Thursday, May 17, 2018

ඉතින් මේ මොකද්ද?


මෙහෙම වැස්ස වැටෙන හැම රෑකම මගේ හිත කාටවත් කියාගන්න බැරි, නමක් නැති අමුතුම හැඟීම් රෑනකින් වැහිල යනව.ඒ හැඟීම් අතර හැමදාමත් නුඹේ නමත් හරි හරියට අනිත් හැඟීම් යටපත් කරගෙන උඩුදුවනව....ඉතින් මම කල්පනා කරනව..වෙලාවකට නුඹව හිත යටම හිර කරන් අනිත් හැම හැඟීමක් ගැනම....ඒත් තව වෙලාවකට නුඹ යටපත් කරනව ඒ හැඟීම් රෑනම...ඉතින් මම නුඹ ගැනම හිතනවද...නැතිනම් නුඹ මගේ හිතට බලෙන්ම එනවද...හිතාගන්න අමාරුයි...කොහොම වෙතත් අන්තිම ජය ගන්නෙ නුඹ...වෙන කරන්නම දෙයක් නෑ...අවසානෙදි මම නුඹ ගැනම හිතනව....

නුඹ ගැනම හිතනව...මොනවද මම හිතන්නම ඕන...මොනවද මට තව අලුතින්ම හිතන්න තියෙන්නෙ...හැම මොහොතකම හැම හැඟීමකම නුඹ ඉන්නව....ඉතින් මේ වැස්ස දිහා බලාගෙන කළුවරෙත් හරි හරියට නුඹ මගෙ හිතට ඔච්චම් කරනව...කරදරයක්...ඇත්තටම...මහා කරදරයක්...විදගන්නව ඒත් මම ඒ කරදරකාර හැඟීම විදවීමක් නැතුවම....

නුඹත් මේ විදියටම මම ගැන හිතනවද...මම වෙලාවකට කල්පනා කරනව....

"අනේ මන්දා"

මගේ හිත මටම දෙන උත්තරය...මමත් භාරගන්නවා ඒ උත්තරයම....ඒත් මගේ හිත කැමතිත්,හොයන්නෙත්,

 "මටත් වඩා නුඹ මම ගැන හිතනව" කියන උත්තරය...

ඒත් ඇත්තටම නුඹ මගේ ගැන හිතනවද...නුඹට මාව නැතුවම බැරිවෙයිද...එකින් එක එකින් එක හැඟීම් රෑනක් මගේ හිත වෙලාගන්නවා...ඒ හැඟීම් දිගේම ඈතටම අෑතටම ඔහේ පාවෙවි මගේ හිත නිදහසේ පියාඹනව...‍තව නුඹ ගැනම පුංචි පුංචි බලාපොරොත්තු...ඔව් අර හැඟීම් වලම එල්ලිලා හිතට ඇතළුවෙන බලාපොරොත්තු....

"කවද්ද ආයෙමත් ඔය රෑපෙ හිතේ හැටියට මගේ ඇස් ළගම තියාගෙන විදින්නෙ..."
පුංචි බලාපොරොත්තුවක්...

"අනේ මන්ද..."

මගේ හිත මට කියන එපාම කරපු උත්තරය...ඒත් එක්කම කලින් මට හිතුනු දේට අලුත් උත්තරයක් මගේ හිතම මට දෙනව...

"ඔයා තරමටම එයා ඔයා ගැන හිතන්නෙ නැද්ද කොහෙද..."
ඒකත් කොයිම දෙයක් වත් හිතාගන්න බැරි මහ විකාර හැඟීමක්...

" ඉතින් ඔයා දන්නවනෙ එයාට ඉක්මනටම එන්න බැරි හේතුව..."
"හ්ම්ම්..."

මගේ හිතම දෙපැත්තට බෙදිල නුඹ ගැන අරගල කරනව...නුඹව සාධාරණය කරනව...මට...ඔව් මට කරන්න දෙයක් ඇත්තෙම නෑ...මම අහන් ඉන්නව...හුග වෙලාවට මේක තමයි මම කරන්නෙ...අහගෙන ඉන්නව...මගේ හිතම නුඹ ගැන හිතන හැම දෙයක්ම අකුරක් නෑරම....ඒකත් ඇත්තටම මම ආසම කරන දේවල් අතරට දැන් එකතු වෙලා...

"දෝණී....මේ සීතලේ මොකෙද කරන්නෙ...ජනේලෙ වහල නිදගන්න..."

බෙල්ල විතරක් හරවල දොර දිහා බලපු මම ආයෙත් බැලුවේ...වැස්ස...අහස අඬලත් ඉවරයි...ඒත් නුඹ එහෙමමයි.....ජනේලය වහනවද....නෑ...සීතල නුඹ ඇතුලෙම මගේ හිත අතරමං කරයි...ඉතින් මේ මොකද්ද....ඔව්...ඇත්ත ඒක...

❤මම නුඹට ඇබ්බැහි වෙලා...❤


10 comments:

  1. Replies
    1. ස්තුතී...සාදරෙන් පිලිගන්නව මේ පැත්තට....

      Delete
  2. ලස්සනයි ගිම්මි.... හිතට දැනුණා...

    ReplyDelete
  3. බොහොම අගෙයි... ලියන ඉට්ටැයිල් එක මරු... :)

    ReplyDelete
    Replies
    1. ඉස්කෝතුයි දිට්ඨි....සාදරෙන් පිලිග්න්නව මේ පැත්තට

      Delete
  4. Replies
    1. ස්තුතී මේ පැත්තෙ රස්තියාදුවක් ගැහුවට...
      සාදරෙන් පිලිගන්නව....

      Delete
  5. අදයි ආවෙ. රහට ලියවිලා.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූති දුමී...සාදරෙන් පිලිගන්නව..... ආයෙ ආයෙමත් එන්න මේ පැත්තට...

      Delete