Monday, February 1, 2016

යශෝදරාවක් වී කුමට



නුඹේ සුවද රැදී
මගේ හද කුටිය
අතැර අබිනික්මන්
කලෙන් නුඹ
තනිව වෙනතක
යලි නොඑන්නට
ලොවට හොරැහින්
ඉකි බිදින නෙතු
වසාගෙන තව
බෝ කලක් මන්
යශෝදරාවක් වී
කුමට දැන්
නොවුණු කල
නුඹ සිදුහතුන්...



47 comments:

  1. ඒකනේ කියන්නේ. යන එකාට යන්න දීල, හද කුටියට සෙන්ට් ටිකක් ඉස්සනම් වැඩේ ඉවරයි.

    ReplyDelete
  2. හිකිස්...අඩේ...ඇත්තනේ.. ඔයා කියනකන් මට සෙන්ට් මතක් උනේම නෑ නේ.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. හිටපු ගමන් සිහි කල්පනාව නැතුව යනවා අප්පා...සමාව බජනෙට හොදෙයි...

      Delete
    3. සමාව බාජෙනෙට හොදයි. අරුත් දෙකක්...

      Delete
    4. ඉයන්...
      අයියූ...එක මගේ හිතුවක්කාර කම නෙමෙයි සිහිකල්පනාවේ තරම තමයි...ඔන්න මන් වැරදි ඔක්කම හැදුව....:)

      Delete
    5. පහල ඔයාගේ කොමෙන්ටුවත් මැකුනනේ ඉයන්...


      Delete
    6. This comment has been removed by the author.

      Delete
    7. ඇයි මේ තරහ ගිහින්???? මන් අයෙත් ඒම කරන්නේ නෑ නෑ නෑමයි.

      Delete
    8. This comment has been removed by a blog administrator.

      Delete
    9. හේ..හේ..තරහ ගියේ නැත්තන් එච්චරයි.හරි මන් ඔයා කියන නිසාම අයින් කරනන්.හැබැයි මේක තියෙනවට මගේ අකමැත්තක් නැ.
      දැන් නං හැම වෙලාවේම මතක් වෙනවා කොමෙන්ට් කොටද්දී..ස්තුති..

      Delete
  3. Happy to see you sis! :) good luck with your Blogging Stuff :D

    ReplyDelete
  4. හිතන්න යොමු කරන කවක් ගිම්මි ලස්සනයි

    ReplyDelete
  5. කෙටි උනාට ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ස්තුති මහේෂ්..කෙටි ඉතින් කම්මැලිකමට අනේ.. :)

      Delete
    2. හි හි හි කාටවත් කියනවා එහෙම නෙමෙයි මන් කම්මැලි කියල...ඒක රහසක්... :D

      Delete
  6. ලස්සනයි ගිම්මි නිර්මාණය......

    ගිම්මි නමේ වෙනස බලපෑමක් වෙලා නැහැ නේද?????? සතුටුයි... ජයවේවා

    ReplyDelete
    Replies
    1. ස්තුති කුරුටු...
      දැනට නං බලපෑමක් නෑ කුරුටු....හිතුවක්කාරිට වඩා ගිම්මි හොදයිද මන්ද... :D

      Delete
  7. වුණෙම් නම් සිදුහතුන්
    නික්මන් කර බොහෝ කල් නොවෙද
    රාහුලයෙකුද දී තනියට..

    හදාගන්නට හිත
    නුඹට කල් ඇති නොවෙද..

    අපූරු කවියක් ගිම්මි.
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ස්තුති :)
      ඔයාගේ පද පෙලියත් මරු

      Delete
    2. හිටපන් මමත් ලියනවා කවියක් ...

      මම
      සිදුහත් නොවෙමි
      නුබට
      යශොදරා කවි
      ගයන්නට,
      සද කිදුරා නොවෙමි
      කදුලින් හඩන්නට....
      වෙසතුරු නොවෙමි
      නුබ දනට දෙන්නට...
      මම මමම වෙමි
      නුබට ආදරය කල......

      (බුකියෙන් ඉස්සුවේ හොඳේ ...https://www.facebook.com/MageKaviPotha/posts/591935534159163)

      Delete
    3. කොහෙන් උස්සල දැම්මත් ඇත්ත කතාව සින්දුවෝ...

      Delete
  8. සිදුහත්ම උනා කියහන්කෝ.. ඒත් යන්න දීල බලන් ඉන්න පුලුවන්ද එහෙම?

    ReplyDelete
    Replies
    1. යන එකා ගියපුදෙන් අප්පා..හොයාගන්නවා වෙන එකෙක්ව..හිකිස්..

      Delete
    2. කමියෝ ඕක තමයි කියන්නේ ගෑනු ජාතිය එපා කරපු ජාතිය කියලා. අපි බලාන උන්නට ඒ ගොල්ලෝ එහෙම නෑ..

      ගිම්මි. ඒකාත් ගියොත් හොයගන්නවද තව එකෙක්..

      Delete
    3. නෑ දැන් හිතල බලන්නකෝ අප්පා...අපිව ඕනේ නැති කෙනෙක්නෙ අපිව දාල යන්නේ...අපිත් එක්ක සතුටින් ඉන්න බැරි නිසානේ...ඉතින් යනවනං ගියපු දෙන් අනේ..ආයෙත් එන්නෙත් නැති කෙනෙක්ව අපි අපේ හිතෙන් යන්න දෙන්නෙත් නැතුව නිකන් දොරකොඩ තියන් ඉන්න එක හරියනවද...එතකොට එන්න ඉන්න වෙන එකෙක්ටවත් එන්න වෙන්නේත්නෑ නේ..අනික එන එකාව අපිට පේන්නෙත් නෑ නේ..
      අහ් බොරුද මහියෝ මන් කියන්නේ...

      Delete
    4. හම්මේ.. මුන්දලව කොහොම තේරුම් ගන්නද මංදා.. මදැයි අවුරුදු දොළහක් තිස්සේ පවුල් කනවා..

      Delete
    5. හිකිස්...හැබැයි කමියෝ පිරිමින්ට මොන හරි තේරුම් කරනවට වඩා ගැණු උදවියව තේරුම් ගන්න එක ලේසිද මන්ද...හැක හැක

      (හොද වෙලාවට කොලුවා මේ පැත්තේ වැඩිය එන්නේ නැත්තේ...වසලත් හමාරයි නැත්තන් හිකිස්..)

      Delete
    6. ඔව්නේ ගෑනු උදවියට තේරුම් කරනවට වැඩිය හොදයි නුවරින්...
      ශික් මට මතක නෑනේ...

      Delete
    7. නෑ නෑ පිරිමින්ට යමක් තේරුම් කරනවට වඩා ලේසි නුවර වාරයක් හදල නැව් ගේනව..හිකිස්...

      Delete
    8. "අස්ථිර වූ
      ස්ත්‍රී චින්තනය තුල
      ස්ථිර ප්‍රේමයක් ඇති කල හැකිනම්
      පුත්තලමේ ද ගෝවා වගා කල හැක" මේවා මේ කට කහනවාට කියව්වැයි ...හැක්

      Delete
    9. ඔන්න හැප්පිලා බල්ලනකෝ සින්දුත් එක්ක. හැක්...

      Delete
    10. හැක..පිරිමි චින්තනය තුලද ස්ථිර ප්‍රේමයක් ඇත්තව්න් හමුවන්නේ පුතලමේ හිටවූ ගෝවා හමුවන්නා සේය...

      (අලුත් එකක් ඇහ....හිකි හිකි හිකි)

      ඔන්න මන් උත්තර දුන්න හොදෙයි මහියෝ.

      Delete
    11. ඔන්න ගිම්මියෝ ඔයාට ගැලපෙන තැනක් හම්බු උනා ගිහිල්ලා බලන්න
      http://katusuhadadawatha.blogspot.com

      Delete
    12. මට ගැලපෙන තැනක්...??ඉන්ටකෝ ගිහින් බලල එන්ට

      Delete
    13. කටුසු බනිද මන්ද ඔන්න මන් උත්තරත් ලිව්වා...හිකිස්..

      Delete
  9. hithuwakkaari wenas wuna nisai man aawe gembige na naha gimmi ge blog ekata. :)

    ReplyDelete
    Replies
    1. ඇයි අනේ ඔයා හිතුවක්කාරී එක්ක අමනාපයිද...?මොනා උනත් ගිම්මිට මනාප නං ඉතින් එච්චරයි...

      Delete
  10. එපා යළි හමුවන්න ජීවිතේ ගමන් මග
    ඔබෙන් මට උරුම වූ වේදනා කඳුළු ගඟ
    හිරු සිනාසෙන ලොවක පැතුම් මල් දෙවැට ළඟ
    ඔබේ ජීවන සුවඳ අරන් ඈතට යන්න
    සංසාර ගමන් මග සෙනෙහස සොයා දිනක
    ආ ගමන නිමා කළ ඔබේ හදවත ගාව
    සෙනෙහසේ අවසාන කඳුළු බිඳුවක පහස
    ගලා යයි අතීතේ මියඇදුණු සොහොන ළඟ
    ඔබ මවෙත තිළිණ කල ඔබේ බැතිබර සුවඳ
    මගේ මතකය වසා සදාකල් රැඳෙනු ඇත
    සංසාරයේ යළිඳු නවාතැන් සොයා යන
    මගේ මළගමදාට ඇවිත් යන්නට එන්න

    ගී පද - ඩිෂාන් නානායක්කාර
    ගී තනුව - කරුණාරත්න විජේවර්ධන
    ගායනය - සුනිල් එදිරිසිංහ

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට...

      ලස්සන සින්දුවක් මන් ආස කරන...
      //ඔබ මවෙත තිළිණ කල ඔබේ බැතිබර සුවඳ
      මගේ මතකය වසා සදාකල් රැඳෙනු ඇත//

      Delete
  11. මටත් හෙනහුරා පාත් වුණා.

    ReplyDelete
    Replies
    1. මම අදුර ගොයියෙක් මේ පැත්තේ කරක් ගහනවා. නෙව මිනිහාගේ කතාවක් මගේ බොගේ ලිව්වා. අහු ඔනොත් ගමෙත් වසල හමාරයි. දැම්ම මෝචරියට යන්න අදහසක් නෑ..

      Delete
    2. එහෙනං හොම්බ කට සමතලා කරගන්න කලින් ඕක මාරු කරපු එක හොදයි.නැත්තන් හෙනහුරා විතරක් නෙමේ ඉතුරු අටත් ඔයාගේ ඔළුවට පත් වෙයි හිකි හිකි හිකි.

      Delete