටන,මල් රටා ,ලියකම් තුඩින් තුඩ ඇහිදගෙන ලිහිණි ඇස් සරසනවා...නෑ ලිහිණි ඇස් දන්නෙ නෑ ඇගේ හිත...සමහරවිට...සමහරවිට නෙමෙයි ඇත්තටම ලිහිණි ඇස් ඇගේ ඇස් නොදැක්ක ගානට ඉන්නවා...ඒ තමයි ඇගේ පුංචි ඇස් ඔහුට නැති වෙයි කියන ලෝභකම....ඇගේ හිත වගෙම ඒ ලිහිණි ඇසුත් සිතින් එකම හැඟීමකට හිර වෙලා...නමක් ගමක් වාසගමක් නැති තව කෙනෙක්ට අයිතිය දෙන්නත් අකමැති අමුතු මායම්කාරි බැඳීමක්....

ආදරය ද....?

ඇය වගෙම ලිහිණි ඇසුත් අතරමන් වෙලා....

ඒත් ඇගේ පුංචි හිත වගෙම ලිහිණි ඇසුත් ආදරයට වඩා එහා ගිය සන්සාරගත බැඳීමක් ඔවුනොවුන් ගෙන් හොයනවා....ඒත්...දෙන්නම තවම අතරමන් මේ අහස යට....

Friday, February 26, 2016

උඹට සුබ උපන් දිනයක්...







ආදරණීය බෙයෝනා,

කියන්න තියන දේවල් සිය ගානක් අතරින් පුංචිම පුංචි දේවල් ටිකක් මම උඹ වෙනුවෙන් හදිස්සියේ ලියමි.උඹෙයි මගෙයි යාළුකමට මහා ලොකු කාලයක් වයසක් නැති උනත් අපේ යාලුකමින් උඹෙයි මගෙයි ජිවිත වලට ලැබුණු වගේම ඉගෙනගත්ත දේ වචන වලින් කියල ඉවර කරන්න බැරි තරම්.යාළුවො කියල කියන එව්න් සිය ගානක් අතරින් ඉස්කෝලේ ඒ හිටපු යාලු රැලට පස්සේ මගේ ජිවිතේ මට ලැබුණු හොදම යාළුකම ලැබුනේ උබෙන්.

අපි අදුරගත්ත මුල් කාලෙම කලිසම් අදින චීත්තකාරයෙක් කරපු වැඩක් නිසා අපි කතා නොකර හිටිය.ඒ වගේම ඒකට පිදුරු දාපු අපේම යාලුවෝ කියන එකියනුත් නිසා අපි අතර කතා බහක් සිද්ද්ද නොව්නුනු තරම්.හැබැයි මන් වගේම උඹත් වැඩි කාලයක් නොගිහින් තේරුම් ගත්ත වටේ ඉන්න එව්න් කියන ඒවා අහල තේරුමක් නෑ,අපිම මේ ප්‍රශ්නේ විසදගන්න ඕනේ කියල.ඇත්තටම උඹටයි මටයි එහෙම කතා කරන්න හයියක් තිබුණු එක ගැන අදටත් මට තියෙන්නේ කියන්න බැරි සතුටක්.මොකද අපි වටේ හිටපු එව්න් අපි දෙන්නට අපි දෙන්නගේ මුණ බලන්නවත් පුළුවන් විදියට වැඩ කරලා තිබුනේ නෑ.මගේ හිතේ උඹ ගැනත්,උබේ හිතේ මන් ගැනත් තිබුනේ ලොකු තරහක් විතරයි.හැබැයි උන් එහෙම කරලා බලාපොරොත්තු උනේ මොකද්ද කියන්න මන් අදටත් දන්නේ නැති දෙයක්.කොල්ලෙකුයි කෙල්ලෙකුයි තරහ කරා නං හිතන්න තිබුන ඉරිසියාව කියලවත්,ඒත් මේ එකට වැඩ කරන කෙල්ලෝ දෙන්නෙක් තරහ කලේ මොනවා ලබාගන්නද කියන දේ ගැන මට තාමත් තේරුමක්  නැත.

හැබැයි මේ සිද්දියෙන් පස්සේ උඹයි මමයි අතර ගොඩනැගුනේ යාලුකමකට වඩා සහෝදරකමක්.මේක නිසාම අපි දෙන්න ඔපීසියේ "මෝඩ ජෝඩුව" කියන වැදගත් නම්බු නාමය පවා දිනා ගත්ත.ඔපිසියට අපි දෙන්නම ආවේ A/L කර ගෙදර ඉන්න කාලයේ ආසාවටය.ඔපිසියේ වල්පල් වගේම තව රටේ නැති වල් පල් කියව කියව හවසට බස් එකට නගින්නට ගන්ගාරමේ ඉදන් හෝල්ට් තුනක් පයින් යන අපි වගේ මොංගල් ජෝඩුවක් තව ඉන්නවද කියන්න මන් දන්නේ නැත.අපේ තරම කොච්චරද කියනවනං අපේ අම්මල උනත් දැන් නං අපි කියන දේවල් වලට කියන්නේ "හොරාගේ අම්මගෙන් පේන අහනවා ඔයිට හොදයි"කියලය.අපි හොර වැඩ කලත් කරන්නේ එකටමයි,අනික ඒවා ඉතින් අහිංසක හොර වැඩනේ නැද්ද?.අපි කරපු තරමක් කලේ මොකක් හෝ ගොන් වැඩක් නැත්තන් එලෝ මෙලොව මනුස්සයෙක් නොකරන බහුබූත වැඩක්.ඇයි දෙයියනේ අර අපේ රෙසිපි වලට හදාගෙන කාපු කෑම ඔපීසියේදී.ආයෙත් උඹටයි මටයි එහෙම එක තැනක වැඩ කරන්නට ලැබෙයි කියා සිතන්නට අමාරුය.එත් මේ යාළුකම හැමදාම එකම විදියකි.

මන් වගේම උඹත් කදුළු හංගගෙන හැමෝම ඉස්සරහ හිනා වෙන්න හරිම දක්ෂයි.ඒවගේම උඹටයි මටයි එක වගේ ගති ගුණ හුගක් (මන් කිව්වේ මොංගල් ගතිත් ඇතුළුව) තිබුන නිසාමද මන්ද අපි අතර මේ තරම් හොද යාළුකමක් ඇති උනේ.ඇත්තටම එක සහෝදර කමක්.මොන හරි දෙයක් කියනකොට එක ඉවසීමෙන් අහගෙන ඉන්න උඹට තියෙන්නේ පුදුම හැකියාවක්.මන් තරහ ගිය වෙලාවට චීන පටස් වගේ පුපුරද්දී,උඹ තරහ හංගගෙන හිනා වෙලා කියන්න ඕන එකාට කියන්න ඕන දේ කියල එන ගතියට මන් හරිම කැමති.උඹට තරම් ඒ ඉවසීම මට කවදාවත් ඇති වන එකක් නැත.උඹ ජිවිතේ හුගක් තැන් මට වඩා හොදට තේරුම් අරන් උනත් පොඩ්ඩ ඇත්නං හිතින් කඩන වැටෙන ගතිය වගේම,ඕන එකෙක් දැක්ක ගමන් විස්වාස කරන ගතිය නැතිකරගනින්.මොකද උඹ අමාරුවේ වැටෙන තරමක් අමාරුවේ වැටෙන්නේ ඔය ගතිය නිසාය.

ඉස්සර තරම් උඹටයි මටයි එකට බස් එකේ යන්නට,කියවන්නට,ගොන් වැඩ කරන්නට දැන් වෙලාවක් නැත.මන් පොත් අස්සේ හිරවෙද්දී උඹ තව මාස දෙක තුනකින් වගකීම් පිරිච්ච ජීවිතයකට වගේම මේ රටත් අතහැර යන්න හදනවා.අපිට දැන් ඒ වගේ කතා කරන්න වෙලාවක් නැති උනත් මැසේජ් එකක් වත් දාන්න තාම වෙලාව තියන එක සතුටුයි.(වයිබර් කියන එක හදපු එකාට නං ඇත්තටම පින්,නැත්තන් ඕකත් නැති වෙනවා.හිකිස්.)හැබැයි මන් මොකක් හරි ගොන් වැඩක් කර අඩන දවසට උඹ මගේ ලග ඉන්න බව මන් හොදටම දන්න දෙයක්.ඒක ඒ වගේම උඹටත් පොදුයි.උඹ හිනා වෙන හැමවෙලේම උඹ ලග ඉදන් අත්පුඩි ගහන්න මට බැරි වෙයි.හැබැයි උඹ අඩන්න මන් ලගට එද්දී මන් අනිවාර්යෙන්ම උඹ ලග ඉන්නවා.

උඹ දැන් මුහුණු පොතේ වත් හොයාගන්නට නැතිය,ඒත් මට කියන්නට අවැසි හැමදේම මෙහෙම කුරුටුගාල තියන්න පුළුවනි.මොකද උඹ මේ බ්ලොගය අනිවාර්යෙන්ම කියවනව කියල මන් දන්න නිසා.උඹේ ලග තියෙන හොද ගති ගුණ ජිවිතේ කවදාවත් නැති කරගන්න එපා බන්.මොකද ඒ ගති ගුණ ජීවිතේට ඇත්තටම වටිනවා.මම උඹෙන් ඉගෙන ගත්ත දේවල් ගොඩක් තියනවා.ජිවිතේ අපි අඩද්දී ඇත්තටම සනසවන්න පුළුවන් වගේම හිනා වෙද්දී හදවතින්ම සතුටු වෙන්න පුළුවන් අය ඉන්නේ බොහොම පොඩි ප්‍රමාණයක්.අන්න ඒ වගේ හොද ගති ගුණ තියන උඹ මට හොදම යාලුවෙක්.එක අම්මගේ නොවුනත් හොද සහෝදරියක්.ජිවිතේ මන් දැකපු ලස්සන ගති ගුණ තියන කෙල්ලෙක්.මගේ ඕනෑම දෙයක් කියල මගේ හිත සැහැල්ලු කරගන්න පුළුවන් ආදරණීය යාලුවෙක්.තව කියන්න උඹ ගැන තියන දාහක් දේ අතර මන් මේ තරම් පුංචි දේවල් ටිකක් කියා නතර කරනවාට සමාවෙයන්.

ඉතින් බෙයෝනා...නැත්තන් ආදරණීය කොටෝ...උඹට සුබ උපන් දිනයක්...
ජිවිතේ අඩන්නේ විදවන්නේ නැතුව,සතුටින් හිනා වෙලා ජිවිතේ විදින්න මන් උඹට හදවතින්ම සුබ පතනවා.!!!




Monday, January 11, 2016

"විඳිනවද? විදවනවද?"

විඳින්න තියන ජිවිතේ විදවන්නේ නැතුව ගෙවාගන්න අපි හැමෝම හුඟක් උත්සහ කරනවා.හැබැයි ඔය විදවනවා කියන තැන ඇතුළේ ජිවිතේ විදින්න පුළුවන් පුංචි පුංචි ලස්සන ලස්සන දේවල් කොයි තරම් තියනවද?හැබැයි අපේ තියන කරුමෙට ඒවා කිසි දෙයක් පේන්නේ නෑ.ඇත්තටම අපි ඒවා පෙනුනත් ගණන් ගන්න කැමති නැතිකම තමයි තියෙන්නේ.එහෙමයි කියල හමදේම කරුමෙට බාරදීලා අපි බුම්මගෙන පැත්තකට වෙලා ඉන්න එකේ තේරුමක් තියනවද?

ජිවිතේ එකම තැන විදවන්න ගියොත් තමන්ට තමන්වත් එපා වෙන්වා දවසක.ඔයා හැමදාම මුණ එල්ලගෙන අනිත් අයට ඔයාගේ දුක කියා කියා ඉන්න ගියොත් ඔයාව දකින අනිත් අයටත් ඒගොලන්ගේ ජිවිත තෝන්තු වෙනවා.ඔයා හැම දේටම මුණ එල්ලගෙන මේ ජිවිතේ ප්‍රශ්න විතරයි කියල අඬ අඬ ඉන්න ගියොත් වටේ ඉන්න අය දවසක් දෙකක් ඔයාව සනසවයි,හැබැයි ඒගොලන් හැමදාම ඔය ළඟ ඉන්නේ නන් නෑ.මොකද දන්නවද හැමෝටම ප්‍රශ්න තියන කාලෙක ඔය ඔයාගේ ප්‍රශ්නත් කියා කියා අඬන්න ගියොත් ඔයාව නිකන්ම ඒ අයට එපා වෙනවා.එහෙම හැමදාම ඔයා අඬනවා බලන්න කැමති කෙනෙක් ඉන්නවනං ඒ ඔයාට ඇත්තටම හිතවත් කෙනෙක් නං නෙමෙයි එක මතක තියාගන්න.

හිතුවක්කරිටත් කොච්චර මොන ප්‍රශ්නයක් තිබුනත් හුඟක් වෙලාවට ඒවා කාටවත් පේන්නේ නෑ.අනේ ඉතින් දකින මිනිස්සු හිතන්නේ එයාට මොන ප්‍රශ්නද කියල.ඔයාගේ ඔලුවේ ප්‍රශ්න කෝටියක් තිබුනත් ඒවා අනිත් අය එක්ක කියා කියා අඬනවට වඩා ඒ වෙලාවට ඉන්න කෙනෙක් එක්ක කතා කරලා හිනා වෙලා ඉන්න.කතා කරන්නම බැරි නං අඩුම තරමේ කියන දේකට හිනාවත් වෙන්න.අන්න ඒ වෙලාවට ඔයාගේ ළඟට අැවිත් කවුරුහරි ඇහුවොත් ඔයා අද අවුලකින් නේද ඉන්නේ හිනා වෙලා හිටියට කියල,අන්න එයා එක්ක ඔයාගේ ප්‍රශ්නේ බෙදාගන්න, මොකද එයා ඇත්තටම ඔයාව තේරුම් ගන්න පුළුවන් කෙනෙක්.ඔයා ගේ හිනාවට යටින් තියන කඳුලු එයාට පේනවා.හැබැයි එහෙමයි කියලා හැමෝම එක්ක ඕව කියන්නත් යන්න එපා,මොකද ඔයා වටේ ඉන්න අයගේ හැටි දන්නේ ඔයානේ.

ඔයාට හිනා වෙන්න පුලුවන්නන් ප්‍රශ්න තියෙද්දීත් ඔයාට ටිකෙන් ටික ප්‍රශ්න අමතක වෙනවා වගේම කාලය ඔයාට නොදැනෙන්න ඒවාට උත්තරත් හොයල දෙනවා.හැමදාම ප්‍රශ්න ප්‍රශ්න අරක නෑ, මේක නෑ,අරයා ගිය ,එයා කතා කරන්නේ නෑ ඕව මේවා කියා කියා විදවන්නේ නැතුව තියන දේවල් එක්ක ඉන්න අය එක්ක ජිවිතේ විදින්න.

හැමදාම හැමෝම කියනවා, හැබැයි ඉක්මනට අමතක කරනවා අපි ජිවිතේ විදින්න ඕනේ කියන එක.අලුත් අවුරුද්දක් පටන් ගත්තා...ඉතින් අලුත් විදියට හිතන්න.ජිවිතේ විඳින්න... තමන්ට පුංචි පුංචි අාබාධ තියන අයත් ලස්සනට ජිවිතේ විඳිනවා.හැමදේම තිබිලත් ඇයි අපි ජිවිතේ විදවන්නේ.වෙනස් වෙන්න ඕනේ තමන් තමන්ට කැමති විදියට මිසක් අනුන්ට ඕන විදියට නෙමෙයි.මේක තමන්ගේ ජිවිතේ මිසක් අනිත් අයගේ නෙමෙයි.