Showing posts with label පාසල් කාලේ. Show all posts
Showing posts with label පාසල් කාලේ. Show all posts

Saturday, April 9, 2016

අනේ ඇත්තට මුන් කෙල්ලොද..






කාලෙකට කලින් අපේ ඉස්කුල් බස් එක ගැන එක පොස්ටුවක් දාල තිබ්බ මන් මෙන්න මෙතන ලංගමට පෙම් කල එදා.....ඕකට පස්සේ මන් තව ඒවා දානවා කිව්වත් දාන්න බැරි උනානේ...ඔන්න අද තමා යාන්තන් එකට හිත හදාගත්තේ...මන් මේ කියන උත්කර්ෂවත් අවස්ථාවේදීත් අපේ ඉස්කෝලෙයි,අපේ යාලු බාලිකා ඉස්කෝලෙයි එකටමයි ගියේ...අනේ ඉතින් අපරාදේ කියන්න බෑ හොද වැඩකට පස්ස ගැහුවත් මොකක් හරි නසරානි වැඩක් කරන්න ගියොත් අපේ ඉස්කෝල දෙකම ආයෙත් නෑ එක කුස උපන් සහෝදරියෝ වගේ හැසිරෙන්නේ...

සාමාන්යෙන් උදේට පිටි පස්සේ ආසනය වගේම දොර වහපු ෆුට් බෝර්ඩ් එකේ අයිතිය ලැබෙන්නෙත් අපේ යාලු පාසලට,දවල්ට ඕවගේ රජ කරන්නේ අපි...ඔතනත් හොදම සීන් කොන් එක වෙන්නේ ඒ ඉස්කෝල අපේ වයසේ හිටපු එකියෝ ඔක්කොම අපේ යාළුවො..අනික ඉතින් අපි වගේ අක්කල ඉන්නද්දී පොඩි නංගිලා පිටිපස්සට එන්නේ නෑ...එන්නේ නෑ..පිස්සුද උන් එනවා එත් අපි එන්න දෙන්නේ නෑ  අන්න එකයි එතන වෙන්නේ...ඉස්කෝල දෙකේම පොඩි පොඩි බටු ඇට ඉස්සරහට යවල අපි උදේට වගේම දවල්ටත් ඔය ලාස්ට් ශීට් කියන එකයි,ෆුට් බෝර්ඩ් එකෙයි රජ කරනවා...ඔතන පොඩි කොස්සකට කියල තියෙන්නේ අපේ ඩ්‍රයිවර් අන්කලෙයි,කොන්ද අන්කලෙයි තමා...එවුන් දෙන්න නිකන් ගෙදරින් ගෙනාපු බස් එකේ අපි යන ගානට තමයි උන් දෙන්නගේ රෙස්පොට් එක..පුහ්...කව්ද ගණන් ගන්නේ...අපි නං ඉතින් හැමදාම වලි..

ඔන්න ඕවගේ පිටුපස ආසනය අපි වෙන් කොරගෙන පොඩි සින්දුවක් එහෙම කියාගෙන,බස් එකටත් පොඩි තට්ටුවක් දාගෙන අපේ පාඩුවේ යන වෙලාවක,අපේ සහෝදර කියන කොලු පාසලක ඉස්කුල් බස් එකක් අපේ බස් එකට යාන්තන් කිට්ටු වෙනව රබර් ඇහැට වැටිච්ච එකෙක් ටාර් ගාල ඒ පැත්තේ අපේ ශටර් එක වහල දැම්ම..අපි ඉතින් හැමදාම වගේ ඔය වැඩේ කරනවාමයි..මොකද ඉතින් ඔවුන් ලගින් යන්නේ වතුර හරි,වෙන මොන හරි ජරාවක් ගහගෙන තව ඒ මදිවට හූ ත් කියාගනනේ..
ඉස්කුල් බස් වල ගිය පුරුදු ඇත්තෝ දන්නවා ඉතින් කොලු පාසලේ ලාස්ට් ශීට් යන කොලුවෙකුගේ ආදරබර පෙම්බරී කෙලි බස් එකක ඉන්නවනං,වතුර කෑමට ලැබෙන්නේ ඉතාම අඩුවෙන්...හැබැයි ඉතින් නම් ගම ඇහෙන එකට නං වගකියන්න බෑ...බැරි වෙලාවත් කෙලි පාසලේ මොකක් හරි කොක්කක් දාගත්ත කෙලි පැටික්කියෙක් බස් එකේ යනවනං සෑහෙන්න වෙලාවට වතුර පාරක් එකෙන්ම ෂුවර්...ඔන්න ඕවගේ මොකක් හරි සීන් කොන් එකක් ඒ කොලු බස් එකට තිබුන...වෙනදට නං දුටු තැන ඕකෙන් වතුර පාරක් වදිනවාමයි...ඉස්කෝල දෙකක් නිසා ඉතින් ඔය වතුර පාරේ අයිතිකාරිනිය කව්ද කියන්න අපි දන්නේ නෑ..හැබැයි ලාස්ට් ශීට් එකට වදීන නිසා ඕකෙන් හැමදාම තෙමිච්ච කිකිලියෝ වෙන්නේ අපි...

අහෝ...ඉරකි තිතකි..එදා නං උන්ගේ වෙලාව හොදම නැති වෙලාවක්...අපිට අති සාර්ථක ලෙස වදින්නට ගිය වතුර පාර වැරදි පිටිපස්සේ තිබ්බ වැන් එකට සුන්දර ලෙස පතිත වෙද්දී...හම්මේ...අයෙත් ඉතින් හිනා වෙන්න කියන්න ඕනෙද...අපිට මෙච්චර කල් කරපුවට ඕකුන්ට හොදම වැඩේ..ෆුට් බෝර්ඩ් එකේ වතුර බෝතලේ තියාගෙන හිටපු එකා වැන් එකෙන් අහගත්තවිදිය...ආසාවේ බෑ...

"ඒ මේ ඕකුන්ට හොද වැඩේ අපිට වතුර ගහන්න ආවේ..."

ටින් එකේ හිර වෙලා ඉන්න මාළු කුරියෙක් වගේ අපේ බස් එකේ හිටපු එකියක් කෑගහද්දී මෙන්න ආයෙත් අර කොලු බස් එක ලගටම එනවා..හැක්...අපි නං බය නෑ දැන්...

"කට්ටියම හොද වැඩක් කරමුද..."

අපේ යාලු පාසලේ මිත්තරිගේ යෝජනාව...ඒවානේ යෝජනා...ගත්ත වතුර බෝතලයක්...ඇරිය අපේ ශටර් එක...ගානට ඉලක්කෙට කොලු බස් එකට වතුර පතිතවන ජයග්‍රාහි උත්කර්ෂවත් අවස්ථාවේ අපි සැවොම එකට එක්වී...නෑ නෑ ඒ ලමයව නැවැත්තුව නෙමෙයි අනේ..පිස්සුද එහෙම වටිනා අවස්තාවක් මිස් කරගන්නේ...කට ඇරන් බලන් හිටිය...නෑ නෑ අනේ  අපි ඔක්කොම එක හඩින් හු කිව්වා....අන්න එහෙමයි අපි අපේ හතුරන්ගේ පරාජය සමරන්නේ...

"අනේ ඇත්තට මුන් කෙල්ලොද..?"

ආච්චිගේ රෝස මල කිව්වලු..අපේ කොන්ද අන්කලේගේ දෑස් වල මේ අපුරු සිද්දිය වීඩියෝ  වෙච්ච වගක් අපි දැනන් හිටියේ නැනේ..මුටත් ඕනේ නැති ඇටි කෙහෙල් මලක් නෑ එනවා මෙතන...

"අයි අන්කල් ඒක ඔයාට පෙන්නේ නෑ වගේද....?"

අහ් කව්ද බෝල ඒ අයි ආර් සී පාර්ට් ඒක දාපු එකී...හිකිස්...අහ් ඕගලන්ට හිතුනද කව්ද කියල...අහ් අන්න හරි එකී තමා ඔය කතාව පණ්ඩිතය වගේ කිව්වේ...අන්කලේ එදා නං රවාගෙන ඔරවාගෙන කඩාගෙන බිදගෙන ඉස්සරහට ගියා වගේ යාන්තන් පෙනුන...

*************
"උදැසන වතාවත් අවසානයේ කැස්බෑව ඩිපෝව මාර්ග අංක 120 පාසල් බස් රථයේ ගමන් ගන්නා සියලුම සිසුවියන් කාර්යාලය ඉදිරිපිටට පැමිණෙන්න.."

හරියට හරි අපි හිතුව වගේම අපේ ආදරණීය කොන්දේ අන්කලේ ඉස්කෝලෙට ඊයේ අපි කරපු වීර ක්‍රියාව පිළිබද සවිස්තර වාර්තාවක් සපයල...දැන් ඉතින් පලයල්ලකෝ මැඩම්ගේ සිරියාවන්ත මුණ බලන්න උදේ පාන්දර...මුන් දෙන්න අහු වෙයන්කෝ හවසට අද..උන්ට ඉතාම ආදරයෙන් බනින ගමන් අපි ඔක්කොම ගිය ඉතින්..පොඩි බට්ටෝ විතරක් යැව්වොත් උන් වැඩේ කනවා..ඉස්කෝල දෙකේම එවුන් ඉවරයි...අපිත් යන්නම එපැයි ඉතින්...අම්මේ මැඩම්ගේ මුනේ සිරියාව...හාහ් ඒ මදිවට ඉස්කුල් බස් එකේ මිස්ලත් ඇවිල්ල...අද නං ආයෙත් නෑ කනවා හොද කෑමක්..

"දැන් මට කියන්න මෙතනින් ඊයේ පිටිපස්සේ  ගිය අය කව්ද...?"

බෙල්ල මුලින්ම අහු වෙන්නයි යන්නේ..කරන්න දෙයක් නෑ දැන්..අපි ටික දෙනා යන්තන් ඉස්සරහට ආව..ඔව් ඉතින් අවංක වෙන්නත් එපැයි..අපි හොද ළමයිනේ..

"අහ් ඒගොලන් ඉදල අනිත් අයට යන්න පුළුවන්.."

මලකෙලි එකසිය හැත්තෑ හතයි කිව්වලු..දැන් ඉතින් දීපන්කො අහන ඒවාට උත්තර...මිස්ලා එක්කත් මොනාද මුණු මුණු ගාල මැඩම්  හැරුන කියන්කෝ අපේ පැත්තටම...

"ඊයේ කව්ද ** ඉස්කුල් බස් එකට වතුර ගහල හු කිව්වේ..?"

මලා මේ අහන්නේ ලස්සනට...මොකද ඇත්ත කියන්න කියලද...යෝජනාව යාලු ඉස්කෝලේ කෙල්ලගේ උනාට අපිත් ඉතින් බැහැල සප් ඒක දුන්නනේ...එතකොට අපිත් වැරදි කාරයෝ...කටපියාගෙන ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ...හැබැයි තත්වය දරුණුම අතට පෙරලේනවනන් අපි දෙගොල්ලොම කියන්න හොද උත්තරයක් ලැස්ති කරගෙන හිටියේ...මැඩම්ගේ තර්ජන ගර්ජන වැඩි වීගෙන එනකොට අපේ අර බේරීමේ වාක්‍ය අදාල දැම්ම..වෙන කියල මොන කරන්නද..අනිත් එව්වුන් කියන්නෙත් මේ උත්තරෙමයි...ඒ නිසා අව්ලක් නෑ...

"අපි නෙමෙයි මැඩම්..පිටිපස්සේ ගිය. ** එකේ අයයි කෑගැහුවේ.."

අපේ මිස්ල දෙතුන් දෙනාත් ඒකට ඔලුව වනවා ඉතින්..මිස්ල දන්නවා ඕක මේ කපේට හොයන්න බැරි දෙයක් කියල..ඉස්කුල් බස් එකේ ගිය මිස්ලට කෙනා කව්ද කියල හොයාගන්න බැරි කොට කේලම කියපු කොන්ද අන්කල් ඕක කොහෙන් හොයන්නද..

"මන් එහෙ මැඩම්ට කෝල් කරලා අහගන්නකෝ..."

අපේ හුස්ම යාන්තන් පහලට වැටෙනකොට මැඩම් ඔරවාගෙන ගිය ලස්සන...මට තාම මැවිලා පේනවා අයිෂු...


ප.ලි.- එදා හවස අපේ යාලු පාසලේ මිත්තරියන් දැනගත් විදියට නං අපේ තත්වෙම එහෙටත්  ඇති වෙලා,අපි වගේම උත්තරයක්..ඒ කියන්නේ අපි කළා කියල ඒක එගොලනුත් බේරිලා.පසුව ශේප් නියායෙන් මිස්ලාගෙන් දැනගත් අන්දමට නං  මැඩම්ල දෙන්නාම අන්දුන් කුන්දුන් වී ආයෙත් ඩිපෝ එකටම කෑගහල ප්‍රශ්නය විසදලා දාල..හැබැයි එදා ඉදන් එපි කොන්ද අන්කල්වයි,ඩ්‍රයිවර් අන්කලේවයි එලවන්න මිෂන් එකක් නං පටන් ගත්ත හිකිස්...ඔහෙම එව්වෝ තියාගන්න බෑ මල කරදරේ...

හාහ් හිනා යන්නේ නැද්ද...මොකද්ද අනේ පොඩ්ඩක් හිනා වෙන්නකෝ අයිෂු...පොඩි එකා පව්නේ...අහ් බැරිද...එහෙනං ඉතින් බැනලවත් පලයල්ලා...

Tuesday, February 16, 2016

මැත්ස් & කොම්






බස්සි අක්කගේ  කොමාගේ Com  ගැන කියෙව්වම මට අපේ මිස්ල දෙන්නෙක් ගැනත් ලියන්න පොඩි මෙව්වා එකක් ආව.
ඉස්කෝලේ කාලේ මන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පන්තියේ සොයා ගත නොහැකි නසරානි එකියකි..එහෙම කිව්වට ඉතින් කවදාවත් හිතා මතා පන්ති කට් කලේ නෑ මන්..ඔක්කොම කට් උනා...එකට මන් මොන කරන්නද නේද අනේ..

මන් මේ කියන සීන් කෝන් එක වෙනකොට අපි හිටියේ 11 වසරේ..අර සා/පෙ  පන්තියේ..අර මන් කලිනුත් කතාවක් කුවේ අනේමල් සහ මයිනා
 අන්න හරි අන්න ඒ පන්තිය තමයි...අව්රුද්ද මුල් වරේ ඉතුන් ස්පෝර්ට්ස් මීට් එක,කලා උළෙල,තව එහෙන් මෙහෙන් සෙට් වෙන සොසයිටි වල ඩේ,ඕව මේවා ඔක්කම ඉවර වෙලා නිදහසේ අපේ සැට් එක දවසක් පන්තියේ නිදහසේ වාඩි වෙලා ඉන්නව..හැඃ නිකන් නෙමෙයි අවරුදු උත්සවේට අදින ඒවා ගැන කියව කියව...ඔන්න එනවා අපේ ගණන් මිස්..මන් අර කලින් කුවේ ටීන් ටීන් ගාන ඉමිහිරි වොයිස් එකේ අයිතිකාරයා..

"ළමයි ඊයේ දුන්න ගණන් ටික හැදුවද...?"

 අපිට මොන ගණන්ද කාලෙකින් පන්තියට ආවෙත් අද..10 වසරේ මිස්ලම උගන්නපු නිසා හොදයි නැත්තන් මේ ගණන් මිස් කියලා දන්නෙත් අද හිකිස්...මිස් දෙඉයනේ කියල එහා පේලි වල සංචාරය කරනවා...

මලකෙලි එකසිය ගානයි  කිව්වලු..මෙන්න මිස් ගමන් මාර්ගය වෙනස් කරලා අපේ වාසස්ථාන පැත්තට ඇදෙනවා..කරුමේ කියන්නේ  අපේ සැට් එකේ එව්වෝ එකෙක් වත් හදන්න දුන්න ගානවත් දන්නේ නෑ නේ..වෙන එකෙගෙන් වත් ඇහුවෙත් නෑ නේ ඉතින්...

"කෝ දෙන්න බලන්න පොත්.."

පොත ඇතුලේ ගිලි පීන පීන හිටපු අපි යාන්තන් ඔලුව ඉස්සුවා...හාහ් මෙන්න මිස් බය වෙලා වගේ අපි දිහා බලන් ඉන්නව...අපි මිස් දිහා බලන් ඉන්නව...මිස් අපි දිහා....අපි මිස් දිහා...

"මිස් මේ..." මයිනා සිංහයා වගේ කතාව පටාන් ගන්න හදනකොටම මෙන්න මිස් අපි කස්ටිය දිහා නොසැලී බලාගෙන අහපි...

"ඇහ..ඔය ළමයි මේ අව්රුද්දෙත් මේ පන්තියේද...මන් දැක්කේ අදනේ..මන් හිතුව වෙන පන්තියකට දාල කියල....ඇයි අද ආවේ පන්තියට? ලබන සතියේ ටර්ම් ටෙස්ට්ම ආවා නං ඉවරනේ.."

ඔන්න අපේ මලා...

"මිස් ඇත්තද මිස් කියන්නේ ලබන සතියේ ටෙස්ට් එකද...මාරයිනේ..."

අපේ විතරක් නෙමේ ඉතින් පංතියෙම  ටිකිරි සිනා පොකුරු පොකුරු.....



************************************************************







මේ වටිනා කියන අවස්ථාව සිද්ද උනේ 12 වසරේ...
අපේ පෙරන්ට්ස්  මීටින් ආවේ නැත්තන් ආයෙත් දවසක් එන්න වෙනවා ගෙදරින්..ඕවගේ 12 වසරේ අන්තිම මීටිමට අපේ අම්මට වත් තාත්තටවත් එන්න බැරි උන නිසා තාත්ත පස්සේ දවසේ උදේ ආව.කරුමෙට එදා ඉදල තියෙන්නේ තාත්ත විතරයි.මේ කියන අවස්ථාවේද මන් තුමී පන්තියේ සිටියේ නැත.පට්ටම් කෑල්ල ගහගෙන ඩියුටි දුවල.ඔන්න මට ඔත්තුවක් ආව තාත්ත පන්තියට වාර්තා කලා කියල.එත් ඉතින් යන්න පුලුවනෙයි අනික තත්ත්ව ගෙදරදී දකින්නතුව වගේනේ....මන් මගේ පාඩුවේ වැඩ ටික කරල යන්න ලෑස්තිය තාත්ත බලන්න..කීයක් හරි කඩාගන්නත් පුළුවන්නේ අම්ම නැති වෙලාවේ...

අහෝ කේදයකි ඉරකි තිතකි ප්‍රශ්නාර්ථයකි...පට්ටම් මිස් මීටිමක් කැදවලා...දැන් ඉතින් හිටන් හිටපන්කෝ ගිහින්...මිස් කියනව අපි ඔලුව වනනවා...මිස් කියනව අපි ඔලුව වනනවා...
ඔන්න ඔහොම ටික වෙලාවක් යනකොට කොමර්ස් එකට යන මල් පාරේ අපේ තාත්ත මුණ කළු කරගෙන එන හැටි දර්ශනය වෙනවා.එනපොට හොද නෑ..එත් ඉතින් කොහේ කියල දුවන්නද මිස් ලොකු කතාවක්...

හාහ් මෙන්න මාව තාත්ත දැක්ක...අම්මේ...මුනේ තියන සිරියාව...අබ කිලෝ එකක් දැම්මත් තත්පරෙන් පුපුරන සයිස් එකක් තියෙන්න...ආවා ආවා ලගටම ආවා....මිස්ට මොනාදෝ කිව්වා...මිස් ඔලුව වැනුවා...මෙන්න එනවා මේ පැත්තෙන්...

"චුටි දුව මෙහෙ එනවා..."

"ඇයි තාත්තේ..." සුහච කීකරු පුස් පැටියෙක් වගේ වචන ගලපනකොටම...

"ඇයි???? පන්තියේ ඉන්නේ කොයි වෙලාවටද කියනව..හැමවෙලේම එලියෙලු..."
"ඉතින් මන්...."

"ඉතින් ඉතින් නෙමේ එනවකො ගෙදර අද...."

විනාසයි...අපේ මිස්ල මගේ කැරැට්ටුව නැත්තටම නැති කර කුඩු පට්ටම් කර චොප්ප කර දාල ඇති.අපේ කට්ටිය ගැන අහන්න දෙයක් තියනවයේ ඉතින්..දුටු තැන අල්ලනු නේ..

යාන්තන් පට්ටන් මිස්ගේ කතා අහල පන්තියට සේන්දු වෙනකොටම මෙන්න පුසී,දේශි  බෙරිහන් දෙන්න ගත්ත...

"කොහෙද ඕයි හිටියේ...තාත්ත ආවා කට්ටිය තාත්තව වට කරගෙන සාකච්චාවක් දුන්න..."

"පිස්සුද යකු අර ස්ලීපින් බියුටි කිව්ව කතාවට මේකිට කන පැලෙන්න ගහනව ෂුවර්..."

"මේ යකුනේ ඕක නවත්තල මෙතන මකද උනේ කියනවකො...තාත්ත පුපුර පුපුර ගියේ..."

"අහ ඉන්න ඉන්න කියනන් අපි..."ඔන්න පටන් ගත්ත මුන් දෙන්නගේ රගපෑම...

"තාත්ත අවා..අපේ මිස් ඇහුවම කුව ගීත්මගේ තාත්ත කියල..මෙන්න අපේ මිස් නැගිට්ට..ඇහ එන්න මන් එත් බැලුව ඇයි අවේ නැත්තේ කියල එදා..."

"ඔන්න කට්ටියගේ මේසෙට එක්කන් ගිය තාත්තව,වැඩි වෙන්න පුටුවකුත් දුන්න...ඒ මදිවට මිස්ල සෙට් එකටම කියපි මේ ගීත්මගේ තාත්ත..."

"අපේ මිස් දැන් ඔන්න ලකුණු පෙන්නනවා...පෙන්නලා ඉවර වෙලා කියනව,ලකුණු නං ප්‍රශ්නයක් නෑ..හැබැයි එයා පන්තියේ නෑ...මන් රෙජිස්ටර් එක මාර්ක් කරන්නේ බෑග් එක බලල...යාන්තන් තව මොනාද කියවල එයා නැගිට්ට..."

"ඊලගට කොහෙද මන්ද ඉදල ආවා ස්ලීපින් බියුටි...."

"මෙන්න වාඩි වෙලා අහනව..මන් මේ ගීත්මගේ ගෙදර කෙනෙක් හම්බ වෙන්නයි හිටියේ...එයා ඇයි ඉස්කෝලේ එන්නේ නැත්තේ..."

"ඒ පිස්සුද බන් එයාට මන් හැමදාම ඉස්කෝලේ එනවනේ..." ආච්චිගේ රෝස මල මන් හමදාම ඉස්කෝලේ ආවනේ..

"අහගන්න්වකෝ ඇඩ් දානේ නැතුව..."

"එතකොටම තාත්ත කියනවා නෑ මිස් එයා හැමදාම ඉස්කෝලේ එනවා කියල..."

"මිස් කියනවා නෑ දකින්නේ නෑලු..."

"දැන් මේක යාන්තන් ඇහෙනවා අපේ මිස්ට..ඔන්න එයා දුවන් එනවා..."

"නෑ නෑ මිස් එයා හැමදාම ඉස්කෝලේ එනව පන්තියේ නෑ..බාහිර වැඩනේ..."

"අපේ මිස්ගේ පරම්පරා 7ක්ම කොමර්ස් කරන්න ඕනේ ඒ කරපු උදව්වට.. "

අපේ සැට් එකේ ඉතුරු එව්වොත් සීන් කෝන් එක බලන් මැරෙන්න හිනා වෙනවා...එත් මුන් දෙන්න කොහොමද මේකේ මෙච්චර හොදට අහගත්තෙ...කොමර්ස් එකේ මිස්ල වැඩිපුර හිටියේ කොමර්ස් එකේම ස්ටාෆ් රූම් එකක..එතනට කොහොමද මුන් දෙන්න ගියේ...අනික කතාව අස්සේ අපේ මිස් මලාට ඔතනට මුන් දෙන්නව වැද්දගන්නේ නෑ...

"මේ මට කියනවා තමුසෙලා දෙන්න කොහොමද ඕක ඔච්චර හොදට බලන් හිටියේ කියල..."

මෙන්න මුන් දෙන්න හිනා වෙනවා දෙකට නැවීගෙන...

"කියනවකො..."

"මේකනේ අපි දෙන්නගේ ටිකිරි මොලේට වැටහුනා අපේ මිස් තමුසෙගෙ තාත්තව එක්කන් යන්නේ හොදකට නෙමේ කියල...අනික වාර්තාව දෙන්නත් එපැයි මු ආවහම..ඒ නිසා අපි දෙන්න දඩ බඩ ගාල ගානකුත් අරන් Accountz මිස් ගාවට ගියා...ඊට පස්සේ අපි මිස්ව ගාන ඇතුලේ අනාත කරලා සීන් එක බලන් හිටිය..."

අනේ ඉතින් මෙහෙම යාළුවො ලබන්න පින් කරන්න ඕන අප්පා...හිකිස්...

Wednesday, February 3, 2016

ලංගමට පෙම් කල එදා..





ලංගම කිව්වම ඉස් ඉස්සෙල්ලම මතක් වෙන්නේ අර ඩුකු ඩුකු ගගා කෑලි වැටෙන්න ඔන්න මෙන්න තියාගෙන හරිම ලතාවට එන ලස්සන(දුවිලි පිරුන) රතු පාට බස් එක.ඔය බස් වලට ඉස්කෝලේ යන කලේ පෙම් කරපු උන් කියක් කියල ඉන්නවද ඉතින්...සීසන් අරගෙන පැය ගණන් රස්තියාදු වෙලා රතු පාට ඔය බස් වල ගිහින් ගෙදරින් දෙන සල්ලි ඉතුරු කරගන්න කොච්චර නන් කටු කෑවද ඒ කලේ..(කටු කාල ඉතුරු කාගන්න සල්ලි වලින් ඉස්කෝලේ යන පොඩි එව්වෝ කරන ඒවා නන් අහන්න එපා ඉතින්)එත් හරි ලස්සන මතක ගොඩක් ඉස්කෝලේ යන කලේ එකතු කරන්න මේ රතු පාට බස් එකට පුළුවන් උනා.මේ බස් වල සීසන් අරන් ඉස්කෝලේ ගියපු උන්දැලා දන්නවා මේ බස් කොච්චර ඉක්මනට යනවද,කොච්චර සැපට යන්න පුලුවන්ද කියල.හිකිස්...

ගෙදරින් අම්මල සීසන් එක අරන් දෙන්නේ සල්ලි දීල යනවට වඩා ඇත්තටම ඉස්කෝලේ යන ලමෙක්ට ලාබදායිම දේ සීසන් එක නිසා.එත් ඉතින් සීසන් එක අතේ තියෙනවා කියල අම්මල උදේට සල්ලි නොදී ඉන්නවද කවදාවත්..නෑ නේ..එහෙම තත්වයක් ඇති වීගෙන එනකොට ටින් ගාල ඇදල දාන්න අගේ ඇති කතාවක් තියනව මේ කට්ටිය ලග.."අම්මේ සි ටි බි බස් එන්න පරක්කුයි,ඉස්කෝලේ යන්න වෙන්නේ පරක්කු වෙලා..අනික ඕව ඉස්කෝලේ ළමයි දැක්කම නවත්තන්නෙත් අඩුවෙන්..සීසන් එක තිබුනට වැඩක් නෑ.යන්න වෙන්නේ අනිත් බස් වල.."
ඔය කතාව ඇහුණාම අම්මගේ හිත උණු වෙලා සල්ලි දෙනවා.(ඔය කතාව ඒ විදියට ගිම්මිත් කියල තියනවනේ.හිකිස්) ගෙදරින් සල්ලි ඉල්ලගෙන ගියාට කීය හරි වෙනකන් ඉදල ඉස්කුල් බස් එකේම තමා යන්නේ.ගිම්මි නන් ගේ ලගින්ම නගිනවා ඉස්කුල් බස් එකට කිසි කරදරයක් නැතුව.ඕක ඉතින් ඕනම අම්ම කෙනෙක් නොදන්නා දෙයක් නෙමෙයි.එහෙමයි කියල කවදාවත් සල්ලි නොදී ඉන්නේ නෑ නේ.හැමදාම ගෙදරින් දෙන සල්ලි බැග් එකට දාගෙන සීසන් එකෙන් යන එනකොට සැහෙන්න ගානක් අපේ අතේ අන්තිමට ඉතුරු වෙනවා.ඕව වලින් ඉතින් යාළුවන්ට තෑගි අරන් දෙන්න,තව පොඩි පොඩි ගැජට් කැලි ගන්න වගේ දේවල් වලට ගෙදරට කෙදිරි ගන්නේ නැතුව වියදම ශේප් කරගන්න පුළුවන්.

හැබැයි සමහර කොන්දොස්තර මහත්වරු නන් ඉස්කෝල ළමයි එක්ක තියෙන්නේ මාර තරහක්.සමහර බස් ඇත්තටම නවත්තන්නෙත් නෑ ඉස්කෝලේ ළමෙයෙක් විතරක් ඉන්න හෝල්ට් වල.අමාරුවෙන් අකමැත්තෙන් හරි නග්ග ගත්තොත් එහෙම...අම්මේ...කියල වැඩක් නෑ එයාගේ අතින් සීසන් අරන් දුන්න වගේ උදේ පාන්දරට කපනවා කොටු දෙකම.(කපනව නෙමෙයි කුරුටු ගාලම දානවා.) ඒ වෙලාවට ඉතින් ඒ මනුස්සයගේ පරම්පරා හතකට හෙන ගහන්න කියාගෙන තමයි උදේට යන්නේ.ඔය තරහ කවදාවත් ඉවර නොවෙන තරහක්.ඉස්කෝලේ ළමයි එක්කම ඔය තරම් තරහ ගන්නේ ඉතුරු වෙන්නේ නැති රුපියලට දෙකට කියල අපි නොදන්නවා නෙමෙයිනේ.හැබැයි ඒ අතර හුගක් හොද කොන්දොස්තර මහත්වරු ඉන්නව.සීසන් කිව්වම ඉල්ලනේවත් නැතුව හිනා වෙලා යන.ඒ මිනිස්සු දන්නවා ඉස්කෝලේ ළමයින්ගේ එකම අදායම් මාර්ගේ සීසන් එක කියල.ඒ වගේ කොන්දොස්තර මහත්වරුන්ගේ පරම්පරා හතක් ගොඩ යන්න ඕනේ කියල පින් දීල තමයි බස් එකෙන් බහින්නේ.කාලයක් එකම රූට් එකේ යනකොට දැනගන්නවා මොන කොන්දොස්තරවරුද හොද,මොක්කුද මුස්පේන්තු කියල.(මුස්පේන්තු කස්ටිය ඉන්න වෙලාවට ගිම්මිගේ යාලුවෝ නන් ටිකිරි මොලේ පාවිච්චි කරලා "සීසන් එක බෑග් එකේ,බෑග් එක ඉස්සරහ"..ඔන්න ඔය වගේ ඒවා කියල සීසන් එක බේරගන්නව )ඉස්කෝලේ ළමයෙක් හුග වෙලාවට යන්නේ ගමන් වාර දෙකයි.අමතර ගමනක් වැටුනොත් ඇරෙන්න ඉස්කෝලේ ළමයි වෙන කොහෙවත් යන්නේ නෑ නේ.එත් ඉතින් අර උන්දැලා හිතන් ඉන්නේ දවසට විසි තිස් පාරක් ගමන් යනවා කියල.ඕක තමයි තියන කෙදජනකම සිද්දිය.

ඉස්කුල් බස් වල තත්වේ නන් මිට ටිකක් වෙනස්.හැබැයි ඔය ඉස්කුල් බස් වලටත් එනවා නසරානි කොන්දලයි,ඩ්රයිවර්ලයි.(අපිත් එක පාරක් එහෙම එව්වෝ දෙනෙක් ගෙදර යැව්වා.හිකිස්...එක පස්සේ කියන්නන්.නැත්තන් මේක කොහේ නවතීද දන්නේ නෑ)ඉස්කුල් බස් වල යන හුගක් කොන්දොස්තර අංකල්ලා හරි අයියල හරි ටික්කො ඉන්නව කියල ආරංචි උනොත් තමයි සීසන් මාර්ක් කරන්නේ.(අපි නන් එකත් කියල රව්ම් කරගන්නවා මිසක් කපන්න දෙන්නේ නෑ.එතකොට තව පාරක් යන්න පුළුවන්නේ.)ඉස්කෝලේ යන කලේ පොඩි සින්දුවක් කියාගෙන බස් එකට තට්ටුවක් දාගෙන යනකොට එකට සහය දෙන කොන්දොස්තර අංකල්ලා අයියලත් ඉන්නව.කැස්බෑව ඩිපෝවෙන් නන් වාරෙන් වාරෙට තමා කට්ටියව මාරු කරන්නේ.ඒ නිසා හුගක් අය ළමයින් එක්ක එකතුයි.(දැනටත් සමහර අය සල්ලි නොගෙන කතා කරලා ටිකට් එක දීල යන වෙලාවල් තියනවා)හැබැයි අමතර පන්ති යන දවසට නං හුගක් කස්ටිය අහිංසක හොර වැඩක් කරනවා.අපේ ඉස්කෝලේ ඉදන් කොහුවල පැත්තට එන්නේ ඉස්කුල් බස් 3යි.එකක් 120.අනිත් ඒවා 138,176.ඉතින් කොහුවල,නුගේගොඩ පන්ති යන කස්ටියගේ සීසන් වල මේ බස් තුනේම අංක තියනවා.ඕක ඉතින් මහා ලොකු හොර වැඩක් ද... නෑ නේ නේද අනේ...සමහර කොදොස්තර මහතයල නං මේ වැඩේ දන්නවා,ඔන්න යුද ප්‍රකාශ කරනවා..ඕවට සැලෙන්නේ නෑ ඒ කලේ සීසන් ඇත්තෝ..."අපි සීසන් ගන්නකොට කිව්වම ලියපු අන්කල් තම දාල දුන්නේ,අපි මොන කරන්නද?" කොහොමද උත්තරේ..ඕව ඉතින් හොයන්න යනවද..නෑ නේ..වැඩේ ශේප්..ලංගම පාඩු ලබන එක අහන්නත් දෙයක්ද ඉතින්.(ගිම්මි 120 ගියපු නිසා දාගන්න තිබුනේ 138,176 විතරයි..මුන් කෙල්ලොද කියල හිතනවා එහෙම නෙමේ,කොල්ලෝ ඔයිට හපන් ඒවා කරනවා.)

ඉස්කෝලේ යන ළමෙක් නන් කොහොමහරි බලන්නේ සීසන් එකෙන්ම දවස එහෙ මෙහෙ කරගන්න.ඉතින් කිය හරි වෙනකන් හෝල්ට් වල ඉදල ඔය රතු බස් එකේම යනව.කොච්චර ලස්සන,සින්දු දාල තියන වෙන බස් ඇවිත් නැවැත්තුවත් අහක බලාගෙන රතු බැස්ම හොයපු අතීතයක් ගිම්මිටත් තිබුන නිසා ලංගමට කොච්චර ඉස්කෝලේ ළමයි ආදරේ කලාද කරනවද කියලත් හොදට දන්නවා.අපි ඉස්කෝලෙන් අව්ට් වෙන්න ලං වෙන කොට ලන්ගමේ තත්වේ ගොඩක් හොද අතට හැරුන.ලන්ගමේ කිව්වට මන් දන්නේ කැස්බෑවේ ඩිපෝව ගැන.අලුත් මැනේජර් අන්කල් කෙනෙක් ආපු නිසා වෙන්න ඕනේ.(අපිත් වෙන බස් එකක් ඉල්ලගත්ත ඔය අන්කල්ට කියල..එකත් පස්සේ කියන්නන්.) දුවිල්ල අඩු, සෙටප් එහෙම තියන, ශීට් තුනේ ලස්සන බස් ගොඩක් කැස්බෑව ඩිපෝවට ආව.අලුත් කොදොස්ත්රවරු ඩ්‍රයිවර් මහත්වරු අරන් අනිත් බස් වලට කලින් සි ටි බි යන්න ගත්තම මිනිස්සු ඒවාට ඇදිල යන්න පටන් ගත්ත.දැනටත් මේ පැත්තෙනං සි ටි බි බස් ප්‍රයිවට් ඒවාට වඩා හුගක් වෙලාවට ඉක්මන්.ඉස්සර ඉදන්ම ලංගමට ආල වඩපු නිසාමද මන්ද දැනටත් සමහර වෙලාවට ඔය බස් එකක් දැක්ක ගමන් හදවත කිරි ගැහිලා අත පය සලිත වෙලා පෙරලගෙන දුවගෙන ගිහින් ඔය බස් එකට නගින මොකද්ද මන්ද මෙව්වා එකක් මට තම තියනවා අප්පා..

කව්රු කොහොම මොන දේ කිව්වත් ලංගමට වැඩිපුරම ආදරේ කරන්නේ ඉස්කෝලේ ළමයි.සීසන් තියන් ඈයෝ තමයි ඉතින්.එක කාලාන්තරයක් තිස්සේ පැවත එන වගේම ඉදිරියත් එසේම පවතින දෙයක්.හැබැයි දැන් අර මැෂින් එකට පන්ච් කරන කාර්ඩ් සිස්ටමැටික් එකක් නිසා ඉස්කෝල ළමයින්ගේ අහිංසක හොර වැඩ කරන්න වෙන්නේ නෑ කියලනන් ආරංචි උනා ළගදි.ඒ මොන කලත් හුගක් ඉස්කෝලේ ළමයින්ට සානුකම්පිතව සලකන කොන්දොස්තර මහත්තරු තාමත් ඉන්නවා.ඒ නිසාම තමයි හැමදාටම ඉස්කෝලේ ළමයි ලංගමට ආදරේ කරන්නේ.






Thursday, January 14, 2016

මල් සහ මයිනා

සෑහෙන්න කාලෙකට පස්සේ ආයිත් අපේ ඉස්කෝලේ කලේ වෙච්ච ඒකට ලස්සනයි කියන්නත් බෑ.... මොකද මේ සීන් කොන් එක වෙනකොට නං අපි හොඳටම බය වෙලා හිටියේ.මේකේ ඉතින් මල් සහ මයිනා කියල කිවුවට, ඇත්තටම මේකේ කුරුල්ලෝයි, මලුයි නෑ.මේකේ ඉන්නේ මගේ අතිජාත සුජාත මිත්තරියෝ දෙන්නෙක්.අනේ ඉතින් මොකට කියන්නද මගේ ජාතියම සමයන් තමයි හැමෝම.

මේ සීන් කෝන් එක වෙනකොට අපි 11 වසරේ හිටියේ,අනේ අර සා/පෙ නිසා හැම වෙලාවේම මිස්ල බලන්නේ පන්තියට කඩාපත් වෙන්න, වෙන කගේ හරි පිරියඩ් එකක් හරි කමක්නෑ.මන් මේ කියන දවසේ නං උදේම තිබුන පිරියඩ් දෙකම ෆ්‍රී.සෑහෙන්න කාලෙකින්නෙ ඕවගේ වාසනාවක් පල දෙන්නේ...කට්ටිය ඉතින් සතුටේ කිමිදිලා.ඕවගේ වෙලාවට ඉතින් කරන කියන දේවල් උගන්නන්න ඕනේ නෑ නේ.කට්ටියක් සංගීත පන්තිය පටං අරන්,තව කට්ටියක් ඊයේ දවසේ විස්තර,අනිත් අය රෝයිටර් සේවය...අපිත් ඉතින් හොඳ කෝප්පයක් හෝද හෝද ඉන්නකොට මලයි මයිනායි වෙනම කතාවක හිටියේ,කතාව මොකද්ද කියලා නං දැන් මතක නෑ ඉතින්.ඔන්න දෙන්නගේ කතාව ඉහළම ස්වරයට අැවිත්... දැන් අපි බලන් ඉන්නව මොකද මේ පැණි වරකා ගහට හෙන ගහල තියෙන්නේ කියලා...හාහ්හ් විනාසයි මලා ටැප් එක අැරගෙන දිවුවා පන්තියෙන් එළියට.ටිකක් වෙලා බලන් හිටපු මයිනා කියපි,
"ඔය ගියාට ආයි ඕකි එයි බන්,කොහෙ කියල යන්නද?"
අාහ් ඉතින් එහෙනන් අවුල්ක් නෑනෙ ආයි සෙට් උනා කස්ටිය තම තමන්ගේ කතා වලට.

අපේ පන්තියේ වම් පැත්තට ඩෙස් 5යි දකුණට 3යි ගානේ තමයි දාල තිබුනේ.දලා තිබුන කියන්නේ ඕක ඉතින් අපිම දාගත්ත එකක්.අපේ පේලිය හිටියේ මන් තුමී,හන්සි,සචි,මලා,සහ මයිනා... මෙන්න ටිකකින් මයිනා කියනවා

"ඒ මේ මලා තාම අාවේ නෑනේ හලෝ මොකද කරන්නේ"

ඔන්න එතකොටයි අපිට මතක් උනේ වෙලාව...මලා නෙන්නන් දෙවැනි පීරියඩ් එකත් ඉවර වෙන්න ළඟයි.ඊළඟට මැත්ස්...

"මේ අපි බලමුද හලෝ ගිහින් බයයිනේ,කොහෙට හරි වෙලා අඬනවද දන්නෑ නේ."

"මේ ඉක්මනට යන එහෙනන් අපිට ටයි නැති එකේ මේකි බෙල්ට් එකෙන් වත් බෙල්ලේ වැල දාගෙන ද දන්නෑනේ "

කවුරු උනත් ඒ කියපු කතාවට අපිට හීන් දාඩිය දැම්මා.මොකද ඔය කාලේ අර අපේ ළඟ පාත ඉස්කෝලෙක දැරිවියක් ටයි පටියෙන් බෙල්ලේ වැල ගෙන තිබුනනේ.අපේ ගවුමේ ඉතින් ටයි නෑ බෙල්ට් එක විතරනේ.කියන්න බෑ නේ ඒත් කාලේ හැටියට.

දැන් නං කට්ටිය මුළු ඉස්කෝලේ පුරාම දුවනවා නිකන් භූමිතෙල් ගෑවිච්ච ගැරඬි වගේ.වොෂ් රූම්,ජිම් එක,ස්පෝර්ට්ස් රූම්,ලැබ් එකී මෙකි නොකී හැම තැනම හෙවුවත් ම්හ්ම් මේකි අා ගිය අතක් නෑ,ඔය අස්සේ ලයිබ්‍රි එකට දිවුවා ජඩේ.. එකේවත් ඉන්නවද දන්නෑනේ,අනේ ඉතින් එකෙත් නෑලු..... අපේ බලාපොරොත්තු සුනු විසුනු කරගෙ ජඩේ කියනව "බයෝ කරන අක්කල වගයක් නං හිටිය අනේ එච්චරයි."

අන්තිමට අපි ඉස්කෝලේ තිබුන ඩස්බින් වලත් හෙවුවා,කියන්න බෑ නේ ඕක ඇතුලට හරි බැහැල හිටියොත් එහෙම....ටීචර්ස්ලගේ ක්වාර්ටස් පැත්තෙත් රවුමක් දාල බැලුවා ම්හ්ම් නෑ නේ මේකි... වාෂ්ප වෙලාද?කරන්නම දෙයක් නෑ අපි අපේ සයන්ස් මිස්ට විස්තරේ වාර්තා කරලා ආයිත් එකා දෙන්නා ගානේ ගියා පන්තියට.... මලා අාවම හොඳට සලකන්න බලාගෙන ආයි ඔහොම නොකරන්න.....ගහෙන් වැටුන මිනිහට දේවාලෙත් කඩා පාත් වෙනවා වගේ පන්තියේ මැත්ස් මිස්.....
අම්මෝ.... කටේ සද්දේ සෑහෙන්න දුරට විහිදිලා යන හරිම මිහිරි වොයිස් එකක් අප්පා එයාට තියෙන්නෙ,දැන් ඉතින් දීපන්කො උත්තර....

"කොහෙද ළමයි ඕගලන් ගිහින් එන්නේ සැරින් සැරේ....,ඇයි විභහගෙට තව අවුරුදු කියක් තියනව කියලද හිතන් ඉන්නේ "

"එන්නෑ පන්තිය ඇතුළට කියනව කොහෙද ගියේ?"

"මිස් මේ... මේ.. වොෂ් රූම් ගියා"

"දැන් අාපු ඔක්කොම වොෂ් රූම් ඉදන් අාවේ මේ පන්තියේ ළමයින්ට දියවැඩියාවද?"

අනේ ඉතින් මිස් ඔයාට අපිට කියන්න පුළුවන් කතාවක් නෙමෙයිනෙ මේක...

"එනව එනවා ඇතුළට"

ඇති යන්තන්.... ඇත්තනෙ යකු ඉතින් පීරියඩ් එකක් ඉවරවෙනකන් වොශ් රූම් ඉන්න රටක් තියනවද?
තව ඉන්ටෙවෙල් එකටත් විනාඩි 15ක් වගේ.... තාමත් නෑනෙ මේකි.මැත්ස් නං මෙලෝ දෙයක් තේරෙන්නෑ පාවෙනවා ඉලක්කන්....ලස්සන....

"අාහ් ඔන්න එනව තව එක්කෙනෙක්,ඔයත් වොෂ් රූම් එකේ ඉදන් එන ගමන් වෙන්නැති"

ඒ කාටද දෙයියනේ මේ කෑගහන්නේ,හාහ් මේ අැවිත් තියෙන්නෙ.... ඕකිට නං කෑගහන්න නෙමෙයි තියෙන්නෙ..අපු දෙන්කො.... මෙත්නටනේ එන්නේ වාඩිවෙන්න.....හරි අහිංසක විදියට එන හැටි විතරක්...එනවකො.... මිස් යනකන් ඉන්නව ටිකක්.....මලා අැවිත් වාඩි උනා විතරයි එහෙන් මෙහෙන් වටේ ඉන්න එවුන් කසු කුසු ගගා බනිනවා.පිටිපස්සේ එවුන් කකුලෙන් ප්‍රහාර දියත් කරලා දැන්මම.

"ඒ පාර ආයිත් සද්දේ ඇයි එයා මේ පන්තියේ නෙමෙයිද, ඔහම බලන්නේ"

ආයි මිස්ගේ ටින් ටින් වොයිස් එක ඇහෙනවා,මිස්ට කියන්නද ඉතින් මු මෙච්චර වෙලා ආගිය අතක් නැතුව හිටිය,මුව හොයන්න අපි පිස්සු හැදිලා වගේ දිවුව කියල.

දෙයියනේ කියලා මිස් ගියා....හරි දැන් තමයි වෙලාව මයිනා හැරුන මලාගේ පැත්තට,

"කියනවා මොන ලෝකෙද ගිහින් හිටියේ,අපි ඉස්කෝලේ පුරාම ගියා කොහෙද යකු හිටියේ"

මෙන්න මෙකි හිනා වෙනවා... හරියන්නෑ... පන්තියෙන් බාගයක් දන් වැඩේට සෙට් වෙලා."කියනව" ඔන්න ඉතින් කට්ටියගේ සද්දේ ආයි වැඩි වෙනවා.

"මන් ලයිබ්‍රි එකේ හිටියේ."

"මොකක් මන් ගියානේ ලයිබ්‍රියට,ඇත්ත කියනවා කොහෙද ගියේ"

දැන් නං මලා බය වෙලා සැහෙන්න "නෑ මන් ඇත්ත කියන්නේ,මන් ලොකු බයෝ පොතක් පෙරලගෙන අර ලයිබ්‍රි එකේ අන්තිමටම තියන ඇතුලේ මෙසේ වාඩි වෙලා හිටියෙ,හැබැයි පොතෙන් මුණ වහගෙන හිටියේ"

"අාහ් ඇත්තද......."

මයිනගෙන් පටන් අරන් ඔක්කම ටික ඉතින් අපේ මලාට සෑහෙන්න හොදට සැලකුව....ඔව්ව්ව්...බොරු නෙමෙයි ඩෙස් එක අස්සට යනකන්ම සැළකුව...අන්න එහෙමයි කරන්න ඕනේ...
මෙන්න මේකි යන්තන් ඔලුව උස්සල ආයිත් අපෙන් අහනව

"ඕගලන් බය උනාද මන් නැතුව?හානේ... හැමතනම හෙවුවද මාව හරි ෂෝයිනෙ,මරු...මන් ආයිත් හැන්ගෙනවා..... "