හිතෙන දේ, හිතෙන වෙලාවට, හිතෙන තාලයට ලියවෙන මගේ කොලම
නොදන්නා මං මාවත් සියක් පසු කරමින්ම ඈත සඳ දිහා බලමින් ඒ සඳ දෑතින්ම ගෙන තුරුලු කර සැනසෙන්න සිහින දකිනා ළඳරුවෙකු මෙන් ඉමක් නොපෙනෙන අහස් ගැබ උස වෙන්ව හිදිනා නුඹ දිහා බලමින්ම මම සුසුම්ලමි හය හතර නොදත් ළදරුවෙකු සේම.....
නින්ද එන්නෙම නැති දිගු රාත්‍රියකදි තනිකමට හාදව ඇස් කෙවෙනි අග කඳුළු විතරක්ම පරිස්සම් කරගෙන ලවන් තෙත් කරන කෝපි බඳුනට වඩා උණුසුම් වු හදවත අද රැයෙන් පසුවවත් මගහැර යන්න පුළුවන් ද නුඹට....