Saturday, July 30, 2016

කොක්ක

මම
උඹේ
බත් කොක්ක
නෝට් කොක්ක
විතරක් වෙද්දි
උඹ
මගේ
සිරා කොක්ක
වුනේ කොහොමද
බන්..
මන් තාම
හන්තාන ළඟ
උඹ එනකන්....

Saturday, May 7, 2016

කදුළු මැද දුටු හසරැල්ල







ජිවිතේ සුන්දර දවස් කීපයක් අවසාන වෙලා...ඒත් ඒ ගෙවුණු දවස් කීපය ඇතුලේ ජීවිතේට ලැබුණු,ඉගෙන ගත්ත දේවල් බොහොමයි.ඒ දවස් කීපය ඇතුලේ අපි ඉගෙන ගත්තේ ජීවිතේට ඕන දේවල්..ජිවිතේ පොත පතෙන් වගේම මනුස්සකමින් පුරවන්නේ කොහොමද කියල..නවක වදය...මේ දවස් වල කතා බහ වෙන ලොකු තේමාවක්.හුගක් අය හිතන්නේ නවක වදය කියන්නේ දරුණු අපරාදයක් කියල.ඉතිහාසයේ සමහර තැන් වල දරුණු තැන් නොතිබුනාමත් නෙමෙයි,ඒත් නවක වදය ඇතුලේ හැංගිලා තියෙන්නේ අපි අපේ ජිවිත වල අමතක උනු,නැත්තන් බලෙන් අමතක කරලා දාපු හොද දේවල් ආයෙමත් අපේ අතට දෙන එක...මීට දවසකට කලින් බකට් වෙලා එලියට ආපු යන්තන් සරසවි ජීවිතය දිහා ඔලුව උස්සල බලපු පුංචිම පුංචි එකියක් විදියට අද මට අඩන්න,හිනා වෙන්න,කෑගහන්න  මගේම කියන සහෝදර සහෝදරියෝ රෑනක් ඉන්නවා..මේ කියන නවක වදය නොතිබෙන්න අපි තාමත් මේ තරම් එකතු නොවෙන්න තිබුන.ගෙදර ගිහින් එන කොට ගෙන කැවිලි ජාති, කෑම ජාති ඔක්කොම එකට අත දාගෙන කනකොට මේ විදින සතුට අපිට නැති වෙන්න තිබුනා.

හැමෝම කෑගහන,එපා කියන නවක වදය ඇතුලේ අපිව වෙනස් කරන්නේ මුලින්ම ඇදුමෙන්,..දිග සාය,අත් තියන බ්ලවුස් එක,කළු පාට එක වගේ බාටා,කොන්ඩේ ගොතල එන්න කියනකොට පන්සලකට විතරක් දිග සයක් ඇදපු,ඉස්කෝලේ යන කාලේවත් කොන්ඩේ ගොතල අගිස්ස නවපු නැති මට මුලින්ම මේක කරදරයක් උනත් දවස දෙක ගෙවෙනකොට අපිට අපේ ඇදුම ගැන ගානක්වත් නැතුව ගියා.අගනුවර ප්‍රසිද්ද කියන පාසල් වලට ගිය අපිත්,ඈත ගම වලින් ආපු අපේම සහෝදරියොත් එකම විදියට ඇදල,එකම දේශන ශාලාවක වාඩි වෙලා හිටිය...කොල්ලොද කෙල්ලොද කියල බේදයක් නැතුව දාපු එකම වගේ බාටා මොනම හරි දෙකට ගැලෙවුවත් ආයෙත් දානකොට කකුලට ගැලපෙන දෙකක් දාගත්ත මිසක් එක මගේද වෙන කාගේවත් ද බැලුවේ නෑ...
එකම බත් එකක් වට වෙලා කනකොට,කවගන්නකොට එකෙක්ට හිර උනොත් වතුර බෝතල් දෙක තුනක් අරන් වටේට ඉන්න,කාගන්න බැරි අය ලගට ගිහින් එකෙන් තව කටක් හරි කන්න සහෝදරකම අපි ඉගෙන ගත්ත.අසනීපයක් වෙලා වැටෙද්දී ඒ වටේ පොකුරක් වගේ එකතු වෙන්න වගේම ඒක හැමෝගෙම හිත් වලට දුකක් ගෙනාව..ආයෙත් අසනීප උනු කෙනා හොද වෙලා එනකන් මග බලන් හිටිය...මීට කලින් දැකල නැති අදුරන්නේ නැති පිරිසකගේ නම්,ගම විස්තර පාඩම් කරන්න,කොළ ගණන් ලියන්න අපිට වෙන කොට,ඒ දවස් වල නං අපි හිතින් බැනපු වාර අනන්තයි.ඒත් අද අපිට සතුටුයි අපේ කෙනෙක්ගේ කරදරයක්,ප්‍රශ්නයක් වෙලාවට අපිට එයාට උදවු කරන්න,සම්බන්ද කරගන්න දගලන්න ඕනේ නෑ,අපි ඒ විස්තර දැන් හොදටම දන්නවා.අපේ පාටමාල ඉතිහාසය,වෙනස්වීම් කට පාඩම් කරගෙන,ආයෙත් අහනකොට බයට කියාගන්න බැරි වෙන කොට හිතින් අඩපු,බැනපු වාර බොහොමයි,ඒත් අද අපිට ඕන කෙනෙක් ඕන තැනක ඇහුවොත් අපිට බය නැතුව ඒ දේවල් කියන්න පුළුවන්කම ලැබුනේ ඒ නිසා.ලස්සනට ඇදල,හොද හොද තැන් වල ගත්ත සෙල්ෆියට වඩා,අපි බකට් එකෙන් පස්සේ ගත්ත සෙල්ෆියේ කියන්න,මතක් කරන්න,හිනා වෙන්න,අඩන්න ලොකු කතාවක් අපිට ඉතුරු කරන්න පිට සමාජයක් එපා කියන නවක වදයට පුළුවන් උන.

නවක වදය දෙන්නේ ජෙෂ්ට සහෝදර සහෝදරියෝ කියන ඒක ඕනෑම කෙනෙක් දන්නා,ඕනෑම තැනක වෙන දෙයක්.ඒත් කවදාවත් ඒ හිත් වල අපි ගැන පුංචි තරහක්වත් නෑ කියන එක අද අපි දන්නවා.සමහර තැන් වල ඉන්න පුළුවන් ඉරිසියාවට කුහකකමට ළමයින්ගෙන් පලි ගන්න අය,ඒත් අපේ වාසනාවකට ද මන්ද අපි ඒ දවස් වල කොච්චර බැන්නත්,බනින්න බැරි වෙලාවට අහක බලාගෙන එරෙව්වත් අපේ ජෙෂ්ට සහෝදර සහෝදරියෝ අපේ එක පිරිමි ළමයෙකුට වත් අත උස්සල නෑ..එක ගැන අපේ හිතේ ලොකු ගෞරවයක් ඒ අය වෙනුවෙන් ඉතුරු වෙලා තියනවා...ඒ දවස් වල හිනා නොවී,හිආව තද කරගෙන බලාගෙන හිටපු අපි බකට් එකෙන් පස්සේ එක පොදියට නටද්දී,කෑගහද්දී ,සින්දු කියද්දී ඒ දිහා බලන් හිටපු ජෙෂ්ට සහෝදර සහෝදරියන්ගේ මුනෙන් අපිට තිබුන ආදරේ වගේම,ඒ හිත් වල සතුට අපි දැක්ක.ගෙවුණු දවස් වල හිතේ තරහට බයට අපේ ඇස් වලින් කදුළු එද්දී අපි එදා සතුටට ඇඩුවා...ඒ විදියට අපේ ඇස් වලට කදුළු පුරවන්න,ලගට ඇවිත් අතට අත දීල කතා කරන්න අපේ ජෙෂ්ට සහෝදරයන් ලග මනුස්සකම ඕනෑවටත් වඩා තිබුන.ඇත්තටම ජෙෂ්ටයන්ගෙන් වෙන්න ඕනේ එක..නවක වදය ඉවර උනාට පස්සෙත් අපි වෛර කරන ජෙෂ්ටයෝ ඉදල වැඩක් නෑ...එහෙම අය ඉන්නවනං ඒක ඒ කෙනාගේ හැසිරීම මත වෙච්ච දෙයක් මිසක් නවක වදය කියන දේ නිසා වෙච්ච දෙයක් නං නෙමෙයි.මන් ආයෙත් කියනවා ඒ අතින් අපි හුගක් වාසනාවන්තයි..මොකද අපේ ජෙෂ්ට සහෝදර සහෝදරියෝ අතර එහෙම අය හිටියේ නෑ..

බාහිර ලෝකයට නොපෙනුනාට මේකේ තියන සුන්දරත්වය විදින්න ඊලග වසරේත් අපේම නංගිලා මල්ලිලා රෑනක් එනවා..ඉතින් මේ මතක ඒගොල්න්ට විදින්නටම ඉඩ දෙන්න ඕන නිසාම මෙතනින් මේක අවසන් කරමි.මේ තරම් කාලයක් පාසලෙන් විතරක් එකතු කරගත්ත මතක විතරක් තිබුන මට මේ අලුත් සහෝදර සහෝදරියෝ රෑනක් එක්ක සුන්දර මතක එකතු වේවි...නවක වදය කියන දේ  මේ දවස් වල වැඩිපුරම කතා කරන නිසාම එකෙන් ඊයේ පෙරේද එලියට පය තිබ්බ පුංචිම පුංචි එකියක් විදියට උනත් මන් කියන්නේ නවක වදය කියන්නේ මිනි මරණ අපරාද කරන තැනක් වත් දෙයක් වත් නෙමෙයි...මනුස්සකම වගේම අපේ ජිවිතේ මග ඇරුණු හුගක් තැන් ආයෙමත් අපිට අපේ අතට ගන්න පුළුවන් උනු දෙයක්..පිට සමාජය මොනා කිවුවත් ඒක විදපු කෙනා ඒ රසය මතක් කරලා විදිනවා..එකයි ඇත්ත..




ප.ලි. - මීට මාසෙකට විතර කලින් පොස්ටුවක් දම බ්ලොග් අවකාසෙන් අතුරුදන් උනු ගෙම්බි..අහ..නෑ නෑ ගිම්මි ගේ නැවත පැමිණීම මෙසේ සටහන් කරමි...(කවුද බන් මේ ගෙම්බි මතක නෑ නේ..) අහ මතක නැද්ද..එහෙනං ඔන්න ඔහේ අලුත් එකියක් කියල හිතාගන්න අලෙ...පිස්සුද...මන් තරහ වෙන්නේ නෑ...හැක හැක



Saturday, April 9, 2016

අනේ ඇත්තට මුන් කෙල්ලොද..






කාලෙකට කලින් අපේ ඉස්කුල් බස් එක ගැන එක පොස්ටුවක් දාල තිබ්බ මන් මෙන්න මෙතන ලංගමට පෙම් කල එදා.....ඕකට පස්සේ මන් තව ඒවා දානවා කිව්වත් දාන්න බැරි උනානේ...ඔන්න අද තමා යාන්තන් එකට හිත හදාගත්තේ...මන් මේ කියන උත්කර්ෂවත් අවස්ථාවේදීත් අපේ ඉස්කෝලෙයි,අපේ යාලු බාලිකා ඉස්කෝලෙයි එකටමයි ගියේ...අනේ ඉතින් අපරාදේ කියන්න බෑ හොද වැඩකට පස්ස ගැහුවත් මොකක් හරි නසරානි වැඩක් කරන්න ගියොත් අපේ ඉස්කෝල දෙකම ආයෙත් නෑ එක කුස උපන් සහෝදරියෝ වගේ හැසිරෙන්නේ...

සාමාන්යෙන් උදේට පිටි පස්සේ ආසනය වගේම දොර වහපු ෆුට් බෝර්ඩ් එකේ අයිතිය ලැබෙන්නෙත් අපේ යාලු පාසලට,දවල්ට ඕවගේ රජ කරන්නේ අපි...ඔතනත් හොදම සීන් කොන් එක වෙන්නේ ඒ ඉස්කෝල අපේ වයසේ හිටපු එකියෝ ඔක්කොම අපේ යාළුවො..අනික ඉතින් අපි වගේ අක්කල ඉන්නද්දී පොඩි නංගිලා පිටිපස්සට එන්නේ නෑ...එන්නේ නෑ..පිස්සුද උන් එනවා එත් අපි එන්න දෙන්නේ නෑ  අන්න එකයි එතන වෙන්නේ...ඉස්කෝල දෙකේම පොඩි පොඩි බටු ඇට ඉස්සරහට යවල අපි උදේට වගේම දවල්ටත් ඔය ලාස්ට් ශීට් කියන එකයි,ෆුට් බෝර්ඩ් එකෙයි රජ කරනවා...ඔතන පොඩි කොස්සකට කියල තියෙන්නේ අපේ ඩ්‍රයිවර් අන්කලෙයි,කොන්ද අන්කලෙයි තමා...එවුන් දෙන්න නිකන් ගෙදරින් ගෙනාපු බස් එකේ අපි යන ගානට තමයි උන් දෙන්නගේ රෙස්පොට් එක..පුහ්...කව්ද ගණන් ගන්නේ...අපි නං ඉතින් හැමදාම වලි..

ඔන්න ඕවගේ පිටුපස ආසනය අපි වෙන් කොරගෙන පොඩි සින්දුවක් එහෙම කියාගෙන,බස් එකටත් පොඩි තට්ටුවක් දාගෙන අපේ පාඩුවේ යන වෙලාවක,අපේ සහෝදර කියන කොලු පාසලක ඉස්කුල් බස් එකක් අපේ බස් එකට යාන්තන් කිට්ටු වෙනව රබර් ඇහැට වැටිච්ච එකෙක් ටාර් ගාල ඒ පැත්තේ අපේ ශටර් එක වහල දැම්ම..අපි ඉතින් හැමදාම වගේ ඔය වැඩේ කරනවාමයි..මොකද ඉතින් ඔවුන් ලගින් යන්නේ වතුර හරි,වෙන මොන හරි ජරාවක් ගහගෙන තව ඒ මදිවට හූ ත් කියාගනනේ..
ඉස්කුල් බස් වල ගිය පුරුදු ඇත්තෝ දන්නවා ඉතින් කොලු පාසලේ ලාස්ට් ශීට් යන කොලුවෙකුගේ ආදරබර පෙම්බරී කෙලි බස් එකක ඉන්නවනං,වතුර කෑමට ලැබෙන්නේ ඉතාම අඩුවෙන්...හැබැයි ඉතින් නම් ගම ඇහෙන එකට නං වගකියන්න බෑ...බැරි වෙලාවත් කෙලි පාසලේ මොකක් හරි කොක්කක් දාගත්ත කෙලි පැටික්කියෙක් බස් එකේ යනවනං සෑහෙන්න වෙලාවට වතුර පාරක් එකෙන්ම ෂුවර්...ඔන්න ඕවගේ මොකක් හරි සීන් කොන් එකක් ඒ කොලු බස් එකට තිබුන...වෙනදට නං දුටු තැන ඕකෙන් වතුර පාරක් වදිනවාමයි...ඉස්කෝල දෙකක් නිසා ඉතින් ඔය වතුර පාරේ අයිතිකාරිනිය කව්ද කියන්න අපි දන්නේ නෑ..හැබැයි ලාස්ට් ශීට් එකට වදීන නිසා ඕකෙන් හැමදාම තෙමිච්ච කිකිලියෝ වෙන්නේ අපි...

අහෝ...ඉරකි තිතකි..එදා නං උන්ගේ වෙලාව හොදම නැති වෙලාවක්...අපිට අති සාර්ථක ලෙස වදින්නට ගිය වතුර පාර වැරදි පිටිපස්සේ තිබ්බ වැන් එකට සුන්දර ලෙස පතිත වෙද්දී...හම්මේ...අයෙත් ඉතින් හිනා වෙන්න කියන්න ඕනෙද...අපිට මෙච්චර කල් කරපුවට ඕකුන්ට හොදම වැඩේ..ෆුට් බෝර්ඩ් එකේ වතුර බෝතලේ තියාගෙන හිටපු එකා වැන් එකෙන් අහගත්තවිදිය...ආසාවේ බෑ...

"ඒ මේ ඕකුන්ට හොද වැඩේ අපිට වතුර ගහන්න ආවේ..."

ටින් එකේ හිර වෙලා ඉන්න මාළු කුරියෙක් වගේ අපේ බස් එකේ හිටපු එකියක් කෑගහද්දී මෙන්න ආයෙත් අර කොලු බස් එක ලගටම එනවා..හැක්...අපි නං බය නෑ දැන්...

"කට්ටියම හොද වැඩක් කරමුද..."

අපේ යාලු පාසලේ මිත්තරිගේ යෝජනාව...ඒවානේ යෝජනා...ගත්ත වතුර බෝතලයක්...ඇරිය අපේ ශටර් එක...ගානට ඉලක්කෙට කොලු බස් එකට වතුර පතිතවන ජයග්‍රාහි උත්කර්ෂවත් අවස්ථාවේ අපි සැවොම එකට එක්වී...නෑ නෑ ඒ ලමයව නැවැත්තුව නෙමෙයි අනේ..පිස්සුද එහෙම වටිනා අවස්තාවක් මිස් කරගන්නේ...කට ඇරන් බලන් හිටිය...නෑ නෑ අනේ  අපි ඔක්කොම එක හඩින් හු කිව්වා....අන්න එහෙමයි අපි අපේ හතුරන්ගේ පරාජය සමරන්නේ...

"අනේ ඇත්තට මුන් කෙල්ලොද..?"

ආච්චිගේ රෝස මල කිව්වලු..අපේ කොන්ද අන්කලේගේ දෑස් වල මේ අපුරු සිද්දිය වීඩියෝ  වෙච්ච වගක් අපි දැනන් හිටියේ නැනේ..මුටත් ඕනේ නැති ඇටි කෙහෙල් මලක් නෑ එනවා මෙතන...

"අයි අන්කල් ඒක ඔයාට පෙන්නේ නෑ වගේද....?"

අහ් කව්ද බෝල ඒ අයි ආර් සී පාර්ට් ඒක දාපු එකී...හිකිස්...අහ් ඕගලන්ට හිතුනද කව්ද කියල...අහ් අන්න හරි එකී තමා ඔය කතාව පණ්ඩිතය වගේ කිව්වේ...අන්කලේ එදා නං රවාගෙන ඔරවාගෙන කඩාගෙන බිදගෙන ඉස්සරහට ගියා වගේ යාන්තන් පෙනුන...

*************
"උදැසන වතාවත් අවසානයේ කැස්බෑව ඩිපෝව මාර්ග අංක 120 පාසල් බස් රථයේ ගමන් ගන්නා සියලුම සිසුවියන් කාර්යාලය ඉදිරිපිටට පැමිණෙන්න.."

හරියට හරි අපි හිතුව වගේම අපේ ආදරණීය කොන්දේ අන්කලේ ඉස්කෝලෙට ඊයේ අපි කරපු වීර ක්‍රියාව පිළිබද සවිස්තර වාර්තාවක් සපයල...දැන් ඉතින් පලයල්ලකෝ මැඩම්ගේ සිරියාවන්ත මුණ බලන්න උදේ පාන්දර...මුන් දෙන්න අහු වෙයන්කෝ හවසට අද..උන්ට ඉතාම ආදරයෙන් බනින ගමන් අපි ඔක්කොම ගිය ඉතින්..පොඩි බට්ටෝ විතරක් යැව්වොත් උන් වැඩේ කනවා..ඉස්කෝල දෙකේම එවුන් ඉවරයි...අපිත් යන්නම එපැයි ඉතින්...අම්මේ මැඩම්ගේ මුනේ සිරියාව...හාහ් ඒ මදිවට ඉස්කුල් බස් එකේ මිස්ලත් ඇවිල්ල...අද නං ආයෙත් නෑ කනවා හොද කෑමක්..

"දැන් මට කියන්න මෙතනින් ඊයේ පිටිපස්සේ  ගිය අය කව්ද...?"

බෙල්ල මුලින්ම අහු වෙන්නයි යන්නේ..කරන්න දෙයක් නෑ දැන්..අපි ටික දෙනා යන්තන් ඉස්සරහට ආව..ඔව් ඉතින් අවංක වෙන්නත් එපැයි..අපි හොද ළමයිනේ..

"අහ් ඒගොලන් ඉදල අනිත් අයට යන්න පුළුවන්.."

මලකෙලි එකසිය හැත්තෑ හතයි කිව්වලු..දැන් ඉතින් දීපන්කො අහන ඒවාට උත්තර...මිස්ලා එක්කත් මොනාද මුණු මුණු ගාල මැඩම්  හැරුන කියන්කෝ අපේ පැත්තටම...

"ඊයේ කව්ද ** ඉස්කුල් බස් එකට වතුර ගහල හු කිව්වේ..?"

මලා මේ අහන්නේ ලස්සනට...මොකද ඇත්ත කියන්න කියලද...යෝජනාව යාලු ඉස්කෝලේ කෙල්ලගේ උනාට අපිත් ඉතින් බැහැල සප් ඒක දුන්නනේ...එතකොට අපිත් වැරදි කාරයෝ...කටපියාගෙන ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ...හැබැයි තත්වය දරුණුම අතට පෙරලේනවනන් අපි දෙගොල්ලොම කියන්න හොද උත්තරයක් ලැස්ති කරගෙන හිටියේ...මැඩම්ගේ තර්ජන ගර්ජන වැඩි වීගෙන එනකොට අපේ අර බේරීමේ වාක්‍ය අදාල දැම්ම..වෙන කියල මොන කරන්නද..අනිත් එව්වුන් කියන්නෙත් මේ උත්තරෙමයි...ඒ නිසා අව්ලක් නෑ...

"අපි නෙමෙයි මැඩම්..පිටිපස්සේ ගිය. ** එකේ අයයි කෑගැහුවේ.."

අපේ මිස්ල දෙතුන් දෙනාත් ඒකට ඔලුව වනවා ඉතින්..මිස්ල දන්නවා ඕක මේ කපේට හොයන්න බැරි දෙයක් කියල..ඉස්කුල් බස් එකේ ගිය මිස්ලට කෙනා කව්ද කියල හොයාගන්න බැරි කොට කේලම කියපු කොන්ද අන්කල් ඕක කොහෙන් හොයන්නද..

"මන් එහෙ මැඩම්ට කෝල් කරලා අහගන්නකෝ..."

අපේ හුස්ම යාන්තන් පහලට වැටෙනකොට මැඩම් ඔරවාගෙන ගිය ලස්සන...මට තාම මැවිලා පේනවා අයිෂු...


ප.ලි.- එදා හවස අපේ යාලු පාසලේ මිත්තරියන් දැනගත් විදියට නං අපේ තත්වෙම එහෙටත්  ඇති වෙලා,අපි වගේම උත්තරයක්..ඒ කියන්නේ අපි කළා කියල ඒක එගොලනුත් බේරිලා.පසුව ශේප් නියායෙන් මිස්ලාගෙන් දැනගත් අන්දමට නං  මැඩම්ල දෙන්නාම අන්දුන් කුන්දුන් වී ආයෙත් ඩිපෝ එකටම කෑගහල ප්‍රශ්නය විසදලා දාල..හැබැයි එදා ඉදන් එපි කොන්ද අන්කල්වයි,ඩ්‍රයිවර් අන්කලේවයි එලවන්න මිෂන් එකක් නං පටන් ගත්ත හිකිස්...ඔහෙම එව්වෝ තියාගන්න බෑ මල කරදරේ...

හාහ් හිනා යන්නේ නැද්ද...මොකද්ද අනේ පොඩ්ඩක් හිනා වෙන්නකෝ අයිෂු...පොඩි එකා පව්නේ...අහ් බැරිද...එහෙනං ඉතින් බැනලවත් පලයල්ලා...

Thursday, March 31, 2016

සිහිනයක සේයා







පින්න මුතු ඉහිරී වියන
තරු මල් රටා ඇදී
අහස් සේලය යටින්
නෙතු කදුලැල් උණන
සීතලම මහ රෑක
හෙමි හෙමින්
ලගට විත්
නුඹේ උර මතට
මගේ හිස තියාගෙන
නෙතින් ඇදවැටෙන
නුඹේ නම රැදී
මගේ බිදු කදුළු
සිපගන්නේ ආදරෙන්
නුඹේ පුළුල් උර තලය...

ආදරය පිරුණු නුඹේ
දෑස් හරවන් මවෙත
සීතලට ගුලි වෙමින්
නුඹේ ලගම දැවටෙමින්
උණුසුමක් සොයා යන 
පුංචි මුව පැටික්කිට
නොරිදෙන්න බිදක් වත්
සැලෙන සීතල මතින්
නතරවුණු නුඹේ
ලවන් යුග තව
ඇගේ  අඩ සද මතින්...

ඒ තරම් ආදරෙන්
හිරිවැටුණු පුංචි සිත
දෙඇස් වසලා
සීරුවෙන් තව
සිපගන්න ඒ
සොඳුරු උවනත
සැරසුණා පේවී
නමින් නුඹ වෙත...

ආදරය නම්
නුඹ මැයි සිතා
හීන් සීරුවට
ලං උණු ලවන් යුග
සිපගන්න පෙර
ආදරෙන් ආයෙමත්
සිහිනයෙන් පිබිදුණා
පුදුමයකි තව
වියලී නොයන
බිදු කදුළු වැල් 
අලුත් වෙනවා
දෑසින් හෙමින්...

Sunday, March 20, 2016

බිදුණු වීදුරු





තැඹිලි පාට අහස යට ඉරේ රැස් ටිකෙන් ටික අඩු වෙනකොට මගේ පුංචි සුරංගනාවියෝ දෙන්න ඒ දෙන්නගේ තාත්ත එක්ක තියල තනියම ගොඩට ආවේ මේ ලස්සන වෙරළේ ලෑස්ති කරලා තිබුන තේ මෙසේ අඩු පාඩු බලන්න..මගේ ජීවිතේ මම වැඩිපුරම ඉඩ හදල දීල තියෙන්නේ ඒ තුන් දෙනාට..සමහර සමහර නපුරු ඇස් මගේ ජීවිතේට ඇවිත් අදුර උරුම කරලා ගියත් මගේ ජිවිතේ එලිය කරන්න ඒ ලස්සන ඇස් වලට පුළුවන් උනා...මගේ ලග ඉදන් හැමදේම කරලා දෙන්න,එක විනාඩියකටත් මාව තනි කරන්නේ නැතුව ඉන්න ඒ හිතට පුළුවන් උනා...ඇත්තටම මම මුලින් ඒ ඇස් වලට ආදරේ කළේ නෑ...ගෙවල් වල උවමනාවට මගේ ජිවිතේ පෝරුවක් උඩ තියන්න මට සිද්ද උනා..ඒත් එදා බිදුණු විදුරු මල් වාස් එකක් වගේ තිබුන මගේ ජිවිතේ බිදුණු තැන් පෙන්නේ නැති වෙන්න සායම් පින්තාරු කරලා ඒ මල් වාස් එක පිරෙන්න ලස්සන මල් දාන්න එයාට පුළුවන් උනා...

".පිනිදි...මගේ යාළුවා ලගටම ඇවිත් ඕක ලෑස්ති නේද?"

"ම්ම්...ඔව්..දුවල දෙන්න එක්ක එන්න දැන් ඔයත්..."

එයාගේ ජිවිතේ අවුරුදු ගානකට කලින් හිටපු කෙනෙක් අද ආයෙත් එනවලු...එයාට හිටියේ එකම එක මල්ලි කෙනෙක්...ඒත් එයා මුළු පවුලම අතැරලා දුරකට එයාගේ කිරිල්ලියත් එක්ක පියාබල ගිහින් තිබුන...අපේ මගුල් පෝරුව දකින්නවත් එය මෙහෙ හිටියේ නෑ..ඒ මල්ලි ගැන එයාගේ හිත වද වෙනවද නැත්තන් ගානක්වත් නැතුව ඉන්නවද කියන්න මන් දන්නේ නෑ..ඇත්තටම මම එක ඇහුවේ වත්,තේරුම් ගන්න උත්සහ කළේ වත් නෑ...එකයි ඇත්ත...

කොහේදෝ මන්ද ඉදන් මගේ ඉස්සරහින් අත දෙක අල්ලාගෙන ඇවිදගෙන යන ආදරණීය කුරුළු ජෝඩුවක් දැක්කම මගේ හිත අදුරු මතකෙකට එක්කන් යනවා වගේ දැනුන නිසාම මම එතනින් ආයෙමත් මගේ පුංචි සුරංගනාවියෝ ඉන්න පැත්තට යන්න මගේ දිග ඇගිලි එසවෙනකොටම....

"පිනිදි...."

මම ඒ අතීතය මතක් වෙනවට බයෙන්මයි මෙතනින් ඈත් වෙන්න හැදුවේ...ඒත් ඒ කතා කරන්නේ මගේ අතිතයමයි...ආයෙමත් කොහොමද ඒ අතීතය මට කතා කරන්නේ...ලස්සන විදුරු මල් වාස් එකක් උන මගේ ජිවිතේ බිදිච්ච කිසිම වටිනාකමක් නැති මල් වාස් එකක් කරපු ඒ මුස්පේන්තු අතීතය...මම බලන්න ඕනෙමද ඒ කතා කරන්නේ මගේ අතීතයද කියල...නෑ ඕනේ නෑ...ඒත් මට වැරදෙන්න විදියක් නෑ...ඒ එයාම තමයි....

"නිසල්...ඔයා..."

"හ්ම්ම්...අදුරගන්න බෑ නේද...ඔයා මෙහෙ..?"

මම වළලා දාපු ඒ අතීතයෙන් ආපු හෙවණැල්ල..මීට අවුරුදු පහලවකට කලින්...ඔව් හරියටම මීට අව්රුදු පහලවකට කලින් මාව අතැරලා දාල ගියපු මගේ හෙවණැල්ල...එය මගේ වීදුරු මල් බදුනෙ ලස්සනට වශී වෙලාම එයා මාව අරන් ගිහින් එයාගේ මේසේ උඩ තියාගත්තා...කාලයක් යනකන්ම එයා ඒ මල් වාස් එක ගොඩාක් පරිස්සම් කරා...ඇත්තටම ඒ පරිස්සම් කරාද?නැත්තන් පරිස්සන් කරනවා කියල පෙන්නුවද කියන්න අදටත් මන් දන්නේ නෑ...වීදුරු හරි ඉක්මනට බිදෙනවනේ...එහෙම උනොත් ආයෙත් පලුදු නැතුව ඒ වීඑදුරුව හදන්නත් බෑ...ඉතින් මල් වාස් එක ඒ හැමදේම දැනගෙන හිටියේ...ඒත්...අර අයිතිකාරයට මේ වීදුරුව ඇතුලේ තියන හැමදේම බලන්න තිබ්බ උවමනාවටම එය ඒ වීදුරුව බිදලා දැම්ම...

ඒත් ඒ වීදුරුව හිතුවෙම ඒ අයිතිකාරයා එයාව ආයෙත් පලුදු තැන් පෙන්නේ නැති වෙන්න ලස්සන කරලා එයාගේ මේසේ තියාගනි කියල.ඒත් ටික කාලයක් යනකොට ඒ අයිතිකාරයාගේ වීදුරු මල් බදුන තියෙන මේසේ කකුල් හෙලවෙන්න ගත්තේ වීදුරුවට එයාගේ මුළු ජිවිතේ ගැනම ලොකු බයක් ඉතුරු කරලා..ඔව්...ඒ බය හරිම සාදාරනයි...එය වීදුරු මල් වාස් එක එයාගේ මේසෙන් අයින් කරන්න යනවා...ඒ හෙලවී හෙලවී තිබුන මෙසේ දැන් ගැලවිලා වැටෙන්නම ලගයි...ඒ වීදුරුව කියාගන්න තියන හුගක් දේවල් අතරේ හිරවෙලා අඩද්දිම හිතක් පපුවක් නැති ඒ අයිතිකාරයා ඒ මල් වාස් එක තියල තිබුන මේසෙ ගලවලාම දාල..අලුත් මේසයක් ගෙනත් එයාගේ ලගින්ම තියාගත්තා..මේසයක් විතරක්මද...නෑ...සරුව පිත්තල මල් වාස් එකකුත් එක්කම...එදා ඒ අයිතිකාරයා කාලයක් එයාගේ මේසේ ලස්සන කරපු මල් වාස් එකට සදහටම එයාගේ ජිවිතේ ඉඩ නැති කරලා දැම්ම...නිකන්ම..මුකුත් නොකියම...නෑ..එක දෙයක් කිව්වා..

"බිදිච්ච වීදුරු වල කාට කට තියන්න බැරිද...කාට මල් ගෙනත් දාන්න බැරිද...ඕව මට වැඩක් නෑ..."

"ඒත් මේ වීදුරුව බින්දේ ඔයා...අනික කාගේවත් පිපාසෙට මන් වතුර දුන්නේ නෑ...කව්රුවත් මල් ගෙනත් දැම්මේ නෑ...ඇයි මාව එපා කියන්නේ...."

එදා අහපු එක ප්‍රශ්නෙකටවත් එය ලග උත්තර තිබුනේ නෑ..තිබුනේ මුණ පුරාම ඇදිච්ච සමච්චල් හිනාවක් විතරයි...දරාගන්න බැරි හීරීම්,තුවාල වීම් ගොඩක් එක්ක මම අසරණ වෙද්දී මගේ ලගට ලං වෙන්න උත්සහ කරපු කීප දෙනෙක් අතර මගේ ජීවිතේ හුගක්ම අදුරු සිදුවීම් දැනගෙනම ලං උන ඒ ලස්සන හදවතට අපේ අත්සන් ලොකු පොතේ තියද්දීවත් ආදරේ කළේ නෑ...ඇත්තටම මම පෝරුවට නැග්ගේ අම්මලාගේ හිත හදන්න,ඒ වගේම එය මගේ ගැන දැනන් හිටපු එක හිතට ලොකු සහනයක් උනු නිසා...කාලයක් යද්දී ඇත්ත ආදරේ මම හරි අපුරුවට ඒ ලස්සන හිතෙන ඉගෙන ගත්ත...හැමදාම වගේම මගේ කර වටේට ආදරෙන් දැවටෙන ඒ අත අදත් මගේ ලග ආදරෙන් දැවටෙද්දී මම ආයෙමත් අර අදුරු අතීතය වහල මගේ ලස්සන පියවි ලෝකෙට ආව...

"පිනිදි...මේ තමයි මන් එනවා කියපු අමුත්තා...මන් දන්නවා කෙනා කව්ද කිව්වනං ඔයා එන්නේ නෑ...ඒත් මල්ලිට උදව් ඕනේ නිසා මන් කිව්වේ නැත්තේ.."

එදා  මට සමච්චල් කරපු ඒ මුණේ ලොකු පසුත්වීමක්,කලකිරීමක් වගේම ඊටත් වඩා පුදුමයක් රැදිලා තිබුන...ඇත්තටම මේ හමුවීම කවදාහෝ වෙයි කියල හිතේ කොනක ගැස්මක් තිබුනත් මෙහෙම නොහිතු වෙලාවක  මේ හමුවීම මම බලාපොරොත්තු උනේ නෑ..එයා හරි..දැනන් හිටිය නං මම කවදාවත් මේ ගමන නොඑන්න තිබුන...

"අයියේ...ඔයා...මේ...පිනිදි..."

"ඔව්..මේ උබ බිදපු වීදුරු මල් වාස් එක තමයි...ඒත් මගේ ජිවිතේ සුවද හමන හැම මලක්ම දැන් තියෙන්නේ මගේ මේ වීදුරු මල් බදුනෙ.....මල්ලි උබ අරන් ගිහින් එහෙදි උබව ඇතරපු සර්ව පිත්තල මල් වාස් එකට වඩා මගේ ලග මේ තියන දේවල් උබට වටින්නේ නැති උනාට ඒ කාලේ.. අද මේ තමයි මගේ වාසනාව "






Friday, March 18, 2016

වදනින් නොපැවසූ නුඹට...




සෙවණැල්ලක්ව අතීතයෙන්
පියඹා එන නුඹට
විටින් විට මම ම
සිතට තරවටු කරන්
හංගන්නට හදන
හංගන්නටම බැරි
කවදා කොතැනක
වැරදුන වගක්
නොදන්නා මුත්
දමා යා නොහැකි
කලු සුදු සිතුවමක්ව
අදත් හිඳිනවා නුඹ
මගේ ළඟ
මගේම නොවී...




ප.ලි.
කටුස්සෙක් විසින් ගෙම්බියකට මැර ප්‍රහාර දියත් කිරීම හේතුවෙන් එම ප්‍රහාර වලින් වැළකීම සදහා ඒ ගෙම්බි විසින් මෙය ලියන ලද බව කරුණාවෙන් සලකන්න.හැක හැක 

Thursday, March 10, 2016

අහිමි සද නුඹ







"ඔයා ඉන්නේ අපේ ගේට් ඒක ලග ද?"

"හ්ම්ම්...ඔව්.."

"ඉන්න මන් එන්නන්..."

ජිවිතේ මට අහන්න ලැබුන ආදරණීයම කටහඩ...ආදරේ කියන වතුර හොයාගෙන වැලිකතරක අතරමන් වෙලා ඉදපු මට ආදරේ ලස්සන හිරි පොද වැස්සක් වගේ වැට්ටුවේ ඔයා.ජිවිතේ ඒ හිරිමල් වැස්සට තෙමෙද්දී මන් උන්නේ කියාගන්න බැරි සන්තොසෙකින්...පුංචි පුංචි හුලන් පාරවල් ඇවිත් කදුළු බින්දු වැටුනත් ඒ හැම කදුළු බින්දුවකටම වඩා මන් ඔයාගේ ආදර වැස්සට තෙමෙන්න ආස උනා.මගේ ජිවිතේ වැඩිම වටිනාකම ඔය හිරි පොද වැස්සට දෙනකොට...ඔව්... ඔයත් ඒ වගේම ලොකු ඉඩක් ඔයාගේ අහසින් මට දුන්නා...ආදරේ පුරෝගත්තු ඔයාගේ තරු ඇස් වලින් මන් මගේ ජිවිතේ එලිය කරගත්තා...මෙච්චර ලස්සන ආදරයක් වෙන කාටවත් කොහෙදිවත් හම්බවෙන එකක් නෑ...ඒ තරම්ම ඒ හිරි පොද වැස්ස ආදරණීයයි...රෝස මල් පෙත්තක් වගේ සැහැල්ලුවෙන් ඒ ආදරේ ඇතුලේ ඔහේ පාවෙන්න පුළුවන්...කවදාවත් බාදාවක් තිබුනේ නෑ මට...තරවටු තිබුනෙත් නැති තරම්ම...ඇත්තටම තරවටුවක් නෙමෙයි ඒක.. මේ පුංචි රෝස මල් පෙත්තට විස කටු ඇනෙයි කියල ඒ හිතේ තිබුණු බය...නපුරු සත්තු ඒ රෝස මල් පෙත්ත පොඩි කරලා දායි කියල ඒ හිතේ තිබුණු බර...

"ඔයාගේ තීරණේ වෙනස් වෙන්නේ නැද්ද...?"

වෙනදට ඉවරයක් නැතුව කඩන් වැටෙන ඒ හිරි පොද වැස්ස,මට ඔච්චම් කරන පුංචි වැහි බින්දු අද කිසිම සද්දයක් නෑ...ලස්සනට දිලිසෙන තරු ඇස් අද මලානික වෙලා...ලොකුම ලොකු කදුළු බින්දු දෙකක් ඒ ඇස් වල ගේට්ටුවෙන් එලියට එන කොටම පිරිලා තිබුනා...දැන් ඒ කදුළු බින්දු ඇස් දෙක කෙළවරටම ඇවිත් තව තප්පර ගානකින් ඒ කදුළු දොරේ ගලනවා....ඒත් එයා අමාරුවෙන් එයාගේ දිග ඇගිලි වලින් ඒකට වැට බැන්දා...එයාට ඕනේ උනේ මට කදුළු පෙන්නන්නේ නැතුව ඉන්න...ඒත් මන් පලවෙනි වතාවට...හ්ම්ම්..ඔව්...පලවෙනි වතාවට ඒ කදුළු දැක්කේ ඒ ඇස් වල...මගෙන් අවසරයක් නැතුවම මගේ ඇස් වලින් එයා වැට බැදපු  කදුළු බින්දු ඔහේ ගලාගෙන ගියා...එයා ආයෙමත් අහක බලාගත්තා...යාන්තන් ඔලුව වැනුවා...එයාගේ හිත එයාටම බනිනවා කෑගහනවා...ඒ ඇස් දෙකෙන් මට මගේ හිතට ඒවා ඇහෙනවා...ඒත් එයාගේ හැම වචනෙකම තියෙන්නේ කලකිරීමක්...එයා ගැනම  කලකිරීමක්...ජිවිතේ උණු එකම එක පුංචි සිදුවීමක් නිසා එයා විදවනවා...එයා එහෙම තමයි...ඇත්තටම ඒක පුංචිම පුංචි අකුණක්..ඒත් එයා ඒ අකුනෙන් හොදටම පිච්චිලා...එයාටම එයා දිහා බලන්න බැරි තරමටම එයා එයාගේ ජිවිතේ ඒ අකුණට බිලි දීල...රෝස මල් පෙත්ත වත් එයා ලග තියාගන්න එයා තීරණය කරලා නෑ...

"මට සමාවෙන්න...ඇත්තටම ඔයා මට සමව දෙන්න එපා.මන් ඒකට සුදුසු නෑ..."

"ඔයා මොනාද මේ කියන විකාර?ඇයි  ඒ වගේ දෙයක් නිසා ඔහොම දුක් විදින්නේ..පිස්සුද අයියේ ඔයාට...?"

"මන් ඔයාට ගොඩක් බලාපොරොත්තු දුන්න..ඒකයි ඔයා මෙතන ඉන්නෙත් අද..හ්ම්ම්...ඒත් මන් ඊට වඩා ලොකු දුකක් ඔයාට, අපේ ගෙදර අයට දුන්නේ...මන් තාත්තගේ සල්ලි නාස්ති කරනවා...මන් යන්න ඕනේ පාර මොකද්ද කියල මට තේරුම් ගන්න බැරි උනා...මන් වගේ හිස් කාලකන්නියෙක් නිසා ඔයාට තව දුක් විදින්න දෙන්න බෑ...මේ ඩිග්රියත් අම්මලට ඕන නිසා කරන්නේ...නැත්තන් මේකත් දමල ගහල කොහේ හරි යනවා මන්..."

"ඔයාට ඔහොම දෙයක් හිතන්න තරම් ලොකු දෙයක් නෙමෙයි මේක..ඒත්..."

"නෑ..ඔයාට මන් එක්ක ඉන්නවා කියන්නේ ලොකු දුකක්..මට ඔයා ගැන හොයන්න බලන්න කාලයක් නෑ..ඔයා අඩනවා තනියම මන් දන්නවනේ...ඔයාව තව මගේ ලග හිර කරගන්නවා කියන්නේ ඔයාගේ ජිවිතේ ලස්සනම කාලේ දුක් විදින්න වෙනවා.ඔයාට කැම්පස් ජිවිතේ ලස්සනත් නැති වෙයි..."

"මට වෙන ලස්සන ජිවිත ඕනේ නෑ..ඔයා ඉන්න ඒ ලස්සන ඇති...මන්...මන්..."

තව කියාගන්න බැරි වචන සිය ගානක් මගේ හිත ඇතුලෙන් ලොකු අරගලයක් කරද්දී තරගෙට මගේ ඇස් වලින් කදුළු බින්දු පොකුරු ගොඩක් ඇවිත් බිමට කඩන් වැටෙද්දී ඒ ඇස් වලට ආපු කදුළු වගේම එයාගේ හීන් ඉකියක් මගේ ඇස් ආයෙමත් ඒ මුණ දිහා බලන්න බල කළා ...ඇත්තටම කාලෙකට කලින් මට කියන්න ඕනේ උනා ඔයාට ඒ දේවල් වලට හිතේ ටිකක් අඩුවෙන් තැන දෙන්න කියල...ඒත් මන් කිව්වේ නෑ..ඒක ඔයාගේ ආසාව නිසා..ඔයා යාලුවෝ එක්ක සැර දේවල් කරන්න යනවනං,වෙන රෝස මල් පස්සේ යනවනං මට ඔයාට කියල,නැත්තන් සැර කරලා හරි හදාගන්න තිබුන...ඒත් ඔයා කලේ එහෙම නරක දේවල් නෙමෙයි...ඔයා කැමතිම දෙයක්..ඔයාගේ ආසම ස්පෝර්ට් එක...මන් ඔයා ගැන දන්න නිසාම ඔයාට නිදහස දුන්න..ඒ වගේම ඔයා කවදාවත් ඒ විස්වසේට පුංචි හීරීමක් වත් වෙන්න දුන්නේ නෑ...ඇත්තටම මන් ඔයාට ඒක නවත්තන්න කිව්වා නන් අද මේ දේවල් මෙහෙම නොවෙන්න තිබුන..තාමත් මේ රෝස මල් පෙත්තට ඔයා ලගම දැවටී දැවටී ඉන්න තිබුන,ඒත් එතන තිබුන ඔයාගේ සතුට දැක දැක එහෙම කියන්න මට හිත හදාගන්න බැරි උනා...

"ඉතින් මන් ඔයාට කරදර කරන්නේ නෑ නේ..ඔයාට හැමවෙලේම කතා කරන්න කියල කිව්වෙත් නෑ නේ මන්..අනික.."

"ඔව් ඔයා අනිත් අය වගේ නෙමෙයි...ඔයා හොද නිසාමයි එහෙම හිටියේ..වෙන කෙනෙක් නන් ඉන්නේ නෑ දාල ගිහින් එහෙනං...මට ඔයාට දුකක් දෙන්න බැරි ඒකයි..මන් වැඩක් කලොත් එකෙන් මොකක් හරි අව්ලක් වෙනවා...තව ටිකක් අව්ල් උනා නන් පොඩි එව්න් එක්ක කරන්න වෙන්නේ ආයෙමත්...සෙල්ලන් කරන්නත් බෑ අතේ දෙකේම ඉන්ජරිස් ඇවිත්...නිකන් බලන් ඉන්න වෙන්නේ ගියත්..මන් මේ හැමදෙයින්ම ඈත් වෙනවා..ආයෙත් තවත් ඔයාට බලාපොරොත්තු දීල ඔයාගේ ලෝකේ කඩන්න බෑ මට...යන්න ඔයා..ඔයාට පරක්කු වෙයි..."

"හරි ඔයා එනකන් මන් බලන් ඉන්නද කතා කරන්නේ නෑ..කරදර කරන්නේ නෑ..නිදහසේ වැඩ ටික කරගන්න..."

"හ්ම්..හා..නෑ එපා මන් ආයෙත් එන්නේ නෑ ඔයාගේ ජීවිතේට කදුළු දෙන්න...ඔයාට වෙන කෙනෙක් අම්මල හරි හොයල දෙයි..ඔයාගේ හොද නිසා ඔයාව රවට්ට ගනී ගොඩක් අය,ඒ නිසා පරෙස්සමින් ඉන්න...මට ටෙන්ෂන් එක දරාගන්න අමාරුයි..නිදහසේ ටිකක් හිතන්න ඕනේ..කාලේ ඕනේ..ඔයාව මේකේ හිර කරලා තියාගත්තම ඔයත් දුක් විදිනවා..."

ඔයාගේ ඇස් වල කදුළු නැති උනෙම නෑ..ඔයා සැරෙන් සැරේට ඔයාගේ දිග ඇගිලි වලින් කදුළු බින්දු වලට වැට බැන්දත් ඒවා ඇස් වලින් අයින් කරගන්න ඔයාට බැරි උනා...ඔයාගේ ඒ කදුළු මේ රෝස මල් පෙත්ත තවත් ඇඩෙවව...ඔයාට වගේම මටත් කියන්න ගොඩක් දේවල් හිත ඇතුලේ තිබුන ඒත් අපි කතා කලාට වඩා ඇඩුවා..ඔයා හිතන්නේ ඔයාගේ ගෙදර අය,මන් සතුටින් තියන්න,ඒත් ඔයාට ඒකට වැදුනේ පුංචි අකුණක්,එකෙන් ඔයා මේ තරම් දුර්වල වෙයි කියල මන් කවදාවත් හිතුවේ නෑ...ඔයයි මායි ඇඩුවා ගොඩක් වෙලා..ඔයාට මාව ඕනේ ඔයාගේ ඇස් වල ඒක තිබුන..ඒත් ඔයාට එට වඩා බයයි මන් තවත් දුක් විදි කියල..අතරින් පතර අමාරුවෙන් ගලපගන්න වචන දෙක තුනක් ඇරෙන්න අපි අපි දිහා බලාගෙනම ඇඩුවා...මන් තීරණය කළා එයාගේ තීරනෙට යට වෙන්න...ඒ එයාගේ හොදට..එයාට තිබුන ආදරේට...එයාට එයාගේ පිච්චුන හිත හොද කරගන්න...එයාගේ හැම වචනෙකම තිබුනේ මට යන්න කියල නෙමෙයි..මට ආදරෙයි කියල..ඒකයි මන් එයාගේ තීරණේට කැමති උනේ...ඒත්...මන් කොහොමද යන්නේ...අතරින් පතර කියවෙච්ච හැම වචනෙකම එයාගේ ආදරේ තිබුන..මගේ ප්‍රශ්න වලට,කදුළු වලට එයා පරාද වෙයි කියල එයාට තේරුණා..එයාගේ එක වචනයක් මගේ මුළු ජීවිතේම එයා වෙනුවෙන් බලන් ඉන්න මට බල කරයි කියල එයා බය උනා අන්තිමට..එයාට ඕනේ උනේ මාව සතුටින් තියන්න...එයා ඒකට මේ රෝස මල් පෙත්තෙන් ඈත් වෙන්න හදන්නේ...එයා පිළිගන්නේ නෑ මේ රෝස මල් පෙත්තේ ලස්සන වගේම ආදරෙත් තියෙන්නේ එයා ලග විතරයි කියල...නෑ නෑ එයා දන්නවා එක..ඒත් නොදන්නවා,නොතේරුන වගේ ඉන්නවා...

"දැන් යන්න මැණික..ඔයා හැමදාම සතුටින් ඉන්න,පරිස්සන් වෙන්න,බුදුසරණයි...!"

"මන් යන්නන්..හැබැයි මන් ඔයා එනකන් හැමදාම බලන් ඉන්නව...ආයෙත් මට කතා කරනවා නේද හිත නිදහස් උන ගමන්...කියන්නකෝ....මට ආදරෙයි නේද.."

"මගෙන් වචන ගන්න හදන්නෙපා ..ඒ හැම වචනෙකින්ම ඔයා බලාපොරොත්තු තියාගන්නවා...ඔයාට බලාපොරොත්තු දීල තවත් පව් පුරවගන්න බෑ මට..."

"ඔයා බොරු කියන්නේ...ඔයා කියන්නේ නැති දේවල් ඔක්කොම මට තේරෙනවා..."

මන් අඩද්දිම ඒ වචන පිට උන නිසාමද මන්ද ටිකක් හයියෙන් ඒක විසිරිලා යනකොට...එයාගේ ඇස් වල කදුළු ආයෙත් අලුත් වෙලා...මගේ නොනවතින ඉකිය මැද එයා එයාගේ පරාජය බාර අරගෙන...
එතනින් එහාට එයාගේ එකම වචනයක් වත් පිට උනේ නෑ...මට ඕනේ උනා එයාට තුරුල් වෙලා අඩන්න...ඒත් මේ පාරේ එහෙම කරන්න බෑ...ඉතින් මන් එයාගේ හිත තවත් තුවාල කරන්නේ නැතුව යන්න ලැස්ති උනා... මට යන්න බෑ...ඒත් එයා වෙනුවෙන්,එයාගේ හිත හදාගන්නකන් මන් අයින් වෙලා ඉන්නවා...ඒත් එයා එකපාරටම...

"ඔව් මන් බොරු කියන්නේ...ඔයා දන්නවනේ...මට වෙන කාවවත් ඕනේ නෑ ආයෙත් මගේ ජීවිතේට..ඒත් ඔයා සතුටින් ඉන්න ඕනේ..මන් ඔයාව.....පරිස්සමින් ඉන්න..."

මගෙන් අනිත් පැත්තට හරවගත්ත ඒ මුණ දිහා කොච්චර වෙලා බලන් හිටියද...එයාගේ කදුළු නවතෙන්නේ නෑ...කඩු කිනිසි සිය ගානක් මගේ හිත වගේම මගේ මුළු ඇගමත් කීතු කීතු කරගෙන යන තරම් වේදනාවක් දැනෙද්දී..මන් වචන ගලපගත්තේ අමාරුවෙන්..

"හ්ම්ම් මන් යන්නන් අයියේ..ඔයා පරිස්සමින් ඉන්න...බුදුසරණයි..!"