ම්ම්ම්...ඔව්....අදත් වෙනද වෙලාවටම මේ කලුවර වෙච්ච ලස්සන අහසයට...ඒ තරු ඇස් ආයිමත් පායලා....ටිකක් අෑතින් උනත් මගේ හුරු පුරුදු ඇස් පාරේ මන් ඒ බැල්කනියට එබෙනවා....පුරුදු වෙලාවටම ඇවිත් තරු ඇස් මුළු නුවර දිහාම නිවීහැනහිල්ලේ බලන් ඉන්නවා...හිතුවක්කාර මගේ හිතට වගේ කිසිම කලබලයක් නෑ ඒ ඇස් වලට...කොහොම ඉන්නවද ඔහොම...කලුවර වෙච්ච මේ අහස යට විතරයි හැමදාම මන් ඒ ඇස් මගේ හිතුමනාපෙට විදගත්තේ...ඉර පායපු අහසයට ඒ ඇස් දැක්කම මගේ හිත හරි කලබලයි...ඒ ඇයි...මන් දන්නේ නෑ....
"චුටි දෝනි මොකද්ද මේ සීතලේ බැල්කනියේ ඉදන් කරන්නේ එන්න ඇතුලට.."
"එනවා අම්මා..."
අම්මගේ ආදරේ පිරුන ඒ වචන මගේ ළඟ නතරවෙද්දී මන් අායෙමත්....ඔව්....අායෙමත් බැලුව ඒ තරු ඇස් දිහා...ඒ බැල්කනියේත් එළි නිවෙන කොට හෙමින්ම මාත් ඇස් පියාගත්තා...ඉර පායන අහස යට හෙට එන්න අයිමත්...
***********************
"කාවද හැමදාම බැල්කනියේ ඉදන් හොයන්නේ.."
වචන මගේ ළඟම ඇහෙද්දී මගේ කලබල ඇස් ඒ පැත්තට හැරුනේ හරි ඉක්මනට..තරු ඇස්..ඔව්...කතා කරන්නත් පුළුවන් ඒ තරු ඇස් වලට....ඉර පායපු අහස යට...
"ඔයාගේ ලොකු ඇස් කාවද හොයන්නේ හැමදාම...මට පේනවා කළුවරේ උනත් හොදට..."
"මන්...මන් කතා කරන තරු ඇස් දෙකක් හොයනවා...හැමදාම කළුවර අහස යට...එත් ඔයා....?"
"මන් මගේ පුංචි සුරංගනාවීව හොයනවා...එයා කිසිම කලබලයක් නැතුව අහසේ තටු ගහන්නේ කළුවර උනාම විතරයි..."
"ඒ අැයි...???"
"එළිය දෙන අහස යට එයා හරි කලබලයි...ඒ වෙලාවට මන් එයාව බලන්නේ හුඟක් අෑතින්.."
"කතා කරන්නේ නැද්ද එයා එක්ක...?මන් නං මගේ තරු ඇස් එක්ක හැමවෙලේම මගේ හිතින් කතා කරනවා..."
"නෑ... මන් එයාව මුළු හිතින්ම මගේ දවස පුරාම විදිනවා...රෑට එයා තටු ගහන්නේ හෙමිට... මන් අාස උනේ එහෙම එයාව බලන්න...එත් දැන්...."
"එත් දැන්......."
"පුංචි සුරංගනාවී කලබලෙන් එලිය දෙන අහසේ තටු ගැහුවට එයාගේ කවි බිචිය හිතට ලොකු වෙනසක්..."
"වෙනසක්....."
"ඔව්...කතා නොකර මන් විඳපු සුරන්ගනාවිට වඩා කිචි බිචි ගාන සුරන්ගනාවිට දැන් මගේ හිත ආසයි..."
"ම්ම්ම්...කොහෙද ඔයාගේ සුරන්ගනාවී ඉන්නේ...?"
"එයා ඉන්නේ කළුවර අහස යට...ඈත තියන බැල්කනියක..."
ඉතින් දොඩමලු වෙච්ච තරු ඇස් ගැන මගේ හිත කලබල උනේ නෑ අායෙමත් කවදාවත්...ඒ තරු ඇස් මේ පුංචි සුරන්ගනවිගේ නිසා...

ගොඩාක් ලස්සනයි හිතුවක්කාරි
ReplyDeleteස්තූති රස්ති
Deleteකවුද අප්පා මේ හිතුවක්කාරී ? මේක ආදර කටහ්වක්ද කියලත් හිතුනා .
ReplyDeleteහිතුවක්කාරී කියන්නේ මේ ඉන්නේ මන් තමයි.හේ හේ... හිතුවක්කාරිගේ අදර කතාවනං නෙමෙයි ඕක
Deleteඅගෙයි හිතුවක්කාරියේ. පහල පෝස්ට් එකනම් ගොඩක් හිතට ඇල්ලුවා.
ReplyDeleteමෙන්න තවත් සිංඩියක්.
http://kurutugegeepawra1.blogspot.com
මේකටත් දැම්මා.
http://karakoppuwa.blogspot.com
ස්තූතියි මහේෂ්... :)
ReplyDelete