Monday, January 25, 2016

~නගරයේ අම්මා~



කොළඹ අහසේ උස බිල්ඩින් වලට උඩින්
හිරු පායන්න හෝරාවකට කලින්
අම්මේ කියන පුංචි දෝණි තුරුළු කරන්
නිවසේ පුංචි යුද්දය නුඹ පටන් අරන්

සුදු දෝණිව ලෑස්ති කර ඉක්මනිනේ
තාත්තගේ බත් පත දී කඩිමුඩියේ
බිළිඳු පුතුව තුරුලට ගෙන සනසමිනේ
සාරිය ඇඟ ඔතයි නුඹ දැන් හනිහනිකේ

අට පහ ඔෆිසියේ නිරතුරු වෙහෙසෙන්නේ
දෙතනේ එරෙන කිරි බිදු දෙස බලමින්නේ
ගෙදර නිදන පොඩි පුතු ළඟ සුරතලයේ
මනසින් නිතර පැටවුන් ළඟ ලතැවෙන්නේ

රාත්‍රියේ නුඹෙ රස අහරක් නොමැති හුඟක්
බඩ පුරවන්නේ වැඩි දා චයිනිස් කෑමක්
වෙරළු පලා දං බෝවිටි නොගේනාවත්
හවසට නුඹේ බෑගයේ ඇත චොකලට් පෙත්තක්

හේනේ කුඹුරේ අව්වේ වැඩ නොකලාට
ගෙදර ඔෆිසියේ නුඹ එක දවසකට
කරන යුද්දේ දැක්කේ මන් හැමදාම
නගරේ අම්මලා හොඳ නෑ කිව්වේ ඇයි සැවොම

කාසි හොයන්නේ නුඹ ගැන නොසිතාම
තාත්තට දෙන්නට ජීවන සහය
සුදු දෝණිට පොඩි පුතු හට සුව දෙන්න
වෙහෙසෙන නුඹයි අම්මේ මතු බුදුවන්නේ


11 comments:

  1. ලස්සන කවි පෙලක් හිතුවක්කාරී..

    ReplyDelete
  2. කවියට පාදක වුණ සිදුවීම සහ හිතුවක්කාරි ඒක ලියල තියෙන විදිය ගත්තම මට හිතුණෙ කවිය තව ටිකක් පොලිෂ් වෙන්න ඕන කියල. ඇත්තටම කවිය හොදයි මං කීවෙ ඒකෙන් කියන්න අදහස් කරන දේ.. ඒත් පොඩි තකහණියක් තියේ වගේ දැනෙනව.. ඒ වගෙම කවියකින් වාර්ථාවක කියනව වගේ
    හිතුවක්කාරි තරහ ගන්ට කාරි නෑ මේම කීවට මට ඇත්තටම හිතුණ දේ තමා කීවෙ. ඊටත් අපි කවි කියෙව්වට කවි ලියනන දන්න මිනිස්සු නං නෙවී.. තේරෙන විදියකට තමා කීවෙ..

    කමෙන්ටුව අවුල් වගේ නං කියන්න ගලවල අයිං කරන්න..
    දිගටම කවි ලියන්න පුලුවන් වෙලාවට එතකොට නොදැනිම පොලිෂ් වෙයි වෙන්නත්ඕන එච්චරයි..

    ReplyDelete
    Replies
    1. මොකට තරහ ගන්නවද අනේ ඕක කිවුවට...ඇත්තටම හිතුවක්කාරී කවි පේලියක් ලියන්න ගත්ත පලවෙනි උත්සාහය.මන් හරි කම්මැලි නිසා හිතෙන දේ නිසදෙසක් වගේ ලියල දානවා මිසක් කවි පන්ති ලියල නෑ නොව.මගේ වැරදි ඇති මල්ලක් පිරෙන්න...බොහොම ස්තුති වැරදි පෙන්නලා දුන්නට.හිතුවක්කාරී නං මනාපයි වැරදි පෙන්නනවට.වැරදි හදාගෙන ඉදිරියට යන්නන් මන්..අයෙත් එන්න මේ පැත්තේ...

      Delete
    2. කොම්මේන්ටුව අයින් කරන්නේ මොකටද අනේ..මේකේ නරක වචන තියනවය.ස්තුති මේ පැත්තේ ආවට :)

      Delete
  3. බ්ලොගය අගෙයි............ අපේ සින්ඩියට දා ගන්න නොහැකි වුණාද මන්දා..... ඔන්න දැම්මා....

    http://kurutugegeepawra1.blogspot.com/

    ReplyDelete
    Replies
    1. හිතුවක්කාරියේ පොඩි අවුලක් දැනගත්තා අපි ඔබේ බ්ලොගය සින්ඩියට දාන්න යද්දි.... දැනටත් හිතුවක්කාරියෙක්ගේ බ්ලොගයක් තියෙනවා.....

      http://hithuwakkaree.blogspot.com/

      මේක 2015 පෙබරවාරි පටන් අරන් තියෙන්නේ... හැබැයි දැනට මාස තුනකින් ලියලත් නැහැ.... ඒත් ඒ නමින් බ්ලොගයක් තියෙනවා. ඔබේ තීරණයක්..... සහයෝගයක් සදහා කිව්වා විතරයි....

      අා තව රතු හිතුවක්කාරයෙකුත් ඉන්නවා. ඒකනං අවුලක් නැහැනේ. පිරිමි නමක්නේ.....

      Delete
    2. ස්තුති කුරුටු මේ පැත්තේ ආවට...අයෙත් එන්නකෝ..

      Delete
    3. අනේ දෙයියනේ මෙතුවාට වෙච්ච දේ මටත් වෙලාද...ස්තුති කුරුටු මේක දැනුම් දුන්නට.නම් මාරු කරගත්ත නං ඇගට හොදයි වගේ.අනිත් පාර්ශවය මෙහෙට බෝම්බයක් වත් ගහුවොත් එහෙම.

      Delete
  4. හිතුවක්කාරියේ.
    බ්ලොග් එකේ නම වෙනස් කරනකොට ඔයාට ගොඩක් දේ අහිමි වෙන්න(බ්ලොග් යාලුවෝ) ඔයාගේ තැන දැන් හැදීගෙන එන්නේ. ඔබ බ්ලොග් එකේ යම් තැනකට ඇවිල්ලා නම වෙනස් කරොත් ඔබට ගොඩක් ගැටලු ඇති වේවි.ඒක නිසා වෙනස් කරණ එකක් දැම්ම වෙනස් කරොත් තමයි හොද.
    වෙනස් කරොත් සියලුම සින්ඩි වලට දැනුම්දීමක් කරගෙන යන්න.
    තීරණ ඔබේ අතේ..

    ReplyDelete
  5. නම වෙනස් කලා නේ මන් "ගිම්මිගේ කොලම"...හොදි නේ...හැක...හැක...

    ReplyDelete