ඇස වලටත් බර වැඩි වෙලා තිබුන ලොකු කදුළු බින්දු දෙකක් පහලට ගලාගෙන එනකොට වීදුරුවෙන් එහා එහෙට මෙහෙට වෙන මිනිස් රූප අතර සිය ගානක වැළද ගැනීම් දහස් ගානක කදුළු වැගිරීම් එක්ක හිත ඈතට දුවන අතීතයක්.ජිවිතේ විදින්න අමාරු කලෙක ජිවිතේ විදින්න කියල දුන්න ලස්සන හිතක්.. මගේ ලග හිටියට ඇත්තටම මන් වගේම එයත් අපි අපිට අයිති නොවී වෙනස් කවි දෙකකට තාලයක් වෙලා.අතාරින්න බැරි...නෑ..අතාරින්න ලෝබ කමක් ඒක...හුගක් දේවල් වලදී ලගින් හිටපු ජිවිතයක් යන්න යනවා..එත්..යන්න කලින් ඒක විනාඩියකට වත් ආයෙත් කතා කරන්න බැරි උනා..."නෑ උබයි අඩ අඩ හිටියේ..එන්න බෑ කිව්වේ.." මගේ හිත මටම කෑගහනව..
ඔව්..ඇත්ත..මන් මෙතනට අවොත් මගේ ඇස් වල කදුළු ඉවර වෙනකන් අඩනවා...ඒක මහා මුස්පේන්තු වැස්සක්..ඒකෙන් එයාව නාවන්න බෑ..අනික එයා ලග කුඩයක් තියනවා...ඒ කුඩේට හොරෙන් හරි එයා මේ කදුළු වැස්සේ තෙමෙන්න ආස උනත් මන් එයාට තෙමෙන්න ඉඩ දුන්නේ නෑ ..ඒ මේ වැස්සටත් සින්නක්කර අයිතිකාරයෙක් ඉන්නව...ඉතින් වැස්සයි කුඩෙයි අතර එයාව අතරමන් කරන්න තවත් බෑ..එකයි මන් නෑවිත් ඉන්න හිතුවේ..ඒත් මට අයිති නැති උනත් ඒ තනුවේ මගේ ස්වර තියනව...මන් ආයෙමත් එන්න හිතුවේ එකයි..මගේ තනුවේ අයිතිය වෙන කෙනෙක් ලග තිබුනට ඒ ස්වර වලට වැයෙන්න ශක්තිය දුන්නේ එයා....
"කාවද හොයන්නේ...ඔහොම තමා ඉන්නකොට අගයක් නෑ.."
අතීතෙක අතරමන් වෙලා ඇවිද ඇවිද හිටපු මාව ගැස්සිලා යනකොට ඒ කොලු හඩ දිහාවට හැරුනේ ඒ හඩටත් වඩා ඒ ලගින් දැනෙන සුවදට මගේ ඉව සංවේදී නිසාමයි...මට මන් විදියට ජිවත් වෙන්න කියල දුන්න සුවද අදුරගන්න බැරි නං මහා මෝඩයෙක් මන්...
"ඔයා...ගියේ නැද්ද තාම මෝඩයෝ...කීයටද ෆ්ලයිට් ඒක...?
ඇස් වල කදුළු පිරිලා උතුරන්න තිබුනත් ඒ මුණ දකිද්දී මන් හිනාවෙනවා...ඒ ඇයි...එයාවත් දන්නේ නැති මන් වත් දන්නේ නැති පුදුම බැදීමක්...හැමෝම වගේම අපිත් ඒකට කිවේ යාළුකම...ඒත් ඒ යාලුකම ඇතුලේ අපේ හිත් සැරින් සැරේට කොනිත්තන්න පුළුවන් මොකෙද්ද මන්ද පුංචි සතෙක් හිටිය...ඒ සතාට අපිට නමක් දාන්න ඕන කමක් තිබුනේ නැද්ද නැත්තන් නමක් දාන්න බැරි නිසා දැක්කේ නෑ වගේ හිටියද කියන්න අපි දන්නෙත් නෑ...ඒත් ඒක දෙයක්..ඒ පුංචි සතා අපේ හිත් කොනිත්තන්න සැරින් සැරේට උඩට එනවා කියල අපි දැනන් හිටිය...
"තව වෙලා තියනව..අනික කොහොමද බන් යන්නේ...මගේ කෑල්ල අවේ නෑ නේ බලන්න..."
"කෙල්ල....???"
අර අමුතු පුංචි සතාව මන් හිතේ අදුරු මුල්ලකට දාල පුරුදු දගකාර යාලු සතාව එලියට ඇදල ගත්ත.එයාගේ හිතේ වෙන වෙනස් වීම් තත්පරෙකින් උනත් වෙන්න පුළුවන්...එයා ඒ පුංචි සත්තු දෙන්නටම හිතේ හැටියට නටන්න එයාගේ හිත හදල දීල තිබුන...
"අනේ යකු තව කෙල්ලෙක් මෙහෙන් හොයාගත්තද.....හොද වැඩේ...එන්නම එපා..."
"නෑ නෑ ඇවිත් ඉන්නේ..."
"කෝ කොහෙද...පෙන්නන්වකෝ..."
"අපෝ..අදත් ටියුබ් ලයිට්...මොකද්ද මැට්ටියේ...කවද්ද හැදෙන්නේ..."
"ඉතින් ඇත්තනේ...මෙතන වෙන කෙල්ලෙක් නෑ නේ..කියනවා..."
"මෝඩියේ...ඔයානේ මගේ හොර කෑල්ල..."
හැමදාම ඔයා කතාව කිව්වත්... අද ඒ කතාව කියද්දී මගේ හිත අර පුංචි සතා එලියට ඇවිත් හුරනවා වගේ දැනෙද්දී...මගේ යාලු සතාට ආයෙත් කතා කරගත්ත...නැත්තන් අර පුංචි සතා හදන්නේ මුස්පේන්තු කදුළු වැස්ස වට්ටන්න...
"ඒයි..."
"අයිශූ....මැට්ට..."
"වැඩක් නෑ හොර කෑල්ල දාල යනවනේ.."
"ඔව් කව්රුත් ඉන්න කිව්වේ නෑ නේ මට..."
"ඉන්න කියන්න ඕනේ නෑ...ඉන්න දැන ගන්න ඕනේ..."
හ්ම්ම් ඒ කතාව කිව්වේ නං අර පුංචි සතා තමයි..ඒත් එයා නං අද යාලු සතාට එන්න කියන්නෙම නෑ..මුස්පේන්තු කදුළු වැස්සට කලින් මන් යනවා...ඔව් මන් යන්න ඕනේ දැන්...තවත් මේ විකාර රගපම කරන්න දෙන්නේ නෑ අර පුංචි සතා..
"යන්න එපාද?"
"මේ පිස්සු කෙලින්නේ නැතුව යනවා හලෝ...නැත්තන් වෙන්ඩ වයිපරේ හොයාගෙන එයි...."
"තාම ඒ ගැන හරි ඩිසිෂන් එකක් නෑ..උබ දන්නවනේ...."
"හ්ම්ම්..."
"මේ ඒක නෙමෙයි මෝඩ වැඩ කරන්නෙපා...දැන් වගේ අඩන අඩන වෙලාවට හොයාගෙන එන්න මට බෑ නේ..හැබැයි මොන්ගලේ වගේ ඉන්නේ නැතුව තමුසේ අව්ලක් තියනවනං කතා කරනවා හරිද...මන් කෝල් කරන්නන් ගිහින්..."
"හරි හරි අයිශූ...ඔයා පරිසමින් යන්න..මේ කෝල් එකක් දීපිය ගිහින්..."
"අඩෝ..අඩනවද....මැට්ටි...මේ බලනවා..."
"පිස්සුද ඕයී මන් අඩන්න...යනවා යනවා...තව ටිකකින් නං අඩනවා මන්..."
වචන එලියට එන්නත් කලින් හීන් ඉකියක් මගේ උගුරේ හිර වෙද්දී දීලා ඇවිත් කර වටේට අත දාල මාව ලගට ගත්ත...
"තෝ මාව අඩවන්නේ නැතුව හිටපිය..."
"ඉතින් යනවකෝ..."
"යන්න පුලුවන්ද මිනිහ මැරිලා වගේ අඩන්න ගත්තම...අනික මන් යනවා කිව්වම අපේ අම්මලවත් උබ තරම් දුක් උනේ නෑ.."
"හ්ම්ම්...අනේ මේ පල පල මගෙන් මුකුත් අහන්නේ නැතුව..."
සිතල වහලේ යට මට නුපුරුදු තවත් සීතලක් මගේ නළලේ වදිද්දී මන් ගැස්සිලා ගියේ මන් කවදාවත් මේ වගේ දෙයක් ඇත්තට විදින්න වෙයි කියල නොහිතුනු නිසා..ඒත් ඒ හැගීම විදගන්න ඕනේ උනත් මේ වෙලාවේ හිතේ නිදහසක් හොයන්න බෑ..
"ඔය දුන්නේ උබ අර කියන මගේ හිතේ ඉන්න අමුතු සතා..පලවෙනි පාරට වගේම...හුගක් වෙලාවට අන්තිම පාරටත්..."
"හ්ම්ම්.."
"මන් ආයි එනකොට උබ බැදලා පොඩි එව්නුත් ඉදි නේ..."
"අනේ මේ..එනකොට පව්ල් පිටින්නේ අයෙත් එන්නේ...පල පල දැන් ෆ්ලයිට් ඒක මිස් වෙයි නැත්තන්..."
හිටපු ගමන් මට දීලා ගෙන් ඇහෙන මගේ හිත ඇහුනේ නෑ වගේ ඉන්න ඒ වචන නං අද මගේ හිත ඉල්ලුව...ඒත් ඒ වචන වල තියන "බන්,මචන් " කියන කෑල්ල වෙන වගේම අදත් අපිට අයින් කර ගන්න බැරි වෙයි...
"අඩෝ..Love u බන්...පරිස්සමින් ඉදපන්.."
"Love u too මචෝ... කෝල් කරපන් ගිහින්.."
ඔව් මන් හරි අදත් ඒ වගේමයි...
Iත් Love You බං.. හිටාන් කියෝලා එනකං.. :)
ReplyDeleteකටුස්සා ගේ නංගි ලියුවා වගේ.. ඕනෙවට වඩා ලං වුනාම ඕනේ වෙලවටව ලං වෙන්න බැරි වෙනවා.. ඒක නිසා හැම ආශ්රයක්ම පරිස්සමින්.
Deleteආ- අර උඩින් ඉඩ වෙන්කර ගන්න දාපු කොමෙන්ටුව ඉල්ලා අස්කර ගන්නවා.. :)
//කටුස්සා ගේ නංගි ලියුවා වගේ//
Deleteමේකගේ කලින් ලිපිය බැළුවහම මටත් ඕකම හිතුනා.ඒත් මේකා අනිවා මටවඩා ඉස්සරහින්.ගෙම්බි ගාව මම තාම පොඩි එකෙක්.
කමි අයියගේ ටිකිරි මොලේ තමයි මොලේ...හිකිස්...
Deleteහ්ම්ම්...ඕන වෙලවට ඕන දේ කිව්වමත් එක තේරුම් ගන්න බැරුව යනවා.
අහ...කටුස්සයියේ මන් ඔයා තරම් ලොකු න නේ...බොරුමයි කියන්නේ :D :D
Deleteහ්ම් මරු. මරේ මරු. ලකුණු 100%.
ReplyDeleteemail me on the address on my profile
Deleteබොහොම ස්තුති ඉයන්.....
Deleteමන් මෙල්ලුවක් දාන්නම්....
එන්න එන්නම ලස්සනට ලියනවා.
ReplyDeleteපරිස්සමින් ඉදපන් මචෝ...
ඒ යට කෑල් දැම්මේ මේකට
Delete"අඩෝ..Love u බන්...පරිස්සමින් ඉදපන්.."
බොහොම ස්තුති මනෝ :)
Deleteහිකි හිකි...පරිස්ස්සමින් ඉදපන් මචෝ...
හෆ්ෆා... යාලුවාට ආදරය කිරීම.. හයානක මාත්රුකාවක්..))
ReplyDeleteහිකි හිකි...ඕක රැව්ලයි කැදයි වගේ ප්රශ්නයක් :)
Deleteකොහොම පටන්ගන මොනව ලියන්නද නැත මට වැටහෙන්නේ.....
ReplyDeleteබ්ලොග් කියව කියව හිටියේ සිංදුවකුත් අහගන.එකපාරක් කියවලා ඒක ඕෆ් කරලා ආපහු මේක කියෙවුවා.මේක උඹේ පෞද්ගලික අත්දැකීමක් නොවෙන්න පුළුවන්.ඒත් මේ විදිහට අසරණවුන ජීවිත මම මගේ ජීවිතයේදී දැකලාතියනවා.හැම දේකටම මුල ආදරය හංගගන ජීවත්වීම.ඒත් ඉතින් සමහර වෙලාවල්වලදී එහෙම හංගගන ජීවත්වෙන්නම වෙනවා.හැබැයි ගැණු ළමයෙක් ආදරය ඉස්සරහ මේ විදිහට අසරණවෙනවට මමනම් කැමතිම නෑ.
//ඔයානේ මගේ හොර කෑල්ල//
මේ විදිහට කියනකොට "අනේ පලයන් බං යන්න...මට කාගෙවත් හොර කෑල්ල වෙන්න ඕනේ නෑ" කියල කියන්න පුළුවන්කමක් ගැණු ළමයෙක්ට තියෙන්නම ඕනේ.
කොහොම වුනත් හැමදාම කියනවා වගේම අදත් පට්ටයි.මේ විදිහට ලියන උඹට "love u බන්".
බ්ලොග් එක ගැන පොඩි අදහසක් කියන්න තියනවා.මේකට මේල්ලුවක් එවපන් "මම ගෙම්බී" කියලා.
Deletedimuthusomnas8@gmail.com
මොන කරන්නද යාලු ෆිට් එකනේ...දෙන්නටම අයිතිකාරයෝ ඉන්නවනේ...
Deleteබොහොම ස්තුති කටුස්සයියේ....love u too බන් :D
හුගක් සමිප කතාවක් බං,එත් මට තාම ඔය ටික කියා ගන්න බැරි වුනානේ,ඇත්තටම පට්ට කතාවක් ගිම්මියෝ,
ReplyDeleteජයෙන් ජය,
බොහොම ස්තුති රස්ති අයියේ....
Deleteඕව හොද වෙලාවක් බලල කියලදාන්න අනේ... බලන් ඉන්න හොද ඒවා නෙමෙයි..:)
mata wagema thawath godaak ayata mewage incident welaa thiyenna puluwan.
ReplyDeletekeyawala ewara wennath essara hira karala thiyapu ara punchi sathaa awith maawa aayeth keniththuwaa.
eath adha kandhulu wiyakilaa.
"themenna aasa unath man eyaata
themenna eda dunne naha"
+supiri+
බොහොම ස්තුති සෙනේ....
Deleteහ්ම්ම් ඔය පුංචි සතා හරි වදයක්...වෙලාවකට...
අම්මට උඩු.. පටිට ඉට්ටෝරියක් නෙ බොල... කෙල්ලත් එකයි කොල්ලත් එකයි වගේ
ReplyDeleteදෙන්නම දෙන්නට තියෙන දේ කියාගන්නෙ නෑ. ඉතිං හැම පේමයක්ම සෝකයෙන් කෙලවර වේ කියන ලෝක දහමට අුව දෙන්න මාරු වෙලා ගියා..හයියෝ...
කොහේ හෝ නුඹ නතර වී
කාට හෝ ජීවිතය වී
තුටින් නම් මට ඒ ඇතී
මගේ නොවුණට කම් නැතී නුඹ
මගේ නොවුණට කම්නැතී..
-කරුණාරත්න දිවුල්ගනේ
බොහොම ස්තුති....:)
Deleteඑකනේ අනේ සෝකයෙන් කෙලවර උන එකත්...
පට්ට සින්දුවක් ඕක නං...
අඩෝ බන් මරු.. හමදාම මෙහෙම ලියනවනම් නියමයි...
ReplyDeleteබොහොම ස්තුති මචෝ....:)
Deleteමේ මගේ කතාවද කියල හිතුන, මටත් ඔහොම දෙයක් උනා, දැන් ගොඩක් කල්.
ReplyDeleteඅනේ ඇත්තට මේ ඉන්න ඔක්කොම හොරෙන් ආදරේ කරපු එව්වොනේ...:D :D
Deleteහැම ආදර කතාවම හිතේ දුකෙන් ඉවර වෙන්නෙ නැතුව හිත සතුටින් ඉවර වෙනවානම් මේ ලෝකෙ කොච්චර වෙනස් තැනක් වෙයිද?
ReplyDeleteඑහෙම වෙනවනං කොච්චර හොදද...එත් හුගක් වෙලාවට තේරුම් නොගැනීම,අවිස්වාසය,අවංක නැති කම නිසා අදර කතාවල අවසානය දුකක් වෙන්ව.
Deleteපට්ට බන්......... ආ සොරි ගිම්මි.........
ReplyDeleteහිකි හිකි ස්තුති කුරුටු...
Deleteඕන්න අන්තිමේට ගෙදර ගොහින් අකුරු කොටන යන්තරේ හොයාගෙන නගාගෙ කොලමට ගොඩවැදුණා. දැන් ඉතිං හැමදාම එන්නම්කො
ReplyDeleteසාදරයෙන් පිලිගන්නවා මේතු අක්කණ්ඩියේ....හැමදාම එන්ට එහෙනං මේ පැත්තේ.... :)
Delete