Thursday, June 22, 2017

නුඹ මගේ ප්‍රේමයයි

සංසුන්ව ඈත සඳ දෙස බලාගෙන හිතන්න තියන හුඟක් දේවල් අතරින් මට නුඹ ගැනම හිතන්න මගේ හිත බලකරනවා.ජීවිතේ විඳපු සොඳුරුතම හැඟීම නුඹ වෙද්දි වරෙක මගෙ ජීවිතය එපාම කරපු හැඟීම වෙන්නෙත් නුඹම විතරයි.දවසකට මගේ ජීවිතය ඉහළින්ම තියන්න උදව් කරපු නුඹ දවසක මට දරාගන්න බැරි තරමටම වේදානාවන්,රිදවීම් ගෙනත් දුන්නා.ඒ හැමදේම අැතුලතින් නුඹ ලොකුම ලොකු කතාවක් මට කියල දුන්නා වැටුනත් නැගිටින්න මගේ හිත ශක්තිමත් කියල.

දවසක මට නුඹව සුන්දර පින්තාරුවක් දිහා බලද්දි දැනෙන හැඟීම් රෑනක් එක්ක විදින විට, තවත් දවසක කන් අඩි පුපුරන තරම් සද්දෙන් එන අකුණක් තරම්ම මගේ හිත බය කරන්න නුඹට පුලුවන් වුනා.මම හැමදාම හිතුවෙ මගෙ හැඟීම් සියල්ලම එකින් එක කියන්න පුලුවන් කෙනෙකු ඉන්නව නන්,ඒව දන්න හඳුනන කෙනෙකු ඉන්නවනන් ඒ නුඹම විතරක්ම බව.ඇත්තටම මම නුඹට ආදරය කරනව,ඒ ආදරේදි මම නුඹව උදේම හීනියට ඇවිත් අපේ වටේ එතෙන සිසිලස වගෙ විදිනව.මල් පෙති උඩ තියෙන පුංචි පිණි බිංදුවක් වගෙ ආදර දෑසින් විදගන්නව.

මට හිතෙනව නුඹ සත්තකින්ම වැස්සක් වගෙයි.වැස්සෙ තියන ඇගම හිරිවට්ටන සීතලත් එක්ක තියන සොඳුරු හැඟීම වගෙම අකුණු ගහද්දි ඇහෙන කන් පුපුරන සද්දෙත් එක්ක දැනෙන භයංකර බවත් මම නුඹෙන් දකිනව.ඒ හැමදේම මම නුඹ ළඟදි විදිනව.
ඒත් තවත් වෙලාවකට නුඹ සිහින් ස්වර තියන ගීතයක් තරමටම මගේ හිත භාවනාවකට ගෙනියනවා.ඒ හැමදේටම වඩා මම හරි මෙහෙම කිව්වොත් නුඹ ගැන....."නුඹ නේක පැහැ මල් පිරුණු මල් කළඹක් තරමටම පාට පාට හැඟීම් රෑනක් එකතු වුනු කළඹක්".

ඉතින් මම අද ඉදන් නුඹේ නම වෙනස් කරනව.හැමෝම කියන නම කියන්න මගේ හිත කැමති නෑ.ඒ ඇයි දන්නවද මගේ ජීවිතය ජීවත් කරන්න ඇත්තටම වැඩිම සුව පහසුවක් ළං කරන්නෙ ආදරණීය නුඹ නිසා.

"නිහඬබව"ඉදින් සත්තකින්ම නිහඬ නොවු නුඹට ප්‍රේම කරන්නියක්ව සිටිමි දැන් මගේ සිත.

ඇගේ දිනපොත.
22/07/2017

3 comments:

  1. කළින් හැමෝම කියපු නම මොකක්ද? ;)

    ඔය අන්ත දෙකේම සරණ කොට තමයි ආදරේ හොඳින්ම දැනෙන්නේ.. තද උණුසුම්.. තද සිතල.. ජයවේවා!

    ReplyDelete
    Replies
    1. "හැමෝම කියන්නෙ නිහඬ බව කියල ඒත් මන් කියන්නෙ මගේ ප්‍රේමය කියල"

      කමි අයියේ....ඉස්කෝතුයි

      Delete