Wednesday, January 27, 2016

පොඩි එකාගේ නම් වෙනස් කල වගයි.


"ඩුන් ඩුන් ඩුන්" අසව්! අසව්! හිතුවක්කාරී නම් වෙනස් කරන්ටයි මේ සුදානම.ආහ්.. කවුද බොල මේකි?පොඩ්ඩක් හිටින්කෝ කියන්න.හිතෙන වල් පල් ජාති, ඔය රට වටෙන් ඇහෙන එවුව මෙවුව,එතකොට තව නිකන් ඉන්න කොට මතක් වෙන මගේ සුන්දර ජීවිතේ කරපු වැදගත් දේවල් (වැදගත්???හැක් නසරානි තමා) වගේ එකී මෙකි නොකී සියලු දේ කුරුටු ගාන්ට තමයි ඉතින් මේ හිතුවක්කාරී ආවේ බ්ලොග් ලෝකෙට.මේකි පොඩි එකා උනාට පොඩ්ඩක් විතර ඔව් අනේ පොඩ්ඩක් විතර හිතුවක්කාරයි.එකමයි දාගත්තේ හිතුවක්කාරී කියල නමකුත්.අනේ ඉතින් මගේ දෛවය ලියපු එකා මට කොලොප්පම මයි දාන්නේ..අැයි මේකිට මොකක් කරලද එකා?

බලන්නකෝ අප්පා අමාරුවෙන් ගලපාගෙන පොඩි එකී දාගත්ත හිතුවක්කාරී කියල නමක්.ඔන්න තව පරණ හිතුවක්කරියෙක් ඉන්නවලුනේ බ්ලොග් ලෝකේ...ආහ එහෙනං කොපි කරලා තමයි මෙකි...අයියෝ නෑ නෑ...මන් අහින්සකයෙක් වෙමි.කුරුටු ඇවිත් කියනකන්ම මන් ඒ වගක් දැනන් හිටියේ නෑ.බොහොම ස්තුති කුරුටු කරපු උදවුවට.කුරුටු ඕක කිවුව වෙලේ ඉදන් අහස පොලව ගැටගහල හොයාගත්ත යන්තන් නමක්...ඕව දැන ගත්ත ගමන් නම් වෙනස් කරන එක ඇගට ගුණදායකයිනේ.අනිත් යාලු හිතුවක්කාරී ඇවිත් යුද ප්‍රකාශ කලොත් එහෙම.මොකට තරහ කරගන්නවද අනේ කස්ටියව.ඔන්න ඉතින් දැන් නම් වෙනාස් කරන්න අවසරයි.

මෙතෙක් කල් බ්ලොගයේ හිතුවක්කාරී ලෙස සැරිසැරූ මේ පොඩි එකා අද සිට

"ගිම්මිගේ කොලම"

යන අවුල් සහගත යන නාමයෙන් හදුන්වනු ලැබේ.

හිනා උනාට කමක් නෑ.වෙන නමක් මතක් උනේම නෑ අනේ.හැක..හැක..පොඩි එකාටත් අමුතු ගති තියෙන නිසා ඔය නම හොදයි වගේ.
නම වෙනස් උනා කියල පොඩි එකී වෙනස් වෙන්නෑ...ලියන්නේ හිතුවක්කරකමටම තමයි.වැරදි ඇතොත් මේ පැත්තේ ඇවිත් පෙන්නලා දෙනවට මන් බොහොම මනාපයි.වැරදි නොකිව්වොත් පොඩි එකී හැදෙන්නෑ.මතකයිනේ....එහෙනං ඔන්න අයෙත් එන්නේ හිතුවක්කාරී නෙමෙයි ගිම්මි.

අසා,බලා,කියවා ගිය ඔබ සැමට ස්තුති.!!!!!!!!!



16 comments:

  1. ගිම්මි...................

    මුලින් ම ඔබට කියන්න දෙයක් තියෙනවා. ඔබ ගත්තු තීරණය ගැන. ඔබේ නිහතමානීකම ගැන අැත්තට ම සතුටුයි. අනාගතයේ ඒන්නට හැකි අවදානමක් නිසා මේ තීරණය ගැනීම ගැන අපේ සතුට ප්‍රකාශ කරන්න කැමතියි. අනික් දේ තමා අලුත් නම.... ඒක වෙනම අනන්‍යතාවයක් තියෙන නමක්. අනාගතයට ඒක සහයක් වේවි.... මොනවා වුණත් ගත්තු තීරණය ගැන අපේ සුභ පැතුම්

    (සින්ඩියේ නං තාම අර කලින් නම පෙන්නනවානේ. ඒ නම වෙනස් කරන විදිහ ගැන අපිටත් අදහසක් නැහැ. අයි.ටී වැඩ්ඩෙක්ගෙන් උදව්වක් ගන්න බලමු...)

    ReplyDelete
    Replies
    1. ස්තුති කුරුටු...මට ඕක නොකිවුවනන් අනාගතේ අවුලක් වෙන්නත් තිබුණා.ඔය නම ගැන ඇත්තටම කියනවනං ඕක තමා යාලුවෝ මට කියන නම.ඉතින් මන් නමක් මතක් වෙන්නේ නැති තැන ඕකම දැම්මා. උර්ල් එක වෙනස් කරන්න නං මන් ගොඩක් බැලුවා.කොහෙද හරිගියේ නෑ නේ.ඉට වැඩ්ඩෙක් හොයාගන්නම වෙයි වගේ.

      Delete
  2. පුළුවන්නං url එක නම්ට ගැලපෙන්න වෙනස් කරගන්න. නැත්තං හදිස්සියකට මේ බ්ලොග අපිට හොයාගන්න බැරිවෙයි.

    ReplyDelete
    Replies
    1. URLවෙනස් කරගන්න මන් අද වැඩත් නවත්තගෙන හොයනවා සාකියෝ.පොඩි එකීට බැරි උනානේ තාම හොයාගන්න.

      Delete
  3. රෝලේ පෙන්නන්නේ පරණ නමින්.
    url එක වෙනස් කරලා මේක හොයාගන්න පුලුවන් වෙයිද දන්නෑ. වෙනස් කරොත් ලොකු කට්ටක් කන්න වෙයි. ශම්මිගේ කොලමට සුභ පැතුම්.

    ReplyDelete
    Replies
    1. ස්තුති මහේෂ් මන් ඉක්මනින් එක හදාගන්නන්.

      Delete
  4. මටත් හිතෙන්නේ url එක වෙනස් කලොත් හරි යයි,

    ReplyDelete
    Replies
    1. හොයනවා හොයනවා රස්ති...ඉක්මනින් හදාගන්නන්. :)

      Delete
  5. URL එක චේන්ජ් නොකලට කමක් නෑ.. (උඩ කමෙන්ට් වල තියෙන හංද කීවෙ) එහෙම url එක චේන්ජ් කලොත් ආයෙ බ්ලොග දැනට ෆලෝ කරල ඉන්නඅයට පෙන්නන්නෑ.. අලුතෙං ෆලෝ කරන අයට ඒ අවුල නෑ..
    එහෙම වෙනසක් කරනව නං වෙනස් කලා කියල අඩු ගානෙ දැං ඔය ෆලෝ කරල ඉන්න සෙට් එකේ බ්ලොග් වල කමෙනුටවකින් හරි කියන වෙයි. ඊටත් සින්ඩි වල අප්ඩේට් නොවේවි..

    නම වෙනස් කරපු එක අවුලක් නෑ. කාලයක් යද්දි හරියනව.

    ReplyDelete
    Replies
    1. මටත් ඔය ගැන මතක් උනා.එත් හිතුවක්කාරී නම දිගටම පෙනුනොත් ප්‍රශ්නයක් වගේ එකක් වෙයිද දන්නෑ නේ ඉස්සරහට.පොඩි එකී බයයිනෙ ඕවට.

      Delete
  6. මට මතක විදිහට තවත් කවුරුහරි ඔය විදිහට ම නම වෙනස් කරා..... ළගදි දවසක..... ඒත් අපේ සිින්ඩියට දාන්න යද්දි වුණ අවුලක් නිසා..... හැකියි නං තැන හොයාගන්න බලන්න. ඒතැන කරපු විදිහ බලන්න....... මතක් වුණොත් කියන්නම්.....

    ReplyDelete
    Replies
    1. මෙතූ නම වෙනස් කරානේ කුරුටු

      Delete
    2. මේතු හොයාගන්න නෑ අප්පා.කතා කලට කිසි ප්‍රතිචාරයක් නෑ නේ.එයාටත් මේ අලකලංචිය උනානේ.

      Delete
  7. අප්පේ ඇති යන්තන් ඔන්න දගලලා දගලලා හදාගත්ත යන්තන් URL එක...පොඩි එකී දස්සි...:D :D

    ReplyDelete
    Replies
    1. වැඩේ හරි! ඒත් හනෙ අප්පේ url එක වෙනස් කළාම ලෙඩ ගොඩක් තියෙනවනං ඒකත් හරිගස්සගන්න පුතෝ! නැත්තං සාකියට මහා පාපකර්මයක් කරගත්තා වගේ හිතෙයි!!!

      Delete
  8. ඔන්න සාකියෝ ඔය තමා වගකියන්න ඕනේ ලෙඩක් උනොත් ඒම...නෑ නෑ බය වෙන්ට එපා අනේ මන් ලෙඩ නැති කරගෙන යනගමන් මේ...

    ReplyDelete