Thursday, March 31, 2016
සිහිනයක සේයා
පින්න මුතු ඉහිරී වියන
තරු මල් රටා ඇදී
අහස් සේලය යටින්
නෙතු කදුලැල් උණන
සීතලම මහ රෑක
හෙමි හෙමින්
ලගට විත්
නුඹේ උර මතට
මගේ හිස තියාගෙන
නෙතින් ඇදවැටෙන
නුඹේ නම රැදී
මගේ බිදු කදුළු
සිපගන්නේ ආදරෙන්
නුඹේ පුළුල් උර තලය...
ආදරය පිරුණු නුඹේ
දෑස් හරවන් මවෙත
සීතලට ගුලි වෙමින්
නුඹේ ලගම දැවටෙමින්
උණුසුමක් සොයා යන
පුංචි මුව පැටික්කිට
නොරිදෙන්න බිදක් වත්
සැලෙන සීතල මතින්
නතරවුණු නුඹේ
ලවන් යුග තව
ඇගේ අඩ සද මතින්...
ඒ තරම් ආදරෙන්
හිරිවැටුණු පුංචි සිත
දෙඇස් වසලා
සීරුවෙන් තව
සිපගන්න ඒ
සොඳුරු උවනත
සැරසුණා පේවී
නමින් නුඹ වෙත...
ආදරය නම්
නුඹ මැයි සිතා
හීන් සීරුවට
ලං උණු ලවන් යුග
සිපගන්න පෙර
ආදරෙන් ආයෙමත්
සිහිනයෙන් පිබිදුණා
පුදුමයකි තව
වියලී නොයන
බිදු කදුළු වැල්
අලුත් වෙනවා
දෑසින් හෙමින්...
Subscribe to:
Post Comments (Atom)
//ආදරය නම්
ReplyDeleteනුඹ මැයි සිතා//
ආදරය සුන්දර වරදකී(සිංදු ඇනෝ කෙස් එක දායිද දන්නෑ)
හිකි හිකි බයෙත් බෑ අප්පා...
Deleteබුල්ටාවක් දීපියෝ..
ReplyDelete:D
අහ් බුල්ටෝ මන් දෙනවා කිව්වද...මට මතක නෑ නේ...:P
Deleteආදරය නාමයෙන්
ReplyDeleteවැටෙන මේ කඳුලු වැල්
නවතන්න දැන් ඉතින්
නැත්නම් ගේනවා කටු අත්ත
පිසින්නට කඳුලු වැල්...
ලස්සන කවි පෙළ
අම්මෝ...කටු අත්තක්...:ද
Deleteසාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට...බොහොම ස්තුති නිර්මානි..:)
ලස්සනයි ගිම්මි.................. හොද නිර්මාණයක්.... ජයවේවා...
ReplyDeleteබොහොම ස්තුති කුරුටු...:)
Deleteජයවේවා...!!!
ලස්සනයි කවිය...... ඔන්න අපිත් ආවා
ReplyDeleteසාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට...බොහොම ස්තුති තාරකා:)
Deleteෂා අක්කා ෂා.... මාර ලස්සන කවියක් නෙ...!
ReplyDeleteසාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට...බොහොම ස්තුති මලයෝ...:)
Deleteලස්සනයි නිර්මාණයක් ගෙමිබ්.
ReplyDeleteඑදා සම්මාන උළෙලට ආව කිව්වා නේද ?
බොහොම ස්තුති මනෝ...:)
Deleteඔව් අනේ මට ඔයාව බලාගන්න බැරි උනානේ අයිෂු...
Maxa....
ReplyDeleteThank you...:)
Deletewow....
ReplyDeleteThank you kukul :)
Deleteපට්ට ගිම්මියෝ,මාර අදහස් නොවැ එන්නේ,
ReplyDeleteහිහි බොහොම ස්තුති රස්ති..:)
Deleteමේ කමෙන්ට් එකට මගේ බලවත් මෙවුව එක....ඇයි යකෝ, කියන්න තියන මගුලක් ගෙදරට ගිහින් කියපියකෝ ඩේටා නාස්ති නොකර....
Deleteහැක හැක ඕකා අපේ ගෙදර එන්න තියා උගේ ගෙදරවත් නැනේ..මේ දවස් වල එයා මට නෑනෙක්ව හොයනවලුනේ...ඔය කව්රුහරි අදුරන එකියක් හිටියොත් ටිකක් කියන්න හොදෙයි...
Deleteනිමිත්ත කොච්චර නපුරුවුනත් කවිය ලස්සනයි.....
ReplyDelete"මුතුඇටයක් බවට පත්වන්නේ බෙල්ලෙකුගේ පියන් අතර සිරවුන වැලි කැටයක වේදනාවයි - ෂෙලී"
ජය වේවා....
හ්ම්ම්...කෙනෙක්ගේ ජිවිතේ එයාට දැනෙන වේදනාවකින් අලුත් පැත්තකට යන්න පුළුවන් වගේම ජිවිතේ විනාස වෙන්නත් පුළුවන්....
Deleteබොහොම ස්තුති කටුස්සයියේ...ජය වේවා!!!
හ්ම්ම් ලත්තනයි ..ගිමිමියෝ ..ඇ....
ReplyDeleteසාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට...
Deleteබොහොම ස්තුති..:)
ලස්සන කවියක් ගිම්මි...
ReplyDeleteබොහොම ස්තුති සිතු...:)
Deleteගිම්මි අක්කට ලව් සික් වගේ හොඳටම...!
ReplyDeleteඅනේ අම්මෝ ඕක තමා තියන බයානකම සික් එක :P
Deleteඉන්න මං අම්මට කියන්නම් ....
ReplyDeleteලස්සනයි නංගා . මාරම ගති.
අඩේ අපේ අම්මටද කියන්නේ...?
Deleteබොහොම ස්තුති අක්කේ...:)
කවියේ මුල් කොටස් කියවනකොට මේ සිංදුව ඔලුවට ආව කියමුකො ඉතිං 'පෙරදා මහ රෑ - නන්දා මාලිනි '
ReplyDeleteකවි පද ලස්සනයි නංගියෝ ..සමාවෙන්න එදා නෙලුම් යායෙ දැක්කට පස්සෙ අදයි ආවෙ. රස්තියාදුකාරයව නම් අමාරුවෙන් හොයා ගත්ත :)
සාදරයෙන් පිලිගන්නවා අක්කේ...බොහෝම ස්තුති හංසි අක්කා මාව හොයාගෙනම ආවට...
Deleteඔය රස්තියාදුකාරය හොයාගන්න නෑ...මට නෑනෙක් හොයන්න ගිහින්.. :D