Wednesday, April 5, 2017

නුඹ මගේ නම්...

මගේ මිතුරියක් වෙනුවෙන්ම මා ඇගේ සිතැඟි අමුණා තබමි.

මගේ සිත දරාගත නොහැකි තරමටම රිදුම් දී හමාරය.ඉදිරියටත් එසේ රිදුම් දේවි.අතීතය තරම්ම වර්තාමානයත් මගේ සිත ඉඳිකටු තුඩු දහස් ගනනකින් සූරනවාය.ඒ මගේ මතකයයි.වෙන කිසිවක්වම නොව මගේ ආදර මතකයයි.

අතීතය තුළ රැදුණු මතකය ඒ ආදරය තවමත් මගේ හිත හොයනව.ඉල්ලනවා.ඒත් ඒ හදවතට මට දැනුදු එක අංශු වක තරම් අයිතියක් නොමැත.ඒ අයිතිය සුළඟේ ගසා ගෙන ගොස් අදට හරියටම අවුරුදු තුනාහමාරකි.මේ හදවත තවත් එකම වතාවකට හෝ නුඹ එතැයි මග බලනවාය.දන්නවද නුඹ එක් වරක් මගේ ජීවිතයට ආවොතින් මන් කොයිතරම් දේවල් කියයි කරයිද කියල....නෑ නුඹට හිතාගන්නවත් බැරිවේවි මගේ මේ පිස්සුවක් වුන ආදරයේ තරම.

දැනිල තියනවද නුඹට ජීවිතේ එක් වරක් හරි තමන්ගෙ ආදරේ නැතුව දහස් ගානක් මිනිස්සු අතරම අතරමන් වුනු හැඟීමක්.මන් ඒ හැඟීම ජීවිතය තුළ අඩුවක් නැතුවම විදිනව.නුඹට කියන්න නුඹෙන් අහන්න සීයක් දේ මගේ හිත තුළම තියාගෙන නුඹ නැතුවම මන් තනියම ලෝකෙත් එක්ක හිනාවෙනව.ආදරේ කියන්නෙ මොකද්ද මන් අදටත් හොයනව.ඒත් හිමිවීම ආදරේ කියන්න මන් උත්සහ කරන්නෙ නෑ කවදාවත්ම.මොකද මන් ආදරේ කරන්නෙ තාමත් අහිමි හදවතකට.

හුඟක් අය තමන්ගෙ ආදරේ පේන දුරින් ඉන්නවට,ඒ හුස්ම වල දැවටෙමින් ඉන්නයි ආස කරන්නෙ.එදා නිතරම අපි කියෙව්වට පැය ගණන් එත් අද මන් එක ඇමතුමක් අරන් නුඹේ හුස්ම අහන් ඉදල හිත හදාගත්ත වාර අනන්තයි.නුඹයි මමයි අත් දෙක අල්ලගෙන ගිය පාරවල් දිහා බලාගෙන අපේ ආදරේ මතක් කර කර අඬපු වාර නුඹට නම් හිතා ගන්නවත් බැරිවේවි.සුදු ගවුමට එදා හැඩ වුනු මගේ රුව නුඹට අද ඒ තරම්ම හැඩ නොවුනට නුඹව තාමත් එදා තරමටම මට විදින්න පුලුවන්.හැමදාම ඔය ඇස් එක්ක ගෙවුන අතීතයේ සුවඳ එක දැන්  දවසක් මට නුඹව ඈතින් දැකලා විදගන්න පුලුවන් තරමටම මගේ හිත මට කීකරු වෙලා.ඒත් මගේ ඇස් ඉවරයක් නැතුවම තාමත් අඩවන්න ඉස්සරම වගෙ තාමත් ඔයාට පුලුවන්.

නුඹේ ආදරේ අස්සෙ මන් අතරමන් වෙලාද බලෙන්ම අතරමන් වුනාද කියන්න මට වත් නොතේරෙන දෙයක්.දැනෙනව විටෙක මටත් ආදරයක් ඕනෙමයි නුඹ එන්නෙ නෑ කියල.ඒත් මගේ ඇස් හොයන්නෙ නුඹ වගේ රුවක්,හිත හොයන්නෙ නුඹේ ආදරේ.මන් හුගක්ම උත්සාහ කලා නුඹ වගෙම තවත් හිතක් ලංකරගෙන ආදරේ විදින්න ඒත් මට බැරි වුනේ තාමත් ඔයා මගෙ හිත ඇතුලෙන් තාමන් හෙමිහිට අඩි තියන් ඇවිදින නිසාමයි.මට ආදරේ ලැබෙද්දිත් ඒ හැමදේම මගහැරගෙන මන් ඔයාව අවුරුදු තුනාහමාරක් තිස්සෙ හොයනව.නුඹට හිතාගන්නවත් බැරව ඇති මන් ඒ තරම්ම නුඹට ආදරේ ඇයි කියන්න.ඒක මටත් තවමත් උත්තර නොමැති ප්‍රශ්නයක්.මේ තරම්ම මන් ආදරේ ඒ අහිමි නුඹේ හදවතට.

මට ජීවිතේ සහයක් ලබාගන්නම ඇවැසි වුනත් මන් එවැනි බැඳීමකට යටත් වේවි.නුඹ එදාට සමහරවිට සිනාසෙයි.සමහරවිට නුඹ හඬාවි මන් තරමටම කඳුළු නාවත් හිතින් විතරක්ම හරි.ඒත් එදාටත් නුඹ තේරුම් නොගනීවි මගේ සිතේ නුඹ සිටින තැනට කිසිවෙකුට ළං විය නොහැකි බව.ජීවිතය දිගු නිසාම නුඹට අයිතිවාසිකමක් තිබු බව පමණක්ම සිතට තරවටු කොට සිහිකරවමි.නමුදු  නුඹ මගේ හද තුළ ජීවිතය පවතින තුරාවට සක්මන් කරන වග,නුඹේ ආදරය යදින වග කවදාම හෝ තේරුම් යාවි යැයි සිතමි.

17 comments:

  1. නුඹ හඬාවි මන් තරමටම කඳුළු නාවත් හිතින් විතරක්ම

    ReplyDelete
  2. අවුරුදු තුනහාමාරක්....??? කමක් නෑ. තව වයස තියනවනේ.ඔය ලෙඩ වලට හොඳම බෙහෙත කාලයම විතරයි.

    දැන්
    ඔය මන් කියන වචනේ කතාකරනකොට කියෙවුවට ලියනකොට ලියන්න එපා බං.එහෙම ලියනකොට හෙන ගොං.

    පුලුවන්තරම් කතාව එක හුස්මට ලියන්න ට්‍ර්‍යිකරපිය. එහෙම නූනොත් කතාවේ එක එක තැන් එක එක ස්ටයිල්. වැඩ ඇති. කොහොම හරි උත්සහකරපිය.

    වැදගත්ම දේ
    යාලුවා ලස්සනයිද බං?????

    ReplyDelete
    Replies
    1. ඒකි හැදෙන එකියක් නෙමේ...

      කටුසු අයියෙ බොහොම ස්තූති වැරදි පෙන්නල දුන්නට,හදිසියට ලියපු එකක්..හුඟක් වැරදි අඩුපාඩු ඇති..සමාව භාජනේට දාන්න හොදේ,මන් පවුනෙ...

      හැක්..
      මගේ යාලුවො මන් වගේම ලා...ස්සනයි කියල තේරෙන්නෑනෙ ඉතින්..

      Delete
    2. ඒකි හැදෙන එකියක් නෙමේ...

      කටුසු අයියෙ බොහොම ස්තූති වැරදි පෙන්නල දුන්නට,හදිසියට ලියපු එකක්..හුඟක් වැරදි අඩුපාඩු ඇති..සමාව භාජනේට දාන්න හොදේ,මන් පවුනෙ...

      හැක්..
      මගේ යාලුවො මන් වගේම ලා...ස්සනයි කියල තේරෙන්නෑනෙ ඉතින්..

      Delete
    3. මගේ යාලුවා මන් වගේම ලා...චෝරු. මම නොදන්නවැයි ඒක.අපරාදේ මගේ ඩේටා

      Delete
    4. අනේ පල පල කසුට්ටො යන්න....මගේ සීදේවි පාට නෑනෙ ඔයාට ඉරිසියාව අප්පා මේව දෙයියොම බලන්න ඕනෙ...

      Delete
  3. අම්මෝ .... හුඟක් දුක හිතුනා...

    ReplyDelete
  4. ඒ දුක අනිත් හැම දුකකටම යටයි වගේ..

    ReplyDelete
    Replies
    1. මගේ නොවන ඇගේ වේදනාව මලයා...

      Delete
    2. මගේ නොවන ඇගේ වේදනාව මලයා...

      Delete
  5. හැඟීමක් විස්තර කරන්න වචන භාවිතයට ගන්නෙ කොහොමද කියලා ගිම්මි පෙන්වලා දීලා තියෙනවා . සංවේදී කතාවක්

    ReplyDelete
  6. ඒ...ගෙම්බි. මං මොකුත් ලියන් නෑ. මං තරහයි වරුවකට විතර...

    ReplyDelete