Friday, August 19, 2016

හිත (නා‍ෙ)කියන ආදරය

නෑ මන් ආදරේ නෑ
ඔව් ඇත්තමයි...
මන් ආදරේ කලෙත් නෑ
ආදරේ කරන්නෙත් නෑ...

බැඳීමක්?????
ඕනම ද????
හිතින් විතරක්ම
දරාගෙන ඉන්න බැඳීමක්....

ඉතින්....
නවත්තගන්න බැරි
නවත්තගන්න ඕනම
එකම එක ඇස් දෙකක්....

නෑ...කොහොමටත් නෑ...
තටු ගහන්න ඕනම ද..
යන්න....එහෙනන්...
ඈතටම ආයෙත් නොඑන්නම...

හ්ම්ම්...තාමත්...
පියාඹන්නම හිතෙනවද....
මන්...එකම තැන...
හැරිලා බලන්න ආයෙත්
මතක තියෙයිද....
 
කාලය.....
වෙනස් කරයිද...
දන්නෑ....ඒත් බලන්න...
ඒ ඇස්....
මොනම විදියට හරි දකිවි....

8 comments:

  1. කාලයත් එක්ක ඉතින් ගොඩක් දේ වෙනස් වෙනවා..))

    ReplyDelete
  2. කාලය ගොඩක් දේවල් වලට විසඳුමක්...

    ReplyDelete
  3. නොකියන ආදරය සුන්දරයි . ඒ වගේම හරි වේදනාකාරී . ඒත් ඒ වේදනාවත් සුන්දරයි .

    ReplyDelete
    Replies
    1. ආදරය විඳවීමත් සුන්දරයි වෙලාවකට...

      Delete
    2. ආදරය විඳවීමත් සුන්දරයි වෙලාවකට...

      Delete