Saturday, May 7, 2016

කදුළු මැද දුටු හසරැල්ල







ජිවිතේ සුන්දර දවස් කීපයක් අවසාන වෙලා...ඒත් ඒ ගෙවුණු දවස් කීපය ඇතුලේ ජීවිතේට ලැබුණු,ඉගෙන ගත්ත දේවල් බොහොමයි.ඒ දවස් කීපය ඇතුලේ අපි ඉගෙන ගත්තේ ජීවිතේට ඕන දේවල්..ජිවිතේ පොත පතෙන් වගේම මනුස්සකමින් පුරවන්නේ කොහොමද කියල..නවක වදය...මේ දවස් වල කතා බහ වෙන ලොකු තේමාවක්.හුගක් අය හිතන්නේ නවක වදය කියන්නේ දරුණු අපරාදයක් කියල.ඉතිහාසයේ සමහර තැන් වල දරුණු තැන් නොතිබුනාමත් නෙමෙයි,ඒත් නවක වදය ඇතුලේ හැංගිලා තියෙන්නේ අපි අපේ ජිවිත වල අමතක උනු,නැත්තන් බලෙන් අමතක කරලා දාපු හොද දේවල් ආයෙමත් අපේ අතට දෙන එක...මීට දවසකට කලින් බකට් වෙලා එලියට ආපු යන්තන් සරසවි ජීවිතය දිහා ඔලුව උස්සල බලපු පුංචිම පුංචි එකියක් විදියට අද මට අඩන්න,හිනා වෙන්න,කෑගහන්න  මගේම කියන සහෝදර සහෝදරියෝ රෑනක් ඉන්නවා..මේ කියන නවක වදය නොතිබෙන්න අපි තාමත් මේ තරම් එකතු නොවෙන්න තිබුන.ගෙදර ගිහින් එන කොට ගෙන කැවිලි ජාති, කෑම ජාති ඔක්කොම එකට අත දාගෙන කනකොට මේ විදින සතුට අපිට නැති වෙන්න තිබුනා.

හැමෝම කෑගහන,එපා කියන නවක වදය ඇතුලේ අපිව වෙනස් කරන්නේ මුලින්ම ඇදුමෙන්,..දිග සාය,අත් තියන බ්ලවුස් එක,කළු පාට එක වගේ බාටා,කොන්ඩේ ගොතල එන්න කියනකොට පන්සලකට විතරක් දිග සයක් ඇදපු,ඉස්කෝලේ යන කාලේවත් කොන්ඩේ ගොතල අගිස්ස නවපු නැති මට මුලින්ම මේක කරදරයක් උනත් දවස දෙක ගෙවෙනකොට අපිට අපේ ඇදුම ගැන ගානක්වත් නැතුව ගියා.අගනුවර ප්‍රසිද්ද කියන පාසල් වලට ගිය අපිත්,ඈත ගම වලින් ආපු අපේම සහෝදරියොත් එකම විදියට ඇදල,එකම දේශන ශාලාවක වාඩි වෙලා හිටිය...කොල්ලොද කෙල්ලොද කියල බේදයක් නැතුව දාපු එකම වගේ බාටා මොනම හරි දෙකට ගැලෙවුවත් ආයෙත් දානකොට කකුලට ගැලපෙන දෙකක් දාගත්ත මිසක් එක මගේද වෙන කාගේවත් ද බැලුවේ නෑ...
එකම බත් එකක් වට වෙලා කනකොට,කවගන්නකොට එකෙක්ට හිර උනොත් වතුර බෝතල් දෙක තුනක් අරන් වටේට ඉන්න,කාගන්න බැරි අය ලගට ගිහින් එකෙන් තව කටක් හරි කන්න සහෝදරකම අපි ඉගෙන ගත්ත.අසනීපයක් වෙලා වැටෙද්දී ඒ වටේ පොකුරක් වගේ එකතු වෙන්න වගේම ඒක හැමෝගෙම හිත් වලට දුකක් ගෙනාව..ආයෙත් අසනීප උනු කෙනා හොද වෙලා එනකන් මග බලන් හිටිය...මීට කලින් දැකල නැති අදුරන්නේ නැති පිරිසකගේ නම්,ගම විස්තර පාඩම් කරන්න,කොළ ගණන් ලියන්න අපිට වෙන කොට,ඒ දවස් වල නං අපි හිතින් බැනපු වාර අනන්තයි.ඒත් අද අපිට සතුටුයි අපේ කෙනෙක්ගේ කරදරයක්,ප්‍රශ්නයක් වෙලාවට අපිට එයාට උදවු කරන්න,සම්බන්ද කරගන්න දගලන්න ඕනේ නෑ,අපි ඒ විස්තර දැන් හොදටම දන්නවා.අපේ පාටමාල ඉතිහාසය,වෙනස්වීම් කට පාඩම් කරගෙන,ආයෙත් අහනකොට බයට කියාගන්න බැරි වෙන කොට හිතින් අඩපු,බැනපු වාර බොහොමයි,ඒත් අද අපිට ඕන කෙනෙක් ඕන තැනක ඇහුවොත් අපිට බය නැතුව ඒ දේවල් කියන්න පුළුවන්කම ලැබුනේ ඒ නිසා.ලස්සනට ඇදල,හොද හොද තැන් වල ගත්ත සෙල්ෆියට වඩා,අපි බකට් එකෙන් පස්සේ ගත්ත සෙල්ෆියේ කියන්න,මතක් කරන්න,හිනා වෙන්න,අඩන්න ලොකු කතාවක් අපිට ඉතුරු කරන්න පිට සමාජයක් එපා කියන නවක වදයට පුළුවන් උන.

නවක වදය දෙන්නේ ජෙෂ්ට සහෝදර සහෝදරියෝ කියන ඒක ඕනෑම කෙනෙක් දන්නා,ඕනෑම තැනක වෙන දෙයක්.ඒත් කවදාවත් ඒ හිත් වල අපි ගැන පුංචි තරහක්වත් නෑ කියන එක අද අපි දන්නවා.සමහර තැන් වල ඉන්න පුළුවන් ඉරිසියාවට කුහකකමට ළමයින්ගෙන් පලි ගන්න අය,ඒත් අපේ වාසනාවකට ද මන්ද අපි ඒ දවස් වල කොච්චර බැන්නත්,බනින්න බැරි වෙලාවට අහක බලාගෙන එරෙව්වත් අපේ ජෙෂ්ට සහෝදර සහෝදරියෝ අපේ එක පිරිමි ළමයෙකුට වත් අත උස්සල නෑ..එක ගැන අපේ හිතේ ලොකු ගෞරවයක් ඒ අය වෙනුවෙන් ඉතුරු වෙලා තියනවා...ඒ දවස් වල හිනා නොවී,හිආව තද කරගෙන බලාගෙන හිටපු අපි බකට් එකෙන් පස්සේ එක පොදියට නටද්දී,කෑගහද්දී ,සින්දු කියද්දී ඒ දිහා බලන් හිටපු ජෙෂ්ට සහෝදර සහෝදරියන්ගේ මුනෙන් අපිට තිබුන ආදරේ වගේම,ඒ හිත් වල සතුට අපි දැක්ක.ගෙවුණු දවස් වල හිතේ තරහට බයට අපේ ඇස් වලින් කදුළු එද්දී අපි එදා සතුටට ඇඩුවා...ඒ විදියට අපේ ඇස් වලට කදුළු පුරවන්න,ලගට ඇවිත් අතට අත දීල කතා කරන්න අපේ ජෙෂ්ට සහෝදරයන් ලග මනුස්සකම ඕනෑවටත් වඩා තිබුන.ඇත්තටම ජෙෂ්ටයන්ගෙන් වෙන්න ඕනේ එක..නවක වදය ඉවර උනාට පස්සෙත් අපි වෛර කරන ජෙෂ්ටයෝ ඉදල වැඩක් නෑ...එහෙම අය ඉන්නවනං ඒක ඒ කෙනාගේ හැසිරීම මත වෙච්ච දෙයක් මිසක් නවක වදය කියන දේ නිසා වෙච්ච දෙයක් නං නෙමෙයි.මන් ආයෙත් කියනවා ඒ අතින් අපි හුගක් වාසනාවන්තයි..මොකද අපේ ජෙෂ්ට සහෝදර සහෝදරියෝ අතර එහෙම අය හිටියේ නෑ..

බාහිර ලෝකයට නොපෙනුනාට මේකේ තියන සුන්දරත්වය විදින්න ඊලග වසරේත් අපේම නංගිලා මල්ලිලා රෑනක් එනවා..ඉතින් මේ මතක ඒගොල්න්ට විදින්නටම ඉඩ දෙන්න ඕන නිසාම මෙතනින් මේක අවසන් කරමි.මේ තරම් කාලයක් පාසලෙන් විතරක් එකතු කරගත්ත මතක විතරක් තිබුන මට මේ අලුත් සහෝදර සහෝදරියෝ රෑනක් එක්ක සුන්දර මතක එකතු වේවි...නවක වදය කියන දේ  මේ දවස් වල වැඩිපුරම කතා කරන නිසාම එකෙන් ඊයේ පෙරේද එලියට පය තිබ්බ පුංචිම පුංචි එකියක් විදියට උනත් මන් කියන්නේ නවක වදය කියන්නේ මිනි මරණ අපරාද කරන තැනක් වත් දෙයක් වත් නෙමෙයි...මනුස්සකම වගේම අපේ ජිවිතේ මග ඇරුණු හුගක් තැන් ආයෙමත් අපිට අපේ අතට ගන්න පුළුවන් උනු දෙයක්..පිට සමාජය මොනා කිවුවත් ඒක විදපු කෙනා ඒ රසය මතක් කරලා විදිනවා..එකයි ඇත්ත..




ප.ලි. - මීට මාසෙකට විතර කලින් පොස්ටුවක් දම බ්ලොග් අවකාසෙන් අතුරුදන් උනු ගෙම්බි..අහ..නෑ නෑ ගිම්මි ගේ නැවත පැමිණීම මෙසේ සටහන් කරමි...(කවුද බන් මේ ගෙම්බි මතක නෑ නේ..) අහ මතක නැද්ද..එහෙනං ඔන්න ඔහේ අලුත් එකියක් කියල හිතාගන්න අලෙ...පිස්සුද...මන් තරහ වෙන්නේ නෑ...හැක හැක



20 comments:

  1. Attamai gimmi... oya mage hitha kiyewwa neda? ;-)

    ReplyDelete
    Replies
    1. උදේට හවසට එකට ඇවිත් ගිහින් ඒක ලග වාඩි වෙලා ඉදල මට බැරිද අලෙ ඔයාගේ හිත කියවන්න... :D

      Delete
  2. නවක වදය ගැන දුටුව සුන්දර ලිපියක්.. අපට වඩා අවුරුද්දක් වැඩිමල් එකියක් නොවැ මේ ගෙම්බි අක්ක.!

    අමානුෂික විදියට කෙරෙන දේවල් ගැන නම් එකඟතාවක් නැහැ.ඒත් ළමයි එකිනෙකා අඳුනාගන්න නවක වදය තිබිය යුතුමයි කියල හිතනව.. නැත්නම් වෙන්නෙ එක ෆැකල්ටියෙවත් ළමයි එකිනෙකා අඳුනගන්නෙ නැති, සහෝදරකමක් නැති තත්වෙකට පත් වෙන එක..))

    ඒක නෙමේ.. කොහේද කැම්පස් එක..???? ජපුර ද..???

    ReplyDelete
    Replies
    1. නෑ නෑ. ජපුර කොලඹ වෙන්න බෑ.

      Delete
    2. නවක චදය සුන්දර අත්දැකීමක් මට නන්..හැබැයි ඒ කාලේ අපි ලෙක්චරේ ඉවර වෙලා ගෙදර දුවන්නෙ කොයි වෙලාවෙද,කොහෙන් අපිව අල්ලගනිද කියල බයෙන් හිටියෙ..දැන් නන් මතක් කර කර හිනාවෙනවා...
      නවක වදය දෙන විදිය වගෙම පුද්ගලයා අනුව තමයි මානුෂික ද අමානුෂික ද කියන එක තීරණය වෙන්න‍ෙ.

      Delete
  3. ගිම්මි,
    රැග් සීසන් කාලෙ ඔයා කියන සුන්දර බව නැතුව නෙවෙයි. ඔයා වගේම 2009 වසරේ හිටපු කෙනෙක් විදිහට ඔයහා සමාන අද්දැකීම් වගේම, දැන් ඔයිට වඩා ගොඩක් වෙනස් අද්දැකීම් මට අහන්න ලැබෙනව. එකක් විතරක් කියන්නම්. සාමාන්‍යෙන් රැග් සීසන් එකේදි විෂේශයෙන් කිසිම නවක සිසුවෙකුට ෂාරීරික හානි කරන්න බෑ. එය සදාචාරාත්මකත් නෑ. නමුත් මං ගිය අව්රුද්දේ ඒ වගේ සිදුවීම් කිහිපයක් ම ඇහුව. සරසවිය මොකක්ද කියල ඕනෙ නෑනෙ? ඒ හැරත් දැන් සමහර වි.වි. වල කෙරෙන්නෙ වෙනම ම වැඩක්. අලුත් ලමයි මුලු අව්රුද්ද ම තියාගෙන වාත කිරීමෙන් ඔවුන් ලබන ආෂ්වාදය කුමක් ද? ඔබට ලැබුනු සුන්දර අද්දැකීම් දැන් සමහර සරසවි වලින් අතුරුදන් වෙලා.

    ඔබේ අද්දැකීම විඳපු කෙනෙක් හැටියට මටත් තවම ඒ ගැන සුන්දර මතකයන් ඉතුරු වෙලා තියෙනව. ඒ වගේම සහෝදරත්වයත් ඊට දෙවනි නෑ.

    ReplyDelete
  4. නවක වදේ අවුලක් නෑ... සීමාවක් තියෙනවනම්.. අමානුෂික වද දෙන එකනම් අනුමත කරන්න බෑ නේ අක්කෙ...?

    //ගෙම්බි// අන්න ඇත්ත නම කියවුණා..... හි... හී....

    ReplyDelete
  5. ගිම්මි මෙහෙම කියන්නම්...................

    අර පොලීසියට පැමිණිලි කරපු දැරිවි වගේ අය අතර ඔබ මේ ලියපු දේ දැක්කා ම හිතට දැනුනේ මාර සතුටක්. ඇත්තට ම ඔබට අපි හිසනමා ආචාර කරා කියලා කියන්නම්........ රැග් එක සුන්දරව වින්ද නිසා ඔබ එයින් සියලු ම දේ අත්පත්කරගත් බවත් විශ්වාසයි.......

    ජයවේවා.......

    එක්කෝ මේකට කමෙන්ට් වැටෙන එක අඩුවේවි.... නැත්තං විවේචන වැඩි වේවි....... කමක් නැහැ ඔබ ඔබේ මතය කීම ගැන සතුටුයි........

    ReplyDelete
  6. ගිම්මි, පෝස්ටුව කියෙව්ව. මම එකඟයි ගිම්මි කියපු වැඩිහරියක් දේ එක්ක. මේක අනවශ්‍ය විදියට උලුප්පල සමාජෙ ඇතුලෙ බොරු බයක් ඇති කරන එකනම් වැරදියි.
    මාත් කුරුටු ගෑව මේ ගැනම එකක්... නිකමට ගිහින් බලන්නකෝ නිදහස් නම්.
    http://lepataheena.blogspot.com/2016/05/wilpattuwill-vs-vat.html

    ReplyDelete
  7. නවකවදේ කියන්නේ එක්තරා සීමාවක් ඇතුලත බොහොම සුන්දර අත්දැකීමක්.
    එත් සීමාව ඉක්මවා ගිහින් මානසික රෝගීන් දෙන නවකවදය ඇතුලේ ඔය කියාපු සහෝදර බැඳීම,සුහදත්වය අරක මේක මොකුත්ම නැහැ. එතන තියෙන්නේ තනිකර "පරපීඩක කාමුකත්වය".
    තමුන්ට ලබන්න බැරිවෙච්ච කායික, මානසික ලිංගික අත්දැකීම් අනුන් ලවා ලබා ගැනීම මිස වෙන කිසි දෙයක් එතන නැහැ.

    ReplyDelete
  8. නවක වදය තුල ක්‍රියාත්මක වන්නේ විශ්වවිද්‍යාල උපසංස්කෘතියක්. නවක වදය කියන කොටම කෙනෙකුට එක් වරම හිතට එන්නේ අමානුෂික වද දීමක් ගැන. හේතුව ඒ නමත් එක්ක සමාජගත වෙලා තියන්නේ ඒ වගේ ආකල්පයක්. කොහොම උනත් අතරින් පතර අහන්නට ලැබෙන අමානුෂික සිදුවීම් හැරුනම සමස්ථයක් ලෙස ගත්තම මෙහි වෙනත් පැතිකඩ තියනවා. එකක් ගත්තොත් විවිධ පැතිවලින් එන විවිධ ආකල්ප අදහස් දරන පිරිසක් පොදු හැගීමකින් ක්‍රියා කරන එකම සහෝදර පිරිසක් බවට පත් කරන්න පුලුවන් වෙලා තියනවා. සමහර අවස්ථා වල පහත් හැගීමෙන් යුතුව සීමාවන් ඉක්මවා කටයුතු කරන පිරිස නිසයි බරපතල ගැටලු මතු වෙන්නේ.

    ReplyDelete
  9. රැග් එක රසයක් මිස වහක් වෙන්න බෑ.. මට නම් රසවත් උනා.. අදටත් මතක් කරලා හිනාවෙන්නේ ඒවා..

    ඒත් ගිම්මි දැන් තත්වෙ ගොඩක් වෙනස්.. අවුරුද්දක් රැක් කරත් බැච් එක අදුනන්නෙ නෑ.. ඒක සම්පූර්ණ දේශපාලනයට යට කරගෙන තියෙන්නේ...
    හරි විදිහක් නැති නිසා ළමයි අතර ආත්මාර්ථය වැඩී.. මොකද කැම්පස් එකේ අපි යනකොට හිටපුු අය ලඟ තිබුණ මනුස්සකම් දැන් අලුත් ළමයි ලඟ අඩුයි.. ඒකට සමාජ වෙනසත් කෙලින්ම බලපානවා.. කියලයි මට හිතෙන්නේ...

    ReplyDelete
  10. ඔබ දන්නවාද නවක වධය නිසා නවකයන් 20 ක් මරුට..! 27000 ක් සරසවි හැර ගිහින් බව

    ReplyDelete
    Replies
    1. මට ප‍ේන විදිහට ම‍ෙතුමිය masochist ක‍‍ෙනෙක් වග‍ේ.

      Delete
  11. සමහර මව් තුමියන නිසා තමයි රැග් එක වහක් වෙන්නෙ
    ළමයි ඉන්නව ගෙවල් වලට ගිහිං එක දෙක කරල කියල ඒ වෙලාවට මව් තුමින් උතුරා ගිය දාරක පේමයෙන් යුක්තව තමන්නෙ දරුවා පුරුදු වලටම තල්ලු කරගෙන එන්න හදද්දි තමයි ඔය ගැටුම් ඇති වේනෙ
    සුන්දර ලියමනක් මචී
    ජයවෙව්ා

    ReplyDelete
  12. එක්තරා සීමාවක් ඇතුලෙ රැග් වෙනවා කියන එක සුන්දර අත්දැකීමක් තමයි. ඒත් රැග් එක නිසා කිසිම කෙනෙක් වෙනස් වෙන්නෙ නැහැ. ඔයාට තව කාලයක් ඉන්න තියෙනවා නේ කැම්පස් එකේ. ඔයා කැම්පස් එකෙන් අවුට් වුණාට පස්සෙත් මේ පෝස්ට් එක ආපහු කියවලා බලන්න. ඒ කාලෙ රසවත් වුණත් මිනිස්සු කියන්නෙ එහෙම වෙනස් කරන්න පුළුවන් ජාතියක් නොවෙන බව ඔයාට වැටහෙයි.

    ReplyDelete
    Replies
    1. හරියටම හරි සිතූ...කමෙන්ට් ටික කියවගෙන ඉද්දි මට ලියාගන්න ඕනේ දේ ඔයා හරියටම ලියලා...ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතිය ඇතුලේ පවතින මේ "නවක වදය" නිසා අලුතින් කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නෑ...මනුස්සය කියන්නේ තනියෙන් ජීවත් වෙන්න පුළුවන් සත්ව කොටසක් නෙවේ..ඔය නවක වදය ඇතත් නැතත්, ඔතනට එන හැමෝම ක්‍රමානුකුලව සමාජ ගත වෙලා, තමන්ට ගැලපෙන සිතුම් පැතුම් වලට ගැලපෙන විදියට කණ්ඩායම් වෙනවා...මිනිස්සු ඇතුලේ තියන හොඳ හෝ නරක ගති කිසිවක් වෙනස් වෙන්නේ නෑ...අන්තිමේ ඔතනින් එළියට යනකොට ඉතිරි වෙන එකම අරමුණ තමයි හොඳ රැකියාවක් හොයාගන්න එක...කැම්පස් කියන්නේ ජීවිතේ එක මතකයක් සහ අත්දැකීම් බොහොමයක් ගන්න ලැබෙන එක තැනක් විතරයි...

      ගිම්මි ගේ උසස් අධ්‍යාපන කටයුතු හොඳින් කරගෙන යන්න සුබ පැතුම් !!!

      Delete
  13. කවුද යකෝ මේ ගෙම්බි? ඉන්න බලන්න .... ඔව් ඔව් හිටියා වගේ මතකයි....


    නගා, සිතූගෙ අදහසට මාත් එකඟයි. රැග් කාලෙ සුන්දර මතක නැතුවාම නෙමෙයි . ඒත් රැග් එක මධ්‍යස්ථ විය යුතුයි. අලුත් නැව මල් මාලා දාලා පිළිගන්න ඕන නෑ. එතකොට කට්ටිය උඩ ඉඳන් පහළට ගන්න ලේසි නෑ . හැබැයි සීමාවක් ඇතුළෙ ඉඳලා කරන්න ඕන. පෞද්ගලිකව මං රැග් කරන්නෙ නෑ. මොකද ඒ කාලෙ විඳපු පීඩනය මට අමතක නෑ.

    කලකට ඉහත සොඳුරු මිනිසා රැග් ගැන පෝස්ට් එකක් දාලා තිබුණා . නම නම් දැන් මතක නෑ. ඒක කියවන්න පුළුවන් නම්..... නම හොයලා කියන්නම් ....

    ReplyDelete