Tuesday, January 19, 2016

යාලුකමද....ආදරේද...

"උඹ මෙහෙම ඉදපන් හැමදාම මගේ ළඟ....."

"මං ඉන්වනෙ හැමදාම උඹේ ළඟ...නොදන්නවා නෙමෙයිනෙ උඹ..."

"හ්ම්ම්...මං උඹට ආදරෙයි..."

"මොනවා...නෑ උඹ ආදරේ මාෂිට ඒක දැං තීන්දු වෙලත් ඉවරයි...මට කලින් උඹට මාෂිව හම්බුනේ...වෙච්ච වැරැද්දට සමාව දියං...ආයි යන එකක් නෑ ඒකි...."

"ඒත් උඹ මහ අමුතු කෙල්ලෙක්...ඒකිට දැනෙනවට වඩා හොඳට,හරි ඉක්මනට උඹට මාව දැනෙනවා....ඒ තරම්ම...නෑ...නෑ...ඊටත් වඩා උඹව මට දැනෙනවා..."

"හ්ම්ම්....උඹ මගෙ යලුවා...එච්චරයි....අපි අපිව තේරුම් ගන්නවා...හැබැයි මං උඹේ වෙන්නෑ කවදාවත්...."

"උඹ මට ආදරෙයිද.......? "

"දන්නෙ නෑ...."

"උඹ ඒක හංගනවා....ඒත් උඹ හැමවෙලේම හොයන්නෙ මාව....මාෂිට කලින් උඹව හම්බුනානන් මට...... "

"ඔව් මං හොයන්නෙ උඹව...ඒ මාව හොඳටම දන්න කෙනා උඹ නිසා...පුස්තකාලෙ ළඟ ඉඳන් කොටුවට යනකන් උඹ මගේ කතා අහගෙන අව්වට කුඩෙත් ඉහළන් පාර දිගේ හිනා වෙවී යනවා....මගේ හිතේ පොඩි දුකක් හරි උඹට තේරෙනවා....උඹ කෝච්චියට යන්නෙ හැමදාම මාව බස් එකට නග්ගලා.... තව කියන්න නන් දේවල් කොච්චරක්ද.....?ඉතින් උඹ තරම් මට ළඟ තව කෙනෙක් නෑ...."

"උඹේ කඳුලු මට බලන්න බෑ....ගිරවියෙක් වගේ උඹ කියවනවා,මං ආසයි උඹේ ඉවරයක් නැති කච කචේට..."

"උඹ මට අඬන්න දුන්නෑ කවදාවත්....වැරදි හිතකින් උඹ මගෙ දිහා බැලුවෙත් නෑ...උඹ මාව බලාගන්නෙ තාත්තෙක් වගේ..."

"හ්ම්ම්...මං නන් උඹට දෙන්නෙම වද...මාෂිගෙ ඉලව්වකට සැර වතුර බීලා බීලා හැමදාම කතා කරාම මුකුත් නොකියා රෑ එළි වෙනකන් හරි උඹ මං කියන ඒවා අහන් ඉන්නවා....උඹ ඇරෙන්න මගෙ හිත හදන්න පුලුවන් එකෙක් නෑ බං...."

"හ්ම්ම්...ඒත් උඹ මට ආදරේ කරන්නෙපා...."

"ඇයි....?උඹම හිතපන්... යාලුවා කියලා උඹයි උඹේ හිත රවට්ටන් ඉන්නෙ...."

"එතකොට මේ යාලුකමද....?නැත්තන් ආදරේද... ?උඹ තව හිතලා බලපන්..."

"මං දන්නෑ....කියපන් උඹ දන්වද මේ මොකද්ද කියලා...."



11 comments:

  1. join the site බටන් එක ඇඩ් කරන්න.

    සින්ඩිකේට් වලට දාන්න. මෙන්න ලින්ක්ස්
    http://maathalangesindiya.blogspot.com/,
    http://atampahiya.blogspot.com/

    සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මන් දාන්නකො ඒවටත් :)

      Delete
  2. මාත් ආවා. කියවන්න ආය එන්නං ඈ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ආයිමත් එන්නකො මේ පැත්තෙ

      Delete
  3. සුපිරි කතාවක් ඕං

    ReplyDelete
  4. මේකට උත්තරයක් බඳිනවද කියල කල්පනා කලේ....

    යහළුවෙක් සමඟ ප්‍රේමයෙන් බැඳෙන එක වේදනාකාරියි. දැන දැනම නොදන්නා සේ ඉඳීමට සිදුවීම කටුවක් වගේ.

    මේ ලිනක්ස් පුළුවන් උනොත් බලන්න.

    සෙරෙප්පු
    කවියක්
    බිනර මලක්
    දිනපොතෙන්

    ReplyDelete
    Replies
    1. උත්තරයක් ගළපන්න....මං හුස්මක්වත් නොගෙන ඔයාගෙ මුලු බ්ලොගයම කියවලා තමයි මටත් ආයි පෑන අතට ගන්න ආස හිතුනෙ...ඒ අකුරු හිතත් එක්ක කතා කරනවා...

      Delete
  5. හැමදාමත් අහන කතා ටික කෙටියෙන් කියල තියනව වගෙ දැනුනෙ, අන්තිම ප්‍රශ්නෙට උත්තරේ හොයන ගමන් මාත් ඉන්නෙ, :) පලවෙනි වතාවට මේ පැත්තට ගොඩ උනේ, දිගටම ලියන්න! ජය!!

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට...ඔය අන්තිම ප්‍රශ්නේ තමයි මුණ දෙන්න තියන අමාරුම ප්‍රශ්නේ..හිකිස් උත්තර හොයාගන්න ඉක්මනට..පහු වෙනකොට දුක හිතෙයි නැත්තන්...ජය!

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete