Monday, January 18, 2016

දවස් තුනක්...


සෙමෙස්ටරේ අන්තිමටම
විභාගෙ සැර වැඩි උනාම
උදේම good morning කියලා
දවසම කුප්පියක ඉඳන්
හවසට අර රගර් බෝලෙ
උස්සන් ප්‍රැක්ටිස් දුවල
හතට අටට රෑට කාල
බෝඩිමටම දුවන් අැවිත්
හදිස්සියෙන් කෝල් කරල
"පැටියෝ ඔයා ගෙදරද" අහලා
දවසේ විස්තරය කියන
යන්තන් අහු වුන වෙලාවේ
හිතුවක්කාරිගේ වල් පල්
රෑනක් අහගෙන හෙමීට
ආදරයෙන් කතා කරලා
බොරුවට තව සැරත් කරලා
පැය බාගයකට වැඩියෙන්
පැයකට අඩුවෙන් ඉඳලා
"තව ටික දවසයිනෙ බබෝ"
හෙමින් කියලා ආයේමත්
කුප්පියටම සෙට් වෙන මගෙ
කලබල හිතුවක්කාරයගේ
විභාග බිය දුරු වෙනකන්
බලන් ඉන්නෙ පාලුවෙන්ම
වෙනදා වගේ කියවන්නට
අත් අල්ලන් ඇවිදින්නට
මගේ පිස්සු කතා අහන්
මහා හයියෙන් හිනාවෙන්න
එහෙම්ම තව දවස් තුනක්
ඉන්න වෙනවා ආයෙමත්


3 comments:

  1. කොහොම හරි දැනෙන්න ආදරේ විඳින්න.
    ආයි නම් තැවෙන්න
    ඉඩක් නොම තියන්න

    ReplyDelete
  2. විඳිනවා ආදරය
    ආයි නම් නෑ තැවෙන්නෙ

    ReplyDelete