බස්සි අක්කගේ
කොමාගේ Com ගැන කියෙව්වම මට අපේ මිස්ල දෙන්නෙක් ගැනත් ලියන්න පොඩි මෙව්වා එකක් ආව.
ඉස්කෝලේ කාලේ මන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පන්තියේ සොයා ගත නොහැකි නසරානි එකියකි..එහෙම කිව්වට ඉතින් කවදාවත් හිතා මතා පන්ති කට් කලේ නෑ මන්..ඔක්කොම කට් උනා...එකට මන් මොන කරන්නද නේද අනේ..
මන් මේ කියන සීන් කෝන් එක වෙනකොට අපි හිටියේ 11 වසරේ..අර සා/පෙ පන්තියේ..අර මන් කලිනුත් කතාවක් කුවේ අනේ
මල් සහ මයිනා
අන්න හරි අන්න ඒ පන්තිය තමයි...අව්රුද්ද මුල් වරේ ඉතුන් ස්පෝර්ට්ස් මීට් එක,කලා උළෙල,තව එහෙන් මෙහෙන් සෙට් වෙන සොසයිටි වල ඩේ,ඕව මේවා ඔක්කම ඉවර වෙලා නිදහසේ අපේ සැට් එක දවසක් පන්තියේ නිදහසේ වාඩි වෙලා ඉන්නව..හැඃ නිකන් නෙමෙයි අවරුදු උත්සවේට අදින ඒවා ගැන කියව කියව...ඔන්න එනවා අපේ ගණන් මිස්..මන් අර කලින් කුවේ ටීන් ටීන් ගාන ඉමිහිරි වොයිස් එකේ අයිතිකාරයා..
"ළමයි ඊයේ දුන්න ගණන් ටික හැදුවද...?"
අපිට මොන ගණන්ද කාලෙකින් පන්තියට ආවෙත් අද..10 වසරේ මිස්ලම උගන්නපු නිසා හොදයි නැත්තන් මේ ගණන් මිස් කියලා දන්නෙත් අද හිකිස්...මිස් දෙඉයනේ කියල එහා පේලි වල සංචාරය කරනවා...
මලකෙලි එකසිය ගානයි කිව්වලු..මෙන්න මිස් ගමන් මාර්ගය වෙනස් කරලා අපේ වාසස්ථාන පැත්තට ඇදෙනවා..කරුමේ කියන්නේ අපේ සැට් එකේ එව්වෝ එකෙක් වත් හදන්න දුන්න ගානවත් දන්නේ නෑ නේ..වෙන එකෙගෙන් වත් ඇහුවෙත් නෑ නේ ඉතින්...
"කෝ දෙන්න බලන්න පොත්.."
පොත ඇතුලේ ගිලි පීන පීන හිටපු අපි යාන්තන් ඔලුව ඉස්සුවා...හාහ් මෙන්න මිස් බය වෙලා වගේ අපි දිහා බලන් ඉන්නව...අපි මිස් දිහා බලන් ඉන්නව...මිස් අපි දිහා....අපි මිස් දිහා...
"මිස් මේ..." මයිනා සිංහයා වගේ කතාව පටාන් ගන්න හදනකොටම මෙන්න මිස් අපි කස්ටිය දිහා නොසැලී බලාගෙන අහපි...
"ඇහ..ඔය ළමයි මේ අව්රුද්දෙත් මේ පන්තියේද...මන් දැක්කේ අදනේ..මන් හිතුව වෙන පන්තියකට දාල කියල....ඇයි අද ආවේ පන්තියට? ලබන සතියේ ටර්ම් ටෙස්ට්ම ආවා නං ඉවරනේ.."
ඔන්න අපේ මලා...
"මිස් ඇත්තද මිස් කියන්නේ ලබන සතියේ ටෙස්ට් එකද...මාරයිනේ..."
අපේ විතරක් නෙමේ ඉතින් පංතියෙම ටිකිරි සිනා පොකුරු පොකුරු.....
************************************************************
මේ වටිනා කියන අවස්ථාව සිද්ද උනේ 12 වසරේ...
අපේ පෙරන්ට්ස් මීටින් ආවේ නැත්තන් ආයෙත් දවසක් එන්න වෙනවා ගෙදරින්..ඕවගේ 12 වසරේ අන්තිම මීටිමට අපේ අම්මට වත් තාත්තටවත් එන්න බැරි උන නිසා තාත්ත පස්සේ දවසේ උදේ ආව.කරුමෙට එදා ඉදල තියෙන්නේ තාත්ත විතරයි.මේ කියන අවස්ථාවේද මන් තුමී පන්තියේ සිටියේ නැත.පට්ටම් කෑල්ල ගහගෙන ඩියුටි දුවල.ඔන්න මට ඔත්තුවක් ආව තාත්ත පන්තියට වාර්තා කලා කියල.එත් ඉතින් යන්න පුලුවනෙයි අනික තත්ත්ව ගෙදරදී දකින්නතුව වගේනේ....මන් මගේ පාඩුවේ වැඩ ටික කරල යන්න ලෑස්තිය තාත්ත බලන්න..කීයක් හරි කඩාගන්නත් පුළුවන්නේ අම්ම නැති වෙලාවේ...
අහෝ කේදයකි ඉරකි තිතකි ප්‍රශ්නාර්ථයකි...පට්ටම් මිස් මීටිමක් කැදවලා...දැන් ඉතින් හිටන් හිටපන්කෝ ගිහින්...මිස් කියනව අපි ඔලුව වනනවා...මිස් කියනව අපි ඔලුව වනනවා...
ඔන්න ඔහොම ටික වෙලාවක් යනකොට කොමර්ස් එකට යන මල් පාරේ අපේ තාත්ත මුණ කළු කරගෙන එන හැටි දර්ශනය වෙනවා.එනපොට හොද නෑ..එත් ඉතින් කොහේ කියල දුවන්නද මිස් ලොකු කතාවක්...
හාහ් මෙන්න මාව තාත්ත දැක්ක...අම්මේ...මුනේ තියන සිරියාව...අබ කිලෝ එකක් දැම්මත් තත්පරෙන් පුපුරන සයිස් එකක් තියෙන්න...ආවා ආවා ලගටම ආවා....මිස්ට මොනාදෝ කිව්වා...මිස් ඔලුව වැනුවා...මෙන්න එනවා මේ පැත්තෙන්...
"චුටි දුව මෙහෙ එනවා..."
"ඇයි තාත්තේ..." සුහච කීකරු පුස් පැටියෙක් වගේ වචන ගලපනකොටම...
"ඇයි???? පන්තියේ ඉන්නේ කොයි වෙලාවටද කියනව..හැමවෙලේම එලියෙලු..."
"ඉතින් මන්...."
"ඉතින් ඉතින් නෙමේ එනවකො ගෙදර අද...."
විනාසයි...අපේ මිස්ල මගේ කැරැට්ටුව නැත්තටම නැති කර කුඩු පට්ටම් කර චොප්ප කර දාල ඇති.අපේ කට්ටිය ගැන අහන්න දෙයක් තියනවයේ ඉතින්..දුටු තැන අල්ලනු නේ..
යාන්තන් පට්ටන් මිස්ගේ කතා අහල පන්තියට සේන්දු වෙනකොටම මෙන්න පුසී,දේශි බෙරිහන් දෙන්න ගත්ත...
"කොහෙද ඕයි හිටියේ...තාත්ත ආවා කට්ටිය තාත්තව වට කරගෙන සාකච්චාවක් දුන්න..."
"පිස්සුද යකු අර ස්ලීපින් බියුටි කිව්ව කතාවට මේකිට කන පැලෙන්න ගහනව ෂුවර්..."
"මේ යකුනේ ඕක නවත්තල මෙතන මකද උනේ කියනවකො...තාත්ත පුපුර පුපුර ගියේ..."
"අහ ඉන්න ඉන්න කියනන් අපි..."ඔන්න පටන් ගත්ත මුන් දෙන්නගේ රගපෑම...
"තාත්ත අවා..අපේ මිස් ඇහුවම කුව ගීත්මගේ තාත්ත කියල..මෙන්න අපේ මිස් නැගිට්ට..ඇහ එන්න මන් එත් බැලුව ඇයි අවේ නැත්තේ කියල එදා..."
"ඔන්න කට්ටියගේ මේසෙට එක්කන් ගිය තාත්තව,වැඩි වෙන්න පුටුවකුත් දුන්න...ඒ මදිවට මිස්ල සෙට් එකටම කියපි මේ ගීත්මගේ තාත්ත..."
"අපේ මිස් දැන් ඔන්න ලකුණු පෙන්නනවා...පෙන්නලා ඉවර වෙලා කියනව,ලකුණු නං ප්‍රශ්නයක් නෑ..හැබැයි එයා පන්තියේ නෑ...මන් රෙජිස්ටර් එක මාර්ක් කරන්නේ බෑග් එක බලල...යාන්තන් තව මොනාද කියවල එයා නැගිට්ට..."
"ඊලගට කොහෙද මන්ද ඉදල ආවා ස්ලීපින් බියුටි...."
"මෙන්න වාඩි වෙලා අහනව..මන් මේ ගීත්මගේ ගෙදර කෙනෙක් හම්බ වෙන්නයි හිටියේ...එයා ඇයි ඉස්කෝලේ එන්නේ නැත්තේ..."
"ඒ පිස්සුද බන් එයාට මන් හැමදාම ඉස්කෝලේ එනවනේ..." ආච්චිගේ රෝස මල මන් හමදාම ඉස්කෝලේ ආවනේ..
"අහගන්න්වකෝ ඇඩ් දානේ නැතුව..."
"එතකොටම තාත්ත කියනවා නෑ මිස් එයා හැමදාම ඉස්කෝලේ එනවා කියල..."
"මිස් කියනවා නෑ දකින්නේ නෑලු..."
"දැන් මේක යාන්තන් ඇහෙනවා අපේ මිස්ට..ඔන්න එයා දුවන් එනවා..."
"නෑ නෑ මිස් එයා හැමදාම ඉස්කෝලේ එනව පන්තියේ නෑ..බාහිර වැඩනේ..."
"අපේ මිස්ගේ පරම්පරා 7ක්ම කොමර්ස් කරන්න ඕනේ ඒ කරපු උදව්වට.. "
අපේ සැට් එකේ ඉතුරු එව්වොත් සීන් කෝන් එක බලන් මැරෙන්න හිනා වෙනවා...එත් මුන් දෙන්න කොහොමද මේකේ මෙච්චර හොදට අහගත්තෙ...කොමර්ස් එකේ මිස්ල වැඩිපුර හිටියේ කොමර්ස් එකේම ස්ටාෆ් රූම් එකක..එතනට කොහොමද මුන් දෙන්න ගියේ...අනික කතාව අස්සේ අපේ මිස් මලාට ඔතනට මුන් දෙන්නව වැද්දගන්නේ නෑ...
"මේ මට කියනවා තමුසෙලා දෙන්න කොහොමද ඕක ඔච්චර හොදට බලන් හිටියේ කියල..."
මෙන්න මුන් දෙන්න හිනා වෙනවා දෙකට නැවීගෙන...
"කියනවකො..."
"මේකනේ අපි දෙන්නගේ ටිකිරි මොලේට වැටහුනා අපේ මිස් තමුසෙගෙ තාත්තව එක්කන් යන්නේ හොදකට නෙමේ කියල...අනික වාර්තාව දෙන්නත් එපැයි මු ආවහම..ඒ නිසා අපි දෙන්න දඩ බඩ ගාල ගානකුත් අරන් Accountz මිස් ගාවට ගියා...ඊට පස්සේ අපි මිස්ව ගාන ඇතුලේ අනාත කරලා සීන් එක බලන් හිටිය..."
අනේ ඉතින් මෙහෙම යාළුවො ලබන්න පින් කරන්න ඕන අප්පා...හිකිස්...