Wednesday, February 3, 2016

ලංගමට පෙම් කල එදා..





ලංගම කිව්වම ඉස් ඉස්සෙල්ලම මතක් වෙන්නේ අර ඩුකු ඩුකු ගගා කෑලි වැටෙන්න ඔන්න මෙන්න තියාගෙන හරිම ලතාවට එන ලස්සන(දුවිලි පිරුන) රතු පාට බස් එක.ඔය බස් වලට ඉස්කෝලේ යන කලේ පෙම් කරපු උන් කියක් කියල ඉන්නවද ඉතින්...සීසන් අරගෙන පැය ගණන් රස්තියාදු වෙලා රතු පාට ඔය බස් වල ගිහින් ගෙදරින් දෙන සල්ලි ඉතුරු කරගන්න කොච්චර නන් කටු කෑවද ඒ කලේ..(කටු කාල ඉතුරු කාගන්න සල්ලි වලින් ඉස්කෝලේ යන පොඩි එව්වෝ කරන ඒවා නන් අහන්න එපා ඉතින්)එත් හරි ලස්සන මතක ගොඩක් ඉස්කෝලේ යන කලේ එකතු කරන්න මේ රතු පාට බස් එකට පුළුවන් උනා.මේ බස් වල සීසන් අරන් ඉස්කෝලේ ගියපු උන්දැලා දන්නවා මේ බස් කොච්චර ඉක්මනට යනවද,කොච්චර සැපට යන්න පුලුවන්ද කියල.හිකිස්...

ගෙදරින් අම්මල සීසන් එක අරන් දෙන්නේ සල්ලි දීල යනවට වඩා ඇත්තටම ඉස්කෝලේ යන ලමෙක්ට ලාබදායිම දේ සීසන් එක නිසා.එත් ඉතින් සීසන් එක අතේ තියෙනවා කියල අම්මල උදේට සල්ලි නොදී ඉන්නවද කවදාවත්..නෑ නේ..එහෙම තත්වයක් ඇති වීගෙන එනකොට ටින් ගාල ඇදල දාන්න අගේ ඇති කතාවක් තියනව මේ කට්ටිය ලග.."අම්මේ සි ටි බි බස් එන්න පරක්කුයි,ඉස්කෝලේ යන්න වෙන්නේ පරක්කු වෙලා..අනික ඕව ඉස්කෝලේ ළමයි දැක්කම නවත්තන්නෙත් අඩුවෙන්..සීසන් එක තිබුනට වැඩක් නෑ.යන්න වෙන්නේ අනිත් බස් වල.."
ඔය කතාව ඇහුණාම අම්මගේ හිත උණු වෙලා සල්ලි දෙනවා.(ඔය කතාව ඒ විදියට ගිම්මිත් කියල තියනවනේ.හිකිස්) ගෙදරින් සල්ලි ඉල්ලගෙන ගියාට කීය හරි වෙනකන් ඉදල ඉස්කුල් බස් එකේම තමා යන්නේ.ගිම්මි නන් ගේ ලගින්ම නගිනවා ඉස්කුල් බස් එකට කිසි කරදරයක් නැතුව.ඕක ඉතින් ඕනම අම්ම කෙනෙක් නොදන්නා දෙයක් නෙමෙයි.එහෙමයි කියල කවදාවත් සල්ලි නොදී ඉන්නේ නෑ නේ.හැමදාම ගෙදරින් දෙන සල්ලි බැග් එකට දාගෙන සීසන් එකෙන් යන එනකොට සැහෙන්න ගානක් අපේ අතේ අන්තිමට ඉතුරු වෙනවා.ඕව වලින් ඉතින් යාළුවන්ට තෑගි අරන් දෙන්න,තව පොඩි පොඩි ගැජට් කැලි ගන්න වගේ දේවල් වලට ගෙදරට කෙදිරි ගන්නේ නැතුව වියදම ශේප් කරගන්න පුළුවන්.

හැබැයි සමහර කොන්දොස්තර මහත්වරු නන් ඉස්කෝල ළමයි එක්ක තියෙන්නේ මාර තරහක්.සමහර බස් ඇත්තටම නවත්තන්නෙත් නෑ ඉස්කෝලේ ළමෙයෙක් විතරක් ඉන්න හෝල්ට් වල.අමාරුවෙන් අකමැත්තෙන් හරි නග්ග ගත්තොත් එහෙම...අම්මේ...කියල වැඩක් නෑ එයාගේ අතින් සීසන් අරන් දුන්න වගේ උදේ පාන්දරට කපනවා කොටු දෙකම.(කපනව නෙමෙයි කුරුටු ගාලම දානවා.) ඒ වෙලාවට ඉතින් ඒ මනුස්සයගේ පරම්පරා හතකට හෙන ගහන්න කියාගෙන තමයි උදේට යන්නේ.ඔය තරහ කවදාවත් ඉවර නොවෙන තරහක්.ඉස්කෝලේ ළමයි එක්කම ඔය තරම් තරහ ගන්නේ ඉතුරු වෙන්නේ නැති රුපියලට දෙකට කියල අපි නොදන්නවා නෙමෙයිනේ.හැබැයි ඒ අතර හුගක් හොද කොන්දොස්තර මහත්වරු ඉන්නව.සීසන් කිව්වම ඉල්ලනේවත් නැතුව හිනා වෙලා යන.ඒ මිනිස්සු දන්නවා ඉස්කෝලේ ළමයින්ගේ එකම අදායම් මාර්ගේ සීසන් එක කියල.ඒ වගේ කොන්දොස්තර මහත්වරුන්ගේ පරම්පරා හතක් ගොඩ යන්න ඕනේ කියල පින් දීල තමයි බස් එකෙන් බහින්නේ.කාලයක් එකම රූට් එකේ යනකොට දැනගන්නවා මොන කොන්දොස්තරවරුද හොද,මොක්කුද මුස්පේන්තු කියල.(මුස්පේන්තු කස්ටිය ඉන්න වෙලාවට ගිම්මිගේ යාලුවෝ නන් ටිකිරි මොලේ පාවිච්චි කරලා "සීසන් එක බෑග් එකේ,බෑග් එක ඉස්සරහ"..ඔන්න ඔය වගේ ඒවා කියල සීසන් එක බේරගන්නව )ඉස්කෝලේ ළමයෙක් හුග වෙලාවට යන්නේ ගමන් වාර දෙකයි.අමතර ගමනක් වැටුනොත් ඇරෙන්න ඉස්කෝලේ ළමයි වෙන කොහෙවත් යන්නේ නෑ නේ.එත් ඉතින් අර උන්දැලා හිතන් ඉන්නේ දවසට විසි තිස් පාරක් ගමන් යනවා කියල.ඕක තමයි තියන කෙදජනකම සිද්දිය.

ඉස්කුල් බස් වල තත්වේ නන් මිට ටිකක් වෙනස්.හැබැයි ඔය ඉස්කුල් බස් වලටත් එනවා නසරානි කොන්දලයි,ඩ්රයිවර්ලයි.(අපිත් එක පාරක් එහෙම එව්වෝ දෙනෙක් ගෙදර යැව්වා.හිකිස්...එක පස්සේ කියන්නන්.නැත්තන් මේක කොහේ නවතීද දන්නේ නෑ)ඉස්කුල් බස් වල යන හුගක් කොන්දොස්තර අංකල්ලා හරි අයියල හරි ටික්කො ඉන්නව කියල ආරංචි උනොත් තමයි සීසන් මාර්ක් කරන්නේ.(අපි නන් එකත් කියල රව්ම් කරගන්නවා මිසක් කපන්න දෙන්නේ නෑ.එතකොට තව පාරක් යන්න පුළුවන්නේ.)ඉස්කෝලේ යන කලේ පොඩි සින්දුවක් කියාගෙන බස් එකට තට්ටුවක් දාගෙන යනකොට එකට සහය දෙන කොන්දොස්තර අංකල්ලා අයියලත් ඉන්නව.කැස්බෑව ඩිපෝවෙන් නන් වාරෙන් වාරෙට තමා කට්ටියව මාරු කරන්නේ.ඒ නිසා හුගක් අය ළමයින් එක්ක එකතුයි.(දැනටත් සමහර අය සල්ලි නොගෙන කතා කරලා ටිකට් එක දීල යන වෙලාවල් තියනවා)හැබැයි අමතර පන්ති යන දවසට නං හුගක් කස්ටිය අහිංසක හොර වැඩක් කරනවා.අපේ ඉස්කෝලේ ඉදන් කොහුවල පැත්තට එන්නේ ඉස්කුල් බස් 3යි.එකක් 120.අනිත් ඒවා 138,176.ඉතින් කොහුවල,නුගේගොඩ පන්ති යන කස්ටියගේ සීසන් වල මේ බස් තුනේම අංක තියනවා.ඕක ඉතින් මහා ලොකු හොර වැඩක් ද... නෑ නේ නේද අනේ...සමහර කොදොස්තර මහතයල නං මේ වැඩේ දන්නවා,ඔන්න යුද ප්‍රකාශ කරනවා..ඕවට සැලෙන්නේ නෑ ඒ කලේ සීසන් ඇත්තෝ..."අපි සීසන් ගන්නකොට කිව්වම ලියපු අන්කල් තම දාල දුන්නේ,අපි මොන කරන්නද?" කොහොමද උත්තරේ..ඕව ඉතින් හොයන්න යනවද..නෑ නේ..වැඩේ ශේප්..ලංගම පාඩු ලබන එක අහන්නත් දෙයක්ද ඉතින්.(ගිම්මි 120 ගියපු නිසා දාගන්න තිබුනේ 138,176 විතරයි..මුන් කෙල්ලොද කියල හිතනවා එහෙම නෙමේ,කොල්ලෝ ඔයිට හපන් ඒවා කරනවා.)

ඉස්කෝලේ යන ළමෙක් නන් කොහොමහරි බලන්නේ සීසන් එකෙන්ම දවස එහෙ මෙහෙ කරගන්න.ඉතින් කිය හරි වෙනකන් හෝල්ට් වල ඉදල ඔය රතු බස් එකේම යනව.කොච්චර ලස්සන,සින්දු දාල තියන වෙන බස් ඇවිත් නැවැත්තුවත් අහක බලාගෙන රතු බැස්ම හොයපු අතීතයක් ගිම්මිටත් තිබුන නිසා ලංගමට කොච්චර ඉස්කෝලේ ළමයි ආදරේ කලාද කරනවද කියලත් හොදට දන්නවා.අපි ඉස්කෝලෙන් අව්ට් වෙන්න ලං වෙන කොට ලන්ගමේ තත්වේ ගොඩක් හොද අතට හැරුන.ලන්ගමේ කිව්වට මන් දන්නේ කැස්බෑවේ ඩිපෝව ගැන.අලුත් මැනේජර් අන්කල් කෙනෙක් ආපු නිසා වෙන්න ඕනේ.(අපිත් වෙන බස් එකක් ඉල්ලගත්ත ඔය අන්කල්ට කියල..එකත් පස්සේ කියන්නන්.) දුවිල්ල අඩු, සෙටප් එහෙම තියන, ශීට් තුනේ ලස්සන බස් ගොඩක් කැස්බෑව ඩිපෝවට ආව.අලුත් කොදොස්ත්රවරු ඩ්‍රයිවර් මහත්වරු අරන් අනිත් බස් වලට කලින් සි ටි බි යන්න ගත්තම මිනිස්සු ඒවාට ඇදිල යන්න පටන් ගත්ත.දැනටත් මේ පැත්තෙනං සි ටි බි බස් ප්‍රයිවට් ඒවාට වඩා හුගක් වෙලාවට ඉක්මන්.ඉස්සර ඉදන්ම ලංගමට ආල වඩපු නිසාමද මන්ද දැනටත් සමහර වෙලාවට ඔය බස් එකක් දැක්ක ගමන් හදවත කිරි ගැහිලා අත පය සලිත වෙලා පෙරලගෙන දුවගෙන ගිහින් ඔය බස් එකට නගින මොකද්ද මන්ද මෙව්වා එකක් මට තම තියනවා අප්පා..

කව්රු කොහොම මොන දේ කිව්වත් ලංගමට වැඩිපුරම ආදරේ කරන්නේ ඉස්කෝලේ ළමයි.සීසන් තියන් ඈයෝ තමයි ඉතින්.එක කාලාන්තරයක් තිස්සේ පැවත එන වගේම ඉදිරියත් එසේම පවතින දෙයක්.හැබැයි දැන් අර මැෂින් එකට පන්ච් කරන කාර්ඩ් සිස්ටමැටික් එකක් නිසා ඉස්කෝල ළමයින්ගේ අහිංසක හොර වැඩ කරන්න වෙන්නේ නෑ කියලනන් ආරංචි උනා ළගදි.ඒ මොන කලත් හුගක් ඉස්කෝලේ ළමයින්ට සානුකම්පිතව සලකන කොන්දොස්තර මහත්තරු තාමත් ඉන්නවා.ඒ නිසාම තමයි හැමදාටම ඉස්කෝලේ ළමයි ලංගමට ආදරේ කරන්නේ.






32 comments:

  1. ලංගම බස් ගැනත් බ්ලොග් එකක් තිබුනා..

    ReplyDelete
    Replies
    1. අහ කෝ කෙහෙද මන් දැකල නැද්ද කොහෙද තාම...පොඩි ඒකිව උස්සන් යයිද දන්නෑ වංචා කොලා කියල

      Delete
    2. http://sltbbus.blogspot.com/2016/02/ashok-leyland-viking-turbo-bus-from.html

      Delete
  2. අන්තිමට සීසන් අරන් යනකොට අපේ සීසන් එකේ ගාන රුපියල් දොළහයි.. බස් එකට ගමන් වාරෙකට සත හැත්තෑපහයි.. ඊට අමතරව ගෙදරි රුපියලක් හෝ දෙකක් හම්බෙනවා ඉන්ටිබල් එකට මොනවා හරි කන්න.. ක්ලස් ගෙයේ නැති ඒ කාලේ අපිටනම් සීසන් එක ප්රිසර්ව් කර ගන්න ලොකු උවමනාවක් තිබ්බේ නෑ. ඒත් කොන්දා එක්ක ගේමට නම් සීසන් එක බෑග් එකේ බෑග් එක ලගේජ් එකේ වගේ කතාන්දර අපිත් කියෝනව.. ලංගමේ ම යන්න අනිත් හේතුව තමයි ස්කුල් බස් එක ස්ටෑන්ඩ් එකට විතරක් නෙවෙයි ඉස්කෝලේ ගාවටම යනවනේ..

    අපුරු මතක..

    ReplyDelete
    Replies
    1. අප්පොච්චියේ...මේ කලනයියා කොයි කාලෙද ඉස්කෝලේ ගියේ.?මන් අන්තිමට සීසන් ගන්නකොට එක රු.265ක්. සෑහෙන්න පොඩි එකියක්නෙ මන්..හිකිස්... අපි සීසන් පරිස්සන් කළෙම ක්ලාස් ගිහින් අයෙත් ගෙදර එන්න ඕනේ නිසාම තමයි.

      Delete
  3. දැන් ප්‍රයිවට් බස් වලට වැඩිය සී ටී බී බස් හොදයිනේ.. අපිනම් ස්කෝලේ ගියේ ප්‍රයිවට් බස් වල.

    ReplyDelete
    Replies
    1. අපොයි ප්‍රයිවට් නං මන් ගියේම නෑ.ඉස්කෝලේ පොඩි පට්ටම් කැල්ලක් හම්බවෙලා නං උදේම යනකොට සතියක් විතර ප්‍රයිවට් ගිය.හැබැයි මන් ඒ වෙලාවට යන සිටිබි එකක් හොයාගත්ත පස්සේ. :D

      Delete
  4. හ්ම්ම්ම් අපිට මේව පරණ මතක. උදේට ස්කූල් බස් වල යන්න වෙලවාට නැගිටින්න වෙනවනෙ. ඉතින් හවස විතරයි ස්කූල් බස් වල. මම ගියේ මහරගමට යන බස් එකේ නුගේගොඩින් බහින්න. අපි පාසැලේ ළමයි විතරක් ගියාට නුගේගොඩට ඉස්සෙල්ල හෝල්ට් එකෙන් අනුලා එකේ ළමයිව ගන්නත්, ඒ ගැණු ළමයි රොත්තම කොල්ලො විතරක් ඉන්න ඒ බස් එකටට නගින්නත් බොහොම උනන්දුවක් තිබ්බා.

    ReplyDelete
    Replies
    1. හිකිස් ඒ ගැණු ළමයි නගිනකොට ඉතින් ඕගලනුත් ඉඩ දෙනවනේ...අපි පිරිමි ළමයි ඉන්න බස් එකක යන්නේ හුගක් වෙලාවට බස් එක කැඩුනොත් හරි,අවේ නැත්තන් හරි.අපේ ඉස්කෝලේ පැත්තට යන ගැණු ළමයින්ගේ බස් තිබුනේ නෑ.ඔක්කම මගින් නවතින ඒවා තිබුනේ.

      Delete
    2. එහෙමම නෙමෙයි. අපි එන්නේ ලේඩීස් කොලේජ්, විසාකා එහෙම පහුකරලා. ඒ ගොල්ලොන්ට නගින්න දෙන්නෙ නෑ. පිරිමි ඉස්කෝලවල අයට දෙන්නෙත් නැහැ. මොකක් හරි හේතුවක් නිසා අනුලා ලමයිට විතරයි ඉඩ දෙන්නේ. මම මේ කියන්නේ ශත වර්ශ ගාණකට පෙර වුන විදිහ හැක්

      Delete
    3. හැක හැක අන්න දැක්කනේ එකෙත් මොකක් හරි මෙව්වා එකක් තිබිල තියනවා.අපේ බස් එකට නං ඉන්න සියලු ගැණු ළමයි බස් නැත්තන් පටවනවා.ඕව ඔක්කම පහු කරන් යන්න එපැයි අපේ ඉස්කුලෙට.

      Delete
  5. ඔව්නේ මාත් ඔය කැස්බෑව ඩිපොවේ CTB වල ගාටපු එකෙක් තමා ඉතිං මොනවා වුනත් කැස්බැවේ ඩිපොවේ කොන්දස්තරවරු අනිත් ඩිපො වලට සාපේක්ෂව හොදයි වෙලාවකට සිසන් තියා ටිකටවත් ගන්නේ නැ,

    ReplyDelete
    Replies
    1. අන්න හරි රස්ති එකනේ..නියම කොන්දොස්තර අයියල අංකල්ලා ටිකක් ඉන්නව..තාමත් ටිකට් නොගෙන යන වෙලාවල් තියනවා.

      Delete
  6. හොද ලිපියක්, වයසක අපි ගැන හිතල අකුරු පොඩ්ඩක් ලොකු කරනවද, නැත්නම් බැක්ග්‍රඋන්ඩ් එකේ පාට වෙනස් කරන්ඩ.
    http://sinhalabloggala.blogspot.com

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට..හේ හේ මන් හදාගන්නන් ඉක්මනටම ඒක

      Delete
  7. http://sltbbus.blogspot.com

    මෙන්න ගිම්මියෝ ලංගම ගැන තියෙන බ්ලොගය ගිහින් බලන්න....... මොනවා වුණත් සුපිරියට ලියලා තියෙනවා...ජය

    ReplyDelete
    Replies
    1. ස්තුති කුරුටු...යන්ට ඕනේ ඒ පැත්තට ඔලුව දාලා එන්න..

      Delete
  8. මේක කියවං එද්දි දානවයි කියල හිතාගත්ත කමෙන්ටුව මං පෝස්ට් එකක් බවට කන්වර්ට් කරනන්න කම්පනා කොලේ.කෙම්මැලිද මංද.. හිහි

    අපිට නං කවදාවත් කඩසෝරු කන්න වත් සල්ලි හම්බුන් නෑ ඒවට වෙනම ටැක්ටික් දැම්මෙ.
    අපි ගියෙ කහ කුරුල්ලන්නෙ හිහි. ගිම්මිය ගොහිං තියේය.
    ඒ දවස් වල සීසන් එක විසි ගාණක් මට මතක විදියට.. හරියටම මතක නෑනෙ හිටාකෙම්පනා කොරල බලල පෝස්ට් එකක්ම දාන්නං

    ReplyDelete
    Replies
    1. කහකුරුල්ල තිබ්බේ කොයි කාලෙද අනේ..මන් කිරිසප්පය කාලෙද දන්නේ නෑ..හිකි හිකි
      ලියන්න අනේ කම්මැලි නැතුව..?//කම්මැලි වෙලා කොහොමද ලෝකය ජය ගන්නේ..//හිකිස්

      Delete
  9. ethakota gimmi school bus eke yana kaale endhalamada horawada karanna purudu une. :)

    (hondha sihiganweemak,)

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතින් බලන්නකෝ මේ අහින්සකිව හෙරක් කලානේ..ඕව අහිංසක හොර වැඩ අනේ..පව් පිරෙන්නේ නැලුනේ එව්වට.හිකිස්.

      Delete
  10. අපිටත් තිබුනා අපිම කියලා දාගත්තු ස්කූල් බස් එකක් අපේ රූට් එකට.(ඒ කාලේ ලංගමේ වැඩකරපු අපේ එකෙක්ගේ තාත්තා කෙනෙක් දාලා දුන්නේ ).මට කවදාවත් සීසන් එකක් තිබුනේ නෑ.අනිත් එවුන් ආඩම්බරෙන් සීසන් එක පෙන්නනකොට මටත් හෙන අමාරුවක් තිබුනා එකක් ගන්න.ඒත් මම යන හැම දවසෙම මාලබේ බස් හෝල්ට් එකේ සීසන් දෙන තැන වහලා.අපි සල්ලි එකතුකරලා බස් එකට රේඩියෝ එකකුත් හයිකලා.අවුරුද්දේ අන්තිමට කොන්දොස්තර අයියටයි ඩ්‍රැයිවර් මාමටයි තෑගිත් අරන්දෙනවා.උන් දෙන්න එක්ක ෆිට් හින්දම හැමෝම ටිකටුත් ගන්නවා.හොරෙන් ගියේ නෑ.ඒත් කොන්දොස්තර අයියා නැති දවසට පන්ඩිත වාහේ කෙනෙක් එනවා.ඌත් එක්ක තියන තරහවට එදාට එකෙක්වත් ටිකට් ගන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. බැලුවම ඔක්කොම ලන්ගමේ ඉස්කුලේ ගිය කස්ටියනේ.අපිත් අව්රුද්දෙ අන්තිමට තෑගි දුන්න ඒ දෙන්නට.සීසන් නැත්තන් ටිකට් නං ගත්ත.සීසන් තිබ්බොත් තම චන්ඩි වගේ හොර වැඩ කලේ අපි.හිකිස්....

      Delete
  11. මටත් ඔය වගේ සීසන් එකෙන් ඉස්කෝලෙ ගිය කාලයක් තිබුන නොවැ.
    ඒ කාලෙනම් කියල වැඩක් නෑ අප්පා. ගෙම්බි. නැ නැ මේ ගිම්මි අපිත් සමහර දවසට තුන්පාරක් විතර සීසන් එකෙන් ගිහින් තියෙයි.

    ReplyDelete
    Replies
    1. අන්න එකනේ...ඔක්කොම එකයි.අයියල හොර වැඩ කරලා තියෙන එකේ නංගිලා කලාම මොකෝ..හිකිස්..

      Delete
  12. සීසන් කිව්වම මතක් උනේ. ලියන්න නම් කෝච්චි සීසන් කතා තියනවා මහ ගොඩක්.

    ගිම්මි අක්කලෑ ස්කූල් බස් එක ගැන මාත් හොඳට දන්නවා. හරියට නිකන් මාත් 120 ස්කූල් බස් එකේ ගියා වගේ. මොකද මගෙ ගජයො ගොඩක් ආවෙ ඕකෙනෙ. :D

    ඉක්මන්ට අර පට්ටම් පොත සයින් කරලා දුවන්න හදපුවා මතක් වෙද්දි ආයෙ ඉස්කෝලෙ යන්න ආස හිතෙනවා.නේද අක්කෙ :-/

    ReplyDelete
  13. සීසන් කිව්වම මතක් උනේ. ලියන්න නම් කෝච්චි සීසන් කතා තියනවා මහ ගොඩක්.

    ගිම්මි අක්කලෑ ස්කූල් බස් එක ගැන මාත් හොඳට දන්නවා. හරියට නිකන් මාත් 120 ස්කූල් බස් එකේ ගියා වගේ. මොකද මගෙ ගජයො ගොඩක් ආවෙ ඕකෙනෙ. :D

    ඉක්මන්ට අර පට්ටම් පොත සයින් කරලා දුවන්න හදපුවා මතක් වෙද්දි ආයෙ ඉස්කෝලෙ යන්න ආස හිතෙනවා.නේද අක්කෙ :-/

    ReplyDelete
    Replies
    1. ඒ ගැන නං කියල වැඩක් නෑ නංගී.මතක් වෙත්දීත් දුකයි.:(පට්ටම් පොත පුලුවන් නං කට්ටිය උදේම හවස එකත් සයින් කරලා යයි.ඒ තරම් කට්ටියට කලබලේ නේ.හැබැයි එලෙව්වත් අපි ඉස්කෝලෙට වෙලා හිටපු දවස් තිබුන මතකනේ හිකිස්..

      අප්පේ..ඔව් ආව ආව ඔයාගේ මිතරියෝ ටිකත්...ඔකේ අපි ඉතින් වෙන් කල ආසන වගේ හිටියෙම අන්තිම ශීට් එකේනේ.

      Delete
  14. මේ බ්ලොගේ පට්ටයි නෙ!!

    හිහී! මටත් මතකයි ඉස්සර බස් එකේ එන යාලුවො එක්ක ක්ලාස් යද්දි උන් මලාට නගින්නෙ නෑ ප්‍රයිවෙට් බස්වල කොච්චර ඉඩ තිබ්බත්. අපි ඉතින් බැන බැන ඉඳලා, සේප් කොන්දෙක් හිටියොත් අපිත් සීසන් වගේ රඟපාලා බස්ගාස්තුව යටිමඩි ගහගන්නව.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති බස්සියෝ මේ පැත්තේ ආවට...:)

      හැක හැක ඕවගේ මිතරියෝ අපිටත් හිටිය අප්පා..කොන්ද ඉල්ලලාම හිටියොත් අපේ සීසන් ශේප් එකේ පෙන්නපු වෙල්වලුත් තිබ්බ..

      Delete
  15. ඇඬෙන පෝස්ට් එකක්.මටත් මගෙ අතීතය,වර්තමානය සහ අනාගතය සිහි උනා..මගෙත් ඔය හොර වැඩක් මේ.

    මටත් දවසකට බස් ගාස්තු යනවා 252ක්...මාසෙට යනවා 5000ක් විතර...සීසන් එක 520යි...මන් කොහොමත් ගියෙ සීටීබී වල නිසා කොන්දො මාත් එක්ක ෆිට්....ඉතින් මාත් ගෙදරට හොරෙන් සීසන් එක ගත්තා...අරන් මාසයක්ම සල්ලි ඇද්දා...මාසෙ අන්තිමේ ශුද්ධ ලාබය 4500යි...හික්ස්..
    කොහොමහරි ඊලඟ මාසෙ දවස් 5ක් විතර යද්දි අම්මට සැක හිතුනා...හදිසි වැටලීමකදී බඩු මාට්ටු...සල්ලිත් 2000ක් විතර අහු උනා.😌😌
    අම්මට සැක හිතිලා තියෙන්නෙ මගෙ සාක්කුවෙ බස් ටිකට් තිබ්බෙ නැති හින්දා.මොකද අම්මනෙ රෙදි හෝදන්නෙ(එදා තමයි තමන්ගේ රෙදි තමන්ම හේදීමෙ අගය වැටහුනේ)
    පස්සෙ කොහොමරි ඔය සල්ලිවලට තව මගෙන් සල්ලි ටිකක් දාලා ගත්තා ෆෝන් එකක්....හැබයි තාම සීසන් එකෙන් ඉස්කෝලෙ යන්නෙ..ඒත් ලාබයක් නෑ 😌😌

    බස් වල කොන්දෝ ගැන කියනවනම් යක්කු වගේම දෙවියොත් හම්බුනා...ඈතදිම හෙඩ්ලයිට් ගහලා මාව නග්ග ගත්ත බස්, දවල් ආපහු එද්දි කන්න නැවැත්තුවම මාවත් ඇදගෙන ගිහින් ඩ්‍රයිවර්ලා කන තැනින්ම කන්න දුන්න අයත් හිටියා...
    ඒ වගේම සීසන් නිසා කිලෝමීටර් හැත්තෑවක්ම හිටගෙන යන්න කියපු කොන්දො, බහින්න ඕනෙ තැනින් කිලෝමීටරයක් විතර ඇදගෙන් ගිහින් බස්සපු උනුත් හිටියා

    (බස් ගාස්තු මෙච්චර වැඩි අධික දුරක් ගමන් කරන නිසා බව කරුනාවෙන් සලකන්න)

    ReplyDelete