Sunday, November 6, 2016

මං ආදරෙයි

මන් නුඹට ආදරය කරමි
නුඹෙන් ලද සිනහවට
දඟකාර කතාවට
හිතුවක්කාර ගති වලට
ඇදී ගිය මගේ සිත
ඒවාට පමණක්ම
ආදරය කරමි.....

නුඹ ලස්සනයි ඇත්තටම
ඒ ලස්සන නැති වුනත්
ගත සවිය නැති වුනත්
මන් ආදරෙයි හැමදාම
නුඹ හිතනවාටත් වඩා වැඩියෙන්....

මොණරු පසුම්බිය පිරෙන්නට
මන් දන්නවා ඒත්
පසුම්බිය සිල්ලර විතරක්ම
පාලු මකන දාටත් මන්
ආදරෙයි අද තරමටම....

මට දේවි සැප සම්පත්
යහමින් නුඹට ඇති දාට
ඒත් ආවොතින් අඳුරු වළාවක්
සහය වන්නම් නුඹට
එළියක් සොයන්නට
අදටත් වඩා ලෙන්ගතුව
ළග හිදන් ආදරෙන්....

හ්ම්ම්...සැකයි ද නුඹට
එ් මගේ ආදරය
නුඹට පමණක්ම පේවුනු
අහිංසක ආදරය
අම්මා තරමටම ස්නේහය
නුඹට සදන්නට වෙර දරන
මේ මගේ හිත
අවිස්වාසයිද....

එන යන අය අතර
නවතින්නට ඉඩ සෙවු
මේ මගේ ආදරය
නුඹ මහමග වැටී සිටියද
පොල්අතු අතර අහස සෙව්වද
නුඹේ ළග නුඹේ තනියට
හැමදාම හිදිනු ඇත
මේ මගේ ආදරය....

10 comments:

  1. Good, good luck with 'the love'. Anyone we know?

    ReplyDelete
  2. හා...හා... ඔය අංකල්ලා දෙන්නා පැත්තකට වෙලා බලාගන ඉන්න.මේ නංගී ඔය මටයි ලියලා තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ඈ....කසුට්ටො චැහ්...ඔහොම කියනවද ප්‍රසිද්ධියේ ඔව්වා...

      Delete
  3. නුඹ හිතනවාටත් වඩා වැඩියෙන්....

    ReplyDelete
  4. ආදරය දුකක්
    ඊයෙත්, අදත්, හෙටත්,
    උපනුපන් හැම ආත්මෙකත්

    ReplyDelete
    Replies
    1. ආදරය විඳින්න ඕනම නන් දුකටත් ඇස් හුරුවිය යුතුමයි....

      Delete