Thursday, June 21, 2018

නිමිත්ත


කවියක් ලියවෙන්නෙම
වේදනාවක් තදින්ම 
හිත අස්සට රිංගන දවසට...


පණ ගැහෙන සියුම් නහරකම
ලේපාටටත් වේදනාවන්
උඩුදුවන ගොම්මනක.....


කඳුළු පොකුරු දෑසින්ම
පොරෝනාව තෙත් කරන
කළුවරම රෑකට....

ඉතින්.....

කවියක් ලියවෙන්නෙම 
කවියක් කියන්නෙම
වේදානාවක අංශුවට....


5 comments:

  1. මොකක් හරි අච්චුවකට හදපු කවියක්ද මේක

    ReplyDelete
  2. නෙත් පුරා රතු වෙනා කඳුළු මල් කිනිත්තක්
    සිත් අහසෙ ගැවසෙනා හැඟුම් මහ මේඝයක්
    අත් කරන් ලියැවෙනා රිදුම් දෙන පන්හිඳක්
    ඇත් තමයි කවියනම් වේදනාවෙන් ඇති වුවක්....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්...ස්තූති දුමි.....

      Delete
  3. එකඟයි......

    ReplyDelete