
Friday, January 8, 2016
අවසරයි එහෙනන්...
පුංචි එකෙක් ඉස් ඉස්සෙල්ලාම ඉස්කෝලෙට භාර දුන්න දවසෙ හොරෙන් බල බල පන්තියට යනවා වගේ ඔන්න හිතුවක්කාරි මේ බ්ලොග් ලෝකෙට අඩිය තිබ්බ විතරයි.බස්සි,නුවර කුමාරි,අටම්පහුර වගේ ලොකු අක්කලා අයියලගෙ බ්ලොග් කියවලා මගේ පරණ උණ උත්සන්න වෙලා ඔන්න හැදුවා මේ බ්ලොග් කොටේ....අඩව්ව බයි රස්තියාදුකාරයට ස්තූති වේවා සියලු උදව් වලට.තාම ඉතින් පොඩි එකා නිසා ලොකු අයියල අක්කලා නැන්දලා මාමාලා හිතුවක්කාරිගෙ වැරදි ඇතොත් පෙන්නලා ගලක් වුනත් මලක් වුනත් කමක්නෑ එවන්න මේ පැත්තට. ඒවගේම තමයි හිතුවක්කාරිගෙ හිතුවක්කාර අදහස් වලට කාගෙ හරි හිතක් පෑරුනොත්නන් ඉතින් සමාවෙන්න ඕන...ස්තූතයි කියලා, සමාව අරන් දැන් ඕං ඉතින් දෙයියනේ කියලා හිතුවක්කාරිගෙ හිතුවක්කාරකම් වලට අවසර....

Subscribe to:
Post Comments (Atom)
ඔන්න එහේනම් ආයුබෝ වේවා කියලා හිතුවක්කාරිව රස්තියාදුකාරයා බ්ලොග් කොටේට ආදරෙන් පිළිගන්නවා
ReplyDeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteස්තූති රස්ති හිතුවක්කාරිව පිළිගත්තට...
ReplyDelete