Saturday, October 23, 2021

දුවෙක් වැදුවොත් දෙන්න වෙනවා...කවදා කොහදිද ලියවී තිබුනා.....


 

රෝස රෙද්දක ඔතා ගෙනවිත්
මැණික අනේ මගෙ අතේ තැබුවා
නෝනෙ නුඹ රුව වගේමයිනෙ
ආදරේටම කඳුළු ඉනුවා....

දිනෙන් දින සති  ගතව යද්දි
සොඳුරු නාරි රුවක් මැවුනා
වතුර කළයට මල් පිරී යද්දි
පොඩි කෙල්ල තරුණියක් වූවා....

ඉගෙනුමට කතාවට දස්කම්
කවදාත් නුඹ හපනි වූවා
නොපෙනුවත් අම්මා තරම්
මමත් හරි ආඩම්බරෙන් වුන්නා.....

සංසාරෙ පතා ගෙන ඇවිත්
පෙර ලෙසම නුඹේ පෙම්බරා
හමුවුනා කීවා ඇඹරෙමින්
මට රහසින්ම අම්මට එදා....

මහත්තයා අපෙ කෙල්ල දැන්
ලොකුයි කටයුතු ගැළපෙනා
නෝනෙ හෙමි හෙමින් කියමින්
මගේ හිත හැදුවා එදා.....

දුවේ නුඹ දන්නෙ නෑ ඉතින්
ලෝභ සිත නුඹ ගැන සිතා
මාත් අම්මත් ඇඩුවා රහසින්
නුඹ අපෙන් ඉගිලී යයි කියා....

දවස් ගෙවිලා ඒ දවස ඇවිදින්
නුඹ ලස්සනට මනමාලිය වෙලා
මම දරාගන්නේ කොහොමද කියන්
පුතේ නුඹ මගෙ හුස්ම ගත්තෙ ඉල්ලා...

පුතේ මගේ මැණික රැකගනින් හෙට
නෝනෙ දැන් ඇති ඉතින් ඇඩුවා
දුවෙක් වැදුවොත් දෙන්න වෙනවලු
කවද කොහෙදිද ලියවී තිබුනා....