Friday, March 20, 2020

ඉතින්, මම අහන්නෙ නුඹෙන්....

ලුමිනස් රතු පාට විතරක්මද
ආදරයෙ පාට කියන්නෙ
දිලිසෙන අළු පාටටත් පුළුවනි
ආදරයෙ පාට වෙන්න...
.
තදම තද රතු රෝස විතරමද
ආදරයට තෑගි කරන්නෙ
සුදුම සුදු දෑසමන් මලටත්
පුළුවනි ආදරේ තිළිණය වෙන්න...
.

නටුවක පිපී නැළවෙද්දි  විතරමද
පින්න මලකට ආදරේ වෙන්⁣නෙ
පුංචි පින්න කැකුළටත් පුළුවනි
නිමාවක් නැතිවම ආදරේ දෙන්න...
.
ඉතින්, මම අහන්නෙ නුඹෙන්...
.
බලෙන්ම තවරන වත්සුනු විතරමද
ආදරයෙ සුසුම් බැඳතියන්නෙ
ඈතින්ම එන සේපාලිකා සුවඳටත්
පුළුවනි නේද ආදරයෙ සුසුම් බැඳතියන්න?
.

2 comments: