Wednesday, March 4, 2020

අළුපාට සඳවතිය






අළුපාට නැති ස්වේත හුරු
සෙනෙහසේ හැඩ දැනෙන

නිම්හිම් නොදුටු මායිමක
කෝල දඟකම් විදින

අයිතියක් කාටවත්
නොපෙනෙන්න රහසේම
ගිගුම් දී විදුලි සැර 
නොදි නිහඬවම වැසි
සීතලක සැඟවයන

අළුපාට අහසකට 
සැනසිල්ලෙ පෙම් බඳින
සැබෑ අයිතිය හිමි (අහිමි)
අළුපාට සඳවතිය මම....






4 comments:

  1. ලියන්න පුලුවන්කම තියාගන නොලියා ඉන්න එවුන්ට කරන්න ඕන මොනාද කියලා කියලත් දියන්කෝ.

    කවිය නියමයි. උඹ තැන්පත්වෙලා ඉස්සරට වඩා.

    ReplyDelete
    Replies
    1. මන් දැන් අහිම්සකයි අයියා....බනින්න ඔට්ටු නෑ හරිද...බබා පව්ව්ව්ව්....

      Delete