Thursday, March 31, 2016

සිහිනයක සේයා







පින්න මුතු ඉහිරී වියන
තරු මල් රටා ඇදී
අහස් සේලය යටින්
නෙතු කදුලැල් උණන
සීතලම මහ රෑක
හෙමි හෙමින්
ලගට විත්
නුඹේ උර මතට
මගේ හිස තියාගෙන
නෙතින් ඇදවැටෙන
නුඹේ නම රැදී
මගේ බිදු කදුළු
සිපගන්නේ ආදරෙන්
නුඹේ පුළුල් උර තලය...

ආදරය පිරුණු නුඹේ
දෑස් හරවන් මවෙත
සීතලට ගුලි වෙමින්
නුඹේ ලගම දැවටෙමින්
උණුසුමක් සොයා යන 
පුංචි මුව පැටික්කිට
නොරිදෙන්න බිදක් වත්
සැලෙන සීතල මතින්
නතරවුණු නුඹේ
ලවන් යුග තව
ඇගේ  අඩ සද මතින්...

ඒ තරම් ආදරෙන්
හිරිවැටුණු පුංචි සිත
දෙඇස් වසලා
සීරුවෙන් තව
සිපගන්න ඒ
සොඳුරු උවනත
සැරසුණා පේවී
නමින් නුඹ වෙත...

ආදරය නම්
නුඹ මැයි සිතා
හීන් සීරුවට
ලං උණු ලවන් යුග
සිපගන්න පෙර
ආදරෙන් ආයෙමත්
සිහිනයෙන් පිබිදුණා
පුදුමයකි තව
වියලී නොයන
බිදු කදුළු වැල් 
අලුත් වෙනවා
දෑසින් හෙමින්...

34 comments:

  1. //ආදරය නම්
    නුඹ මැයි සිතා//
    ආදරය සුන්දර වරදකී(සිංදු ඇනෝ කෙස් එක දායිද දන්නෑ)

    ReplyDelete
    Replies
    1. හිකි හිකි බයෙත් බෑ අප්පා...

      Delete
  2. බුල්ටාවක් දීපියෝ..
    :D

    ReplyDelete
    Replies
    1. අහ් බුල්ටෝ මන් දෙනවා කිව්වද...මට මතක නෑ නේ...:P

      Delete
  3. ආදරය නාමයෙන්
    වැටෙන මේ කඳුලු වැල්
    නවතන්න දැන් ඉතින්

    නැත්නම් ගේනවා කටු අත්ත
    පිසින්නට කඳුලු වැල්...
    ලස්සන කවි පෙළ

    ReplyDelete
    Replies
    1. අම්මෝ...කටු අත්තක්...:ද
      සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට...බොහොම ස්තුති නිර්මානි..:)

      Delete
  4. ලස්සනයි ගිම්මි.................. හොද නිර්මාණයක්.... ජයවේවා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති කුරුටු...:)
      ජයවේවා...!!!

      Delete
  5. ලස්සනයි කවිය...... ඔන්න අපිත් ආවා

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට...බොහොම ස්තුති තාරකා:)

      Delete
  6. ෂා අක්කා ෂා.... මාර ලස්සන කවියක් නෙ...!

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට...බොහොම ස්තුති මලයෝ...:)


      Delete
  7. ලස්සනයි නිර්මාණයක් ගෙමිබ්.
    එදා සම්මාන උළෙලට ආව කිව්වා නේද ?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති මනෝ...:)
      ඔව් අනේ මට ඔයාව බලාගන්න බැරි උනානේ අයිෂු...

      Delete
  8. පට්ට ගිම්මියෝ,මාර අදහස් නොවැ එන්නේ,

    ReplyDelete
    Replies
    1. හිහි බොහොම ස්තුති රස්ති..:)

      Delete
    2. මේ කමෙන්ට් එකට මගේ බලවත් මෙවුව එක....ඇයි යකෝ, කියන්න තියන මගුලක් ගෙදරට ගිහින් කියපියකෝ ඩේටා නාස්ති නොකර....

      Delete
    3. හැක හැක ඕකා අපේ ගෙදර එන්න තියා උගේ ගෙදරවත් නැනේ..මේ දවස් වල එයා මට නෑනෙක්ව හොයනවලුනේ...ඔය කව්රුහරි අදුරන එකියක් හිටියොත් ටිකක් කියන්න හොදෙයි...

      Delete
  9. නිමිත්ත කොච්චර නපුරුවුනත් කවිය ලස්සනයි.....

    "මුතුඇටයක් බවට පත්වන්නේ බෙල්ලෙකුගේ පියන් අතර සිරවුන වැලි කැටයක වේදනාවයි - ෂෙලී"

    ජය වේවා....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්...කෙනෙක්ගේ ජිවිතේ එයාට දැනෙන වේදනාවකින් අලුත් පැත්තකට යන්න පුළුවන් වගේම ජිවිතේ විනාස වෙන්නත් පුළුවන්....
      බොහොම ස්තුති කටුස්සයියේ...ජය වේවා!!!

      Delete
  10. හ්ම්ම් ලත්තනයි ..ගිමිමියෝ ..ඇ....

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට...
      බොහොම ස්තුති..:)

      Delete
  11. ලස්සන කවියක් ගිම්මි...

    ReplyDelete
  12. ගිම්මි අක්කට ලව් සික් වගේ හොඳටම...!

    ReplyDelete
    Replies
    1. අනේ අම්මෝ ඕක තමා තියන බයානකම සික් එක :P

      Delete
  13. ඉන්න මං අම්මට කියන්නම් ....

    ලස්සනයි නංගා . මාරම ගති.

    ReplyDelete
    Replies
    1. අඩේ අපේ අම්මටද කියන්නේ...?

      බොහොම ස්තුති අක්කේ...:)

      Delete
  14. කවියේ මුල් කොටස් කියවනකොට මේ සිංදුව ඔලුවට ආව කියමුකො ඉතිං 'පෙරදා මහ රෑ - නන්දා මාලිනි '
    කවි පද ලස්සනයි නංගියෝ ..සමාවෙන්න එදා නෙලුම් යායෙ දැක්කට පස්සෙ අදයි ආවෙ. රස්තියාදුකාරයව නම් අමාරුවෙන් හොයා ගත්ත :)

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා අක්කේ...බොහෝම ස්තුති හංසි අක්කා මාව හොයාගෙනම ආවට...
      ඔය රස්තියාදුකාරය හොයාගන්න නෑ...මට නෑනෙක් හොයන්න ගිහින්.. :D

      Delete