Monday, February 29, 2016

මගේ ආදරේ තරම්...





පුංචි වැහි බිඳු වැටෙන - සීතලට ඇකිලෙමින්
පුරුදු ගුරු පාරෙ මං -  ඇවිදිමින් හෙමි හෙමින්...
සිතනවා නුඹ ගැනම - දන්නෙ නෑ නුඹ තාම
මගෙ ආදරේ තරම්...

හිනාවට වල ගැහැන - නුඹේ ඔය සොදුරු වත
යනෙන ඔය ඇත් ගමන - විදගන්න නෙත් පුරා
මගේ හිත කැමති වග - දැන දැනම නුඹ ඉතින්
හිදී නොදුටුව ලෙසින්...

දඟකාර නුඹේ ඇස් - අමුතු ඉඟි බිඟි ඉතින්
කෝම තේරුම් ගන්නෙ මං - නුඹේ හිත මට කියන
හිත මගේ කලබලයි - නුඹේ ඔය ඇස් ගාව
නුඹ දකින හැමදාම...

හුරතලෙන් දැවටිලා - කියවන්න නුඹේ ලග
මගෙ කතා වලට නුඹ - හිනැහෙන්න ලග ඉදන්
මගේ හිස අතගාන - තුරුල් කර ආදරෙන්
රැදෙන්නට දිවි මගේ...

නුඹෙ අතේ එල්ලිලා - උණුසුමට ආදරෙන්
නුඹේ ළඟ දැවටෙමින් - ඉන්න මග බලනවා
හුස්ම අපේ වැටෙනකන් - නුඹේ කුමරිය වෙලා
හැමදාම ආදරෙන්...

තවත් කල් අරන් කුමටද ඉතින්  - කියනවද ඉක්මනින්
නුඹේ මනමාලිය වන්න - හීන මගේ සරසන්න
නුඹේ සිත මගේ බව - පියමනින සසර මග
හැමදාම ආදරෙන්...



24 comments:

  1. අද මම ඉස්සර උනා... මට හරි සතුටුයි.
    ලස්සන ගිම්මි ආසාවෙන් රස වින්දා..
    ඔය මාතෘකාවට මොනව කියන්නද කියලා මට හිතාගන්න බැරුවයි මේ ඉන්නේ..

    ඒ ඔන්න බොස් පිටිපස්සේ... හික්.

    ReplyDelete
    Replies
    1. සොරියි "යි" කියන අකුර වැටිලා නෑ..

      Delete
    2. හම්බුනා වෙලාවක ඔයාට ටොපියක් අරන් දෙන්නකෝ...:)
      බොහොම ස්තුති මචෝ:) මොනා හරි කියන්න අනේ...

      බොස් එනකොට මට පේනවනේ හූ හූ හූ

      Delete
    3. හම්බු වෙනවටනම් ෂුවර් නෑ... 35 මුද්දරයක් ගහලා මට තැපැල් කොරන්නකෝ...

      Delete
    4. තරහ නැතුව මුද්දර අලවපු ලියුම් කවරයක් එව්වනන් මෙහෙට....හිකිස්

      Delete
  2. //තවත් කල් අරන් කුමටද ඉතින් - කියනවද ඉක්මනින්
    නුඹේ මනමාලිය වන්න - හීන මගේ සරසන්න
    නුඹේ සිත මගේ බව - පියමනින සසර මග
    හැමදාම ආදරෙන්..//

    මේක බ්ලොග් වල දාල වැඩක් නැහැ. මෑන් ගෙන් අහන්න.

    තව එකෙක් අමාරුවේ, අනේ පව් අහිංසකය

    ReplyDelete
    Replies
    1. හිකි හිකි හිකි ඕක මන් මේ ටික කාලෙකට කලින් වගේ ලිව්වේ...

      අහ් මේ අහිංසකයි කිව්වේ මට නේ නේද?

      Delete
    2. අහිංසකයි ඔයා, හැක... එහෙනං අලිකොටි වලස්සුත් අහිංසකයි නේ

      Delete
    3. ගෑණු හරී අහිංසකයි තොන්ඩුව දාගන්නකං.
      Ivan +++

      Delete
    4. ඉවාන්..
      අනේ යන්න මෙයා යන්න...මන් මුව පැටියෙක් වගේ අහිංසකයි..රටක් වටි... හැක හැක

      ඉයන්..
      කොහොම හරී අහින්සකයිනේ හි හි හි

      Delete
  3. සුන්දරයි ගිම්මි......... ලස්සන පද ටික...

    ReplyDelete
  4. සුන්දර හීනයක් සුන්දර පද වලකට අමුනලා, නියමයි.

    ReplyDelete
  5. පට්ට ගිම්මි,ලස්සනට ගලපලා තියෙනවා,
    ජයෙන් ජය

    ReplyDelete
  6. බලන් මිතුරනේ...
    ගලපලා අකුරටම ...
    වැඩ දමා ලස්සනට...
    අඹරලා නූලටම...
    බෙල්ල ගානට තොන්ඩුව..

    ReplyDelete
    Replies
    1. ගලපලා අකුරටම...
      වැඩ දමා ලස්සනට...
      එක් වරක් බැලුවාම...
      ඕගලන් කැමත්තෙන්න්ම...
      දාගන්නේ තොන්ඩුව...
      ගානටම බෙල්ලට...
      අපි මක් කරන්නද...හිකි හිකි හිකි

      Delete
  7. අහිංසක පැතුමක්.. ඉක්මණින් ඉටු වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..!

    ReplyDelete
    Replies
    1. කාලෙකට කලින් කරපු පැතුමක්...දැන් නං හරි හි හි හි
      ස්තුති...:)

      Delete
  8. අනේ ඉතින් අර අහිංසක කොල්ලා.....කරුමයක් තියනවනම් වලක්වන්න බෑනේ.ගෙවලම ඉවරකරගන්න ඕනේ.
    ඔය යාළුවෙන්න කලින් කරන කියන දේවල් ඊට පස්සෙත් වෙනවානම් ගොඩක් ආදරකතා මීටවඩා ගොඩාරියක් ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. අනේ එයාගේ අහිංසක...අනේ ඇත්තට මෙගොලන්ට මේ මලක් වගේ ඉන්න මගේ අහිංසක කම පෙන්නේ නැනේ හැක හැක හැක

      පටන් ගන්න තරම් ආදරේ සුන්දර නොවෙන්නේ මන් හිතන විදියට තේරුම් නොගැනීම වගේම අවිස්වාසය නිසා,එක පැත්තකින් මේ වැරැද්ද මතු උනත් හොදටම ඇති සම්බන්දෙ බිදවැටෙන්න..තේරුම් අරන් හිටියොත් හුගක් වෙලාවට සාර්ථකයි මන් හිතන්නේ...

      Delete