සෑහෙන්න කාලෙකට පස්සේ ආයිත් අපේ ඉස්කෝලේ කලේ වෙච්ච ඒකට ලස්සනයි කියන්නත් බෑ.... මොකද මේ සීන් කොන් එක වෙනකොට නං අපි හොඳටම බය වෙලා හිටියේ.මේකේ ඉතින් මල් සහ මයිනා කියල කිවුවට, ඇත්තටම මේකේ කුරුල්ලෝයි, මලුයි නෑ.මේකේ ඉන්නේ මගේ අතිජාත සුජාත මිත්තරියෝ දෙන්නෙක්.අනේ ඉතින් මොකට කියන්නද මගේ ජාතියම සමයන් තමයි හැමෝම.
මේ සීන් කෝන් එක වෙනකොට අපි 11 වසරේ හිටියේ,අනේ අර සා/පෙ නිසා හැම වෙලාවේම මිස්ල බලන්නේ පන්තියට කඩාපත් වෙන්න, වෙන කගේ හරි පිරියඩ් එකක් හරි කමක්නෑ.මන් මේ කියන දවසේ නං උදේම තිබුන පිරියඩ් දෙකම ෆ්‍රී.සෑහෙන්න කාලෙකින්නෙ ඕවගේ වාසනාවක් පල දෙන්නේ...කට්ටිය ඉතින් සතුටේ කිමිදිලා.ඕවගේ වෙලාවට ඉතින් කරන කියන දේවල් උගන්නන්න ඕනේ නෑ නේ.කට්ටියක් සංගීත පන්තිය පටං අරන්,තව කට්ටියක් ඊයේ දවසේ විස්තර,අනිත් අය රෝයිටර් සේවය...අපිත් ඉතින් හොඳ කෝප්පයක් හෝද හෝද ඉන්නකොට මලයි මයිනායි වෙනම කතාවක හිටියේ,කතාව මොකද්ද කියලා නං දැන් මතක නෑ ඉතින්.ඔන්න දෙන්නගේ කතාව ඉහළම ස්වරයට අැවිත්... දැන් අපි බලන් ඉන්නව මොකද මේ පැණි වරකා ගහට හෙන ගහල තියෙන්නේ කියලා...හාහ්හ් විනාසයි මලා ටැප් එක අැරගෙන දිවුවා පන්තියෙන් එළියට.ටිකක් වෙලා බලන් හිටපු මයිනා කියපි,
"ඔය ගියාට ආයි ඕකි එයි බන්,කොහෙ කියල යන්නද?"
අාහ් ඉතින් එහෙනන් අවුල්ක් නෑනෙ ආයි සෙට් උනා කස්ටිය තම තමන්ගේ කතා වලට.
අපේ පන්තියේ වම් පැත්තට ඩෙස් 5යි දකුණට 3යි ගානේ තමයි දාල තිබුනේ.දලා තිබුන කියන්නේ ඕක ඉතින් අපිම දාගත්ත එකක්.අපේ පේලිය හිටියේ මන් තුමී,හන්සි,සචි,මලා,සහ මයිනා... මෙන්න ටිකකින් මයිනා කියනවා
"ඒ මේ මලා තාම අාවේ නෑනේ හලෝ මොකද කරන්නේ"
ඔන්න එතකොටයි අපිට මතක් උනේ වෙලාව...මලා නෙන්නන් දෙවැනි පීරියඩ් එකත් ඉවර වෙන්න ළඟයි.ඊළඟට මැත්ස්...
"මේ අපි බලමුද හලෝ ගිහින් බයයිනේ,කොහෙට හරි වෙලා අඬනවද දන්නෑ නේ."
"මේ ඉක්මනට යන එහෙනන් අපිට ටයි නැති එකේ මේකි බෙල්ට් එකෙන් වත් බෙල්ලේ වැල දාගෙන ද දන්නෑනේ "
කවුරු උනත් ඒ කියපු කතාවට අපිට හීන් දාඩිය දැම්මා.මොකද ඔය කාලේ අර අපේ ළඟ පාත ඉස්කෝලෙක දැරිවියක් ටයි පටියෙන් බෙල්ලේ වැල ගෙන තිබුනනේ.අපේ ගවුමේ ඉතින් ටයි නෑ බෙල්ට් එක විතරනේ.කියන්න බෑ නේ ඒත් කාලේ හැටියට.
දැන් නං කට්ටිය මුළු ඉස්කෝලේ පුරාම දුවනවා නිකන් භූමිතෙල් ගෑවිච්ච ගැරඬි වගේ.වොෂ් රූම්,ජිම් එක,ස්පෝර්ට්ස් රූම්,ලැබ් එකී මෙකි නොකී හැම තැනම හෙවුවත් ම්හ්ම් මේකි අා ගිය අතක් නෑ,ඔය අස්සේ ලයිබ්‍රි එකට දිවුවා ජඩේ.. එකේවත් ඉන්නවද දන්නෑනේ,අනේ ඉතින් එකෙත් නෑලු..... අපේ බලාපොරොත්තු සුනු විසුනු කරගෙ ජඩේ කියනව "බයෝ කරන අක්කල වගයක් නං හිටිය අනේ එච්චරයි."
අන්තිමට අපි ඉස්කෝලේ තිබුන ඩස්බින් වලත් හෙවුවා,කියන්න බෑ නේ ඕක ඇතුලට හරි බැහැල හිටියොත් එහෙම....ටීචර්ස්ලගේ ක්වාර්ටස් පැත්තෙත් රවුමක් දාල බැලුවා ම්හ්ම් නෑ නේ මේකි... වාෂ්ප වෙලාද?කරන්නම දෙයක් නෑ අපි අපේ සයන්ස් මිස්ට විස්තරේ වාර්තා කරලා ආයිත් එකා දෙන්නා ගානේ ගියා පන්තියට.... මලා අාවම හොඳට සලකන්න බලාගෙන ආයි ඔහොම නොකරන්න.....ගහෙන් වැටුන මිනිහට දේවාලෙත් කඩා පාත් වෙනවා වගේ පන්තියේ මැත්ස් මිස්.....
අම්මෝ.... කටේ සද්දේ සෑහෙන්න දුරට විහිදිලා යන හරිම මිහිරි වොයිස් එකක් අප්පා එයාට තියෙන්නෙ,දැන් ඉතින් දීපන්කො උත්තර....
"කොහෙද ළමයි ඕගලන් ගිහින් එන්නේ සැරින් සැරේ....,ඇයි විභහගෙට තව අවුරුදු කියක් තියනව කියලද හිතන් ඉන්නේ "
"එන්නෑ පන්තිය ඇතුළට කියනව කොහෙද ගියේ?"
"මිස් මේ... මේ.. වොෂ් රූම් ගියා"
"දැන් අාපු ඔක්කොම වොෂ් රූම් ඉදන් අාවේ මේ පන්තියේ ළමයින්ට දියවැඩියාවද?"
අනේ ඉතින් මිස් ඔයාට අපිට කියන්න පුළුවන් කතාවක් නෙමෙයිනෙ මේක...
"එනව එනවා ඇතුළට"
ඇති යන්තන්.... ඇත්තනෙ යකු ඉතින් පීරියඩ් එකක් ඉවරවෙනකන් වොශ් රූම් ඉන්න රටක් තියනවද?
තව ඉන්ටෙවෙල් එකටත් විනාඩි 15ක් වගේ.... තාමත් නෑනෙ මේකි.මැත්ස් නං මෙලෝ දෙයක් තේරෙන්නෑ පාවෙනවා ඉලක්කන්....ලස්සන....
"අාහ් ඔන්න එනව තව එක්කෙනෙක්,ඔයත් වොෂ් රූම් එකේ ඉදන් එන ගමන් වෙන්නැති"
ඒ කාටද දෙයියනේ මේ කෑගහන්නේ,හාහ් මේ අැවිත් තියෙන්නෙ.... ඕකිට නං කෑගහන්න නෙමෙයි තියෙන්නෙ..අපු දෙන්කො.... මෙත්නටනේ එන්නේ වාඩිවෙන්න.....හරි අහිංසක විදියට එන හැටි විතරක්...එනවකො.... මිස් යනකන් ඉන්නව ටිකක්.....මලා අැවිත් වාඩි උනා විතරයි එහෙන් මෙහෙන් වටේ ඉන්න එවුන් කසු කුසු ගගා බනිනවා.පිටිපස්සේ එවුන් කකුලෙන් ප්‍රහාර දියත් කරලා දැන්මම.
"ඒ පාර ආයිත් සද්දේ ඇයි එයා මේ පන්තියේ නෙමෙයිද, ඔහම බලන්නේ"
ආයි මිස්ගේ ටින් ටින් වොයිස් එක ඇහෙනවා,මිස්ට කියන්නද ඉතින් මු මෙච්චර වෙලා ආගිය අතක් නැතුව හිටිය,මුව හොයන්න අපි පිස්සු හැදිලා වගේ දිවුව කියල.
දෙයියනේ කියලා මිස් ගියා....හරි දැන් තමයි වෙලාව මයිනා හැරුන මලාගේ පැත්තට,
"කියනවා මොන ලෝකෙද ගිහින් හිටියේ,අපි ඉස්කෝලේ පුරාම ගියා කොහෙද යකු හිටියේ"
මෙන්න මෙකි හිනා වෙනවා... හරියන්නෑ... පන්තියෙන් බාගයක් දන් වැඩේට සෙට් වෙලා."කියනව" ඔන්න ඉතින් කට්ටියගේ සද්දේ ආයි වැඩි වෙනවා.
"මන් ලයිබ්‍රි එකේ හිටියේ."
"මොකක් මන් ගියානේ ලයිබ්‍රියට,ඇත්ත කියනවා කොහෙද ගියේ"
දැන් නං මලා බය වෙලා සැහෙන්න "නෑ මන් ඇත්ත කියන්නේ,මන් ලොකු බයෝ පොතක් පෙරලගෙන අර ලයිබ්‍රි එකේ අන්තිමටම තියන ඇතුලේ මෙසේ වාඩි වෙලා හිටියෙ,හැබැයි පොතෙන් මුණ වහගෙන හිටියේ"
"අාහ් ඇත්තද......."
මයිනගෙන් පටන් අරන් ඔක්කම ටික ඉතින් අපේ මලාට සෑහෙන්න හොදට සැලකුව....ඔව්ව්ව්...බොරු නෙමෙයි ඩෙස් එක අස්සට යනකන්ම සැළකුව...අන්න එහෙමයි කරන්න ඕනේ...
මෙන්න මේකි යන්තන් ඔලුව උස්සල ආයිත් අපෙන් අහනව
"ඕගලන් බය උනාද මන් නැතුව?හානේ... හැමතනම හෙවුවද මාව හරි ෂෝයිනෙ,මරු...මන් ආයිත් හැන්ගෙනවා..... "
මෙතන වැරද්ද කොරලා තියෙන්නේ හිතුවක්කාරිගේ නඩය බව රස්තියාදුකාරයාගේ අදහසයි,එහෙයින් එම නඩය වහාම අල්ලා මඩු වලිගෙන් තැලිය යුතුය,
ReplyDeleteඑතකොට අපිව පිස්සො වගේ ඇවිද්දෙව්ව අර මලාට මොකැයි කරන්න ඕන?
ReplyDeleteඔන්න සාකියා නං දන්නවා හිතුවක්කාරිගෙ ඉස්කෝලේ. . .
ReplyDeleteහපේ අප්පෝ මේ උත්කර්ෂවත් අවස්ථාව නියෝජනය කරන කාව හරි සාකි අදුරනව වත් ද මන්දා.ස්තුති මේ පැත්තේ ආවට... :D
ReplyDeletelassanai.
ReplyDeleteතැන්කු තැන්කු...
Delete