Saturday, April 9, 2016

අනේ ඇත්තට මුන් කෙල්ලොද..






කාලෙකට කලින් අපේ ඉස්කුල් බස් එක ගැන එක පොස්ටුවක් දාල තිබ්බ මන් මෙන්න මෙතන ලංගමට පෙම් කල එදා.....ඕකට පස්සේ මන් තව ඒවා දානවා කිව්වත් දාන්න බැරි උනානේ...ඔන්න අද තමා යාන්තන් එකට හිත හදාගත්තේ...මන් මේ කියන උත්කර්ෂවත් අවස්ථාවේදීත් අපේ ඉස්කෝලෙයි,අපේ යාලු බාලිකා ඉස්කෝලෙයි එකටමයි ගියේ...අනේ ඉතින් අපරාදේ කියන්න බෑ හොද වැඩකට පස්ස ගැහුවත් මොකක් හරි නසරානි වැඩක් කරන්න ගියොත් අපේ ඉස්කෝල දෙකම ආයෙත් නෑ එක කුස උපන් සහෝදරියෝ වගේ හැසිරෙන්නේ...

සාමාන්යෙන් උදේට පිටි පස්සේ ආසනය වගේම දොර වහපු ෆුට් බෝර්ඩ් එකේ අයිතිය ලැබෙන්නෙත් අපේ යාලු පාසලට,දවල්ට ඕවගේ රජ කරන්නේ අපි...ඔතනත් හොදම සීන් කොන් එක වෙන්නේ ඒ ඉස්කෝල අපේ වයසේ හිටපු එකියෝ ඔක්කොම අපේ යාළුවො..අනික ඉතින් අපි වගේ අක්කල ඉන්නද්දී පොඩි නංගිලා පිටිපස්සට එන්නේ නෑ...එන්නේ නෑ..පිස්සුද උන් එනවා එත් අපි එන්න දෙන්නේ නෑ  අන්න එකයි එතන වෙන්නේ...ඉස්කෝල දෙකේම පොඩි පොඩි බටු ඇට ඉස්සරහට යවල අපි උදේට වගේම දවල්ටත් ඔය ලාස්ට් ශීට් කියන එකයි,ෆුට් බෝර්ඩ් එකෙයි රජ කරනවා...ඔතන පොඩි කොස්සකට කියල තියෙන්නේ අපේ ඩ්‍රයිවර් අන්කලෙයි,කොන්ද අන්කලෙයි තමා...එවුන් දෙන්න නිකන් ගෙදරින් ගෙනාපු බස් එකේ අපි යන ගානට තමයි උන් දෙන්නගේ රෙස්පොට් එක..පුහ්...කව්ද ගණන් ගන්නේ...අපි නං ඉතින් හැමදාම වලි..

ඔන්න ඕවගේ පිටුපස ආසනය අපි වෙන් කොරගෙන පොඩි සින්දුවක් එහෙම කියාගෙන,බස් එකටත් පොඩි තට්ටුවක් දාගෙන අපේ පාඩුවේ යන වෙලාවක,අපේ සහෝදර කියන කොලු පාසලක ඉස්කුල් බස් එකක් අපේ බස් එකට යාන්තන් කිට්ටු වෙනව රබර් ඇහැට වැටිච්ච එකෙක් ටාර් ගාල ඒ පැත්තේ අපේ ශටර් එක වහල දැම්ම..අපි ඉතින් හැමදාම වගේ ඔය වැඩේ කරනවාමයි..මොකද ඉතින් ඔවුන් ලගින් යන්නේ වතුර හරි,වෙන මොන හරි ජරාවක් ගහගෙන තව ඒ මදිවට හූ ත් කියාගනනේ..
ඉස්කුල් බස් වල ගිය පුරුදු ඇත්තෝ දන්නවා ඉතින් කොලු පාසලේ ලාස්ට් ශීට් යන කොලුවෙකුගේ ආදරබර පෙම්බරී කෙලි බස් එකක ඉන්නවනං,වතුර කෑමට ලැබෙන්නේ ඉතාම අඩුවෙන්...හැබැයි ඉතින් නම් ගම ඇහෙන එකට නං වගකියන්න බෑ...බැරි වෙලාවත් කෙලි පාසලේ මොකක් හරි කොක්කක් දාගත්ත කෙලි පැටික්කියෙක් බස් එකේ යනවනං සෑහෙන්න වෙලාවට වතුර පාරක් එකෙන්ම ෂුවර්...ඔන්න ඕවගේ මොකක් හරි සීන් කොන් එකක් ඒ කොලු බස් එකට තිබුන...වෙනදට නං දුටු තැන ඕකෙන් වතුර පාරක් වදිනවාමයි...ඉස්කෝල දෙකක් නිසා ඉතින් ඔය වතුර පාරේ අයිතිකාරිනිය කව්ද කියන්න අපි දන්නේ නෑ..හැබැයි ලාස්ට් ශීට් එකට වදීන නිසා ඕකෙන් හැමදාම තෙමිච්ච කිකිලියෝ වෙන්නේ අපි...

අහෝ...ඉරකි තිතකි..එදා නං උන්ගේ වෙලාව හොදම නැති වෙලාවක්...අපිට අති සාර්ථක ලෙස වදින්නට ගිය වතුර පාර වැරදි පිටිපස්සේ තිබ්බ වැන් එකට සුන්දර ලෙස පතිත වෙද්දී...හම්මේ...අයෙත් ඉතින් හිනා වෙන්න කියන්න ඕනෙද...අපිට මෙච්චර කල් කරපුවට ඕකුන්ට හොදම වැඩේ..ෆුට් බෝර්ඩ් එකේ වතුර බෝතලේ තියාගෙන හිටපු එකා වැන් එකෙන් අහගත්තවිදිය...ආසාවේ බෑ...

"ඒ මේ ඕකුන්ට හොද වැඩේ අපිට වතුර ගහන්න ආවේ..."

ටින් එකේ හිර වෙලා ඉන්න මාළු කුරියෙක් වගේ අපේ බස් එකේ හිටපු එකියක් කෑගහද්දී මෙන්න ආයෙත් අර කොලු බස් එක ලගටම එනවා..හැක්...අපි නං බය නෑ දැන්...

"කට්ටියම හොද වැඩක් කරමුද..."

අපේ යාලු පාසලේ මිත්තරිගේ යෝජනාව...ඒවානේ යෝජනා...ගත්ත වතුර බෝතලයක්...ඇරිය අපේ ශටර් එක...ගානට ඉලක්කෙට කොලු බස් එකට වතුර පතිතවන ජයග්‍රාහි උත්කර්ෂවත් අවස්ථාවේ අපි සැවොම එකට එක්වී...නෑ නෑ ඒ ලමයව නැවැත්තුව නෙමෙයි අනේ..පිස්සුද එහෙම වටිනා අවස්තාවක් මිස් කරගන්නේ...කට ඇරන් බලන් හිටිය...නෑ නෑ අනේ  අපි ඔක්කොම එක හඩින් හු කිව්වා....අන්න එහෙමයි අපි අපේ හතුරන්ගේ පරාජය සමරන්නේ...

"අනේ ඇත්තට මුන් කෙල්ලොද..?"

ආච්චිගේ රෝස මල කිව්වලු..අපේ කොන්ද අන්කලේගේ දෑස් වල මේ අපුරු සිද්දිය වීඩියෝ  වෙච්ච වගක් අපි දැනන් හිටියේ නැනේ..මුටත් ඕනේ නැති ඇටි කෙහෙල් මලක් නෑ එනවා මෙතන...

"අයි අන්කල් ඒක ඔයාට පෙන්නේ නෑ වගේද....?"

අහ් කව්ද බෝල ඒ අයි ආර් සී පාර්ට් ඒක දාපු එකී...හිකිස්...අහ් ඕගලන්ට හිතුනද කව්ද කියල...අහ් අන්න හරි එකී තමා ඔය කතාව පණ්ඩිතය වගේ කිව්වේ...අන්කලේ එදා නං රවාගෙන ඔරවාගෙන කඩාගෙන බිදගෙන ඉස්සරහට ගියා වගේ යාන්තන් පෙනුන...

*************
"උදැසන වතාවත් අවසානයේ කැස්බෑව ඩිපෝව මාර්ග අංක 120 පාසල් බස් රථයේ ගමන් ගන්නා සියලුම සිසුවියන් කාර්යාලය ඉදිරිපිටට පැමිණෙන්න.."

හරියට හරි අපි හිතුව වගේම අපේ ආදරණීය කොන්දේ අන්කලේ ඉස්කෝලෙට ඊයේ අපි කරපු වීර ක්‍රියාව පිළිබද සවිස්තර වාර්තාවක් සපයල...දැන් ඉතින් පලයල්ලකෝ මැඩම්ගේ සිරියාවන්ත මුණ බලන්න උදේ පාන්දර...මුන් දෙන්න අහු වෙයන්කෝ හවසට අද..උන්ට ඉතාම ආදරයෙන් බනින ගමන් අපි ඔක්කොම ගිය ඉතින්..පොඩි බට්ටෝ විතරක් යැව්වොත් උන් වැඩේ කනවා..ඉස්කෝල දෙකේම එවුන් ඉවරයි...අපිත් යන්නම එපැයි ඉතින්...අම්මේ මැඩම්ගේ මුනේ සිරියාව...හාහ් ඒ මදිවට ඉස්කුල් බස් එකේ මිස්ලත් ඇවිල්ල...අද නං ආයෙත් නෑ කනවා හොද කෑමක්..

"දැන් මට කියන්න මෙතනින් ඊයේ පිටිපස්සේ  ගිය අය කව්ද...?"

බෙල්ල මුලින්ම අහු වෙන්නයි යන්නේ..කරන්න දෙයක් නෑ දැන්..අපි ටික දෙනා යන්තන් ඉස්සරහට ආව..ඔව් ඉතින් අවංක වෙන්නත් එපැයි..අපි හොද ළමයිනේ..

"අහ් ඒගොලන් ඉදල අනිත් අයට යන්න පුළුවන්.."

මලකෙලි එකසිය හැත්තෑ හතයි කිව්වලු..දැන් ඉතින් දීපන්කො අහන ඒවාට උත්තර...මිස්ලා එක්කත් මොනාද මුණු මුණු ගාල මැඩම්  හැරුන කියන්කෝ අපේ පැත්තටම...

"ඊයේ කව්ද ** ඉස්කුල් බස් එකට වතුර ගහල හු කිව්වේ..?"

මලා මේ අහන්නේ ලස්සනට...මොකද ඇත්ත කියන්න කියලද...යෝජනාව යාලු ඉස්කෝලේ කෙල්ලගේ උනාට අපිත් ඉතින් බැහැල සප් ඒක දුන්නනේ...එතකොට අපිත් වැරදි කාරයෝ...කටපියාගෙන ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ...හැබැයි තත්වය දරුණුම අතට පෙරලේනවනන් අපි දෙගොල්ලොම කියන්න හොද උත්තරයක් ලැස්ති කරගෙන හිටියේ...මැඩම්ගේ තර්ජන ගර්ජන වැඩි වීගෙන එනකොට අපේ අර බේරීමේ වාක්‍ය අදාල දැම්ම..වෙන කියල මොන කරන්නද..අනිත් එව්වුන් කියන්නෙත් මේ උත්තරෙමයි...ඒ නිසා අව්ලක් නෑ...

"අපි නෙමෙයි මැඩම්..පිටිපස්සේ ගිය. ** එකේ අයයි කෑගැහුවේ.."

අපේ මිස්ල දෙතුන් දෙනාත් ඒකට ඔලුව වනවා ඉතින්..මිස්ල දන්නවා ඕක මේ කපේට හොයන්න බැරි දෙයක් කියල..ඉස්කුල් බස් එකේ ගිය මිස්ලට කෙනා කව්ද කියල හොයාගන්න බැරි කොට කේලම කියපු කොන්ද අන්කල් ඕක කොහෙන් හොයන්නද..

"මන් එහෙ මැඩම්ට කෝල් කරලා අහගන්නකෝ..."

අපේ හුස්ම යාන්තන් පහලට වැටෙනකොට මැඩම් ඔරවාගෙන ගිය ලස්සන...මට තාම මැවිලා පේනවා අයිෂු...


ප.ලි.- එදා හවස අපේ යාලු පාසලේ මිත්තරියන් දැනගත් විදියට නං අපේ තත්වෙම එහෙටත්  ඇති වෙලා,අපි වගේම උත්තරයක්..ඒ කියන්නේ අපි කළා කියල ඒක එගොලනුත් බේරිලා.පසුව ශේප් නියායෙන් මිස්ලාගෙන් දැනගත් අන්දමට නං  මැඩම්ල දෙන්නාම අන්දුන් කුන්දුන් වී ආයෙත් ඩිපෝ එකටම කෑගහල ප්‍රශ්නය විසදලා දාල..හැබැයි එදා ඉදන් එපි කොන්ද අන්කල්වයි,ඩ්‍රයිවර් අන්කලේවයි එලවන්න මිෂන් එකක් නං පටන් ගත්ත හිකිස්...ඔහෙම එව්වෝ තියාගන්න බෑ මල කරදරේ...

හාහ් හිනා යන්නේ නැද්ද...මොකද්ද අනේ පොඩ්ඩක් හිනා වෙන්නකෝ අයිෂු...පොඩි එකා පව්නේ...අහ් බැරිද...එහෙනං ඉතින් බැනලවත් පලයල්ලා...

41 comments:

  1. පුහ්.....අපි එහෙම ඔය පැත්තෙ හිටියනන් උබහැල ආය වතුර බෝතලයක් අල්ලන්නෙවත් නෑ.....වතුර ගහන්ඩ......

    ප.ලි-ගිම්මිගෙ ස්වාමි පුරුෂය ගැන කනගාටුව ප්‍රකාශකර සිටිමි...අම්මෝ ඉතින් පව් ඩයල් එක

    ReplyDelete
    Replies
    1. හාහ්...හිතන් ඇති..උබල හිටියත් ඔච්චරම තම..අපි බය නෑ හරිද
      හි හි හි අන්න එය නං ටිකාක් විතර පවු තම..

      Delete
  2. යක්ෂ කෙල්ලෝ!!! පව් කොල්ලෝ... හික් හික්....
    (ඔන්න දැං බනින්නයි හදන්නෙ....!)

    ReplyDelete
    Replies
    1. පිස්සුද තුදු එම බනිනවද මන් ඔයාට...හිටුකෝ අයෙත් අහුවෙන්නේ නැත..

      Delete
  3. අපිත් ඔය වගේ දේ කළා. ඒ නම් එකම බස් එකේ...
    මේ පෝස්ටුව කියෙව්වම ඒ දවස් මතක් උනා...

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ අපි වගේ තව අය ඉදල අහන්නත් සතුටුයි..

      Delete
  4. මුං මාර ගෙම්බියොනෙ. ඔහෙලගෙ වාසනාවට අපේ ඉස්කෝලයක් ඔහේ නොතිබුනේ. එහෙනම් බස් එපා කරවනවා. ආයේ ලංගමක්, වතුර බෝතලයක් දිහා හදිසියකටවත් නොබලන්න. මේව ඉතින් ඔය කාලෙ නොකර දැන් කරන්නයැයි නේද?

    ReplyDelete
    Replies
    1. අනේ ඕගලන් හිටිය කියල අපි එහෙම සැලෙන්නේ නෑ හරිද...හි හි හි
      එකනං ඇත්ත ඒ කලේ කරපු වැඩ මතක් කරලා හිනා වෙනවා මිසක් කරන්න බෑ නේ..

      Delete
  5. බස් එකේ ගිය කාලේ මතක් වුනා

    ReplyDelete
    Replies
    1. අතීතය මතක් කරන්න පුළුවන් උන ඒක සතුවක් කිබුලියේ...

      Delete
  6. මං ස්කූල් බස් එකක ගිහින් නෑ අප්පා.. ගමන් බිමන් ඉතින් කෝච්චියේ තමයි. අපරාදෙ බස් ජීවිතයක් මිස් වුණා නේද කියන හැඟීම ආවෙ මට.. මොකෝ ඉතින් දැන් පුත්තලම් බූරුවො දෙන්නෙක්ගෙ වයස වෙච්ච මං ආයෙ බස් එකක යන්න කියලැයි..

    වැඩේ නම් මරු ඈ! ඔහොම වැඩ කරනවට නියම් රිටර්න් එක දුන්නෙ..

    ReplyDelete
    Replies
    1. මට ඉතින් ඔකේ අනිත් පැත්ත..කෝච්චියක යන්න වාසනාව ලැබිල නෑ අලෙ මට...

      Delete
  7. අපෝ නෑ.මුන් කෙල්ලෝ නෙමෙයි.මමනේ දන්නේ ඉතින්.

    ඔය කාලේ කියන්නේ මාරම කාලයක් තමයි.පාසලෙන් ඉවත්වෙලා දැන් අවුරුදු 12ක්.ඒත් තාම කට්ටිය හම්බුනහම කතාකරන්නේ ඒ කාලේ කරපු ගොන්කම් ගැනම තමයි.

    ReplyDelete
    Replies
    1. ඔය දන්නවනේ ඉදල හිටලා ඕම කලාට අපි ඇත්තටම අහිංසකයි රටක් වටි කිල නේද...

      ඒ කලේ එහෙම මතක එකතු නොවිච්ච ජිවිතෙකින් වැඩක් නෑ..

      Delete
  8. ඈ නගා අපි බස් එකෙන් ගියාට පස්සෙ නෙවද ඔය වැඩේ කලේ ? නැත්නම් බෝ පැළ වගේ අක්කලා ඉන්නකොට ඔය වැඩ වලට ඉඩ දෙනවද? අර බකමූණා ඔරවගෙන විතරක් ඉස්සරහට ගියාද ? මුකුත් තුනේ පහේ කතාවක් නොකියම....වෙන්ට බෑ වෙන්ට බෑ. ඒක අතින් දාපු කෑල්ලක්නේ ....
    අර නරිලන්තෙටද නැත්නම් අනිත් එකටද ගැහුවෙ ?
    මොනා වුණත් නියමයි ඈ... දාන්න පහක්!

    ReplyDelete
    Replies
    1. අක්කල මන් හිතන්නේ එතකොට අයින් වෙලා...දන්නවනේ මෙය අපේ හැටි නේද ඉතින්..නෑ නෑ ඇත්තටම මු තනියෙන් බැන බැන ගියා මිසක් මුකුත් කිවුවේ නෑ නේ..ඒක තම පුදුම හිතුනේ මටත්

      නෑ නෑ අක්කේ අර කනත්ත ලග තියන අකුරු දෙකේ එකට... :D :D

      Delete
  9. හික්ස් ... අපිත් ඔය ජල ප්‍රහාර එන බව කල් තියාම දැක්කම ෂට්ර් වහනවා අපේ මිස්ලට කොහොම කියන්නද කියන්න කලින් එයාල හොඳ වතුර පාරක් කාල.ගහන්නෙත් නිකන් වතුර නෙවේ නෙ ඉඳුල් වතුරනෙ ....

    ReplyDelete
    Replies
    1. අපේ මිස්ල නං පුරුද්දෙන්ම දැනන් හිටිය ද මන්ද ඒගොලන් අපි කියන්නත් කලින් ෂටර්ස් වහනවා...ගොලන් අපි කියන්නත් කලින් ෂටර්ස් වහනවා...

      Delete
  10. මගුලක්නෙ. හිනාවෙන්ඩ ඕන්නං පෝස්ට් එකේ මුලිම්ම එ්ක කියන්ඩ එපැයි. ඊළඟ එකටවත් හිනාවෙන්නං...

    ReplyDelete
    Replies
    1. හිටුකෝ මන් ඊලග එකේ දාන්නන් අඩන්නද හිනා වෙන්නද කියල...

      Delete
  11. Elagata danna one konda elawapu jathake kata wasthuwa...

    ReplyDelete
    Replies
    1. අහ...මේ ඉන්නේ තව සාමාජිකාවෝ ඇවිල්ල..ඊලගට ඒක තමයි සුද්දී.

      Delete
  12. අපි නං උන්නෙම ඉස්සරහ.. බස් එකේ වැඩිමල්ම සිසුවියො වෙලා කිසිම ප්‍රශ්නයක් නැතුව අන්තිම සීට්වල වාඩිවෙන්න පුළුවන්කම තියෙද්දි මොකද අපි ඉස්සරහ වාඩි වුණේ.. ගිම්මි මැඩම් හිතන්න බලන්න පුළුවන් නම්..))

    ReplyDelete
    Replies
    1. ආයෙත් නෑ එකෙන්ම ඔය ජල ප්‍රහාර නිසා වෙන්න ඇති....හිකිස් මන් නං වැරදිලාවත් ඉස්සරහ ගිහින් නෑ.. :D

      Delete
  13. මාර කාලයක් ඈ....
    අම්මප දැන් අපිත් අපේ ළමයිගෙන් අහනව ..මුං කෙල්ලොද....මුං ළමයිද

    ReplyDelete
    Replies
    1. ඔන්න ඕකනේ අක්කේ...මේ ටීචර්ලට මතක නෑ නේ ඒ කලේ ඒවා..හි හි හි
      (බනිනනද මන්ද සරි පොට උස්සන් එන්නේ දැන්..)

      Delete
  14. ඉස්කෝලේ කාලේ ඔවා නොකර කවදානම් කරන්නද? ඒකාලෙ රසවත් නිසානේ දැන් අපට ඒවා මතක් කර කර සතුටු වෙන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම...ඒ කාලේ මේවා නොකර හිටියනං දැන් මතක් කරන්න දේවල් නෑ අපිට..

      Delete
  15. මේ පැත්තට ආවේ අද. පට්ට. අසරණ කොල්ලෝ වතුර ගහන්නේ කෙල්ලෝ නාන්නේ නැ කියලා දන්නා නිසා. හැක හැක.

    ReplyDelete
    Replies
    1. අහ අපි හොදට නාල කරලා ඉන්න ළමයි හරිද...
      සාදයෙන් පිලි ගන්නවා මේ පැත්තට..:)

      Delete
  16. Adai godawadune..me paththee...Maru kathawa. Niymii..matath api skool kale natapu pissu mathk una. :) :)

    ReplyDelete
  17. Adai godawadune..me paththee...Maru kathawa. Niymii..matath api skool kale natapu pissu mathk una. :) :)

    ReplyDelete
    Replies
    1. අතීතය මතක් කරල් දෙන්න පුළුවන් උනා නං සතුටුයි මට...
      සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට :)

      Delete
  18. හපෝ වසවර්තියෝ ටිකක්නේ. හැක්

    ReplyDelete
  19. අම්මප මුං කෙල්ලොද..*2
    අදයි ගොඩ වුණේ මේ පැත්තට.. ඉස්කෝලෙ කාලෙ රස කතා. රසයි ගිම්මි. ජයවේවා.

    ReplyDelete
    Replies
    1. හි හි හි සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට...ජය වේවා..!!!:) :)

      Delete
  20. Menna kello.Mona unath ela post eka .Jaya wewa

    ReplyDelete