Tuesday, February 16, 2016

මැත්ස් & කොම්






බස්සි අක්කගේ  කොමාගේ Com  ගැන කියෙව්වම මට අපේ මිස්ල දෙන්නෙක් ගැනත් ලියන්න පොඩි මෙව්වා එකක් ආව.
ඉස්කෝලේ කාලේ මන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පන්තියේ සොයා ගත නොහැකි නසරානි එකියකි..එහෙම කිව්වට ඉතින් කවදාවත් හිතා මතා පන්ති කට් කලේ නෑ මන්..ඔක්කොම කට් උනා...එකට මන් මොන කරන්නද නේද අනේ..

මන් මේ කියන සීන් කෝන් එක වෙනකොට අපි හිටියේ 11 වසරේ..අර සා/පෙ  පන්තියේ..අර මන් කලිනුත් කතාවක් කුවේ අනේමල් සහ මයිනා
 අන්න හරි අන්න ඒ පන්තිය තමයි...අව්රුද්ද මුල් වරේ ඉතුන් ස්පෝර්ට්ස් මීට් එක,කලා උළෙල,තව එහෙන් මෙහෙන් සෙට් වෙන සොසයිටි වල ඩේ,ඕව මේවා ඔක්කම ඉවර වෙලා නිදහසේ අපේ සැට් එක දවසක් පන්තියේ නිදහසේ වාඩි වෙලා ඉන්නව..හැඃ නිකන් නෙමෙයි අවරුදු උත්සවේට අදින ඒවා ගැන කියව කියව...ඔන්න එනවා අපේ ගණන් මිස්..මන් අර කලින් කුවේ ටීන් ටීන් ගාන ඉමිහිරි වොයිස් එකේ අයිතිකාරයා..

"ළමයි ඊයේ දුන්න ගණන් ටික හැදුවද...?"

 අපිට මොන ගණන්ද කාලෙකින් පන්තියට ආවෙත් අද..10 වසරේ මිස්ලම උගන්නපු නිසා හොදයි නැත්තන් මේ ගණන් මිස් කියලා දන්නෙත් අද හිකිස්...මිස් දෙඉයනේ කියල එහා පේලි වල සංචාරය කරනවා...

මලකෙලි එකසිය ගානයි  කිව්වලු..මෙන්න මිස් ගමන් මාර්ගය වෙනස් කරලා අපේ වාසස්ථාන පැත්තට ඇදෙනවා..කරුමේ කියන්නේ  අපේ සැට් එකේ එව්වෝ එකෙක් වත් හදන්න දුන්න ගානවත් දන්නේ නෑ නේ..වෙන එකෙගෙන් වත් ඇහුවෙත් නෑ නේ ඉතින්...

"කෝ දෙන්න බලන්න පොත්.."

පොත ඇතුලේ ගිලි පීන පීන හිටපු අපි යාන්තන් ඔලුව ඉස්සුවා...හාහ් මෙන්න මිස් බය වෙලා වගේ අපි දිහා බලන් ඉන්නව...අපි මිස් දිහා බලන් ඉන්නව...මිස් අපි දිහා....අපි මිස් දිහා...

"මිස් මේ..." මයිනා සිංහයා වගේ කතාව පටාන් ගන්න හදනකොටම මෙන්න මිස් අපි කස්ටිය දිහා නොසැලී බලාගෙන අහපි...

"ඇහ..ඔය ළමයි මේ අව්රුද්දෙත් මේ පන්තියේද...මන් දැක්කේ අදනේ..මන් හිතුව වෙන පන්තියකට දාල කියල....ඇයි අද ආවේ පන්තියට? ලබන සතියේ ටර්ම් ටෙස්ට්ම ආවා නං ඉවරනේ.."

ඔන්න අපේ මලා...

"මිස් ඇත්තද මිස් කියන්නේ ලබන සතියේ ටෙස්ට් එකද...මාරයිනේ..."

අපේ විතරක් නෙමේ ඉතින් පංතියෙම  ටිකිරි සිනා පොකුරු පොකුරු.....



************************************************************







මේ වටිනා කියන අවස්ථාව සිද්ද උනේ 12 වසරේ...
අපේ පෙරන්ට්ස්  මීටින් ආවේ නැත්තන් ආයෙත් දවසක් එන්න වෙනවා ගෙදරින්..ඕවගේ 12 වසරේ අන්තිම මීටිමට අපේ අම්මට වත් තාත්තටවත් එන්න බැරි උන නිසා තාත්ත පස්සේ දවසේ උදේ ආව.කරුමෙට එදා ඉදල තියෙන්නේ තාත්ත විතරයි.මේ කියන අවස්ථාවේද මන් තුමී පන්තියේ සිටියේ නැත.පට්ටම් කෑල්ල ගහගෙන ඩියුටි දුවල.ඔන්න මට ඔත්තුවක් ආව තාත්ත පන්තියට වාර්තා කලා කියල.එත් ඉතින් යන්න පුලුවනෙයි අනික තත්ත්ව ගෙදරදී දකින්නතුව වගේනේ....මන් මගේ පාඩුවේ වැඩ ටික කරල යන්න ලෑස්තිය තාත්ත බලන්න..කීයක් හරි කඩාගන්නත් පුළුවන්නේ අම්ම නැති වෙලාවේ...

අහෝ කේදයකි ඉරකි තිතකි ප්‍රශ්නාර්ථයකි...පට්ටම් මිස් මීටිමක් කැදවලා...දැන් ඉතින් හිටන් හිටපන්කෝ ගිහින්...මිස් කියනව අපි ඔලුව වනනවා...මිස් කියනව අපි ඔලුව වනනවා...
ඔන්න ඔහොම ටික වෙලාවක් යනකොට කොමර්ස් එකට යන මල් පාරේ අපේ තාත්ත මුණ කළු කරගෙන එන හැටි දර්ශනය වෙනවා.එනපොට හොද නෑ..එත් ඉතින් කොහේ කියල දුවන්නද මිස් ලොකු කතාවක්...

හාහ් මෙන්න මාව තාත්ත දැක්ක...අම්මේ...මුනේ තියන සිරියාව...අබ කිලෝ එකක් දැම්මත් තත්පරෙන් පුපුරන සයිස් එකක් තියෙන්න...ආවා ආවා ලගටම ආවා....මිස්ට මොනාදෝ කිව්වා...මිස් ඔලුව වැනුවා...මෙන්න එනවා මේ පැත්තෙන්...

"චුටි දුව මෙහෙ එනවා..."

"ඇයි තාත්තේ..." සුහච කීකරු පුස් පැටියෙක් වගේ වචන ගලපනකොටම...

"ඇයි???? පන්තියේ ඉන්නේ කොයි වෙලාවටද කියනව..හැමවෙලේම එලියෙලු..."
"ඉතින් මන්...."

"ඉතින් ඉතින් නෙමේ එනවකො ගෙදර අද...."

විනාසයි...අපේ මිස්ල මගේ කැරැට්ටුව නැත්තටම නැති කර කුඩු පට්ටම් කර චොප්ප කර දාල ඇති.අපේ කට්ටිය ගැන අහන්න දෙයක් තියනවයේ ඉතින්..දුටු තැන අල්ලනු නේ..

යාන්තන් පට්ටන් මිස්ගේ කතා අහල පන්තියට සේන්දු වෙනකොටම මෙන්න පුසී,දේශි  බෙරිහන් දෙන්න ගත්ත...

"කොහෙද ඕයි හිටියේ...තාත්ත ආවා කට්ටිය තාත්තව වට කරගෙන සාකච්චාවක් දුන්න..."

"පිස්සුද යකු අර ස්ලීපින් බියුටි කිව්ව කතාවට මේකිට කන පැලෙන්න ගහනව ෂුවර්..."

"මේ යකුනේ ඕක නවත්තල මෙතන මකද උනේ කියනවකො...තාත්ත පුපුර පුපුර ගියේ..."

"අහ ඉන්න ඉන්න කියනන් අපි..."ඔන්න පටන් ගත්ත මුන් දෙන්නගේ රගපෑම...

"තාත්ත අවා..අපේ මිස් ඇහුවම කුව ගීත්මගේ තාත්ත කියල..මෙන්න අපේ මිස් නැගිට්ට..ඇහ එන්න මන් එත් බැලුව ඇයි අවේ නැත්තේ කියල එදා..."

"ඔන්න කට්ටියගේ මේසෙට එක්කන් ගිය තාත්තව,වැඩි වෙන්න පුටුවකුත් දුන්න...ඒ මදිවට මිස්ල සෙට් එකටම කියපි මේ ගීත්මගේ තාත්ත..."

"අපේ මිස් දැන් ඔන්න ලකුණු පෙන්නනවා...පෙන්නලා ඉවර වෙලා කියනව,ලකුණු නං ප්‍රශ්නයක් නෑ..හැබැයි එයා පන්තියේ නෑ...මන් රෙජිස්ටර් එක මාර්ක් කරන්නේ බෑග් එක බලල...යාන්තන් තව මොනාද කියවල එයා නැගිට්ට..."

"ඊලගට කොහෙද මන්ද ඉදල ආවා ස්ලීපින් බියුටි...."

"මෙන්න වාඩි වෙලා අහනව..මන් මේ ගීත්මගේ ගෙදර කෙනෙක් හම්බ වෙන්නයි හිටියේ...එයා ඇයි ඉස්කෝලේ එන්නේ නැත්තේ..."

"ඒ පිස්සුද බන් එයාට මන් හැමදාම ඉස්කෝලේ එනවනේ..." ආච්චිගේ රෝස මල මන් හමදාම ඉස්කෝලේ ආවනේ..

"අහගන්න්වකෝ ඇඩ් දානේ නැතුව..."

"එතකොටම තාත්ත කියනවා නෑ මිස් එයා හැමදාම ඉස්කෝලේ එනවා කියල..."

"මිස් කියනවා නෑ දකින්නේ නෑලු..."

"දැන් මේක යාන්තන් ඇහෙනවා අපේ මිස්ට..ඔන්න එයා දුවන් එනවා..."

"නෑ නෑ මිස් එයා හැමදාම ඉස්කෝලේ එනව පන්තියේ නෑ..බාහිර වැඩනේ..."

"අපේ මිස්ගේ පරම්පරා 7ක්ම කොමර්ස් කරන්න ඕනේ ඒ කරපු උදව්වට.. "

අපේ සැට් එකේ ඉතුරු එව්වොත් සීන් කෝන් එක බලන් මැරෙන්න හිනා වෙනවා...එත් මුන් දෙන්න කොහොමද මේකේ මෙච්චර හොදට අහගත්තෙ...කොමර්ස් එකේ මිස්ල වැඩිපුර හිටියේ කොමර්ස් එකේම ස්ටාෆ් රූම් එකක..එතනට කොහොමද මුන් දෙන්න ගියේ...අනික කතාව අස්සේ අපේ මිස් මලාට ඔතනට මුන් දෙන්නව වැද්දගන්නේ නෑ...

"මේ මට කියනවා තමුසෙලා දෙන්න කොහොමද ඕක ඔච්චර හොදට බලන් හිටියේ කියල..."

මෙන්න මුන් දෙන්න හිනා වෙනවා දෙකට නැවීගෙන...

"කියනවකො..."

"මේකනේ අපි දෙන්නගේ ටිකිරි මොලේට වැටහුනා අපේ මිස් තමුසෙගෙ තාත්තව එක්කන් යන්නේ හොදකට නෙමේ කියල...අනික වාර්තාව දෙන්නත් එපැයි මු ආවහම..ඒ නිසා අපි දෙන්න දඩ බඩ ගාල ගානකුත් අරන් Accountz මිස් ගාවට ගියා...ඊට පස්සේ අපි මිස්ව ගාන ඇතුලේ අනාත කරලා සීන් එක බලන් හිටිය..."

අනේ ඉතින් මෙහෙම යාළුවො ලබන්න පින් කරන්න ඕන අප්පා...හිකිස්...

49 comments:

  1. මන් එක කියෝලා එන්නම්

    ReplyDelete
    Replies
    1. අර උඩ තියෙන ලින්ක් එකකටවත් යන්නේ නෑනේ.. මගේ අවුලක් ඔබගේ අවුලක්ද???

      සීන් ටික එක පෙලට මැවී පෙනුනා. මටත් අත්දැකීම් තියෙන නිසා...

      මම දොලහ වසරෙදි. උනු සීන් එකක් මේක. ගේට්ටුව ලගින් එනකොටම අපේ හෙඩා මාව නවත්තගෙන කිව්වා. කලිසමේ පෝල්ට් එක වැඩියි හෙට හදාගෙන වරෙන් කියලා මාව යව්වා අදුරන හින්දා.. වැඩි දුර යන්න උනේ නෑ.. විනය භාර සර් මාව නවත්තගෙන තමුසෙගේ පෝල්ට් එක වැඩියිනේ.. කිව්වා. ඉසුරු මෙහේ එනවා. මොකද මෙයාව යැව්වේ.. නෑ සර් මෙයා හෙට හදන් එනවා කිව්වා.නෑ මෙයත් නවත්ත ගන්නවා. මූ දැන් මාවත් නවත්තගත්තා. කොහොම හරි අපේ ස්ටෑන්ඩ් එකට එදා මහින්ද මහත්තයා එනවා කියලා..
      ප්‍රින්සිපල් සර් ආවා හෙට අම්මලා තාත්තලා එක්කන් එන්න කැමති අය විතරක් පන්ති වලට යන්න කිව්වා. අනිත් අයගේ කලිසමේ දනිස්ස ලගට වෙනකම් පලන්න කිව්වා. මාත් ඉතින් කලිසම පලා ගත්තා මොකටද අම්මා එක්කන් යන්නේ... මල කෙලියයි කියන්න අම්මා එක්කන් එන්න කැමති නැති අය දැම්ම ගෙදර යන්න කිව්වා. ඒ වෙලාවෙම එතනට ආපු අපේ සෙක්ශන් එක බාර මිස් මටයි අපේ පන්තියේ තව එකෙකුටයි අම්මා හරි තාත්තා හරි එක්කන් එන්න කිව්වා..

      කලිසමත් පලා ගත්තා..
      ගෙදරත් යන්න කිව්වා...
      අම්මත් එක්කන් එන්න කිව්වා..

      ගෙදරනම් ගියේ වෙනදා බස් එකේමයි මහින්ද මහත්තයට පින් සිද්ද වෙන්න...
      හොදම සෝයි කලිසම දැක්කනම්

      Delete
    2. හැක හැක කොහොමද අනේ කලිසම පලාගෙන ගියේ....පව් දෙයියනේ....මාරුවට ඉන්නැති..සර්කස් වගේ :P :P

      මගේ අව්ලක් මන් හිතන්නේ මන් එක හදන්න...

      Delete
    3. මොකක් හරි අව්ලක් තියනවා මගේ...ලින්ක් දෙක පෙන්නේ නෑ නේ..:(

      Delete
  2. ඉතින් ගිම්මි ගුටි කෑව ද?

    ReplyDelete
    Replies
    1. හිකිස් නෑ නේ...මන් ගෙදර ගියෙත් ගුටිකන්න හිතාගෙන..අනේ මන්ද අයිෂු...මට ගැහුවෙත් නෑ බැන්නෙත් නෑ...

      Delete
    2. මේ දැරිවි ගහලා බැනලා හදාගන්න බැරියි කියලා තාත්තට හිතෙන්න ඇති.

      Delete
    3. හිකිස්...ඕක මන් හිතන්නේ අපේ අම්ම මන් යනකොට ශේප් පාරක් දාල තියෙන්න ඇති...අම්ම දන්නවනේ ඕවට මන් සැලිල පන්තියේ ඇතුලේ මාව තියන්න බෑ කියල..හැක හැක හැක

      Delete
  3. මොනව කියනනද මංද
    පිස්සු පීකුදු වෙනව මේව කියෙව්වම අයියෝ...
    ඒ එල් කාලෙ අපේ බාහිර වැඩ කරපු එකේ රගේ කෝමද කියනව නං ඉස්කෝලෙ නොගියත් පොතට එක වැටුණ දවස් තිබ්බ.
    දැං අහන්න එපා බෑග් එක විතරක් ඉස්කෝලෙ ගියාද කියල මොකද අපි කවදාවත් බෑග් ගෙනියන්නෙ නෑනෙ. හෙහ්..
    ඒව වැඩිපුර කතා නේ හිහි...

    තාත්තල ඔය මූණ රොස් කරන් ගියාට ගෑල්ලමයිට ගහන්නෙ නෑනෙ කොල්ලෙක්ට නෙලුවොත් තමා..
    හෙහ්...

    ReplyDelete
    Replies
    1. අන්න ළමයි...
      අපි නං හැබැයි බැග් ගෙනිච්ච පොත් නැතුව හරි කෑම එක දාගන්න...
      වෙලාවකට බෑග් පන්තියේ තිබ්බට ඉස්කෝලේ ඇතුලෙත් නැති වෙලාවල් තිබුන...හි හි හි
      මොන පිස්සුද අපේ තාත්ත එක පාරක් මට මාළු පාන් කව්වා හැටි දන්න නෑ නේ ඕගලන් හිකිස්..

      Delete
    2. අප හාමුදුරුවෝ අපිට අඹ කැව්ව වගේද දන්නෙ නෑ

      Delete
    3. හිකිස්...පැදුරක් දාල...වාඩිකරවල....මලුපන් වටේට තියල...එවගේද...මන් එතකොට එකේද කොහෙද...අපේ අර මල්ලි කියන වසවර්තිය නිසා තම ඔක්කොම...

      Delete
  4. අලි වැඩ තමා ඔයත් ඉක්කොලේ කාලේ කරලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. //අලි වැඩ තමා...//
      සද්දන්ත වැඩ?????
      පොඩි එවුන්ගේ වැඩ????

      Delete
    2. හිකිස්...පොඩි එවූන්ගේ වැඩයි සද්දන්ත වැඩයි ඔක්කොම කලානේ...

      Delete
  5. මං මේ ගැන මොකුත් කියන් නෑ...

    ReplyDelete
    Replies
    1. අනේ මොකද්ද ඩ්රකි අයියේ මොන හරි කියනවකො... :D

      Delete
    2. මුණ බලාගෙන බෑ කියපු කැත...:P

      Delete
    3. (අහක බලාගෙන) ආයෙත් පාරක් බෑ...!

      Delete
    4. කී බෝඩ් එක ස්ටක් වෙලා වගේ?

      Delete
    5. නෑ නෑ කීබෝර්ඩ් එක ඔයාට ගහන්න එන්න බයික් එක රේස් කරනවා...

      Delete
    6. අපේ තාත්තත් ඉස්සර රේස් දානව බාප්පත් එක්ක... :-)

      Delete
  6. අන්න ඒ කාලේ.....................

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ වගේ කාලයක් ආයෙත් එන්නේ නෑ නේ...

      Delete
  7. ඔහොම තමා පාප මිත්රයො.. ඔව්වා ගණන් ගන්නෙපා.. අපි අපේ යාලුවන්ගෙ අම්මල තාත්තලට උන් ව ළඟ තියාගනම කියපුවායෙ හැටියට ඔව්වා හරි සුලු දේවල් අක්කණ්ඩි..))

    ReplyDelete
    Replies
    1. නගා කතාව පටලවගෙනද මන්ද...ස්ලීපින්ග් බියුටි කියන්නේ යාලුවෙක් නෙමෙයි...අපේ මිස් කෙනෙක්...හිකිස්...

      Delete
  8. Replies
    1. ගණන් නං ටිකක් හැදුව සෑර්...හැබැයි ඉතිහාසය වගේ ඒවාට අවරුදු දෙකටම තිබ්බේ පිටු 80 පොතක් විතරයි...හිකිස්...

      Delete
  9. හැක හැක මට නම් ඕං ගානට ජවනිකාව සිතේ මවාගන්ට පුළුවන් ....

    ReplyDelete
    Replies
    1. මේතු අක්කා නොදන්නවය අපේ මිස්ලගේ තරම..හිකිස්..

      හැබැයි අක්කණ්ඩියේ ලදී ඉස්කෝලේ පැත්තේ ගිය නං... දැන් කොමර්ස් එකට යන මල් පාර,කොමර්ස් එක ඉස්සරහ තිබුන ඇහැළ ගහ කපල ටෙක් බිල්ඩිම හදල...අරලිය ගස් යට තිබුන බෙන්ච් ගලවල දාල...දුකේ බෑ....

      Delete
    2. කෙලියා තාප්පෙට! අනේ ඇත්තෙයි නගා. ඒ මොන සහගහන අපරාදයක්ද? මගේ අතීත මතක ගොන්නෙන් ආදරණීයම මතකය බැඳිලා තිබුණේ ඔය ඇහැළ ගහ එක්ක ...... දැන් නම් ඉස්කෝලේ පැත්තේ යන්ට හිතෙන්නෙත් නෑ වගේ.....

      Delete
    3. ඔව් දුකේ බෑ....අර බෙන්ච් අපරාදේ,අපි මොන දෙයක් උනත් කතා කලේ එතන ඉදන්......තේක්ක ගස් පේලිය විතරයි එතන ඉතුරු දැන්...

      Delete
  10. අපි උසස් පෙලට ගිය ගමන්ම කලේ පන්තිවල තීන්ත ගාපු එක.ඕකට එළියට ගිහින් බඩු අරගන එන්න සෙක්ශන් හෙඩ් ලියුමක් ලියලා දුන්නා.වෙලාවට ඒකේ දිනේ දාලා තිබුනේ නෑ.ඔය ලියුම ලඟ තියාගන මම කරපු දේවල්.අනිත් එවුන් තාප්ප දිගේ බඩගාද්දී මම මේන් ගේට් එකෙන්ම එළියට එනවා ස්කූල් කට් කරලා.
    ඔය කාලේ ගැන කොච්චරනම් කතාකරන්නද?තාමත් සෙට් වෙනකොට කතාකරන්නේ ඕවම තමයි.

    ReplyDelete
    Replies
    1. හිකිස්...ඔය එළිවෙන්නේ කට්ටියගේ වැඩ...අපි ස්පෝර්ට් මීට් කාලෙට නං පන්තියෙන් එලියට එන්න ඕව කල..අම්මලාගේ හොර අත්සන් එහෙම...

      හ්ම්ම්...කගේ හරි මගුලක්,මළගෙයක්,දාන ගෙයක්,බන ගෙයක් ආවම තමා සැට් වෙන්නේ ඉතින්...බැච් පාර්ටි එන්නෙත් ටිකයිනෙ..ගැණු දැරිවියෝ නිසා එකතු වෙන්න දැන් වෙලාව හරි අඩුයි...දුකයි අයිශු..

      Delete
  11. බැලුවාම අපි හොඳයිනේ බං.. අපිනම් ඉතින් කොමර්ස් කරාට maths පන්තියෙත් වාඩිවෙලා ඉඳල තියනව කෙමෙස්ට්‍රි ටීචර් ග්‍රීක් වගේ කෙමෙස්ට්‍රි පාඩම උගන්නල යනකම්..

    ReplyDelete
    Replies
    1. හිකි හිකි හිකි...අපේ සැට් එකේත් එක්කෙනෙක් බයෝ..දෙන්නෙක් මැත්ස් කළා..ඒ කස්ටියත් පීරියඩ් චැට් කරන්නේ අපේ කොමර්ස් එක අස්සේ තමා...

      අමතක උනානේ...සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට...:)

      Delete
  12. lassanata liyala thiyanawa hondhatama hinaa unaa. :)
    //man ethakota akeda kohidho//
    Oyaa harima hera detuwekne gimmiyoo. :)
    mallige maalupaan horen kaala maattu neda. :D

    ReplyDelete
    Replies
    1. ස්තුති...:) හිනා උනා නං ඇති හොදටම...
      හොරෙන් කාල නෙමෙයි අලෙ..අපි හවස මාලු පාන් කාල තව එකක් ඉතුරු උනා..එක තාත්ත දෙකට කපල මල්ලිටයි මටයි දුන්න...මල්ලිගේ කෑල්ල ලොකුයි,මගේ කෑල්ල පොඩි කියල ඇඩුවනේ මන්..හිකිස්..එට පස්සේ තාත්තා මාළුපාන් 10ක්ද ක්ද ගෙනල්ල කන්න කිව්වා...හේ..හේ...

      Delete
  13. මේක නම් මරු... ඔයාට ගැළපෙනම යාළුවෝ සෙට් එකක් ඉඳල තියෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහල...අපේ සෙක්ෂන් එකේ මොකක් හරි නසරානි වැඩක් උන ගමන් මිස්ල දුවන් ඇවිත් බලන්නේ අපි පන්තියේ ඉන්නවද කියල...හිකිස්..ඒ තරම් අපි හොදයි..

      Delete
  14. හලිම ජොලි ඉක්කොලයක් නේ.

    ReplyDelete
    Replies
    1. හිකි හිකි අපේ හරි අපුරු ඉස්කෝලේ...

      Delete
  15. ගිම්මියි ගිම්මිගේ යාළුවෝ රොත්තයි,රස කතාන්දර ගොඩායි,

    ReplyDelete
  16. මං හිතුවා වැරදීනේ මං විතරක්ම නිමි එහෙන්ම් පීරියඩ් කට් කරන ගෑණු ළමයින්ට ඉන්දලා තියෙන්නෙ. මං එකදවසක් පීරියඩ් 7ක්ම කට් කලා,දැන් ඒ ගැන මතක් වෙද්දිත් දැනෙන්නේ අමුතුම සතුටක්. අපේ කොමර්ස් සර් නම් හැමදාම අයිටී රූම් එකට ඇවිල්ලා කියන්නේ. "අදත් පංතියේ හිටියේ නෑ නේද" එච්චරම තමයි කොච්චර සර්ගේ පිරියඩ් එක කට් කරත් එක පාරක්වත් සර් ගෙන් ගුටි නොකාපු එකම කෙනා.(ගුටි කන්න පංතියේ ඉන්න එපැයි)

    ReplyDelete
    Replies
    1. අන්න ළමයි...හිකි හිකි අපෙත් එක්කෙනෙක් හිටිය පීරියඩ් කට් කරන්න ඕනේ උන ගමන් දුවන්නේ IT රූම් එකට...:D :D

      Delete