අළුපාට නැති ස්වේත හුරු
සෙනෙහසේ හැඩ දැනෙන
නිම්හිම් නොදුටු මායිමක
කෝල දඟකම් විදින
අයිතියක් කාටවත්
නොපෙනෙන්න රහසේම
ගිගුම් දී විදුලි සැර
නොදි නිහඬවම වැසි
සීතලක සැඟවයන
අළුපාට අහසකට
සැනසිල්ලෙ පෙම් බඳින
සැබෑ අයිතිය හිමි (අහිමි)
අළුපාට සඳවතිය මම....
ලස්සනයි 💜️
ReplyDeleteස්තූතියි....❤
Deleteලියන්න පුලුවන්කම තියාගන නොලියා ඉන්න එවුන්ට කරන්න ඕන මොනාද කියලා කියලත් දියන්කෝ.
ReplyDeleteකවිය නියමයි. උඹ තැන්පත්වෙලා ඉස්සරට වඩා.
මන් දැන් අහිම්සකයි අයියා....බනින්න ඔට්ටු නෑ හරිද...බබා පව්ව්ව්ව්....
Delete