Thursday, February 9, 2017

හිසේ ඇම්ම


පෙම්වත් පිරිමි උරතලය මත
හිස ඇලව තියාගෙන
සිහින් දිගු ඇඟිලි තුඩු
ඇවිද යන සද ලතාවට
මුදාහැරි වරලස මතින්....

සීතලම සීතලට ගැහෙන
මල් පෙති ලවන් යුග
උණුසුම්වු අඬසඳ මතට
නිමේෂයකදි වඩින
ගමන මේ හෙමි හෙමින්....

තාලයට හීනියට හෙමිහිට
ඇසෙන නෑසෙන තරම්
සවන් පත ළඟ ළඟම
ඇහිදිනා ඇලපිලි අකුරු
මුමුණනා බරවූ ආදර වදන්...

හරියටම මොහොතකට පෙර
හීනියට ඇස් බරවු
අඬන නාඬන හඬින් කිවු
ආසාද්‍යම තත්වයෙන් වුන්
ඇගේ හොර හිසේ ඇම්ම
නිට්ටාවටම සුවයි දැන්....

#ගිම්මි#

7 comments:

  1. "හරියටම මොහොතකට පෙර
    හීනියට ඇස් බරවු
    අඬන නාඬන හඬින් කිවු
    ආසාද්‍යම තත්වයෙන් වුන්
    ඇගේ හොර හිසේ ඇම්ම
    නිට්ටාවටම සුවයි දැන්..."

    පෙම්වතිය කාලෙකදී මෙහෙම උනාට පසුකාලීනව එළියේදී නැති හිසේ ඇම්මවල් ගෙදර එනකොට හැදෙනව බිරින්දෑ වරුන්ට ..

    ReplyDelete
    Replies
    1. වැලන්ටයින් එක්ක කට්ටියම රොමෑන්ටික් වෙලා

      Delete
    2. අත්දැකීමක් ද මන්දා....
      @අම්බලන්ගොඩ

      ඕ යේ...බොරුවට හරි රොමෑන්ටික් කියල පෙන්නන්න ඕන...
      @කොච්චි..

      Delete
  2. හැපී හැපී වැලන්ටයින් ඩේ එකක් ම වේවා! බ්ලොග් එක මතක් වෙච්චි එක ගැන සතුටුයි.

    ReplyDelete
    Replies
    1. සේම් ටු යු කමි අයියේ...හි හි හි

      Delete