අළුපාට අහසින් සීතලම වැහි බිංදු පොළව සිපගද්දි, විදුලි සැර ගිගුම් හඬ සමගින් පොරබදින විට කවුළුවෙ පියන්පත අතරින් මම දකින්නෙ ඡායාවක්.ඉතින් එය තිර ලෙසම මම දන්නව ඒ නුඹේ රුව.මගේ මනස තුළ නිරන්තර වද දෙන,නිරන්තර සුව සදන නුඹේ රුව.
සිව් වසක් ගතව ගොසින් මා නුඹව නොදැක.නුඹ සමග කතා නොකර.නුඹ හොඳින් ද,නුඹ කරදරයකද....අඩුම තරමින් නුඹ ජීවත් වනවාද කියාවත් දැනගන්න මා උනන්දුවක් නැතිව කෙසේ නම් සිටියාද????නුඹ අනිවාර්යයෙන්ම එසේ සිතනව ඇති.ඒත්.නුඹ වැරදි... මා වරින් වර නුඹේ වතගොත එහෙන් මෙහෙන් සොයා බලමින් නුඹ සතුටින්....නෑ යහතින් ජීවත් වන බව මා දැන සිටියා.නමුත් අද මට නුඹට කතා කරන්නම මගේ හිත බලකරනව.ඒත්...දරදඬු මුරණ්ඩු මගේ මොළය එය නවත්වනව.
අතීතය...ගෙවුනු ජීවිතයේ සුන්දරම වසර කීපය අයිති අතීතයට.එමෙන්ම විදවමින් තනිව ජීවත් වන මේ වර්තමානය තැනුවේද ඒ අතීතයමයි.
"මම වෙන ගෑණියෙක්ට අහු වුනා නන් මම කොතන ඉදීද කියන්න මම වත් දන්නෙ නෑ...අද මට ජීවිතෙ දෙයක් ලැබිල තියනව නන් ඒ ඔයා නිසා..."
නුඹේ ආදරේ නිරන්තර මට පවසන්න නුඹට උවමනාවක් නැති වුනත් එකම එක දවසක අපිට හුරුපුරුදු ලී බංකුවක ගලාගෙන යන ගඟ දිහා බලාගෙන ඒ කියපු වදන් මගේ සවන් තුළ තවමත් දෝංකාර දෙනව.නුඹ එදා වෙද්දිත් දැන සිටියා අපට තව දුරටත් එකම මාවතක යන්න දෛවය ඉඩ නොදෙන බව.ඒත් ඒ වෙන්වෙන අන්තිම දවස වෙනකන්ම අපි දෛවයට එරෙහිව උඩුගං බලා පිහිනන්න නොසෑහෙන ඵල රහිත උත්සහයක නිරත වුනා.ඒත් ඒ දවස්....හරි සුන්දරයි...රණ්ඩු,කඳුළු,සිනහ එක්ක පිරුණු මම දැකපු ලස්සනම ආදර කතාව තිබ්බෙ අපිට.අපි දිහා බලපු අපිට හදවතින්ම දිරිදුන්නු හැමෝම කිව්වෙත් එහෙම....අපි ඇවිද්ද තරම්..කතා කරපු තරම්...
"මේ මම ඔයා එක්ක කතා කරන්නෙ නෑ කිව්වම මොකද ඔයා ආයි මට ගත්තෙ නැත්තෙ"
"ඔහොම කිව්වට උඹට ඉන්න බෑ කියල මන් දන්නවනෙ..."
හැමදාම අපේ රණ්ඩු ඉවරවෙන්නෙ එහෙම.නුඹ මහ පුදුම මනුස්සයෙක් මම දැකපු. මම කොයිතරම් දුරක හිටියත් නුඹට මාව දැනෙන විදිය මහ අරුමයක්.මට එ්ක අදටත් හිතාගන්න බෑ.ඒ වගෙම නුඹේ එක බැල්මක් ඇති මාව හුන් තැනම හිටවන්නත්....
"මේ මිනිහට කිසිම ගාණනක් නෑ...තමන්ගෙ කෙල්ල පස්සෙ අර කොහෙද යන එකෙක් එනව ඒ ගැන හොයල බලන්නවත් නෑනෙ...."
"ආ එහෙමද...මන් දැක්කෙ නෑනෙ..."
"මන් ගැන ඉතින් බලන්නෙ නෑනෙ....මම හෙට යනව ඌ එක්කම...මොකද හිනාවෙන්නෙ...."
"පුළුවන් දෙයක් කියපන් බන්...මන් නෙදන්නවද උඹේ හැටි ඕකා කොයි වෙලේ හරි අහගන්නව ආයි කෙල්ලො දිහා නොබලන්න..."
"ඔයාට වැරදිලා....මම ඊයෙත් කතා කළා ඌ එක්ක..."
"ඌ ඊයෙ ආවේ නෑ ගෙදර ගිහින්ද කතාකලේ..."
"අහ් ඉරිසියාකාරයා ඔය හොයල තියෙන්නෙ..."
ඒ ආදරය හරි බොළඳයි වගේ හිතෙන්නත් පුළුවන්.ඒත් මම හිතන්නෙ ඕනම දාර්ශනිකයෙක් ජීවිතේ එකම පාරක් හරි මේවගේ බොළඳ ආදර කතාවකට හිමිකම් කියනව.එහෙම ආදරයක් විදිනව.ඒත් ඒක සඟවනව සමාජයට බයෙන්ද, තමන්ට ලැජ්ජ වෙයිද අනේ මන්ද....මොකක් හරි හේතුවක්...ඒත් නුඹයි මමයි එකට සිටියානන් අදටත් ඒ ආදරේ ඒ ලෙසම විදගන්නට තිබුණා නොවෙද....
"කණ පලාගන්නෙ නැතුව තියනව ඕක.."
නුඹ ළග ආදර ඇමතුම් තිබ්බෙම අඩුවෙන්...වැඩිම කතා කලේ මේ විලාසයට...ඒත් නුඹ දන්නව මම ඒ විද්යට කොයිතරම් නන් ආස කරාද...පොඩි එකියක් වගේ හුරතල් වුනාද කියල...ඒ දවස් වල මම ආසවටත් නුඹව අවුස්සමින්,නුඹ ඔහොම කියනව අැහෙද්දිම මම හිනාවෙනව....ඒ ඇරත් ළඟ හිටිය නම් හාදුවක්...නුඹේ තරහව අමතක කරන්න මගේ ඒ එක හිනාවකට පුළුවන්....නුඹේ සිනහව ගේන්න ඒ මොහොතට මගේ එකම හාදුවත් ඇති....
ටික්...ටික්...
අතීත ස්මරණයෙන් මගේ දැහැන ගලවාගන්නෙ දුරබණුවට එන කෙටි පණිවිඩය.ඒ කවුද ....මේ වෙලාවෙ....
"ඔබ මා හම්වුනු මේ ඉර හඳ යට
කොතැනක සිට්යත් මා මළ දවසට
මගෙ ළඟ තනියට ඉනු මැනවි...."
පණිවුඩය එපමණකි.ඒත් දුරකථන අංකය....ඔව් ඒ ඔබ...වසරක් පාසා එන මගේ ජන්ම දින සුභ පැතුම හැරෙන්නට මේ සිවි වසරටම අමතරව ආ එකම කෙටි පණිවුඩය.එය කියවු මෙහොතේ සිටම මට මේ දැනෙන්නේ කුමක්ද?සිහින් පිහි තුඩු හිස මෙන්ම ළයත් පසාරු කරගෙන යන්නාවු ඒ හැඟීම...එසේනම් නුඹ ඇත්තටම අතීතයෙ කිවු කතා සැබෑවක් කරමින්ද...
"ඔයා නැතුව මට ජීවත් වෙන්නත් බෑ...ඒත් අපිට දැන් කරන්න දේකුත් නෑ...මට ඔයාව මගෙ ළඟට ගන්න විදියකුත් නෑ...මම නිසා මිනිස්සු ඔයාට කතන්දර කියනව බලන්නත් බෑ...මට තියන විසඳුම මේ ජීවිතෙන් යන එක...එදාට ඇවිත් බලන්න අඬන්න මන් එපා කියන්නෙ නෑ...ඒත් මට සමාව දෙන්න ඔයාව දාලා ගියාට..."
සංවේදි බවක් වචනයකින් කවමදාවත් නොපෙන්වන නුඹ එදා දෑසින් කඳුළු ඉහිරුවමින් ඒ කියපු වදන් නැවත නැවත ඇසෙද්දි...ජීවිතයෙ පළමුවෙනි වතාවට මම මේ තරම් කාලයක් නුඹෙන් සැඟවී සිටියාට පසුතැවීමක් ඉතිරිකර මට මා ගැනම තරහක් දැනෙමින් දෑසින් කඳුළු ගලා යන්නෙ මටත් නොදැනිමයි.නුඹේ කෙටි පණිවුඩය රතු එළියක්ද...නෑ මම නුඹට කතා කරනව අදම...නෑ මේ මොහොතෙම...
"ඔබ ඇමතු අංකය ප්‍රතිචාර නොදක්වයි.කරුණාකර පසුව අමතන්න..."
නුඹ නිහඬයි.මම මේ තරම් කාලයක් රිද්දුවද නුඹට...මගේ ළය තුළ පිහිතුඩු සිය ගණන් ඇනෙන්නා සේ දැනෙන මේ වේදනාව...එදා ඒ දවස නොතිබුණා නම් අද මෙලෙස නුඹත් මමත් මේ තරම් විදවන්න නොතිබුණා.
"දෝණි අද හරිම ලස්සනයි...හිනාවෙලා ඉන්නව...උඹව මම කැමැත්තෙන් දෙනව නෙමෙයි මට වෙන කරන්න දෙයක් නෑ...මන් මලක් වගේ උඹව පරිස්සම් කරේ...ඌට උඹේ කියන්න කිසිම අඩුවක් නෑ....."
නුඹ එසේ කියද්දිත් මා සියල්ල සැළසුම් කර හමාරයි.අපේ ගෙදරින් ගෙන ආ යෝජනාවට නුඹත් කැමති වෙමින් මට සූදානම් කළ මංගල්‍යය.මා වෙනත් කෙනෙකුගේ පතිනියක්ව කෙසේ නම් දෑඟිලි බඳින්නද...මගේ සිත නුඹට විතරක්ම බැඳී තිබෙන විට.පොරුවක තැලි පිළි පළදන්න නොහැකි ලෙස නුඹ මගේ වටිනාකම කෙළෙසා නැත.එහෙත් මගේ සිත මෙන්ම ගතත් නුඹව හැර වෙන කෙනෙකු පතන්නේ නැත....මට සිතුනු හොඳම විසඳුම පලා යෑමයි.මගේ සිතැඟි හඳුනන නුඹත් මා හට වෙන කෙනෙකු හා යන්නම කියයි නම් මා යන්නම්....හැබැයි මේ සියලලන්ගෙන්ම ඈතට.මා එදා සිතූ ලෙසම නුඹ ඇතුළු සියල්ලන්ටම රිදවමින් මනාලිය පෝරුව වෙත යාමටත් මත්තෙන් හෝටලයෙන් අතුරුදන් විය.නමුත් මට නුඹ ඇවැසි නිසාවෙන්ම දෝ මගේ පැරණි දුරකථන අංකය තවමත් එලෙසම මා ළඟයි.මුල් කාලයේ වරින් වර දුරකථනයෙන් මා අමතන්න නුඹ උත්සහ කරද්දිත් මා ඒ සියල්ල මගහරිම්න් නුඹට රිදවුයේ ඇයි....සමහර විටෙක ඒ මට නුඹට මා කළ වැරැද්දේ තරමට මුහුණ දීමට තිබුනා වු ලැජ්ජාව බය කළකිරීම වන්නට ඇති.එහෙත් නුඹ වසරක් පාසා ඒ සුභ පැතුම එවමින් මගේ මතකය පාරවමින් සිටි බව නුඹ වත් නොදන්නව ඇති.
"ඉන්න තැනකින් මේ දැන්ම නුවර හොස්පිටල් එකට එනව..."
අයියා....එක කුස නූපනත් එ් මගේම අයියා.අපිට හදවතින්ම ආශිර්වාද කළ කිහිපදෙනාගෙන් ඉදිරියෙන්ම සිටියෙ ඔහුයි.
නුවර....ඔවුන් මේ නුවර කෙසේද...ඇරත්.මා නුවර සිටින වග ඔවුන් කෙසේ දැනගත්තාද....
ඒත් රෝහලකට....මා තවත් ප්‍රමාද විය යුතු නැත.මා මේ තරම් කාලයක් සැමටම රිදවමින් මා ද තනිව විදවමින් සිටි කාලය නිමා කළ යුතුය.
"අයියෙ මම හොස්පිට්ල් එකේ.."
"ICU එකට එන්න...මම කියල තියෙන්නෙ...."
"ඒත්..."
දුරකථනය විසන්ධි කර හමාරය.මේ සිව් වසරටම යන්තම් හෝ මගේ කියා කෙනෙක් සමග සම්බන්ධතාවක් තිබුනා නම් ඒ මගේ අයියා පමණි.එහෙත් ඔහුටත් මා ඉන්නා පෙදෙස රහසක්ම විය.ඔහු සැමදා උපේක්ෂාවෙන් මා විද ගත්තද අද ඔහුගේ මේ සසල බව...ඇයි..
.?
"අයියෙ....ඇයි...."
ඔහු මා දෙස බලා එහා වීදුරු කවුළුව වෙත නෙත් යොමද්දි මා ද යාන්ත්‍රිකව ඒ දෙසටම මගේ බැල්ම ගෙනයන්නට විය.
"ආ...හ්......නෑ..."
මගේ දෑස් මටම බොරු කරනව...ඒ නුඹ.....යන්ත්‍ර කිහිපයක් මැද හුස්ම අල්ලන්න දඟලන නුඹ...නෑ....ඒත් මේ නුවර.....
"අයියෙ.....මේ එයා නෙමෙයි නේද....?"
"නෑ චූටි ඌ තමයි.....ඔයාව හොයාගෙන නුවර අාවෙ...."
"නෑ..බොරු...එයා දන්නෙ නෑ...."
"ම්හ්ම්...අපේ එකෙක් බැංකුව ළගදි ඔයාව දැකල....ඌ ෆලෝ කරන ගමන් මූට කතා කරල....මට අරන් මෙයා මම මීටින්...ඒ ඉවර වෙලා එද්දි මූ මෙහෙ එන්නත් ඇවිත්...."
"ඒත්...නෑ...නෑ...අයියෙ එයා....මට මේක එව්ව...."
"කෝ...මේ අපේ සිතුම කතා කරන්න කලින් එවපු එකක් ඔයාට..."
"ඒත් මන් ගත්තා...වැඩ කලේ නෑ...මෙහෙම වෙන්න බෑ...."
"ඌත් උඹ වගෙම අවුරුදු හතරම විදෙව්ව....උඹ හිතුවට නංගි ඌ වෙන කෙනෙක් ළඟට ගියෙ නෑ.එදා සිද්දියෙන් පස්සෙ මොන දේ වුනත් උඹව ඕනෙ කියල හැමතැනම හෙව්වා....මටවත් උඹ කිව්වෙ නෑ.....මම මේ අතුරු පාරෙ එද්දි මේක දැන ගත්තෙ...."
එවිටම නුඹ හුස්ම රඳවමින් සිටි කාමරයේ දොර හැරුණි.
"අයැම් සොරි මිස්ට...ඇක්සිඩන්ට් එක බරපතලයි ගොඩක්....අපිට එයාව බේරගන්න බැරි වුනා...."
මා රෝහල දෙවනත් වෙන්නට කෑ ගැසුවා පමණක් මතකය.
"පව් ඒ ගෑණු ළමයට හදිසි හාට් ඇටෑක් එකක්..."
ඉදින් කම්නැත එලොව නැතත් මා මෙලොව ඔහුගෙ තුරුලෙය.