සෙවණැල්ලක්ව අතීතයෙන්
පියඹා එන නුඹට
විටින් විට මම ම
සිතට තරවටු කරන්
හංගන්නට හදන
හංගන්නටම බැරි
කවදා කොතැනක
වැරදුන වගක්
නොදන්නා මුත්
දමා යා නොහැකි
කලු සුදු සිතුවමක්ව
අදත් හිඳිනවා නුඹ
මගේ ළඟ
මගේම නොවී...
ප.ලි.
කටුස්සෙක් විසින් ගෙම්බියකට මැර ප්‍රහාර දියත් කිරීම හේතුවෙන් එම ප්‍රහාර වලින් වැළකීම සදහා ඒ ගෙම්බි විසින් මෙය ලියන ලද බව කරුණාවෙන් සලකන්න.හැක හැක
කටුස්සා.. කමක් නෑ..ගෙම්බට ගෙම්බි කියන එක හරි මදි වගේ.. හැක්..
ReplyDelete//මංම//.. කිව්වම කවිය ප්‍රාථමික අවධියට යනවා නෙව
හිකිස්...ගෙම්බි...
Deleteමට හිතුනට එතනට දාන්න වෙන වචනයක් මතක් උනෙම නෑ...:(
ඔන්න මන් වෙනස් කළා දෙසෝ..ඉත්තුති...
Deleteකටුස්සා එච්චර දරුණුද?? මම හිතුවේ සමාජසේවයක් කරන් ඉන්නවා කියල...හැක හැක...
ReplyDeleteඔයාට කියන්න අනේ ...මාත් හිතුවේ ඒත් එහෙමනේ ඒකා හරිම දරුණුයි...හැක හැක
Deleteඒ මැර ප්‍රහාරයට මෙච්චර සුට්ටං එකක්.....දෙන්නම් ඊලඟ පාර ඩබල් කරලා.
ReplyDeleteඔය අතීතෙන් එන කලු සුදු පිංතූර තියනවා නේද...මහ එපාකරපු පොටෝ ග්‍රැෆර්ව උස්සලා පොලේ ගහන්න හිතෙන පජාත පිංතූර බං ඒවා.
මේ පේනවනේ තවත් මර ප්‍රහාර...කු.....රයි...
Deleteඔව් අප්පා වෙලාවකට කලර් ෆොටෝ කෑලි පේන අස්සෙනුත් ඒ කළු සුදු එව්වා මතු වෙනකොට හිතට හෙන අව්ල් බන්..
කටුස්සා එල්ලකල මැර ප්‍රහාරය තරයේ අනුමත කරමි..
ReplyDeleteඅනේ ඇත්තට මෙහෙමත් එව්වෝ...මන් ගහනවා පොල් හිටුකෝ හි හි හි
Deleteඇයි ගිම්මි ඒකාබද්ද විපක්ශෙද??? ඈ......
Deleteබුවහ......බුවහ..බුවහ.....
නෑ නෑ මන් ඒකාබද්ද ගෙඹි පක්ෂේ...
Deleteහැක හැක හැක
සිහිනෙන් ගෑ මුදු සුවඳක් වාගෙයි
ReplyDeleteමිහිරි අතීතය දැනුනේ
ඔබට මේ තරම් මා පෙම්කළ බව
වෙන්වන තුරු නෑ හැඟුනේ///
එහෙමද හිහි... ලස්සනයි කියන්න නං බෑ ගිම්මී... බොරු මොකටද... උඹෙ කවි මීට වඩා ගති
ඔව් අනේ වෙන්වෙනකන්ම තේරෙන්නේ නෑ බැදීමේ වටිනාකම...
Deleteකමක්නෑ මෙයා ඔයා ඇත්ත කුවනේ...ඕක මන් ඔය අර කටුසු තඩියට බයේ ලිව්වේ හිකිස්...
කටුසු පහර ලත් ගෙඹි
ReplyDeleteනොසැලී නමුණුකුල මෙන්
පිරිනැමූ අතීති සිහින
අගේමය් ඔබට ජය
අන්න දැක්කනේ...//නොසැලී නමුනුකුල මෙන්//
Deleteබොහොම ස්තුති ප්‍රියා...:)
ලස්සනයි ගිම්මියෝ...............
ReplyDeleteස්තුති කුරුටු...:)
Deleteමොකක්ද බොලේ ඒ මැර ප්‍රහාරය අපි නැති අතරේ මෙහේ හුගාක් දේවල් වෙලා නෙව........ හරිම අමුතුයි.
ReplyDeleteකොයිල් වගේද...ඒකනේ ඒකනේ ඔයා හොදම ටික මිස් කරගත්තනෙ මචෝ...හිකිස්..
DeleteLassanai attatama wensma deyak
ReplyDelete