Sunday, May 13, 2018
අමාවක වු සඳ
Saturday, August 13, 2016
ලිහිණි ඇස් ළඟ අතරමන් වීමි...
සීතල හුළං ඇගේ දැවටිලා යන රෑක කවුලුවක් ළඟ ඉදන් ඈත පායන හඳ දිහා බලාගෙන ඉන්න නින්ද නොයන පුංචි කිරිල්ලියක්...ඈ ඉල්ලන්නෙ ඈ හිතන්නෙ මොනවද...ඉල්ලන්න ඕනෙ මොනාද...ඈවත් ඒ රැළි ගහන හැඟීම් පාට කරන්න දන්නෙ නෑ.....ඈට පියාඹන්න රත්තරන් පාට තටු ඕන නෑ...පාට පාට වුනු තටු සරසන්න සරුවපිත්තල කැරළි ඕන නෑ...ඈට ඕන එකම එක උණුසුම් හදවතක්..ඇගේ නමින් හුස්ම ගන්න...ඇගේ විතරක්ම වුනු ඔව්...ඇගේම වුනු හැමදාම ළඟ ඉන්න හිමි හිමින් උණුසුම් රැළි නගන ආදරණීය හදවතක්....දෙතොලට කලින් නළලත මතින් දොතොල් වල උණුසුම දැනෙන ආදරණීය චුම්භනයක්....
ඒත් ඇය....සිතිවිලි රෑනක් අතර අතරමන් වෙලා...මේ වෙනකන්ම එකම එක කුරුලු හිතක් ළඟ හිර වෙලා...නෑ හිර කරගෙන ඉදපු ඇගේ පුංචි හිත...කඳුළු පුරවගෙන හිටපු ඇගේ පුංචි ඇස්...ඒ නපුරු කුරුලු හිතින් ටිකෙන් ටික ඈතට තටු ගහන්න පටන් අරන්...ඇත්තටම තමන්ව අතැරලා දාලා ගියපු කුරුලු හිත ළඟ ඇයයි බලෙන් නැවතිලා හිටියෙ...ඇය ඈත් වෙනවා ඒත් තව පුංචි කුරුලු ඇස් දෙකක්....මොහොතකට ඒ ඇස් ඇයට ඇය අමතක කරවනවා..ලේසියෙන් නොසෙල්වෙන ඇගේ ආඩම්බර කුරුලු හිත සන්සුන් කරවපු අමුතු දිස්නයක් දෙන හිතුවක්කාර ලිහිණි ඇස් දෙකක්....
කලින් දැනගෙන නොහිටියත් එකම කැලෑවක හුස්ම ගන්න ඈටත් ලිහිණි ඇස් වලටත් මොකද්දෝ මන්දා කියාගන්න බැරි බැදීමක නටබුන් තියෙන වග අැගේ ගැහැණු ඉව රහසින් මුමුණද්දි ඇය ලිහිණි ඇස් ඉස්සරහා දඟකාර පුංචි කිරිල්ලියක්...ඇය අහින්සකයි...ඒත් දඟකාර යන්තමින් ආඩම්බර කම ගෑවුනු හිතුවක්කාර පුංචි කිරිල්ලයක්...
ඒ ළිහිණි ඇස්....හිතුවක්කාරයි...ඔව් තරමටත් වඩා හිතුවක්කාර ළිහිණි ඇස් වල ගෑවුනු අහිංසකකමක් ඇගේ පුංචි කුරුලු හිත හරි ආදරෙන් හදුනගන්නවා...එකමත් එක නපුරු හිතකින් හිත රිදවගත්ත ඇගේ පුංචි හිත ඒ ලිහිණි ඇස් ළඟ මොනවදෝ හොයනවා...ලිහිණි ඇස් තරමටම ලිහිණි හිත ඇය ළග දොඩමලුයි...ඇත්ත ඇගේ කිචි කිචියට ගොලු හදවතක් වුනත් හරි ඉක්මනට දොඩමලු වෙනවා....
හෙමි හෙමින් කාලය ඇයටත් හොරෙන් ඒ ලිහිණි ඇස් වල මායම්කාරි දිස්නය ඇගේ හිතේ එක කොනක හරිම සියුම්ව...ඔව් ඒ් එයාටත් නොදැනෙන්නම තැම්පත් කරලා...ඒ ලිහිණි ඇස් ඇයට හරිම සුහද ආරාධනාවක් කරනවා...ඒ ආරාධනාවට නමක්....අනේ මන්දා ඇය ඒ කලු සුදු ආරාධනාවට නමක් දිලා පින්තාරු කරන්න එකම පුංචි උත්සහයක් වත් ගන්නෙ නෑ....ඇගේ පුංචි කුරුලු හිත ඒ ලිහිණි ඇස් වලට හරි ලෝභයි...ඒ ලෝභකම නිසාම ඒ ආරාධනාවට ඇගේ හිතින් නම් ගම් වාසගම් උප්පැන්න හැදුවත් ඇගේ ඇස් ඒ ලිහිණි ඇස් ඉස්සරහා හරිම සන්වරයි...හැබැයි හිත හරිම කලබලයි....ඇගේ ඇස් වලත් අමුතු ආරාධනාවක් නැතුවාම නෙමෙයි....ඒ ආරාධනා පින්තාරු කරන්න ලිහිණි ඇස් උත්සාහ නොගන්නෙත් කුරුලු ඇස් වලට නොකියන ලෝභ කමක් ලිහිණි හිතේ තියානගෙනමද මන්දා...
ඇය තනිවම විඳිනවා ඒ ඇස් වල මායම්කාරි දිස්නය...ලිහිණි ඇස් වරදක් කියල හිතන දෙදෙනාම පින්තාරු නොකරපු ඒ ආරාධනා ගැන තනියෙන්ම හිතනවා....හීන මවනවා...ලිහිණි ඇස් නාෙදකින තත්පරයක් ඇයට දැනෙන්නෙ කල්පයක්...ලිහිණි කිචි බිචිය නෑසෙන මොහොතක් ඇගේ හිත සිය දහස් වාරයක් රැළි නගනවා...ඇය පුංචි පුංචි සිහිවටන,මල් රටා ,ලියකම් තුඩින් තුඩ ඇහිදගෙන ලිහිණි ඇස් සරසනවා...නෑ ලිහිණි ඇස් දන්නෙ නෑ ඇගේ හිත...සමහරවිට...සමහරවිට නෙමෙයි ඇත්තටම ලිහිණි ඇස් ඇගේ ඇස් නොදැක්ක ගානට ඉන්නවා...ඒ තමයි ඇගේ පුංචි ඇස් ඔහුට නැති වෙයි කියන ලෝභකම....ඇගේ හිත වගෙම ඒ ලිහිණි ඇසුත් සිතින් එකම හැඟීමකට හිර වෙලා...නමක් ගමක් වාසගමක් නැති තව කෙනෙක්ට අයිතිය දෙන්නත් අකමැති අමුතු මායම්කාරි බැඳීමක්....
ඒ ආදරය ද....?
ඇය වගෙම ලිහිණි ඇසුත් අතරමන් වෙලා....
ඒත් ඇගේ පුංචි හිත වගෙම ලිහිණි ඇසුත් ආදරයට වඩා එහා ගිය සන්සාරගත බැඳීමක් ඔවුනොවුන් ගෙන් හොයනවා....ඒත්...දෙන්නම තවම අතරමන් මේ අහස යට....
Friday, January 22, 2016
තරු ඇස්
ම්ම්ම්...ඔව්....අදත් වෙනද වෙලාවටම මේ කලුවර වෙච්ච ලස්සන අහසයට...ඒ තරු ඇස් ආයිමත් පායලා....ටිකක් අෑතින් උනත් මගේ හුරු පුරුදු ඇස් පාරේ මන් ඒ බැල්කනියට එබෙනවා....පුරුදු වෙලාවටම ඇවිත් තරු ඇස් මුළු නුවර දිහාම නිවීහැනහිල්ලේ බලන් ඉන්නවා...හිතුවක්කාර මගේ හිතට වගේ කිසිම කලබලයක් නෑ ඒ ඇස් වලට...කොහොම ඉන්නවද ඔහොම...කලුවර වෙච්ච මේ අහස යට විතරයි හැමදාම මන් ඒ ඇස් මගේ හිතුමනාපෙට විදගත්තේ...ඉර පායපු අහසයට ඒ ඇස් දැක්කම මගේ හිත හරි කලබලයි...ඒ ඇයි...මන් දන්නේ නෑ....
"චුටි දෝනි මොකද්ද මේ සීතලේ බැල්කනියේ ඉදන් කරන්නේ එන්න ඇතුලට.."
"එනවා අම්මා..."
අම්මගේ ආදරේ පිරුන ඒ වචන මගේ ළඟ නතරවෙද්දී මන් අායෙමත්....ඔව්....අායෙමත් බැලුව ඒ තරු ඇස් දිහා...ඒ බැල්කනියේත් එළි නිවෙන කොට හෙමින්ම මාත් ඇස් පියාගත්තා...ඉර පායන අහස යට හෙට එන්න අයිමත්...
***********************
"කාවද හැමදාම බැල්කනියේ ඉදන් හොයන්නේ.."
වචන මගේ ළඟම ඇහෙද්දී මගේ කලබල ඇස් ඒ පැත්තට හැරුනේ හරි ඉක්මනට..තරු ඇස්..ඔව්...කතා කරන්නත් පුළුවන් ඒ තරු ඇස් වලට....ඉර පායපු අහස යට...
"ඔයාගේ ලොකු ඇස් කාවද හොයන්නේ හැමදාම...මට පේනවා කළුවරේ උනත් හොදට..."
"මන්...මන් කතා කරන තරු ඇස් දෙකක් හොයනවා...හැමදාම කළුවර අහස යට...එත් ඔයා....?"
"මන් මගේ පුංචි සුරංගනාවීව හොයනවා...එයා කිසිම කලබලයක් නැතුව අහසේ තටු ගහන්නේ කළුවර උනාම විතරයි..."
"ඒ අැයි...???"
"එළිය දෙන අහස යට එයා හරි කලබලයි...ඒ වෙලාවට මන් එයාව බලන්නේ හුඟක් අෑතින්.."
"කතා කරන්නේ නැද්ද එයා එක්ක...?මන් නං මගේ තරු ඇස් එක්ක හැමවෙලේම මගේ හිතින් කතා කරනවා..."
"නෑ... මන් එයාව මුළු හිතින්ම මගේ දවස පුරාම විදිනවා...රෑට එයා තටු ගහන්නේ හෙමිට... මන් අාස උනේ එහෙම එයාව බලන්න...එත් දැන්...."
"එත් දැන්......."
"පුංචි සුරංගනාවී කලබලෙන් එලිය දෙන අහසේ තටු ගැහුවට එයාගේ කවි බිචිය හිතට ලොකු වෙනසක්..."
"වෙනසක්....."
"ඔව්...කතා නොකර මන් විඳපු සුරන්ගනාවිට වඩා කිචි බිචි ගාන සුරන්ගනාවිට දැන් මගේ හිත ආසයි..."
"ම්ම්ම්...කොහෙද ඔයාගේ සුරන්ගනාවී ඉන්නේ...?"
"එයා ඉන්නේ කළුවර අහස යට...ඈත තියන බැල්කනියක..."
ඉතින් දොඩමලු වෙච්ච තරු ඇස් ගැන මගේ හිත කලබල උනේ නෑ අායෙමත් කවදාවත්...ඒ තරු ඇස් මේ පුංචි සුරන්ගනවිගේ නිසා...
Tuesday, January 19, 2016
යාලුකමද....ආදරේද...
"මං ඉන්වනෙ හැමදාම උඹේ ළඟ...නොදන්නවා නෙමෙයිනෙ උඹ..."
"හ්ම්ම්...මං උඹට ආදරෙයි..."
"මොනවා...නෑ උඹ ආදරේ මාෂිට ඒක දැං තීන්දු වෙලත් ඉවරයි...මට කලින් උඹට මාෂිව හම්බුනේ...වෙච්ච වැරැද්දට සමාව දියං...ආයි යන එකක් නෑ ඒකි...."
"ඒත් උඹ මහ අමුතු කෙල්ලෙක්...ඒකිට දැනෙනවට වඩා හොඳට,හරි ඉක්මනට උඹට මාව දැනෙනවා....ඒ තරම්ම...නෑ...නෑ...ඊටත් වඩා උඹව මට දැනෙනවා..."
"හ්ම්ම්....උඹ මගෙ යලුවා...එච්චරයි....අපි අපිව තේරුම් ගන්නවා...හැබැයි මං උඹේ වෙන්නෑ කවදාවත්...."
"උඹ මට ආදරෙයිද.......? "
"දන්නෙ නෑ...."
"උඹ ඒක හංගනවා....ඒත් උඹ හැමවෙලේම හොයන්නෙ මාව....මාෂිට කලින් උඹව හම්බුනානන් මට...... "
"ඔව් මං හොයන්නෙ උඹව...ඒ මාව හොඳටම දන්න කෙනා උඹ නිසා...පුස්තකාලෙ ළඟ ඉඳන් කොටුවට යනකන් උඹ මගේ කතා අහගෙන අව්වට කුඩෙත් ඉහළන් පාර දිගේ හිනා වෙවී යනවා....මගේ හිතේ පොඩි දුකක් හරි උඹට තේරෙනවා....උඹ කෝච්චියට යන්නෙ හැමදාම මාව බස් එකට නග්ගලා.... තව කියන්න නන් දේවල් කොච්චරක්ද.....?ඉතින් උඹ තරම් මට ළඟ තව කෙනෙක් නෑ...."
"උඹේ කඳුලු මට බලන්න බෑ....ගිරවියෙක් වගේ උඹ කියවනවා,මං ආසයි උඹේ ඉවරයක් නැති කච කචේට..."
"උඹ මට අඬන්න දුන්නෑ කවදාවත්....වැරදි හිතකින් උඹ මගෙ දිහා බැලුවෙත් නෑ...උඹ මාව බලාගන්නෙ තාත්තෙක් වගේ..."
"හ්ම්ම්...මං නන් උඹට දෙන්නෙම වද...මාෂිගෙ ඉලව්වකට සැර වතුර බීලා බීලා හැමදාම කතා කරාම මුකුත් නොකියා රෑ එළි වෙනකන් හරි උඹ මං කියන ඒවා අහන් ඉන්නවා....උඹ ඇරෙන්න මගෙ හිත හදන්න පුලුවන් එකෙක් නෑ බං...."
"හ්ම්ම්...ඒත් උඹ මට ආදරේ කරන්නෙපා...."
"ඇයි....?උඹම හිතපන්... යාලුවා කියලා උඹයි උඹේ හිත රවට්ටන් ඉන්නෙ...."
"එතකොට මේ යාලුකමද....?නැත්තන් ආදරේද... ?උඹ තව හිතලා බලපන්..."
"මං දන්නෑ....කියපන් උඹ දන්වද මේ මොකද්ද කියලා...."
