Friday, February 26, 2016

උඹට සුබ උපන් දිනයක්...







ආදරණීය බෙයෝනා,

කියන්න තියන දේවල් සිය ගානක් අතරින් පුංචිම පුංචි දේවල් ටිකක් මම උඹ වෙනුවෙන් හදිස්සියේ ලියමි.උඹෙයි මගෙයි යාළුකමට මහා ලොකු කාලයක් වයසක් නැති උනත් අපේ යාලුකමින් උඹෙයි මගෙයි ජිවිත වලට ලැබුණු වගේම ඉගෙනගත්ත දේ වචන වලින් කියල ඉවර කරන්න බැරි තරම්.යාළුවො කියල කියන එව්න් සිය ගානක් අතරින් ඉස්කෝලේ ඒ හිටපු යාලු රැලට පස්සේ මගේ ජිවිතේ මට ලැබුණු හොදම යාළුකම ලැබුනේ උබෙන්.

අපි අදුරගත්ත මුල් කාලෙම කලිසම් අදින චීත්තකාරයෙක් කරපු වැඩක් නිසා අපි කතා නොකර හිටිය.ඒ වගේම ඒකට පිදුරු දාපු අපේම යාලුවෝ කියන එකියනුත් නිසා අපි අතර කතා බහක් සිද්ද්ද නොව්නුනු තරම්.හැබැයි මන් වගේම උඹත් වැඩි කාලයක් නොගිහින් තේරුම් ගත්ත වටේ ඉන්න එව්න් කියන ඒවා අහල තේරුමක් නෑ,අපිම මේ ප්‍රශ්නේ විසදගන්න ඕනේ කියල.ඇත්තටම උඹටයි මටයි එහෙම කතා කරන්න හයියක් තිබුණු එක ගැන අදටත් මට තියෙන්නේ කියන්න බැරි සතුටක්.මොකද අපි වටේ හිටපු එව්න් අපි දෙන්නට අපි දෙන්නගේ මුණ බලන්නවත් පුළුවන් විදියට වැඩ කරලා තිබුනේ නෑ.මගේ හිතේ උඹ ගැනත්,උබේ හිතේ මන් ගැනත් තිබුනේ ලොකු තරහක් විතරයි.හැබැයි උන් එහෙම කරලා බලාපොරොත්තු උනේ මොකද්ද කියන්න මන් අදටත් දන්නේ නැති දෙයක්.කොල්ලෙකුයි කෙල්ලෙකුයි තරහ කරා නං හිතන්න තිබුන ඉරිසියාව කියලවත්,ඒත් මේ එකට වැඩ කරන කෙල්ලෝ දෙන්නෙක් තරහ කලේ මොනවා ලබාගන්නද කියන දේ ගැන මට තාමත් තේරුමක්  නැත.

හැබැයි මේ සිද්දියෙන් පස්සේ උඹයි මමයි අතර ගොඩනැගුනේ යාලුකමකට වඩා සහෝදරකමක්.මේක නිසාම අපි දෙන්න ඔපීසියේ "මෝඩ ජෝඩුව" කියන වැදගත් නම්බු නාමය පවා දිනා ගත්ත.ඔපිසියට අපි දෙන්නම ආවේ A/L කර ගෙදර ඉන්න කාලයේ ආසාවටය.ඔපිසියේ වල්පල් වගේම තව රටේ නැති වල් පල් කියව කියව හවසට බස් එකට නගින්නට ගන්ගාරමේ ඉදන් හෝල්ට් තුනක් පයින් යන අපි වගේ මොංගල් ජෝඩුවක් තව ඉන්නවද කියන්න මන් දන්නේ නැත.අපේ තරම කොච්චරද කියනවනං අපේ අම්මල උනත් දැන් නං අපි කියන දේවල් වලට කියන්නේ "හොරාගේ අම්මගෙන් පේන අහනවා ඔයිට හොදයි"කියලය.අපි හොර වැඩ කලත් කරන්නේ එකටමයි,අනික ඒවා ඉතින් අහිංසක හොර වැඩනේ නැද්ද?.අපි කරපු තරමක් කලේ මොකක් හෝ ගොන් වැඩක් නැත්තන් එලෝ මෙලොව මනුස්සයෙක් නොකරන බහුබූත වැඩක්.ඇයි දෙයියනේ අර අපේ රෙසිපි වලට හදාගෙන කාපු කෑම ඔපීසියේදී.ආයෙත් උඹටයි මටයි එහෙම එක තැනක වැඩ කරන්නට ලැබෙයි කියා සිතන්නට අමාරුය.එත් මේ යාළුකම හැමදාම එකම විදියකි.

මන් වගේම උඹත් කදුළු හංගගෙන හැමෝම ඉස්සරහ හිනා වෙන්න හරිම දක්ෂයි.ඒවගේම උඹටයි මටයි එක වගේ ගති ගුණ හුගක් (මන් කිව්වේ මොංගල් ගතිත් ඇතුළුව) තිබුන නිසාමද මන්ද අපි අතර මේ තරම් හොද යාළුකමක් ඇති උනේ.ඇත්තටම එක සහෝදර කමක්.මොන හරි දෙයක් කියනකොට එක ඉවසීමෙන් අහගෙන ඉන්න උඹට තියෙන්නේ පුදුම හැකියාවක්.මන් තරහ ගිය වෙලාවට චීන පටස් වගේ පුපුරද්දී,උඹ තරහ හංගගෙන හිනා වෙලා කියන්න ඕන එකාට කියන්න ඕන දේ කියල එන ගතියට මන් හරිම කැමති.උඹට තරම් ඒ ඉවසීම මට කවදාවත් ඇති වන එකක් නැත.උඹ ජිවිතේ හුගක් තැන් මට වඩා හොදට තේරුම් අරන් උනත් පොඩ්ඩ ඇත්නං හිතින් කඩන වැටෙන ගතිය වගේම,ඕන එකෙක් දැක්ක ගමන් විස්වාස කරන ගතිය නැතිකරගනින්.මොකද උඹ අමාරුවේ වැටෙන තරමක් අමාරුවේ වැටෙන්නේ ඔය ගතිය නිසාය.

ඉස්සර තරම් උඹටයි මටයි එකට බස් එකේ යන්නට,කියවන්නට,ගොන් වැඩ කරන්නට දැන් වෙලාවක් නැත.මන් පොත් අස්සේ හිරවෙද්දී උඹ තව මාස දෙක තුනකින් වගකීම් පිරිච්ච ජීවිතයකට වගේම මේ රටත් අතහැර යන්න හදනවා.අපිට දැන් ඒ වගේ කතා කරන්න වෙලාවක් නැති උනත් මැසේජ් එකක් වත් දාන්න තාම වෙලාව තියන එක සතුටුයි.(වයිබර් කියන එක හදපු එකාට නං ඇත්තටම පින්,නැත්තන් ඕකත් නැති වෙනවා.හිකිස්.)හැබැයි මන් මොකක් හරි ගොන් වැඩක් කර අඩන දවසට උඹ මගේ ලග ඉන්න බව මන් හොදටම දන්න දෙයක්.ඒක ඒ වගේම උඹටත් පොදුයි.උඹ හිනා වෙන හැමවෙලේම උඹ ලග ඉදන් අත්පුඩි ගහන්න මට බැරි වෙයි.හැබැයි උඹ අඩන්න මන් ලගට එද්දී මන් අනිවාර්යෙන්ම උඹ ලග ඉන්නවා.

උඹ දැන් මුහුණු පොතේ වත් හොයාගන්නට නැතිය,ඒත් මට කියන්නට අවැසි හැමදේම මෙහෙම කුරුටුගාල තියන්න පුළුවනි.මොකද උඹ මේ බ්ලොගය අනිවාර්යෙන්ම කියවනව කියල මන් දන්න නිසා.උඹේ ලග තියෙන හොද ගති ගුණ ජිවිතේ කවදාවත් නැති කරගන්න එපා බන්.මොකද ඒ ගති ගුණ ජීවිතේට ඇත්තටම වටිනවා.මම උඹෙන් ඉගෙන ගත්ත දේවල් ගොඩක් තියනවා.ජිවිතේ අපි අඩද්දී ඇත්තටම සනසවන්න පුළුවන් වගේම හිනා වෙද්දී හදවතින්ම සතුටු වෙන්න පුළුවන් අය ඉන්නේ බොහොම පොඩි ප්‍රමාණයක්.අන්න ඒ වගේ හොද ගති ගුණ තියන උඹ මට හොදම යාලුවෙක්.එක අම්මගේ නොවුනත් හොද සහෝදරියක්.ජිවිතේ මන් දැකපු ලස්සන ගති ගුණ තියන කෙල්ලෙක්.මගේ ඕනෑම දෙයක් කියල මගේ හිත සැහැල්ලු කරගන්න පුළුවන් ආදරණීය යාලුවෙක්.තව කියන්න උඹ ගැන තියන දාහක් දේ අතර මන් මේ තරම් පුංචි දේවල් ටිකක් කියා නතර කරනවාට සමාවෙයන්.

ඉතින් බෙයෝනා...නැත්තන් ආදරණීය කොටෝ...උඹට සුබ උපන් දිනයක්...
ජිවිතේ අඩන්නේ විදවන්නේ නැතුව,සතුටින් හිනා වෙලා ජිවිතේ විදින්න මන් උඹට හදවතින්ම සුබ පතනවා.!!!




21 comments:

  1. Hmm.... Boho wyaja mithuriyan athra obath ma lada awyaja mithuriyaki....e awyaja bawa....athi de athisatiyen dakina e gathiya nisa api melesea mithuriyan se badennata atha...hehhe obada mada thani padayakin ke vita pissiyoooo wethi...hehhe bohoma sthuthiy souriya...loku athithyakata genagiya obe wadan...mawa ayemath...sada paththne nwatha warak athwal patala he he ara gngarame avidinna dwsak lbenna kiyl . ..ma kohe hityath oba mge mithuriyai sada awwata wassata pinnata dukata sathutata eka lesa laga radena...sathuta yanu...oba wani mithuriyak...jivithyata labaeemai. ..Ewan sathutak vidimata athamunta wasanwak nathaaaa..thnkuu honey for the very special gift...love u 😘😘😘😘😘😘😚😚😚😚❤👸

    ReplyDelete
    Replies
    1. ඒක පුංචිම පුංචි දෙයක් අලේ...මේ පර්ටිය ලෑස්ති කරලා තියපිය හරිද හි හි හි

      Delete
  2. මටත් ඉස්සර හිටිය මේ වගේ යාළුගෑල්ලමයෙක් .

    ReplyDelete
    Replies
    1. ඇයි දැන් නැද්ද බං..............????

      Delete
    2. එකනේ ....දැන් නැද්ද හිකි හිකි

      අපොයි මටත් ඉන්නව ඕවගේ කොලු යාලුවෙක් ,ඒක මේක දැක්ක ගමන් මට අනිවා මැසේජ් එකක් දානවා "උබලට අපි ගැන තම ලියන්න බැරි කියල" හිකිස්

      Delete
  3. මිත්‍රත්වය කියන දේ කවදාවත්ම වෙනස්වෙන්නේ නැති දෙයක්.හැබැයි ඒ තමන්ට ගැලපෙන මිත්‍රත්වය මුනගැහුනොත් විතරයි.උඹලා දෙන්නට සුභපතනවා.
    ජය වේවා....

    අර ගංගාරාම පාරදිගේ යනකොට උස මහත කලු එකෙක් ෆෝන් එකෙන් ෆොටෝ ගන්නවා දැක්කොත් බය නැතුව කෑ ගහපන් "කළණ අයියේ...." කියලා....එක්කෝ ඕනේ නෑ.දැක්කේ නෑ වගේ ඉක්මනට එතනින් මාරු වියන්.ඒක ඇඟට හොඳයි.

    ReplyDelete
    Replies
    1. ඔව් මිත්‍රත්වය මවාපාන අය අතර හොද යාළුවො ඉන්නේ හරිම පොඩි ප්‍රමාණයක්...බොහොම ස්තුති කටුස්සයියේ...:)

      අම්මෝ...ඒක දවසක් ඔහොම ෆොටෝ ගහන එක්කෙනෙක් නිසා අපි දෙන්න පන කඩාගෙන දිව්වා...හිකිස්...හැබැයි ඒ ආපු එකා නං කෙට්ටු කෑදැත්තෙක් වගේ එකෙක්...

      Delete
  4. නියමයි නංගා..... අපූරුවට අකුරු කරලා තියෙනවා . ඔබ හරිම වාසනාවන්තයි එවැනි යෙහෙළියක් ලබන්න ....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති මේතු අක්කේ..අනිවාර්යෙන්ම,හොද යාළුවො හොයාගන්න ලේසි නෑ...

      Delete
  5. ඔන්න අපිත් ශුබ පැතුවා කියන්ඩෝ ....

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට...
      හරි හරි මන් කියන්නන්කෝ...:)

      Delete
  6. අපිත් සුභ පැතුවා කියන්ට යාලුවාට (තිතක්)

    ReplyDelete
    Replies
    1. ස්තුති සහෝ...මන් කියන්නන්කෝ එහෙනං...:)

      Delete
  7. ලස්සන මිතුරුකමක්

    ReplyDelete
  8. කල්‍යාන මිත්‍ර සම්පත්තිය බොහොම විරලයි.. සුභ උපන්දිනයක් යාලුවට..

    ReplyDelete
    Replies
    1. කල්‍යාන මිත්තරයෙක් හොයාගන්න හුගක් අමාරුයි...ස්තුති..:)

      Delete
  9. යාලුවට හම්බ වෙලා තියෙන්නෙත් හොද යාලුවෙක් නෙව යාලුවත් වාසනාවන්තයි. ගිම්මිත් වාසනාවන්තයි.
    යෙහෙලියට සුභ උපන්දිනයක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුති මචෝ...:)

      ඔය වාසනාව ගැන අපේ අම්මලාගෙන් නං අහන්නෙපා හොදේ වැරදිලාවත් හිකිස්..

      Delete
  10. සුපැතුම් මිතුරියට.. ශක්තිමත්,යහපත් මිතුරුකම් ජීවිතේට වාසනාවක්.

    ReplyDelete